Wednesday, August 18, 2010

ඔයා මට අයිති නැත්නම් වෙන කාටවත් අයිතිවෙන්න දෙන්නේ නෑ! UNP, I Love you to death! - Ranil

From Lankadeepa 12/08/2010

තමන් ආදරය කළ පෙම්වතිය තමන් අතහැර වෙනත් එකෙකු සමග කූට්ටලි වුනු බව දැනගත් එක් සරසවි සිසුවෙක් ඇයට පිහියෙන් ඇණ තමන්ද පිහියෙන් ඇණගත්තේය. කෙල්ල මියගිය අතර, දිවිගලවාගත් කොළුවා මිනීමැරුමට හිරේ ගියේය. දෙන්නාම විනාසවිය, ඒ මීට වසර ගණනාවකට පෙරය.

තවත් කලකට පෙර රූමත් තරුණියක් හාදකරගෙන ඇයව අනාතකල රාගම පැත්තේ සල්ලිකාර සල්ලාල තරුණයෙක්, ඇය ඔහු හැරයාම ගැන උරණවී ඇයට නොයෙක් කරදර කරන්නට විය. උගෙන් බේරීමට හමුදාවට බැඳුනු කෙල්ල අනුරාධපුර කඳවුරකට අනුයුක්තවී සිටියාය. එහි ගොස් කෙසේහෝ බොරුගොතා ඇයව රවටාගෙන කඳවුරෙන් පන්නාගත් තරුණයා ඇයව සිය නිවසට රැගෙනවිත් ඝාතනයකලේය. සල්ලාල කොල්ලා මිනීමැරුමට මරණ දඬුවම ලැබූ අතර හමුදා සෙබලුන් පැමිණ තරුණයාගේ පවුලට අයත් කෝටිගණනක් වටිනා දේපොල ගිණිතබා විනාශකලහ. කෙල්ලත් ඉවරය, කොල්ලත් ඉවරය, කොල්ලගේ පවුලත් ඉවරය.

මේ වගේ ආදරයන් වලට කියන්නේ suicidal love කියලාය. ආදරයේ අවසානය දෙන්නාගේම විනාශය පමණක් නොව පවුලේ විනාශයද වේ.

රනිල් වික්‍රමසිංහ සිය පක්ශය වූ එජාපයට ඇති ආදරයත් suicidal love එකක් බව දැන් දැන් තහවුරුවෙමින් තිබේ. චන්දය පැරදුනුවිට හෝ යම් බලපෑමක් එල්ලවුනුවිට අගමැතිකම අතහැර කිසි හාහෝවක් නැතුව නැට්ට ගාත්‍රා මැද ගසාගෙන ගෙදර යන රනිල්ට, පක්ශනායකකම අතහැර යාමට ඇත්තේ පුදුම අකමැත්තකි, අමාරුවකි. අතහැර යනවාට වඩා පක්ශයත් විනාශකරගෙන තමනුත් විනාශවෙන එක හොඳයැයි එතුමාට හිතෙනවා වගේය. රටේ විශාලතම හා පැරණිම දේශපාලන පක්ශයට පඩිසන්දී ඇති කරුමයක මහත.

From Lakbima 13/08/2010

තමන් ලෝකයේ හොඳම, ස්මාට්ම, කියුට්ම කොල්ලායයිද, කෙල්ල තමාවෙනුවෙන් ඕනෑම අපායකට පැමිණිය යුතුයයිද සිතාගෙන සිටින සුයිසයිඩල් පෙම්වතුන් වගේ රනිලුත් හිතාගෙන ඉන්නේ අවුරුදු 16ක් තිස්සේ අනාතකරමින් තිබෙන පක්ශයට තිබෙන හොඳම නායකත්වය තමන් කියාය. ප්‍රජාතන්ත්‍රවාදය ගැන යහපාලනය ගැන දොඩවන රනිල් පක්ශය තුල හැසිරෙන්නේ මහින්ද හැසිරෙනවාටත් වඩා අන්ත ඒකාදිපති විධියටය.

