Thursday, August 26, 2010

ප්‍රවාහන ඇමැති සෑම බදාදාම දුම්රියෙන් කොළඹට එයි! : තවත් සංදර්ශණ පප්පෙක් බිහිවෙලා වගේ?

Divaina - 26/08/2010

කුමාර වෙල්ගම එයාගෙ නායකතුමා වගේම ශෝ පප්පෙක් වෙලා වගේ. ඔය විධියට කෝච්චියෙ බඩගගා කාලෙ කන්න ඕනෙද දුම්රියෙන් යන මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසදන්න? ඔහොම නම් ඉතින් කිලෝමීටර් 63,327ක් පුරාවට ස්ටේශන් 6909ක නවත්ත නවත්ත දවසකට මගීන් මිලියන 20ක් ප්‍රවාහනය කරන ඉන්දියානු දුම්රිය සේවය භාර ඇමතියා වෙන බෙනර්ජී මහත්තයට මේ කල්පයේදී මහජන ගැටළු විසදන්න බැරිවෙනවානෙ.

කුමාර වෙල්ගම ඔය කෝච්චියේ බඩගාන්නේ බොරුවට වැඩ කරනවා කියලා පෙන්නලා ලකුණුදාගන්න විතරයි. අනිත් එක බලමුකො දවස් කීයක් ඔය විදිහට කෝච්චියේ යන ගමන් ප්‍රස්ණ විසඳයිද?

ආසියාවෙ හොඳ දුම්රිය සේවාවල් තියෙන රටවල් වෙන මැලේසියාවේ, තායිලන්තයේ දුම් රිය ඇමතිලාත් ඒ රටවල් වල සේවා කාර්යක්ශම කලේ කෝච්චිවල බඩගාලා නෙමෙයිනෙ. ප්‍රශ්ණ ඇතිවෙනකොට, ඒවා ඔඩු දුවන්න දෙන්නේ නැතුව, ඉක්මණට විසඳලා. ඩලස් අලහප්පෙරුමත් ඔයවගේ බොරු සෝබන ගොඩාක් කරලා, කයිවාරු කෙල කෙල අවුරුදු කීයක් ප්‍රවාහනේ ඇමතිකම කරාද? මොකක්ද වුනු දියුණුව? දැන් වෙල්ගම ඩලස්ටත් වඩා කෙබර කෙලිනවා.

2 comments:

Anonymous said...

"කුමාර වෙල්ගම එයාගෙ නායකතුමා වගේම ශෝ පප්පෙක් වෙලා වගේ." ඔබ එලෙස තර්කයක් ගොඩ නගන්නේ නම් තවෙකුට "කණ්ඩුල ගැමුණු විජේසිංහගෙ ඇච්චෙක් වෙලානේ" කියලා තර්කයක් මතු කල හැක! දෙකෙහිම පදනමක් නොමැත.ඔබ මතු කිරීමට වෑයම් කල සංකල්පය ඔස්සේ මීට වඩා හරවත් යමක් මතු කල හැක. මෙලෙස පසුගාමී සැහැල්ලු රචන ඔබ වැනි රයිනයෙකුට තරම් නොවේ....

Anonymous said...

අනේ ඕකා අද උදේ කෝච්චියෙ ආවනම් රෙදි නැතිව යන්න වෙන්නෙ... උදේ කුඩ ඉහලගෙන ආවේ. කතාව චන්ද්‍රිකා තාක්ෂනේ ගැන. ඒත් දුවන්නෙ අවුරුදු 580 කටත් වඩා පරණ කෝච්චි.