There was an error in this gadget

Sunday, April 3, 2011

රාහුල් ගාන්ධිගේ අවන්හල් බිල් ගෙවිල්ල හා මුම්බායි නගරයේ තරුණ ජීවිතය [ Rahul Gandhi's restaurent bill and life of young people in Mumbai]

Rate this post 
ඉහත ලිපිය හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ වෙබ් සංස්කරණයෙනි. රාහුල් ගාන්ධි වන්කඩේ ලෝක කුසලාන තරඟය බලන්නට යන අතරමග වන්කඩේ ක්‍රීඩාංගණය අසල සුප්‍රසිද්ධ චව්පති මුහුදුවෙරල තීරය අභියස පිහිටා ඇති නිව්යෝකර් නම් අවන් හලට ගොඩ වැදුනු බවත් මිතුරන් කිහිපදෙනෙකු ආරක්ශකයින් කිහිප දෙනෙකු සමග එහි ගොඩවැදුනු රාහුල් පිසා හා තවත් ආහාර කිහිපයක් භුක්තිවිඳ ඉතා විනීතව බිල ඉල්ලාගෙන යහලුවන් සමග බිල බෙදාගෙන ( dutch - යනු බිල බෙදාගෙන ගෙවීමයි) ගෙවා පිටත්වූ බවයි.

රාහුල් ගාන්ධි යනු ඉන්දියාවෙ ඔටුන්න හිමි කුමාරයායි. මේ ලිපියේ අරමුන ඉන්දියාවේ ඔටුන්න හිමි කුමාරයා අපේ ඔටුන්න හිමි කුමාරයා හා සැසඳීම පමණක්ම නොවේ. මුම්බායි නගරයේ තරුණ ජීවිත ගෙවෙන ආකාරය ගැන යම් සඳහනක් කිරීම මෙහි වැදගත්ම අරමුණ වෙනවා. මාගේ කලින් ලිපියට කොමෙන්ටුවක් සැපයූ එක් සහෘදයෙකු ඉන්දියාවේ ජීවන අත්දැකීම් බ්ලොගය හරහා එලි දක්වන්න කියලා ඉල්ලීමක් කරලා තියෙන නිසාත් සැතපුම් විස්සක් තරම් මෑතින් තිබුනත් ලාංකිකයින් සතුව ඉන්දියාව පිලිබඳව නොදැනුවත්කම පමණකින් හෝ දුරු කිරීමට උත්සහයක් ගතයුතු නිසාත් මේ ලිපිය ලියන්නට සිතුනා.

රාහුල් ගාන්දි යහලුවන් කිහිපදෙනෙකු හා ආරක්ශකයින් කිහිපදෙනෙකු සමග පැමිණි බව සඳහන් වනවා. ලංකාවේ ඔටුන්න හිමි කුමාරයාට වඩා දැඩි ත්‍රස්තවාදී තර්ජන ඇති තරුණ නායකයෙකු වුනත් රාහුල් හතරවටින් බැකප් රථ වටකරගෙන කොමාන්ඩෝවන් පිරිවාගෙන ගමන් බිමන් යන්නේ නෑ. ඒවගේ අපේ කුමාරයා වගේ රාහුල් යන යන තැන ටීවී කැමරා අටවාගෙන ඉන්නා, පඩයක් ගියත් රැකෝඩ් කරගන්නා රජයේ මාධ්‍ය කවටයින් රාහුල් වටා නැතුවා මෙන්ම රාහුල් පස්සේ වැටි වැටී දුවන රජයේ උසස් නිළධාරීන්ද, පොලිස් ලොක්කන්ද ඇත්තේ නෑ. ඒ වගේම රාහුල් යනෙන තැනනක සාමාන්‍ය ජනජීවිතයද අඩාල වන්නේ නෑ. 

අපේ කුමාරයාට යාලුවොත් එක්ක පිසා කන්නට හිතුනානම් පීසා කඩේ පැය දෙක තුනකට කොමාන්ඩෝ අත් අඩංගුවට පත්වෙනවා විතරක් නෙමෙයි ඒ හතරමායිමක වැඩකට එන මිනිහෙකුට වාහනයක් නවත්වාගන්නට පාරේ පයින් යන්නටවත් බැරිවෙනවා  වගේම පීසා කඩේ ඉන්නා අනෙක් ගණුදෙනුකරුවන්ටත් නිදහසේ කෑමක් බීමක් ගෙන යන්නට ඇති අවස්ථාවත් අහිමිවන බව නිසැකයි.

