Friday, May 11, 2012

NSB ගණුදෙනුව පිලිබඳව වහාම පරීක්සණ පවත්වන්නයි ජනපති නියෝග කරයි (හෙට අනිද්දා වෙනකොට වරද කරුවන් හට තරාතිරම නොබලා දඬුවම් දෙන බවද එතුමා කියනු ඇත)


NSB ගණුදෙනුව පිලිබඳව වහාම පරීක්සණ පවත්වන්නයි ජනපති නියෝග කරයි. දැන් ඉතින් මේ තක්කඩි රැළට බඩුම තමාය. ජනපතිතුමා නියෝග කරා කියන්නේ ඉවරෙටම ඉවරයි කියන එකය. එතුමා මීට කලින් ඔය වැනි  හොර වංචා දූසන ගැන හොයන්නට නහුතෙකුත් කාලක් කොමිසම් දමලා, ඒ හැම කොමිසම් වාර්තාවක්ම කියෝලා වැරදිකාරයින්ට දඬුවම් දුන්න ආකාරය අපි හොඳින්ම දන්නවාය.

ලංකාවේ හිරගෙවල් පුරෝලා ඉන්නේ ජනපති අණින් පත්වුනු කොමිසම් වලින් වරදකරුවන් වී තරාතිරම නොබලා දඬුවම් ලැබූ හොරු මිස කෙහෙල් කැන් හොරු නොවන බව අපි දනිමු.

ඒ නිසා මේ සටහන තබන්නේ ජනපති පත්කල ඇන්.ඇස්.බී ලොක්කෝ බොක්කෝ රැළම ජනපති අණින් පැවැත්වූ පරීක්සන වලින් වැරදිකරුවන් වී හිරේ යනවා බලන්නට පුලුවන් වන නිසා ඉතාමත්ම චිත්තප් ප්‍රීතියෙන් යුතුවය.

ඒ විතරක් නොවේය 

ජනපති අණින් සිදුවන මේ පරීක්ශණය නිසා අනිවාර්යයෙන්ම ජනපතිම කොටස් වෙළඳපොලේ ලොක්කා විදියට දාපු කයිවාරු තිලක් කරුණාරත්න පප්පාටද ගෙදර යන්නට වෙන්නේ මෙවැනි විශාල ගණුදෙනුවක් කිසිදු විපරමකින් තොරව සිදුවන්නට ඉඩදී පුටුව රත්කරමින් සිටි නිසාය. මිනිහා පත්වුනු දවසේ කයිවාරු ගැහුවේ කොටස් වෙලඳපොල සුද්ද කරන බවකි. හොඳටම සුද්දවෙලා ඇති නිසා දැන් මිනිහාව යැව්වානම් හරිය. 

කරුණු කාරනා ඒ ආදී වසයෙන් නිසා හුදීජන පහන් සංවේගය තකා ජනපති අණින් පරීක්ශණ සිදුවෙන ආකාරය ඉතා සැකෙවින් පහත දක්වා සිටිමු....

ජනපතිතුමා පරීකශණයකට අණදීම---->කොමිසම පත් කිරීම---->කොමිසමේ නිගමන වාර්තාවම වහාම දෙන්නැයි නියෝග කිරීම----->වැරදි කරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බවට සිංහ නාද කිරීම------> සියලු බලු නකුටු පුවත්පත්වල ජනපතිගේ කයිවාරුව පොල් ගෙඩි අකුරින් පලවීම (හෙවත් ජනපතිගේ අභීත නායකත්වය පිලිබඳ මාද්දිය ගෝසාව)----->කොමිසම මාස දෙකතුනක් කල් මැරීම-----> තමන්ගේ වාර්තාව යයි කියා ෆයිල් මිටියක් ජනපති අතට දීම (මෙයද සමහර අවස්ථාවලදී මාද්දිය සංදර්ශණයකට නිමිත්තක් වේ)-----> ජනපති කොමිසම් වාර්තාව අකුරක් නෑර (නො)කියවිම-----> වාර්තාව ජනපතිගේ හමස් පෙට්ටියට (සමාවෙන්න කැටයම් කොට රන් පත් ඉරු අල්ලා ඇති බුරුත පෙට්ටගමට) යැවීම -------> හොරු නිවී සැනසිල්ලේ හොරකම් කරමින් ජනපති සමග ඡායාරූප වලට පවා පෙනී සිටීම---->ජනපතිතුමා ඊලඟ පරීක්ශණයට අණදීම-------> 





1 comment:

Anonymous said...

විකල්ප පියවර කීපයකුත් තියෙනවා.
විපක්ෂය අධිකරණයට යාම ----> අධිකරණය වරදකරුවන්ට දඬුවම් දීම ----> තනතුරු වලින් නෙරපීම ---> ........සමාව යටතේ නිදහස ලැබීම -->සුපුරුදු දූෂණ වල දිගටම නියැලීම.