Friday, August 27, 2010

අලුතින් අරක්කු ලයිසන් දෙන්න හොඳයි, දීපු ලයිසන් අලුත් කරන්නත් හොඳයි, අරක්කු විකුණලා බදු ආදායම ගන්නත් හොඳයි හැබැයි බීලා ලෙඩවුනොත් බලාගෙනයි, බේත් සල්ලිවලට විතරයි ගොයියෝ!



  • දේශීය මත්පැන්වලින් රජය ලැබූ බදු ආදායම රුපියල් කෝටි දෙදහස්‌ අටසිය පනස්‌ එකක්‌ බව සුරාබදු කොමසාරිස්‌ ජනරාල්වරයාගේ පාලන වාර්තාව පෙන්වා දෙයි.

  • 2009දි අලුතින් බාර් ලයිසන් 970ක් නිකුත් කරලා

  • ලබන අවුරුද්දේ ඉඳන් අරක්කු බීලා ලෙඩවෙන මිනිස්සුන්ට නොමිලේ ප්‍රතිකාර නෑ.

අලුතින් බාර් ලයිසන් දිදී රටපුරාම විතරක් නෙමෙයි සමහර සංඝයාගේ ආශීර්වාදය ඇතුව ජනාධිපති මන්දිරෙත් අරක්කු බොන්ඩ දෙන රටක, ආණ්ඩුව වැඩිම බදු ආදායමක් අරක්කු බෝතලෙන් උපයාගන්නා රටක, අරක්කු පාරිභෝජනය වැඩි කරන්න හැම හන්දියකම, රෙස්ටුරන්ට් එකකම , හෝටලයකම බාර් ඇරලා තියෙන රටක, අරක්කු පාරිභෝජනය අඩුකරන්න කියලා බීලා බීලා ලෙඩවෙන, අණතුරු වලට මුහුණපාන මිනිස්සුන්ගෙන් ප්‍රතිකාර වලට සල්ලි ගන්න එක හරිද?

බොන එක ඔච්චරම කරදරයක් නම් ඇයි අලුතෙන් බාර් ලයිසන් දෙන්නේ? ඇයි පරණ ලයිසන් අලුත් කරන්නේ?

ඇයි අරක්කු විකිණීම තවමත් නීත්‍යානුකූල? එක ගැසට් නිවේදනෙන් අරක්කු තහනම් කරන්න පුලුවන්නේ රජතුමාට. ඇයි මැරවින් ඔය එක වචනෙන් බාර් වැහුවේ කැළණිය ප්‍රාදේශීය රාජධාණියේ, ඉතින් මහ රජ්ජුරුවන්ට මොකෑ බැරි?

අනිත් හැම වැඩේදිම වගේ මෙතනත් කරන්නේ බොරුව. සිංහලෙන් බැනලා ඉන්ග්‍රීසියෙන් වඳිනවා වගේ තමයි මේ වැඩෙත්.

බොන එවුන් පවා බොරුවට සාදුකාර දෙනවානෙ ඔහොම කතාවක් කිව්වාම, "හරිම කාලෝචිත, දේශප්‍රේමී, ජනතා හිතවාදි වැඩක් කියලා...." එකෙක්වත් අහන්නේ නෑ, "ඇයි යකෝ, අරක්කු බොන එක තහනම් කරලා, බාර් වහලා, අරක්කු කොම්පැණි සීල් තියපල්ලකෝ වැඩේ ඉවරනෙ...." කියලා.

ආණ්ඩුවේ වියදම් පියවගන්න අරක්කු රේන්දෙට කෙල හල හල බාර් ලයිසන් දෙනවා. ඒ වායේ විකිණෙන අරක්කු බීපු එකෙක් ලෙඩ වුනාම, ඇක්සිඩන්ට් වුනාම, ලෝකෙට පොරකාසෙට සල්ලි ගන්නවා කියනවා. එතකොට මොකක්ද ආණ්ඩුවේ තර්කය? අරක්කු විකුණන්න හොඳයි, අරක්කු ලයිසන් දෙන්න හොඳයි, විකිණෙන අරක්කුවලින් බදු ආදායම ගන්නත් හොඳයි, හැබැයි බීලා ලෙඩවුනාම නෝ ෆ්‍රී ට්‍රීට්මන්ට්?