රාහුල් බිල ගෙවපු විධිය කියනකොට අපේ සමහර ඇත්තන් හිනාවෙන්නටත් ඉඩ තියෙනවා. "හයියෝ රාහුල්ට ලැජ්ජා නැද්ද බිල බෙදාගෙන ගෙවන්න? මාර හිඟන්නෙක්නේ මූ....." අපේ කස්ටිය හිතන්නට ඉඩ තියෙනවා.

කළබල වෙන්න එපා රාහුල්ගේ හැසිරීම ඔහු ලෝබයෙකු නිසා නොව මුම්බායි නගරයේ තරුණතරුණියන්ගේ සාමාන්‍ය හැසිරීම පිලිබිඹු කරන්නක් පමනයි. රැකියාවෙන් පසු කොල්ලො ටික එකතුවී පෙලේන්ටි කඩයකට ගොස් වඩයක් කා ප්ලේන්ටියක් සිගරට් එකක් බීම ලංකාවේ කොල්ලන්ගේ සිරිතක්. මම ලංකාවේ ඉන්නකොටත් එහෙමයි. මෙහේ තියෙන වෙනස මෙහේ කොල්ලන් සමග කෙල්ලන්ද සෙට්වීමයි. ලංකාවේනම් ඔෆිස් එකේ කෙල්ලෝ ටිකක් එක්ක හවස්වරුවේ කෑමක් බීමක් ගන්නට ලැබෙන්නේ හරිම කලාතුරකින්නේ. අපේ ඔෆිස් කෙල්ලෝ වැඩ ඇරුනු ගමන් ඔෆිස් වෑන් එකට දිව්වත් මෙහේ ඔෆිස් වෑන් කියලා දෙයක් නෑ. හැමෝම යන්නේ බස් එකේ, කෝච්චියේ නැතිනම් ත්‍රීවීල් එකේ. ඒ නිසා වැඩ ඉවරවෙලා කොල්ලෝ කෙල්ලෝ කල්ලි ගැහිලා අතේ ඇති මුදලට කොහේ හෝ අවන්හලකට ගොස් පැය දෙකතුනක් අල්ලාප සල්ලාපයේ යෙදීම මෙහේ සුලබ දෙයක්.

ඉන්දියාවේ ලාබාල තරුණියන්ට ලංකාවේ තරුණියන්ට වඩා නිදහස තිබෙන බව කිව යුතුයි. ලංකාවේ නම්   ඉඳලා හිටලා හරි හවසට කොල්ලොත් එක්ක සෙට්වෙලා යන කෙල්ලන් දිහා වපර ඇහින් බැලුවත් මෙහේ එහෙම ලෙඩක් නෑ. ඒකෙන් කියවෙන්නේ නෑ මෙහෙ දෙමව්පියන් තමන්ගේ තරුණ දියණියන් පරිස්සම් කරන්නේ නෑ කියලා. හැම ගෑනු ළමයෙකුටම හවසට ගෙදර සිටිය යුතු වෙලාවක් (curfew time) තියෙනවා. ගොඩක් ගෑනු ලමයින්ට රාත්‍රී 8-9 වෙනකම් නිවසෙන් පිටව සිටින්නට නිදහස තියෙනවා. ඒ නිසා එයාලව අරගෙන යන අපේ යුතුකම වෙන්නේ කෙල්ලෝ ගෙදර ඉන්න ඕනෑ වෙලාවට පැයකට කලින් කලා බීලා ඉවරවෙලා පිටත් වෙන එක.

ඒ වගේම ලංකාවේ වගේ ගෑනු ළමයින් තනිවම යැවීමට නොහැකිවීමේ කරුමයක් මුම්බායි නගරයේ නෑ (ඉන්දියාවේ දිල්ලි, බැන්ගලෝර් වගේ නගර මුම්බයි නගරය තරම්ම තරුණ ගෑනු ළමයින්ට ආරක්ශිත නොවන බවත් කිවයුතුයි. ඒ අතින් මුම්බායි නගරය තියෙන්නේ ඉහලින්). 

මෙහේ ත්‍රීවීලර් රියදුරන් ලංකාවේ ත්‍රීවීල් අයියලා එක්ක බලනකොට ඉතාම විනීතයි. තීවීල් එකට තනිවම නගින ගෑනු ළමයින්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණ ඇසීම් මෙහෙ ඇත්තේම නෑ. අහන්නේ යන්න ඕනෑ කොහාටද කියන එක විතරයි. ඉන් එහාට වචන හුවමාරුවක් වෙන්නේ කලාතුරකින්. නගින්න කලින් ගණන් කතාකරගැනීමේ අවශ්‍යතාවයකුත් මෙහේ නෑ. හැම ත්‍රීවීලරයකම මීටර් හයිකරලා තියෙන නිසා මීටරේට අනුව ගෙවන එක විතරයි තියෙන්නේ. (මීටර් වෙනස් කරලා ටිකක් හයීයෙන් දුවන්න සෙට් කරලා තියෙන ත්‍රීවීලරුත් තියෙනවා-ඉන්දියාවනෙ ඉතින්..) ඒ වගේම ගණන් සාධාරණයි. හවසට, වැස්ස වෙලාවට, තරුණ ජෝඩු නගිනකොට ගණන් උස්සන, නංගිලාට ගොඩාක් හිතවත් ත්‍රීවීල් අපතයින් මෙහෙ ඇත්තේම නෑ.

ඒ නිසා ගෑනු ළමයි කොහේ හරි එක්කගෙන ගියහම ගොඩාක් රෑවෙලා නැත්නම් (රෑ 8-9 කියන්නේ මෙහෙ රෑ නෙමෙයි- හවස ) ඒ ළයින්ව ගෙදර ලඟට ගිහින් ඇරලීමේ වගකීමක් පිරිමි අපිට පැවරෙන්නේ නෑ. ත්‍රීවීල් එකකින් ලඟම දුම්රිය පොලට යන ගෑනු ළමයෙකුට විනාඩි 5න් පහට වගේ එන නගරසේවා දුම්රියක නැගලා ඉක්මණින් නිවසට යන්නට පුලුවන්. ඒ වගේම හැම දුම්රියකම කාන්තාවන්ට පෙට්ටි දෙකක්ම වෙන් කරලා තියෙන නිසා නිදහ්සේ තරුණියකට, කාන්තාවකට සිය ගමනාන්තය දක්වා යන්නට පුලුවන්. ලංකාවේ වගේ ජැක් ඔස්තාර්ලා ඉන්දියාවේ නැති බව කිව යුතුයි. ඒ වගේම මෙහේ කෙල්ලෝ ලංකාවෙ අය වගේ නොපනත්කම් ඉවසන අය නම් නෙමෙයි. ජඩවැඩක් කරන්නට එනවානම් මහ හඬින් බැන වැදී අතුල් පහරක් ගසන්නට මැලිවෙන අය නොවෙයි ඉන්දියාවේ කෙල්ලෝ. නිහඬව දුක් විඳීම ලංකාවට කාන්තාවන්ට ආවේනික වුනත් මෙහේ එහෙම නෑ. ඕනෑම දෙයක් කෙල්ල කැමතිනම් විතරයි.

මේ නිසාම වැඩ අහවර වුනු හවස් වරුවට යහලු යෙහෙලින් එක්ව පැයක් දෙකක් දොඩමළුව ඉඳ කාපු බීපු දේවල් වලට නූලට බිල බෙදාගෙන (ගොඩක් වෙලාවට ගෑනු ළමයින්ට නොමිලේ) සතුටින් විසිර යාම මුම්බායි නගරයේ තරුණ ජීවිතවල අංගයක්. ඒ නිසාම ලංකාවේ රැකියා කරන තරුණ ජීවිත වලට වඩා ඉන්දියාවේ රැකියා කරන තරුණ ජීවිත වලට සතුටින් සිටීමේ නිදහස තිබෙන බව කිවයුතුයි.

මේ නිදහස රාහුල් ගාන්ධිට හා ඔහුගේ ධනවත් මිතුරන්ට වගේ දුප්පත් තරුණ තරුණියන්ටත් පොදුයි. එය උදුරා ගන්නට සත් ගුණවත් පොලිස් රාළහාමිලාට, බණ කියන සාදුලාට, පූසාරිලාට කිසිම අවස්ථාවක් නෑ. දැඩි ආගමික භක්තියකින් යුතු ජාතියක් වුනත් වැදගත් කිසිම අවස්ථාවකට ( පෞද්ගලික අවස්ථා හැරුණකොට ) ආගම් ගාවා ගැනීම, පූජකයින් ගෙන්වා දේශානා කරවීමේ සිරිතක් මෙහේ නෑ. ඒ නිසා ලංකාවේ භික්ශූන් වගේ පොදු ජනයාගේ හැම දෙයකට ඇඟිලි ගහන, ඒවාට උපදෙස් දීම තමුන්ගේ අයිතියක් බවට සලකන පූජක නඩයක් මෙහේ ඇත්තේ නෑ. උදේ ඉඳන් රෑ වෙනකම් දෙමව්පියන්ට සළකපන් යකුණේ කියමින් තරුණ පරපුරට ගරහන සාදුලා මෙහේ නැතත් ඉන්දියානු තරුණ තරුණියන් සිය දෙමව්පියන්ට දක්වන්නේ පුදුමාකාර භක්තියක්. හින්දු, සීක් ජෛන මෙකී නොකී මොන ආගමක් ඇදහුව්ත් මොන දෙවියන් වැන්දත් ඉන්දියාවේ තරුණ තරුණියන් දෙමව්පියන්ට දැඩිලෙස භක්තිමත්, දෙමව්පියන්ගෙන් වැඩ නොගන්නා, තමුන්ගේ වැඩ තමුන්ම කරගන්නා ඉතා නිදහස් තරුණ කැළක් බව කිවයුතුයි.

