Monday, May 14, 2012

රජාගේ උණට පවු ගෙවන ශ්‍රී ලංකන් හා ශ්‍රී ලංකාව



ශ්‍රී ලංකන් ගුවන්සේවය එමිරේට්ස් කාරයින්ගෙන් ආපසු ලබාගන්නා විට ආණ්ඩුවේ පුස්සන් සියලු සිදුරු වලින් පෙරූ නරිවාදම් අපට මතකය. මේ සියලු සියලු නරිවාදම් මෙසේ සාරංශ ගතකල හැකිය
"....මෙතෙක් කල් විදේශිකයින්, අරාබිකාරයින්ට විකුණා දමා තිබූ මහානර්ඝ දේශීය සම්පතක් වන ජාතික ගුවන්සේවය යලිත් අපට ලබාදුන් මහින්ද රාජපක්ශ මහරජතුමාට ජයශ්‍රී!!!..."
ඇත්ත කතාවනම් මහරජාටත් හැත්ත බුරුත්තටත් ලෝකේ වටේ රෝන්දේ යන්නට, කලින් මුදල්ගෙවා ආසන වෙන්කරවා ගත් මගීන්ගේ නම් කපා, රජාගේ නඩයට අවශ්‍ය පලමු පංතියේ හා ව්‍යාපාරික පංතියේ ආසන ලබා නොදීමේ මහා පාපකර්මය නිසා එදා ශ්‍රී ලංකන් ගුවන්සේවය පරිපාලනය කල සුද්දාට ගෙදර යන්නට වුනු බව හා එමිරේට්ස් කාරයාට ගුවන්සේවය ආපසු දෙන්නට වූ බවයි. රජාට හා නඩයට ඉල්ලු ආසන ලැබුනානම් අදටත් ශ්‍රී ලංකන් ගුවන්සේවය ලාභ ලබන, එමිරේට්ස් මගින් පාලනය වන ආයතනයකි.


"Usually Late" යන විරුදාවලිය ලබාසිටි, පටන්ගත් දින සිටම; ප්‍රමාදය, අලාභය, පාරිභෝගිකයින්ට දක්වන අගෞරවය/නොසැලකිල්ල හා ඇති ලස්සනක් නැතත් ආඩම්බරකාර පඩ ෂෝ ගුවන් සේවිකාවන් ගැන ප්‍රසිද්ධියක් ඉසිලූ එයාර්-ලංකා නොහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව කලටවේලාවට පිටත්වෙන, පාරිභෝගිකයින් හට සලකන, වෘත්තීමය කළමණාකාරිත්වයක් මගින් පාලනය වන ආයතනයක් බවට පත් කලේ එමිරේට්ස් සමාගමයි.

