අපේ පොලීසිය හරිම අහිංසකය. වීරවංශ ඉහඳපණුවාගේ අපවාසයට පැමිණ තොප්පිය විසි කරද්දීත්, ටොකු අනිද්දීත් අහිංසකව කරබාගෙන හිටපු, මැරවින් අර සමුර්ධි මනුස්සයාව ගස් බඳිත්දී ජංගිය තෙමාගත් උණහපුලුවන් සේ බලාසිටි, සිරසට ගල් ගහනවිට ඉතා සාමකාමී ලෙස පැත්ත පලාතේ නෑවිත් සිටි අපේ අහිංසක පොලීසියට විජිත හේරත් ඇතුලු ජෙනරාල්ගේ මැර නඩය හොස්සපිටල් ඇඩ්මිට් වෙන්නම ගසා තිබේ.
මේ නසරාණි වැඩය කිසිසේත් ඉවසිය යුතු නැත. ජෙනරලගේ මේ අධම හෙන්චයියලා ටික මොකක් හෝ පල් බොරු ටිකක් ගොතා, රජය පෙරලන්නට ගාල්ලේදී පෙලපාලි ගියා යයි කියා හෝ කුදලාගෙන ගොස් යුධ්දාධිකරණයකට ඉදිරිපත් කල යුතුය.
උන් හමුදාවේ නොවුනාට කමක් නැත. මීට අවුරුදු විස්සකට පෙර උන් හමුදාවට බැඳී වෙපන්ස් ට්‍රේනින් ගෙන, වෙපන් එකත් රැගෙන හමුදාසේවයෙන් පැනගිය බවට ඇසුන් දුටු සාක්ශි ඕනෑතරම් සොයාගත හැකිය.
ඒනිසා කල් බලමින් ඉඳ වැඩේ කොහු නොකරගෙන කලයුතුදේ අදම කරන්න.
1 comment:
විජිතගේ ගෝලයා සුජිත් කුරුවිට කොම්පියුටර් මොනිටර් වලින් ගහල කොල්ලන් ව පරලොවත් යැවුවා. එව්වට තාම නඩු නෑ. කණ්ඩුල ඒ ගැන කතා නොකරන්නේ ෆොන්සේකට දෙන හින්ද බව අපි දන්නවා
Post a Comment