මේ නිසාම ඉන්ටර්විව් එකකට, විභාගෙට නැත්නම් වෙන මොකක් හරි එකකට (පාසැල් ළමුන් හැරුණු කොට ) දුවලා වගේම පුතාලාගේ වුනත් පස්සෙන් එන අම්මලා තාත්තලා මෙහේ බොහෝම හිඟයි. මෙය මගේ නිරීක්ශණයක් වගේම පෞද්ගලික අත්දැකීමක්. ඉන්දියාවේ අධ්‍යාපන ආයතනයක දේශකයෙකු වන මට මගේ දේශන සටහන් හා සකස් කරගැනීම සඳහා අර්ධකාලීනව සේවය කිරීමට තරුණියකගේ සේවය අවශ්‍ය වුනා. පුවත් පතක ලුහුඬු දැන්වීම් තීරයක දැන්වීමක් දැමූ මා විශ්වවිද්‍යාලයක කළමණාකරනය හදාරණ (මාගේ විෂය ) තරුණියන් හට සේවය සඳහා ආරාධනාකලා.  දැන්වීමේ සඳහන් මාගේ දුරකථන අංකයට ඇමතුම් ගණනාවක් ලැබුනු අතර ඊමේල් හරහා ඔවුන්ගේ ජීව දත්ත ගෙන්වාගත් මා සුදුසු යයි හැඟුනු කිහිපදෙනෙකුට සම්මුඛ පරීක්ශණයක් සඳහා පැමිණෙන්නට යයි දැන්වූවා. මොවුන් මගේ පෞද්ගලික සහයට සේවයට ගන්නා නිසා ආයතනයේදී ඔවුන් මුණ ගැසීමට අකමැති වුනු මා ඔවුන් හට මාගේ සේවාස්ථානයට නුදුරින් තිබූම් ජනාකීර්ණ අවන්හලකදී මා මුණ ගැසෙන ලෙස දැන්වූවා. 

ලංකාවේ සම්මුඛ පරීක්ශණ සිදුකොට අත්දැකීම් ඇති, එකල ඉන්දියාවට අලුත් වුනු මා සිතා සිටියේ පෞද්ගලිකව මොවුන් මාගේ සේවයට බඳවා ගන්නා නිසා ඔවුන් සමග එන දෙමව්පියන්ට හෝ ආරක්ශකයින්ට මා පිලිබඳ සියලු විස්තර ලබාදී ඔවුන්ගේ සම්මුඛ පරීක්ශණයකට මට මුහුණ දෙන්නට වේ යනුවෙනුයි. එහෙත් පුදුමයකට මෙන් වයස් 20-22 අතර වුනු මේ තරුණියන් සියලුදෙනාම සිය විශ්වවිද්‍යාල දේශණ අවසන්ව පොත් මල්ලද එල්ලාගෙන තනිවම පැමිණ සිටි අතර නොබියව සම්මුඛ පරීක්ශණය මුහුණ දුන් ඔවුන් (වෙනස් වෙලාවන් ලබාදී තිබුණු නිසා ඔවුන් සම්මුඛ පරීක්ශණයකට මුහුණ දුන්නේ තනිවමයි ) මා විසින් ඔවුන්ට ලබාදුන් සංග්‍රහත් නොපැකිල භුක්ති විඳ මාගෙන් ඔවුන්ට දැන ගන්නා වුවමනා වුනු කරුණු ද දැනගෙන පිටත්ව ගියා. මෙලෙස මා වැනි විදේශිකයෙකුට පෞද්ගලික සහයිකාවක් ලෙස සේවය කරනවාට දෙමව්පියන් කැමතිවේදැයි ඇසූ විට ඔවුන් සියලුදෙන කියා සිටියේ දෙමව්පියන් තමන් කැමැත්තෙන් කරන කිසි දෙයකට විරුද්ධ නොවන බවයි.

ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරක ස්ථානයක විධායක නිළධාරියෙකු ලෙස මා සේවය කරද්දී මාගේ අත්දැකීම නම් සම්මුඛ පරීක්ශණ සඳහා පැමිණෙන තරුණ තරුණියන් (විශේෂයෙන්ම පලමු රැකියාව - පලමු සම්මුඛ පරීක්ශණය සඳහා) සිය දෙමව්පියන් උගන්වා එවූ දේවල් කියන්නට ගොස් අමාරුවේ වැටුනු බවයි. මාගේ ඉන්දියානු සම්මුඛ පරීක්ශණයට පැමිණි බොහෝ තරුණියන්ට එය ඔවුන්ගේ ප්‍රථම රැකියා සම්මුඛ පරීක්ශණය වුවත් ඔවුන් එයට මුහුණ දුන් ආකාරය දෙස බලන විට ඔවුන් නිදහසේ සිතන, ජීවිතයට තමුන්ගේම කියා ඉලක්කයක් (දෙමව්පියන් ලබාදුන් ඉලක්කයක් නොව) ඇතියවුන් බව මට තහවුරු වුනා.

නූතන ඉන්දියාවේ දියුණුවත් අපගේ පසුගාමීත්වයේ රහසත් අප රටවල් දෙකෙහි තරුණ පරපුරුවලට තම ජීවිත සකසාගන්නට ඇති නිදහස බව මට හැඟෙනවා. මා වැරදිවන්නට පුලුවන්, ඒත් මගේ පෞද්ගලික අදහස එයයි.



21 comments:

rajith said...

හොද ලිපියක්. දිගටම ලියන්න

``` Outsider``` said...

ලංකාවේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. මිනිස්සු එහි වහලුන් වෙලා. ඒක නිසා කවදාවත් නිවහල් සමාජයක් බිහිවෙන්නෙ නෑ.

buwa said...

බොහොම ආසාවෙන් කියෙව්වා සහෝ , ගොඩක් ස්තුතියි මගේ යෝජනාව ට දක්වපු ප්‍රතිචාරයට.රහුල් ගාන්ධිත් ලංකාවෙ රාජ කුමාර වරුත් සංසන්දනය කරන කොට නම් ඇත්තටම දුකයි . තව ශත වර්ශෙකින්වත් මෙහෙ අය ඔය තත්වයට එන එකක් නැහැ ,

ඉන්දියාවේ වාණිජ අගනගරය නම් නූතනත්වය සාදරයෙන් පිලිඅරගෙන තියන බව පේනවා , ඒත් අපි..... අයෙම පාරක් හණමිටි යුගයට යන්න පටන් අරන් . මේ වගේ තවත් අත්දැකීම් ඉදිරියෙත් ලියමු :)

Anonymous said...

මුම්බායි වල සල්ලිකාර ලුම්පන් පන්තිය දිහා බලලා ඉන්දියාව ජෙන්‍රලයිස් කරන මුම්බායේ ලිං ගෙම්බෝ, මෙහෙම දේවලුත් ඉන්දියාවේ වෙනවා

http://redeyeinfo.blogspot.com/2011/04/blog-post.html

ජිලා said...

අපූරු ලිපියක්....... හොදක් තියෙන්නෙ කොතනද අපි ඒ දේවල් අගයන්න ඕනෙ. ලංකාවෙ නම් මේ කපේට රාහුල් වගේ කෙනෙක් ඉදී කියල හිතන්න අමාරුයි. අපේ ඉතින් මෙහෙම දෙයක් කලොත් කරන්නෙ plan එකක් ඇතුව ලකුණු දාගන්නනේ.
අනිත් එක ඔය ආරක්ෂකයො බුරුතු පිටින් වට කරගෙන ගමන් බිමන් යන එක අපේ අයට තියෙන මේනියා එකක්. රජතුමා....යුවරජ විතරක් නෙමේ දැන් ගම් සබාවෙ පොරවලුත් පාරෙ යන්නෙ පූලුවන් තරම් පොරවල්ල වටකරගෙනනෙ.

Kandula (කණ්ඩුල) said...

ඇනෝනිමස් තුමනි. වර්ල්ඩ් කප් එක ඉවරවුනු දා රාත්‍රියේ ලංකාවෙන් ගිය බබලත් ඇත්තීට සිදුවුනු ඇබැද්දිය ගැන මාගේ කණගාටුව. මැච් එක බලලා ගෙදර එනකොට මාත් ඔයවගේ නරිනාටක නැටුම් දැක්කා. ඒත් අවුරුදු 28කට පස්සේ කප් එකගහපු රෑ ඉන්දියන් කාරයින් පොරවගෙන බුදියගන්න ඕනෑ කියලා ඒ බබලත් ඇත්තී හිතනවානම් සිල් ගන්නා ඒ ඇත්තීට වරදක් නොකිවත් නුඹ වැන්නේකුගේ මොලේ ගොම දැයි අසන්නට මට සිදුවෙනවා.

බැරිවෙලාවත් ඔය කප් එක සංඝා ඉස්සුවානම් එදා රෑ කොළඹ නගරේ පාලුවට ගිහින් තියේදැයි නුඹ නුවන මෙහෙයවා බැලිය යුතුය.

ලෝක කුසලානය මහේද්‍ර සිං ධෝනී අතට දුන් විට රූපවාහිනි නිවේදකයා ලෝකයටම ඇසෙන්නට කියූ කථාව වත් නුඹට අමතකද? අමතකන මෙන්න මතක්කරගන්න...

"TONIGHT, THE WORLD'S BIGGEST PARTY WILL BE HAPPENING IN INDIA..."

ඔන්න ඔහොමයි නිවේදකතුමා කිව්වේ. ඉතින් අපේ බබලත් ඇත්තීට ටැෆික් එකේ හිරවී සිටින්නටවීම, බීගත් ඉන්දියානුවන්ගේ සරමට යටින් ඇති දේවල් හදිසියේ පෙනීයාම අරුමයක්ද? එතුමිය දැක ඇත්තේ ලෝකයේ ලොකුම party එක නොවෙද? විවාහ උත්සව වලදීත් බීගෙන නටාගෙන ගහ-මරාගන්නා, විවාහක යුවලගේ සුන්දර දවස කළු කරනා අපතයින් අපේ රටේ ඉන්න එක අමතකද?

Lumpen Society

ඔබතුමා ඔය කියන්නේ ලංකාවේ පීසා හට් මැක්ඩොනල්ඩ් ගිහිල්ලා සල්ලි ටිකක් විසිකරලා ආතල් එකක් ගන්නා කොල්ලෝ කෙල්ලෝ ටිකක් දැකලා,ඒවා දිහ බලලා හූල්ල හූල්ල ඉඳලා, මෙහෙත් එහෙම වෙන්න ඇති කියලා අනුමාන කරලා.