ඒ කියන්නේ මිනිස්සු සල්ලි දීලා අරක්කු අරගෙන,ආණ්ඩුවට බදු ආදායමක් අරගෙන දීලා, බෝතලේ කාණුවට හලලා ගෙදර යන්න ඕනෙ කියන එකනෙ? ඇයි ඉතින් මිනිස්සු අරක්කු ගන්න එක අඩුවුනොත් ආදායමත් අඩුවෙනවනේ? ඒනිසා දේශප්‍රේමී ජනතාවක් විධියට, හොර කසිප්පු නොබී රජයට ආදායමක් ලැබෙන සීල් අරක්කු ගන්නත් ඕනෙ හැබැයි රජයට සෞඛ්‍ය වියදම් වැඩිවෙන නිසා නොබී ඉන්න ඕනෙ.

අනිත් එක රටේ ලොකුම අරක්කු කොම්පැණියේ අයිතිකාරයා රජතුමාගේ හොඳම විස්වාසවන්තයෙක්, ඒකනෙ එයාට පැට්‍රෝල්, ඩීසල් බිස්නස් එකත් බාරදුන්නේ ලාබ පෙන්නලා දෙන්න. ඒ නිසා අරක්කු නිස්පාදනය කරන එක, මාකැට් කරන එක රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු හොඳ සම්මා කම්මන්තයක්. සල්ලි දීලා අරක්කු ගන්න එක රජයට ආදායම් ලබාදෙන හොඳ වැඩක්, සල්ලි දීලා ගත්ත ඒවා වීසි කරන්නේ නැතුව බොන හැත්ත තමයි කාළකණ්නි.

මේවගේ හතර බීරි කතා කියලා,ඔටු වැඩ කරලා යහතින් ඉන්න පුලුවන් නායකයෝ ඉන්න ලෝකෙ එකම රට ලංකාව විතරයි. ඒකනේ ආසියාවේ ආශ්චර්‍යය කියන්නේ. වෙන රටකනම් පුකට පයින් ගහලා පන්නලා රොත්තම.

4 comments:

Anonymous said...

කෙළින්ම කියන්න. මේ වැඩේ හොඳහ නරකද? කෙළින් උත්තරයක් දෙන්න.

Anonymous said...

ලංකාව ආසියාවේ ආශ්ච්‍යර්ය වීම ගැනනන් කිව හැකි කරුනු බොහෝයි, දෙකක් මෙසේ දක්වමි,
1 සුළු ආගමිකයන්ට තම ආගම ඇදහීමේ උපරිම නිදහසක් ඇත්තේ ලංකාවේය.
2 සුළු ජාතීන් මහ ජාතියේ පශ්චාත් ප්‍රදේශයට පහර දෙන්නේ ලංකාවේදීය. මහා ජාතිය නිවටව බලා සිටින්නේ ලංකාවේදීය.

කණ්ඩුල said...

Anonymous said...

කෙළින්ම කියන්න. මේ වැඩේ හොඳහ නරකද? කෙළින් උත්තරයක් දෙන්න.

වැඩේ හොඳ වෙන්නනම් රජය, බීමත්කම අඩු කරන්න ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මතට තිත කියලා සංකල්පයක් ගෙනල්ලා, රජ ගෙදර අරක්කු දෙන ගමන් අවුරුද්දකට 900-1000 අලුතින් බාර් ලයිසන් දීලා, ඊට පස්සෙ බොන එවුන් බේත් ගන්න සල්ලි ගෙනෙල්ලා නැත්නම් මැරියල්ල කියන එක හරි වැඩක් වෙන්නේ කොහොමද?

Anonymous said...

වටේ යනවා විතරයි. මේ තීරණයට එකඟද, නැත්ද? බහු බූත නැතිව ඔවු / නෑ උත්තරයක් දෙන්න