Monday, August 23, 2010

ජෙනරාල් ද්‍රෝහියෙක් කළ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ගේ සුදුකොඩි සටහන් පොත හෙවත් නොවුනු පෙරලිය! Fredricka Janz's infamoues white flag notebook : The scandle that wasnt!

ජෙනරාල්ගේ සුදු කොඩි කතාව,ඔහු කියූ ආකාරයෙන්ම ලියා ඇතැයි කියවෙන ෆ්‍රෙඩ්‍රිකා නෝනාගේ ඉන්ටර්විව් සටහන් පොත දැන් උසාවිය භාරයේ ඇත. එහි පිටු ගණන පවා ගණන්කොට, ෆොටෝ කොපි ගසා ආරක්ශිතව තබන ලෙස නඩුකාර උන්නාන්සේ පොලීසියේ මහත්තුරුන්ට උපදෙස් දුන්න බවට පත්තරවල ගියේය. පොලීසියේ මහත්තුරු ෆොටෝකොපි ගැහුවානම් හොර කොපියක් දෙකක් ආණ්ඩුවට ලීක්වුන බව අහන්නත් දෙයක්ද?

ඔය කියන සටහන් පොතේ ජෙනරාල් එවැනි කතාවක් පැවසූබව සැබැවින්ම සටහන් වී ඇත්නම්, ජෙනරාල්ගේ තරු ගලවා, පැන්ශන් කපා නවතින්නේ නැත. මේ වන විට ජෙනරාල්ව ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව හිරේ යවලා විතරක් නෙවෙයි, හිරේදී වස කවලා හෝ යම් අණතුරක් කරවා, නැතිනම් ඖශධ ලැබීම වලක්වා මේවනවිටත් ඔහුව මරාදමලාය, නැතිනම් පණාදින තත්වයටම ගෙනල්ලාය.

ජනතාවගේ ප්‍රශ්ණ සියල්ල හය මාසයකට අමතක කරවා ඩෙඟා නටන්නට, අමු කුණු කබ්බන් දේශප්‍රේමීන් කරවන්නට, කේ.පී සෙල්ලම අමතක කරවන්නට, ජී.එස්.පී සහනය අහිමිවීමෙන් රැකියා නැතිව මහමගට වැටෙන තරුණ-තරුණියන්ගේ දුක්ඛ-දෝමනස්සය යටපත් කරන්නට, ඒ ප්‍රවෘත්තිය තරම් දෙයක් මේ කපේදී ආණ්ඩුවට ලැබෙයිද? ඕනෑම මළකුණක් විකුනගෙන කන්නට හදන රජයේ මාධ්‍ය හා ස්වර්ණවාහිණිය වැනි රාජපක්සලාගේ උකසට සින්නවුනු රූපවාහිණී නාලිකා මෙය කරතබාගෙන රටවටේ නොදුවා සිටියිද?

මුසම්මිල්ව සල්ලිවලට ගැනීමේ නාටකය අධ්‍යකශණය කල, දැන් මොකක්දෝ හේතුවකට නැට්ට කැපී සිටින වීරවංශතුමාට මේවගක් යාන්තම් හෝ කනේ කණවැකුණානම් මාධ්‍ය සාකඡ්චාවක් තියා, "රණවිරුවන් පාවාදුන් ජෙනරාල්ව උල තියනු!" යයි කියමින් තවත් බිස්කට් උපවාසයක් පටන් නොගනිත්ද? "හෙල්ප් ග්‍රීන්" තේක්ක කාරයාව අල්ලලා මහා ජනතාසේවයක් කරපු බවට පාරම්බාමින්, මහ බැංකුවේ හෙළුව වසමින් පත්තර පඩංගුවල හෙඩ්ලයින් දාගෙන, හොරෙක්ව විකුණාගෙන කන්න තරම් බංකොලොත් ආණ්ඩුව, සුදුකොඩි කතාව ජෙනරාල් කියපු බවට ලිඛිත සාක්ශි ෆ්‍රෙඩ්‍රිකාගේ කුප්‍රකට සටහන් පොතේ තිබෙනවානම්, හාවක් හෝවක් නැතුව කටවහගෙන ඉන්නවායයි සිතන්නටවත් පුලුවන්ද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පවා බළු මයිලක් තරම්වත් ගණන් නොගන්නා මේ ආණ්ඩුව, සුදුකොඩි නඩුව තාම යන නිසා අධිකරණ ක්‍රියාදාමයට ඇති ගෞරවය නිසා විකුණාගෙන කන එක පසුවට කල්තබා තිබෙනවායයි සිතිය හැකිද?

ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි කතාවේ ඇත්ත සිද්ධිය නම් එය, ගෝඨාභය සමග අපහාස නඩුවකට බෙල්ල හිරවී හිටපු ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, වෘත්තීයමය මාධ්‍යකළාවක් ගැන ලෝකෙට බණ කියූ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, සිය බෙල්ල දං ගෙඩියට යන එක වලක්වාගන්නට, රාජපක්ශලා පුම්බන්න ලියූ ප්‍රබන්ධයක් පමණක්ය යන්නයි. අද ඒ යුධ වීරයා විඳින කරදර හිරිහැරවලට තමන්ද වගකිවයුතු බව සිතෙන විට ෆ්‍රෙඩ්‍රිකාට රෑට නිදාගැනීම එතරම් පහසුනොවන්නේ යයි උපකළ්පණය කල හැක.

අද සමහර සන්ධාන නකුටන්, බත් පැකට් එකට, අරක්කු කාලට ෆෝරම් වල ත්‍රෙඩ් දමන්නේ, බ්ලොග්වල කොමෙන්ට් දමන්නගේ මේ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස් නැමති කපටි මාධ්‍ය ගණිකාව සිය නිදියහනේ තබාගිය රතුපාට පැල්ලම, හොරෙන් හැලූ රතු තීන්ත පැල්ලමක් මිස ඇයගේ කන්‍යා සලකුණ නොවන බව දැන දැනම බඩ ගෝස්තරය උදෙසා වීම කණගාටුවට කරුණකි.

3 comments:

Anonymous said...

"ෆ්‍රෙඩ්‍රිකාගේ සුදුකොඩි කතාවේ ඇත්ත සිද්ධිය නම් එය, ගෝඨාභය සමග අපහාස නඩුවකට බෙල්ල හිරවී හිටපු ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, වෘත්තීයමය මාධ්‍යකළාවක් ගැන ලෝකෙට බණ කියූ ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්, සිය බෙල්ල දං ගෙඩියට යන එක වලක්වාගන්නට, රාජපක්ශලා පුම්බන්න ලියූ ප්‍රබන්ධයක් පමණක්ය යන්නයි."

අම්මට හුඩු! මාර සීන් එකනෙ? දැන් සන්ඩේ ලීඩර් එකත් එතකොට ආණ්ඩුවට කඩේ යනව එහෙනම්?

Anonymous said...

kade yana un hema thanakama innawa ban balaya thiyanakam..
bella naduwakata hira unama oya boru media karayonta ona deyak pawa denna lajjawak ne..
niyama lipiya machan !!! digatama liyapan !!!

Anonymous said...

කන්න දීපු අත හපා කෑ, කෑ පතේ පැහැරූ ෆොන්සේකා අද දුක් විඳින්නේ තම ජන්ම/කුල ගති පෙරට ගත් නිසා මිස ෆෙඩ්‍රිකාගේ වත්, පබාගේ වත් වේස ගති නිසා නොවෙයි....