මචෝ මෙහෙත් හැම එකාම ඔය pizza-hut මගුල් වල යන්නේ නෑ. කොල්ලෝ කෙල්ලෝ සෙට්වෙලා පෙට්ටි කඩවල්වලින් පානි-පූරි (ජනප්‍රිය ඉන්දියානු කෑමක්) කාලා, තේ බීලා කතාකර කර ඉඳලා විනෝදවෙලා යනවා. අතේ සල්ලි තියෙන විදියට විනෝද වෙන්න, නිදහසේ ඉන්න මෙහේ ඉඩ තියෙනවා, තැන් තියෙනවා. සල්ලි තියෙනවානම් රාහුල් ගාන්ධි වගේ නිව්යෝකර් එකෙන් රුපියල් 2000-3000ක පිසා කන්ඩ පුලුවන්, සල්ලි නැත්නම් පෙට්ටි කඩෙන් පානි-පූරි හරි වඩේ හරි කන්න පුලුවන්. ඒකට බාධා නෑ, ඒකයි මේ කියන්නේ. නිකන් වලිගය පාගාගෙන දඟලන්නට එපා.

Charmi said...

අපූරුයි සහෝ........
දිගටම ලියන්න. කියවන කවුරුත් පුළු පුළුවන් විදිහට මේවා ශෙයාර් කරනවනම් වැදගත්.

Jayasri said...

මට ඉඩ දෙන්න ඔබට යමක් මතක් කරල දෙන්න.1996 ලෝක කුසලානයේ දී ඉන්දියාව ලංකාව සමග තරගය පරදිනකොට ප්‍රේක්ශකයන් ලංකාවේ ක්‍රීඩකයන්ට සංග්‍රහ කළේ වැලි පුරවපු වීදුරු බෝතල් වලින්.ඒ විතරක් නෙවෙයි ක්‍රිකට් තරග පැරදුන අවස්ථා කීපයකදීම ක්‍රීඩකයන්ගේ නිවාස කුඩුපට්ටම් කළා ප්‍රේක්ශකයන්.(තම පිල පරදින තරග පවා සිංදු කිය කිය බලන්න තරම් ලංකාවේ මින්සු උපේක්ශා සහගතයී).ඒ විතරක් නෙවෙයි මෙවර තරගාවලියේ දී ඉන්දු - පකිස්ථාන තරගයෙන් පකිස්ථානය දිනනව කියල අනාවැකි කියපු ගිරවෙකුට ඒ වෙනුවෙන් ජීවිතය දන් දෙන්න සිදුවුනා අන්තවාදී ප්‍රෙක්ශකයන්ට.මේ post එකේ තියෙන දේවල් විශ්වාස කරන්න අමාරුයි.

hare :-) said...

යමක් ගැන මොකක් කිව්වත් ටිකක් අස්සට යද්දි ඒක එහෙම නොවෙන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒක ලංකාව ඉන්දියාව නෙවෙයි කොහෙත් එකයි. අපි ඇසුරු කරන සමාජ කොටස දිහා බලල සමස්ථය ගැන කියන්න බෑ කියන එක තමයි මම නම් දන්නෙ. අනික මොනම අවස්ථාවක්වත් යමක් ගැන ගන්න පුළුවන් තීරණය කළු හෝ සුදු වෙන්නෙ නෑනේ.

කණ්ඩුල කියන විධියට මට තේරෙන්නෙ ඉන්දියාව බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සංස්කෘතික පරිසරයකට යමින් පවතිනවා කියලයි. අපේ රටේ මිනිස්සුන්ට (මාත් එක්කම) තියෙන අවුල් ගොඩක් ඒ අය ටිකෙන් ටික ගලවගනිමින් ඉන්නව වගේ...

නියමයි මේ සටහන!

buwa said...

@jayasri- 1996 දි ඉන්දියාව හා 2011 දී ඉන්දියාව වෙනස් වී තිබිය යුතුමය , අනෙක ඒ කල්කටාවයි කණ්ඩුල කතා කරන්නේ මුම්බායි නඟරය ගැනයි, ගිරවා මැරුවේ සිව සේනා නම් අන්තවාදි පක්ශය කියලයි කියන්නෙ , මෙතන තියන වෙනස ඒ වගෙ අන්ත වාදින්ගෙ කටයුතු සාමාන්‍ය ජනතාවගෙ නිදහ්සට අයිතියට බාධාවක් වෙලා නැහැ , එහෙම වෙන්න රජය ඉඩ දෙන්නෙත් නැ. නමුත් අපෙ අන්ත වාදීන් මිනිස්සුන්ගෙ නිදහස , අයිතීන් උදුර ගන්න කටයුතු කරනව රාජ්‍ය අනුග්‍රහය සහිතව

Kandula (කණ්ඩුල) said...

ජයශ්‍රී, ඔබ කියනා දෙය නිවැරදියි. එදා ඒ වුනු නින්දාසහගත සිද්ධිය නිසා ක්‍රිකට් ලෝකයේ බොහෝ වෙනස්වීම් වුනා. අද ලංකාවේ වුනත් මැච් එකක් බලන්න යනකොට බෝතල්, රතිඥ්ඥ ගිනියන්නට ඉඩ නොදෙන්නේ කල්කටාවේ පාඩම් නිසා.

ඒ වගේම ඉන්දියානු පිල ඉස්සර ඉන්දියානු පිලේ හැසිරීම් එක්ක බලනකොට දැන් බොහොම සංයමයෙන් ක්‍රීඩාකල බව පේනවා. ඒ තැන්පත් කම ඉන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ zero tolerance ප්‍රතිපත්තිය නිසා මෙන්ම ඉන්දියානුවන් ජාතියක් විධියට පරිණත වීම නිසත් වෙනවා.

කවුරුත් වැරදි හදාගෙන ඉදිරියට යන්න ඕනෑ බව මගේ පිලිගැනීමයි.

මෙවර ලෝක කුසලානයේදී මුම්බායි ප්‍රේක්ශකයින්ට ගෙනියන්නට ඉඩ දුන්නේ ජංගම දුරකථනය පමණයි. කැමරා පවා තහනම් කොට තිබුණේ සියල්ලන්ගේම ආරක්ශාව උදෙසායි.