එමිරේට්ස් සමාගමට විරුද්ධව විවිධ චෝදනා තිබුණි. ශ්‍රී ලංක ගුවන්සේවයේ සම්පත් විකුණාදමමින් ලාභ පෙන්වන බව එක් චෝදනාවකි.එහෙත් එමිරේට්ස් සමාගම මිලදීගන්නට පෙර ශ්‍රී ලන්කන් සමාගම (එවක එයාර් ලන්කා) පාලනය වූයේ රජයේ (සෑම රජයක් යටතේම) හෙන්චයියන් රැළක් මගින් මිස ගුවන් සේවාවක් කළමණාකරණය කිරීම ගැන වෘත්තීමය දැනුමක්, පුහුණුවක් ඇති අයවලුන් මගින් නොවේ. එවැනි වෘත්තීමය කළමණාකරුවන් ගුවන් සේවය තුල නොසිටියා නොවේ, එහෙත් පාලනය තිබුණේ ඔවුන් අත නොව පුස්සන් අතය.
ව්‍යාපාර කළමණාකරණයේ එක් මූලික සිද්ධාන්තයක් නම් ආයතනය සතු සෑම සම්පතකින්ම උපරිම ආදායමක් ලබා ගැනීමට කලයුතු උත්සාහයයි (maximize return on assets). මෙය කළමණාකාරිතවය සතුවන, මග නොහැරිය හැකි බරපතල වගකීමකි. ආයතනය සිය සම්පත් ලබාගෙන ඇත්තේ කොටස් හිමියන් (කොටස් හිමියන් පෞද්ගලික පුරවැසියන්ද, රජයද යන්න වැදගත් නැත) ලබාදී ඇති ප්‍රාග්ධනයෙනි. මෙම ප්‍රාග්ධනය භාවිතාකොට මිළදීගත් සම්පත් මගින් කොටස් හිමියන් වෙත උපරිම ලාභයක් ලබාදීම කළමණාකාරිත්වයේ වගකීමයි.
 ආයතනය සතු යම් සම්පතකින් කෙටිකාලීනව හෝ දිගුකාලීනව ආයතනයේ ලාභයට අඩු දායකත්වයක් ලබාදෙන්නේනම් හෝ අලාභයක් ලබාදෙන්නේ නම් එම සම්පත් විකුණාදමා එයින් ලැබෙන මුදල් වෙනත් වඩා ලාභදායි කටයුත්තක ආයෝජනය කිරීමේ අයිතිය කළමණාකාරිත්වය සතුවෙයි. මෙහිදී ආයතනයේ කොටස් හිමියන්හට (එනම් රජය හෝ පුද්ගලික ආයෝජකයින් හට) එම කටයුත්තට විරුද්ධ විය නොහැක. අවශ්‍යනම් කොටස් හිමියන් නියෝජනය කරන අධ්‍යක්ශකවරුන්හට අධ්‍යක්ශක මණ්ඩල රැස්වීමේදී ඒ පිලිබඳව ප්‍රශ්ණකල හැකි අතර සාමාන්‍ය කොටස් හිමියන්හට වාර්ශික මහා රැස්වීමේදී (annual general meeting) ඒ පිලිබඳව ප්‍රශ්ණකොට පැහැදිලිකිරීම ලබාගැනීමේ අයිතිය ඇත.
දැන් සිදුවී ඇත්තේ කුමක්ද?

එමිරේට්ස් කාරයා ලාභ පෙන්නුවේ කෑලි විකුණමින්, අපිට මේක මීට වඩා හොඳට ලාභ පෙන්න පුලුවන් යනුවෙන් කයිවාරු ගැසූ රජපසවාදී ගුවන් සමාගම් කළමණාකාර "විශේෂඥයින්" අද කියන්නේ කුමක්ද?
ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම ලබන ආදායමෙන් 70%ක පමණ ප‍්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කරන්නට සිදුවීමෙන් බරපතල ආර්ථික ගැටළු උද්ගත වී ඇත
 ආදායමෙන් ඉතිරිවන 30%ක මුදලෙන් සෙසු වියදම් පියවා ගැනීමට අසීරු බව ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධානීන් රජයට වාර්තා කර ඇත.
විශේෂයෙන්ම යුරෝපයට යන ගුවන් ගමන්වලින් සමාගම විශාල ලෙස පාඩු ලබන බවත් ඇතැම් යුරෝපා ගමනානන්තයන් සඳහා වැයවන මුදලින් හරි අඩත්වත් නොලැබෙන බව
රජාගේ හීනමානය හා රජාගේ ගෝලයින්ගේ බකපන්ඩිත කයිවාරු නිසා ලාභ ලැබූ ආයතනයක් රටේ දුප්පත් මහජනයාට බරක්වී ඇත. දැන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගුවන් යානා ගුවනේ තබාගන්නටත් ගෙවන්නට සිදුවී ඇත්තේ මේ ජහමනයටය.

කරුමෙට උන්ටත් මේ ටික තවම තේරුම් ගොස් නැත.

No comments: