Sunday, August 15, 2010

ඇනෝනිමස් වහලෙකුට පිළිතුරු

පහත නිල්පාටින් දක්වා ඇත්තේ W3Lanka බ්ලොග් අඩවියේ පලවුනු - ඔහුව ඔසවා තැබූ වනචාරිත්වය ඔහුව පාවා දී ද ඇත යනුවෙන් සරත් ෆොන්සේකාට යුද්ධාධිකරණයෙන් ලබාදී, විධායකය විසින් අනුමත කරන ලද දඬුවම පිලිබඳව ලිපියට නම කියන්නට අකමැති වුනු පුද්ගලයෙක් දැමූ anonymous කොමෙන්ට් එකක copy+paste එකයි.

සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය.එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....

W3Lanka ලිපිය ගැන මට ගැටලුවක් නැත, එය කාලෝචිත ලිපියකි. එහෙත්, එහි ඇනෝනිම්ස් ලා විසින් දමා තිබුණු කොමෙන්ට් වලට පිළිතුරු සපයන්නට යාමේදි, කොමෙන්ට් මොඩරේට් පහසුකම ක්‍රියාත්මක කරවන බව දැනුම් දී තිබුණි. ඒ අනුව මොඩරේට් නොවී තිබුනු ඇනොනිමස් ගේ වසල කොමෙන්ටයට පිලිතුරු ලැබෙන්නේ පමාවී, ඇප්රූවල් ලැබීමෙන් පසුවය. ඒ නිසා මේ ලිපියෙන්, W3Lanka ලිපියේ කොමෙන්ට් දැමූ අකෘතඥ anonymous හට පිලිතුරු සැපයිමට බලාපොරොත්තු වෙමි.

සරත් ෆොන්සේකාට සමාව නොදිය යුතුය ! එසේ වන්නේ නම් නීතිය පිළිබඳ අප තුල ඇති විශ්වසය අයින් කර ගන්නෙමු...
ඇයි බලු ගැත්තෝ එතකොට,

  • මැරවින් ගේ යකා නැටීමට දඬුවම් පමාවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?
  • ළමා අපචාර චෝදනා ඇති විනිසුරුවන්ට විරුද්ධව ක්‍රියා කිරීම පමාවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?
  • පංසල් ඩෝසර් කරමින් හෝටල් හදන එවුන් ගැන නීතිය ක්‍රියාත්මක නොවෙනකොට බොට නීතිය ගැන විශ්වාසය වැඩිවෙනවාද?


(තව කියන්න පුලුවන්, ලයිස්තුව අවසන් නොවන නිසා තුනකින් නවතිනවා)

තම පුද්ගලිය සුඛවිහරණය උදෙසා රටක්, ජාතියක් අමු අමුවේ නිර්ලජ්ජිත ලෙස පාවා දෙන්නේ කෙසේද යන්න පිළිබඳ අපේ යුගයේ ප්‍රභලම ජීවමාන සාක්ෂිය වන ඔහුගේ "ජෙනරාල් කම" අවලංගු කල යුතුය. නීතියෙන් දිය හැකි උපරිම දඩුවම් දී එවැන්නන් රටෙන්ද පි‍ටුවහල් කල යුතුය
KP කියන ත්‍රස්තවාදී නායකයා, අපේ හමුදාවේ මැරුණු හැම කොල්ලෙක්ම මරන්න, හැම අහිංසකයෙක්ම මරන්න ආයුද, පතරොම්, පුපුරණ ද්‍රව්‍ය නැව් පිටින් එවපු මිනිමරුවා රජ ගෙවල්වල සැපෙන් ඉන්නේ ඌ මේ ජාතියට කරපු සේවාව හින්දද?

එය අප අතර ගැවසෙන ද්‍රෝහීන්ටත්, ජාත්‍යන්තරයටත් හොඳ පාඩමක් වනු ඇත.....
අනේ ගොබ්බයෝ, ලෝකයේ රටවල් එක්ක බලනකොට, ලංකාව කියන්නේ පුක කහගන්න නියපොත්තවත් හරියට නැති, IMF ලෝන් එකේ පංගුව නිකුත් නොකලොත් හොම්බෙන් යන්න වෙන රටක්, අපි ජාත්‍යන්තරයට පාඩම් උගන්වන්න යනවා කියන ඔය පම්පෝරිය රාජපක්ශලාගේ හීනමානය ලෝකෙටම කියන මෝඩ ප්‍රකාශයක්. නුඹලා වගේ වහලුන්ටත් ඉතින් ස්වාමියාට තියෙන හීනමානයම ඇති මගෙ හිතේ....

5 comments:

Anonymous said...

GReat reply!!!

Anonymous said...

එතකොට ඇයි මහත්තයෝ දනුන තිලකරත්න හැංගිලා ඉන්නෙ? ඇවිත් මාමව බේර ගත්ත නම් අහකයි නෙ?

රංචාගොඩ මුදියන්සේ said...

දනුන කියන්නේ ජෙනරල් ෆොන්සේකද? දැන් ඔය නඩු තීන්දුව දුන්නේ දනුනටද? දනුන කරපු වැරදි වලටද? සහෝ, දුව බැඳපු මිනිහා හැංගිලා ඉන්නවා කියලා දුවගෙ තාත්තට කෙලලා හරියනවද?

නුඹලා දනුන ගැන අහනවා, කේ.පී ගැන ඇටි කෙහෙල් ගිලපු උගුඩුවෝ වගේ ඉන්නවා. දෙනවලකො කේ.පී ගැනත් උත්තරයක්.

Anonymous said...

අනේ යකෝ KP, කරුණා කියන්නේ අපේ සිංහල පොලිසියේ කොල්ලෝ 600 ක් එක තැන මරාදාපු, මිනිමරපු, බොම්බ ගහපු දේශප්‍රේමි ඩයල් නේ.

ජෙනරාල් මොනාද අපේ රටට කලේ?

Anonymous said...

අවලම් සුදු කොඩි කතාව කියල රටම චාටර් කරපු එක මදිද? අපේ රටට සම්බාධක දැම්මොත්, කන්න නැතිව මැරෙන්නෙ මහින්දයාවත්, රනිලවත්, පොන්සේකවත් නෙවෙයි බොල අපි. පොන්නසේකයා කට අරින්න කලින් ඔය ගැන හිතන්න තිබ්බා. කොහෙද ඌට ඕන උනේ මහින්දගෙන් පළි ගන්න විතරනෙ. කේ.පී., කරුණා මිනිස්සු මැරුව තමයි. ඒත් දැන් මරන්නේ නෑ. නමුත් දඬුවමක් දෙනවා නම් හොඳයි. නමුත් මේ කවුරුවත් රටකට කන්න නැති වෙන තරමේ දුෂ්ට කමක් කලේ නෑ. උන් මිනී මරන කාලේ හැම එකාම් දන්නවා උන් මිනී මරුවො කියල. ඒ හින්දා කියන දෙයක් පිළිගන්නේ නෑ. ඒත් බලයට තියෙන කෑදර කමට පොන්නසේකා කල වැඩේ අන්තිම වැරදී