ශිවසේනා කියන හෙල උරුමය වගේම තවමත් ගල්යුගයේ වැඩවසන අන්තවාදී දේශපාලන පක්ශයක්. දුප්පතුන්ගේ ආගමික භක්තිය, සංස්කෘතික ලැදියාව දඩමීමාකරගෙන අපේ හෙල උරුමය හා සාගත වීරවංශගේ පක්සය වගේම උනුත් ජනතා චන්දය කොල්ලකාගෙන වෛරය වපුරනවා.

ඒවගේම ඔය වර්ල්ඩ් කප් එක අස්සේ ලංකාව ඉන්දියාවට පරදිනවා කියලා අපේ දේශීය ගිරවෙක් කෑගැසුවානම් උගේ අඬුපඬු කැඩෙන්නේ නැද්ද? ගෙවල් ගිනිගන්නේ නැද්ද? මැරවින් සිල්වා වැනි උපාසක මහතෙකුගේ අත පත ගෑමකට මේ දේශ ද්‍රෝහියා ලක්වෙන්නේ නැද්ද?

තව එකක් ගමු කෝ......අපේ කටවැඩ නැති රණතුන්ග මහතා කල මෝඩ ප්‍රකාශය ලංකාවට මහත් අපහාසයක් බව කියමින් උඩපැන්නේ අපේ සර්වසාධාරන, අනුන්ගේ මත ඉවසන සත්ගුණවත් උපාසක මහතුන් නොවේද?

තවත් මොනවද ජයශී මහතානෙනි? ඉන්දියාව හදන්න ඉස්සෙල්ල අපි හැදිලා, සීලාචාරවෙලා ඉමුකෝ.....

Naveen Madhawa said...

ඔයා වැරදි නැ වටිනා ලිපියක් මේ වගේ ලිපියක් පුවත් පතක පල කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි..

හැබැයි ඉතින් ඔය මුම්බායි විතරයි නේද?

Anonymous said...

First Ano,

Ai mathaka nadda, pahu giya kale ape raja patiyay tawath kandekui koheda tibba tharuna sangamayaka rasweemakata gihin etana inna anik ratawalin apu ganunta monada kalama, S.B dissanayake kiwwe kollo unama ohoma tamai kiyala,

meka ehema deyakda, ane oi

Anonymous said...

මුම්බයෙන් ඉන්දියාව මනින් මුම්බායේ ලිං ගෙම්බාට:

ඉන්දියානු තරුණ ප්‍රජාව ෆෝවඩ් වීම නොහොත් කුලවාදය කර පින්නා ගැනීම. කියෝලම බලමු.

Victims always

Anonymous said...

රාජපක්ෂ කාර් එක එළවන් ගියාම ඒක ඇඩ් එකක්. රාහුල් ගාන්ධි ගාඩ්ල නැතුව ඇවිත් කෑවම සාමාන්‍ය විදිය. අනේ හුකේ, නන්නානේ!

චමිල said...

මගේ හිතේ මැවිල තිබ්බ බොම්බාය ගැන අදහස් වෙනස්වුනා මේක කියෙව්වට පස්සෙ. ඇත්තටම වටිනා ලිපියක්.
දිගටම මේ දේවල් ලියන්න සහෝ....

Anonymous said...

http://www.gossip9.com/2011/04/blog-post_06.html

ඕන් ඕකත් කියෝල බලපං මහාරාෂ්ට්‍රයේ ලිං ගෙම්බෝ

Ashen said...

ඒ වුනාට 3 idiots චිත්‍රපටයේ පෙන්වන්නෙ මීට වඩා වෙනස් දෙයක්නෙ ?????

Anonymous said...

ඉතාම වැදගත් ලිපියක්. සියයට සියයක් එකඟ වෙනවා නෙවෙයි, නමුත් ලංකාවේ ඉන්නා ළිං මැඬියන්ට අවශ්‍ය නම් තමන්ගේ පටු ආකල්ප නිවැරදි කර ගැනීමට දුන් අවස්ථාවක්. අවාසනාවකට අද වෙන්නේ අපි අයියලා මේවා කියවා ඉගෙන ගන්නවා වෙනුවට පණිවිඩකාරයා ගල් ගසා මැරීමයි. මේකටත් අපේ රටේ ළිං මැඬියන්ට ටිකක් රිදිල තිබුණු බව පේනවා.

Anonymous said...

මචං ගොඩක් ඉන්ෆොමැටිව් ලිපියක්. ඔය ඇනෝ කියල උඹට බැනල කමෙන්‍ටු දාල තියෙන්නේ අර කොන්දක් නැති වල් බූරු කතා ලියන ලංකාවෙ අංක එකේ බවුද්දයා කියල හිතන් ඉන්න නරි පැටවු සෙට් එක රංග ජයවර්ධන ප්‍රමුඛ කැප්පෙටිපොල'ස්

Anonymous said...

niyamai macahn salenda epa.... me gembo ekekwath thama ratin eliya dhakalawath nethuwa ethi aniwarrayenma.. ithing mun hithanne munta wada dhanna un nehe kiyala.. gon harak..