Monday, August 16, 2010

කළබලේට වැට පනිද්දී රජතුමාගේ සරම වැටේ පැටළුනාවත්ද?

ජෙනරල් වැරදිකරු කියලා, විත්තියේ නීතිඥයෝ එක්කෙනෙක්වත් නැති වෙලාවේ තීන්දු දුන්නා. හම්බන්තොට වරායේ වතුරු පුරවන්න 14වැනිදයි, 15වැනිදයි දෙකේම හම්බන්තොට දුවගෙන ගිය විධායක රජතුමා මේ කරදිවර ජංජාලය අස්සේම ජෙනරාල්ගේ දඬුවම අනුමත කොලා.

පත්තර වල බැනර් හෙඩ්ලයින් වැටුනා, බත්බැලයෝ, කක්කුට්ටෝ, ඔඩොක්කු කුක්කෝ සාදුකාර දිදි හුරේ දදා කරදියවර බලන්න දිව්වා.

හැබැයි බලාගෙන යනකොට වැඩේ ඩිංගක් හුටස් වගේ. ජෙනරාල්ගේ නීතිඥයෝ හිටියේ නැත්තේ අධිකරණ නිවාඩුකාලය නිසා. අධිකරණ නිවාඩුකාලය තිරණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒ මූලික මිනිස් අයිතුවාසිකමක් වන සේවා ස්ථානවලින් නිවාඩු ලබාගෙන සිය දරුපවුල් සමග විවේකයෙන් ගතකිරීමට අන් සියලු වෘත්තිකයින්ට වගේම නීතිඥයින් හා විනිසුරුවරුන්ටත් තියෙන අයිතිය.

දැන් බලාගෙන ගියාම විත්තියේ නීතිඥයෝ නැති යුද්ධාධිකරණයක, අධිකරණ නිවාඩු දින වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුකොට ප්‍රසිද්දියට පත්කල දවස් 5ක් එක දිගට නන්-ස්ටොප් විභාග කරලා තමයි තීන්දුව දීලා තියෙන්නේ.

එකත් එකටම, රාජ මන්දිරයේ ඉන්න දෙගාත් බූරුවෙක් උපදෙස් දෙන්න ඇති, "අරුන් නිවාඩු ගිහිල්ලා ඉන්නකොට වැඩේ දීලා දාමු.."   කියලා. වැඩිය මොලයක් නැති අය වැඩි නිසාත්, මොලේ ඇති එවුන් කියන ඒවා වැඩිය අහන්නේ නැති නිසාත්, යුද්ධාධිකරණය තනිකරම රජවාසලේ උපදෙස් පරදි යන "ප්‍රදර්ශණ නඩුවිචාරයක්" නිසා උපදෙසේ විධියට නූලට වැඩේ කෙරුණා.

හැබැයි ඔය මොළ-කුඩා උපදේශකලාට අමතක වෙලා තියෙනවා "අරුන් නිවාඩු ගියේ (අරුන්=ෆොන්සේකාගේ නීතිඥයෝ)" ශ්‍රේෂ්ඨාධිකරණය නිවාඩු දීපු, රටේ කිසිම අධිකරණයක් ක්‍රියාත්මක නොවන දවස්වල කියලා. අධිකරණ නිවාඩුකාලේ නඩුව අහන්න එපා කියලා ෆොන්සේකාගේ නීතිඥයෝ නීති‍යානුකූල ඉල්ලීමකුත් කරලා තිබුණ වෙලාවේ.

දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට/අභියාචනාධිකරණයට පෙත්සමක් දැම්මොත් ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුලුවන්ද ෆොන්සේකාගේ නීතිඥයෝ නිවාඩු ගිය එක වැරදියි කියලා?


එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය/අභියාචනාධිකරණය නීතිඥයින්ගේ මූලික අයිතිවාසිකමක් කඩවෙන එක අනුමතකිරීමක් වෙනවා නේද?


එතකොට ඕනෑම හමුදා නිළධාරියෙක් යුද්ධාධිකරණයක් ඉදිරිය පමුණවලා, අධිකරණ නිවාඩු දිනවලදී, විත්තියේ නීතිඥයින් නැතිව නඩු අහලා ඕනෙම දඬුවමක් දෙන්න පුලුවන් වෙනවා නේද? එතකොට ශේෂ්ඨාධිකරන/අභියාචනාධිකරණ මොකටද? නිවාඩු කාලේ ඕනෑම එකෙකුට ඕනෑම දාඬුවමක් දුන්න හැකිනේ.

එකයි මම කියන්නේ මේ කරදිවරක් අස්සේ, කළබලේට, කරුණු කාරණා හොයන්නේ නැතුව, පුද්ගලික වෛරය පිරිමහගන්න ඔය හොර-යුද්ධාධිකරණයෙන් දීපු නීතිවිරෝධී තීන්දුව අනුමත කරපු එක රජතුමා කළබලේට වැට පනින්න ගිහිල්ලා සරම වැටේ පැටලිලා තියෙද්දී රජතුමා විතරක් අනෙක් පැත්තට පැන්නා කියලා.

