Tuesday, August 31, 2010

නපුංසකයින්ගේ පක්සය.....

 මර්වින් සමෘද්ධි නිළධාරියෙකු ගස් බඳිනු දුටුවෙක් සිටීද?

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත්ව තිබූ සියලූ චෝදනාවලින් ඔහු නිදහස් කළ බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පවසයි.
එහි මහ ලේකම් අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ සාක්ෂි නොමැති වීම නිසා චෝදනාවලින් ඔහු නිදහස් කළ බවයි.
ගස් බැදීමේ සිද්ධිය රඟපෑමක් බවට අදාල සමෘද්ධි නිලධාරියා විසින් පිළිගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 
කැලණියේ දී සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයෙකු ගස් බැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වාට චෝදනා එල්ල වී තිබුණු අතර ඒ පිළිබඳ විමර්ශනයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනය කමිටුවක් පත් කළේය. එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ඊයේ පස්වරුවේයි භාර දෙනු ලැබීය.
වාර්තාවට අනුව මර්වින් සිල්වා මහතා අදාළ චෝදනාවලින් නිදහස් කෙරුනු බව අමාත්‍යවරයා පැවසුවේය.

මේවගේ නෝන්ජල්, නිවට නියාලු, කොන්ද පණනැති පක්ශ සාමාජිකයෝ යූ.ඇන්.පී එකේවත් නෑ. ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුනාට පස්සේ මුන් ඔක්කෝටම පර්සිගේ සෙරප්පු ලෙවකන්න වෙනවා අනිවාර්‍යයයි.

4 comments:

Anonymous said...

මේක රංගනයක් බොල! මේ වගේ නළු බට්ටො රටට සම්පතක්, උන්ව අගයන්න ඕනා...

nombara1 said...

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රතිපල මෙන්න!

හොඳම නළුවා : ගස් බැදීමට ලක් වූ සමෘද්ධි නිළධාරියා
හොඳම දුෂ්ට නළුවා : සිල්වා ආචාරි
හොඳම සහය නලුවා : ප්‍රදේශීය සභා මන්ත්‍රී
හදුන්වා දෙන : ගස් බැදීමට ලක් වූ සමෘද්ධි නිළධාරියාගේ අසනීප වූ දරුවා.

රවා said...

හා හා මහ ජනතාව තොර ගත්තෙ... කණ්ඩුල අයියා. පිස්සු කියවන්න එපා.

ගම්පා ඉන්නෙ තණ කොළ කන වුන්ද..
වැටෙද්දි එකා දෙන්න නෙමෙ වැටෙන්නෙ , රටම වැටෙනවා. තමන්ගෙ පවුල ගොඩ දාගන්න වටෙ ඉන්න වුන්ගෙ පවුල් 10 ක් 12 බිමට ඇදලා දාන, රටට ආදරයක් තියන පාලකයො පිරිසක් ලැබිමට මා පෙර කර ඇති පින් ගැන මතක් වෙද්දිත් සතුටුයි.

Anonymous said...

කියන් දේ කරන කරන දේ කියන අපට හුන් සහ දැනට සිටින දේශපලකයින් අත්ලොස්ස අතරින් කෙනෙකි ගරු අචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා, නිද්‍රාශීලී ප්‍රදෙශීය ලේ; කාර්යාලීය සේවකයන් අවදි කර ජාතියට විනයක් වූ ඩෙංගු මැඩලීමට ප්‍රයෝගිකව යොමු කරවීමට ඔහු කල මෙහෙය පැසසිය යුතුය. පවතින නීතිරාමුව තුල ඔහුට විරුද්ධව චොදනාත් නොමැතිනම්, සාක්ෂිත් නොමැතිනම් විරුද්ධවාදීන් කුපිත වී සිටින්නේ මන්දැයි අපටනම් නොතේරේ. ඔවුන් විරුද්ධ විය යුත්තේ පවතින නීතියටය. එසේනම් ඔවුන් කල යුත්තේ පවතින නීතිරාමුව වෙනස් කිරීමේ රජයේ උත්සහයට සහයෝගය පල කර ව්‍යවස්ථාව වෙනස් කරවීමයි. අචාර්ය මර්වින් සිලවාට නැවත සිය මහජන සේවය පවත්වගෙන යාමට ඉඩ හසර විවර කරදීම අතිගරු ජනාධිපති තුමගේ යුතුකමකි. එය ලක්ෂයකට අධික ගම්පහ දිස්ත්‍රික් ජනතා පැතුම් ඉ‍ටු කිරීමකි.
-M.I. ප්‍රනන්දු-