මහින්ද ශ්‍රිලනිපය තුල එකාධිපතියෙක් ලෙස හැසිරුනාට සමාවක් දෙන්නට පුලුවන්ය. ඒ මනුස්සයා එහෙම හැසිරෙන්නේ පක්ශයෙන් කිසිම සහයක් නැතිව ජනපතිවරණ එකක් නොව දෙකක්ම දිනලාය. පක්ශය දිනවා චන්ඩියා වීම කමක් නැත. රනිල් ලෝඩ් ෆකීර් වගේ හැසිරෙන්න්නේ හැම චන්දෙම පැරදිලාය, දින්න එකම එකත්, බහුතරයකුත් තියාගෙන නිවටයෙක් වගේ පාවාදීලාය. එහෙව් මිනිහා හිතාගෙන ඉන්නේ සජිත්ලා, රවීලා, දයාසිරිලා, ලක්ශ්මන් සෙනෙවිරත්නලා පක්ශයට ආදරේ නැත කියලාය. ඕල්ඩ් බෝයිස් තක්කඩි රොත්තක් හා පක්ශය, විපක්ශයේම තියාගෙන ආණ්ඩුවෙන් ව්‍යාපාරික වාසි හා වෙනත් වාසි ගන්නට හොර ඩීල් දමාගෙන ඉන්න එවුන් ගේ සටකපට කතාවලට රැවටී රනිල් ඔය කරන්නේ යූ ඇන් පි යේ මළගම ඉක්මන් කිරීමය.

ඇත්තටම රනිල් ගැන එස්.බී ලඟදී කියපු කතාවක් ඇත්ත කියලා හිතෙනවාය. එස්.බී කියන විධියට රනිල් කියන්නේ විලිලැජ්ජා සංගයක් නැති ඇවිදින මලමිනියක් වගේ මිනිහෙකුටය. ඇත්ත වෙන්නට පුලුවන්ය. 2006 සාකඡ්ඡාවට ගොස් 17 නැතිකරගත් මේ අමනයා 2010දී දෙකක් නැතිකරගත්තේය. විලි ලැජ්ජාවක් නැති මේ බූරුවා දැන් ආයෙත් තුන්වෙනි පාරටත් රජගෙට රිංගලාය. මේ අවලම් වැඩය සාධාරණීකරනය කරන්නට වැඩබැරි මහලේකම් තිස්ස කියන්නේ ආණ්ඩුවට තනියම වුවත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුලුවන් නිසා අපි රෙදි නැතුව සාකච්ඡාවට යනවා කියලය!

අනේ මේවගේ මහලේකමෙක් ඉන්න පක්ශෙකට දෙයියන්ගේම පිහිටය. ඇයි ඇයි මහලේකම්තුමනි (මම කලින් ලිව්වේ ' ඇයි බූරුවෝ කියලා' ඒත් ඒ වචනෙ මහලේකම් තිස්සට ගලපුනත් ලිපියට නොගැලපෙන නිසා වෙනස්කලා)  ආණ්ඩුව හිතුමතේට ව්‍යවස්ථාවක් ගේන්න යනවානම් ඒකට විරුද්ධව රටම නැගිට්ටුවාගෙන පාරට බහින්නට නුඹලාට සංවිධාන ශක්තියක් නැද්ද? ලක්ශ කීයක් මිනිස්සු එජාපෙට චන්දේ දෙනවාද? ඔයින් සීයට එකක් පාරට බස්සගන්න නුඹලාට බැරි නුඹලා ඇත්තටම දේශපාලන දේශපාලණික වශයෙන් අප්‍රාණික හා බෙලහීන නිසාද තිස්ස?