එතුමා කරදියවර මංගල්ලෙට ගිහිල්ලා තියෙන්නෙත් යුද්ධාධිකරණ සරම වැටේ තියෙද්දිද කොහෙද.........

7 comments:

Anonymous said...

දෙන්න දෙන්න! ෆොන්සේකට නැවිල දෙන්න. රටට කෙල වුණත් කැවිලම දෙන්න.

රංචාගොඩ මුදියන්සේ said...

ඔබතුමා කේ.පීට නැමෙන්නේ දහස් ගණන් හමුදා සෙබලු, අහිංසක මිනිස්සු මැරන්න ආයුද/සල්ලි එකතු කරලා දීලා එතුමා රට ලොකු සේවයක් කරපු නිසා නේද?

ඇනෝ, නැමෙනවනම් වැඩක් කරපු මිනිහෙකුට නැවෙන්න, අපි ෆොන්සේකා වෙනුවෙන් පෙනී හිටින්නේ ඒකයි. කේ.පී ලට, කරුණලාට, පිල්ලියාන්ලට නැමෙනකොට අප්පිරියාවක් ඇත්තේම නැද්ද?

Anonymous said...

කේ.පී., කරුණා ගැන කතා කලේ කවුද? ඒ නම් මෙතෙන්ට අරන් එන්නේ පොන්නසේකා කළ පාදඩ කමේ සැර අඩු කරන්නද? අරුන් ට නැමෙන්න හොඳ නම් මූට නැමුණම මොකද කියලනෙ අහන්නේ?

ඇටමැස්සා said...

@ ඈනෝ:
සාමාන්‍යයෙන් මං කුණුහරුප ලියන්නෙ නෑ. කියනවා විතරයි. නැතිනම් කණ්ඩුලට බ්ලොග් එක වහන්න තරම් කුණුහරුප මතක් උනා උඹට කියන්න.

නැමෙන කථාව පැත්තකින් තියපන්කො මීමො. යකෝ රටේ ඉන්න ලොකුම අපරාධකාරය ජෙනරාල්ද එතකොට?
ඌරො තේරුම් ගනින් තෝ ලොවන මහ රජා සහ උගෙ සනුහරේ කරන්නෙ ඒ මනුස්සයව පෙන්නල රටේ රීරි මාංශෙ උරා බොන එකයි.

සමහරවිට උඹට කේ.පී. ගෙන් ගත්ත සල්ලිවලින් පඩි ලැබෙනව ඇති.

මොනව උනත් නිදියන්න යද්දි පරෙස්සමෙන් නිදාගනින්. උඹල වගේ උන්ට අම්මවයි ගෑණිවයි මාරුවෙන්නත් එච්චර වෙලාවක් යන්නෙ නෑ.

http://skydreams2010.blogspot.com/2010/08/blog-post.html

Anonymous said...

නොදන්නා දෙයක් ගැන කියන්නයි මේ හදන්නේ. පාසල් වල වාගේ අධිකරණ වලත් නිවාඩු කාල ඇත. නමුත් ඒ කාලය තුළ සාමාන්‍යයෙන් නඩු විමසන්නේ නැති අතර අනෙකුත් වැඩ කටයුතු සාමාන්‍ය ලෙස සිදුවේ. නිවාඩු කාලය තුළ නඩු ඇසිය නොහැක කියා නීතියක් නොමැත. විනිසුරුතුමාට අවැසි නම් ඒ කාලය තුළ නඩු විමසිය යුතු අතර ඊට සහභාගි වීම නීතීඥයන්ගේ සම්ප්‍රදායයි.

පළගැටියා

Anonymous said...

@ ඇට මැස්සා - ඇට එලියෙ දාගෙන පොන්සේකට කඩේ යන ඉව පේනව.

"නැමෙන කථාව පැත්තකින් තියපන්කො මීමො. යකෝ රටේ ඉන්න ලොකුම අපරාධකාරය ජෙනරාල්ද එතකොට?"

හරිම ස්වීට් කතාව. ලොකුම මිනී මරුව අල්ලනකම් අනික් එවුන් අල්ලන්නැතුව ඉන්න වෙන්න ඇති කියන්නෙ. මොළේ කොහෙද? ඒක ෆොනී ගෙ බල්ල කෑවද? පොන්නසේක ගැන කතා කල ගමන් KP ගැන කතා කරන්නෙ දෙන්නම කාළකන්නි කියල තේරෙන හින්දද මන්ද.

Anonymous said...

සුනකයො. ෆොන්සෙක ගෑන කියනකොට කෙපි මතක්වෙනෙ කාලකන්නි කමට නෙවයි. රට බෙරගත්ත මිනිහ හිරෙදාල. අපෙ කොල්ලො මරන්ඩ ආයුඩ ගෙනාපු කාලකන්නියගෙ ප-ය තොගෙ මහ එකා උරන නිසා.