යන්න! ගිහිල්ලා රණසිංහ ප්‍රේමදාස ජනපතිට සහයෝගය දුන් පංසල් වලට ගිහින් බැනුම් අහගෙන හරි ඒ හාමුදුරුවරුන් ශේප් කරගනිල්ලා. වෘත්තිය සමිතිටික ශක්තිමත් කරලා ඒවායෙ ඉන්න වැඩ නොකරන හොර නායකයින් පන්නලා අලුත් මිනිස්සු දාපල්ලා. පන්නපු එවුන්ට බය නැතුව කියයන්න ජනපති දෑත සක්තිමත් කරන්න ඒ පැත්තට යන්න කියලා. සමෘධි නිළධාරීන්, කෘෂි නිළධාරීන්, ග්‍රාමසේවා නිළධාරීන් හා සමස්ථ රාජ්‍යසේවයේ රාජ්‍ය නිළධාරීන් අතර විස්වාසය ගොඩනගන්න පටන් ගන්න. මහන්සිවෙනකොට, කළ්පනාවෙන් වැඩකරනකොට ප්‍රථිපල හෙමින් හෙමින් එයි. තව අවුරුදු 6ක්ම තියෙනවා. දැන් පටන්ගත්තොත් අවුරුදු 6 ඉවරවෙනකොට රජතෙමේට සුලුදිය අමාරුව හැදෙන බලවේගයක් ගොඩනගා ගන්න පුලුවන්.

මහින්ද දිනන්නේ මහින්දගේ ශක්තියට වඩා නුඹලාගේ නොහැකියාව නිසා. මහින්දගේ සියලු සතුරන්ට එකතුවෙන්න පුලුවන් පොදු නිවහනක් බවට එජාපය පකරන්න. ජවිපෙත් එක්ක තියෙන 88/89 කාලෙ පරණ කෝන්තර අමතක කරන්න. ජවිපෙ පොඩි වුනත්, කැපවීමක් තියෙන කොල්ලෝ එතන ඉන්නවා. එතකොට අඩුම ගානේ,පක්ශය දැන් හරි ට්‍රැක් එකේ යන්නේ, දිනන්න පුලුවන් කියලා පාක්ශිකයින්ට හිතන්න පටන් ගනී. ඒ සිතුවිල්ල ඇතිවුනාට පස්සේ මිනිස්සු යක්කුවගේ වැඩකරන්න පටන්ගනී.

හැබැයි ඒ ඔක්කොටම ඉස්සෙල්ලා කරන්න ඕනෙ මොකක්ද කියලා දන්නවද තිස්ස? රනිල්ව පන්නලා දක්ශ නායකයෙක් පත්කරගන්න උදව්වෙන්න. ඔබතුමාත් ගෞරවනීය විදියට පෙන්ශන් ගිහිල්ලා නව නායකයාට කැමති ලේකම් කෙනෙක් පත්කරගන්න දෙන්න. රනිල්ට පක්ශය මරාගෙන මැරෙන්න ඉඩදෙන්න එපා. එයා දැනටමත් මැරිලා ඉන්නේ. UNPය තව ජීවත්විය යුතුයි.

1 comment:

Anonymous said...

"යන්න! ගිහිල්ලා රණසිංහ ප්‍රේමදාස ජනපතිට සහයෝගය දුන් පංසල් වලට ගිහින් බැනුම් අහගෙන හරි ඒ හාමුදුරුවරුන් ශේප් කරගනිල්ලා. වෘත්තිය සමිතිටික ශක්තිමත් කරලා ඒවායෙ ඉන්න වැඩ නොකරන හොර නායකයින් පන්නලා අලුත් මිනිස්සු දාපල්ලා. පන්නපු එවුන්ට බය නැතුව කියයන්න ජනපති දෑත සක්තිමත් කරන්න ඒ පැත්තට යන්න කියලා. සමෘධි නිළධාරීන්, කෘෂි නිළධාරීන්, ග්‍රාමසේවා නිළධාරීන් හා සමස්ථ රාජ්‍යසේවයේ රාජ්‍ය නිළධාරීන් අතර විස්වාසය ගොඩනගන්න පටන් ගන්න. මහන්සිවෙනකොට, කළ්පනාවෙන් වැඩකරනකොට ප්‍රථිපල හෙමින් හෙමින් එයි. තව අවුරුදු 6ක්ම තියෙනවා. දැන් පටන්ගත්තොත් අවුරුදු 6 ඉවරවෙනකොට රජතෙමේට සුලුදිය අමාරුව හැදෙන බලවේගයක් ගොඩනගා ගන්න පුලුවන්."

Kanduala, the same mantra has been repeated so many time. But, Ranil nor senior-leader of the UNP listens to it.