Friday, May 4, 2012

ගෑස් වලින් උයන්නේ, පිටි කිරි බොන්නේ, සිමෙන්ති ගෙවල් හදන්නේ දේශද්‍රෝහීන්ය.



ඈත අතීතයේ අපේ මුතුන්මිත්තෝ ගෑස් ඔලින් ඉව්වේ නැත, පිටි කිරි බිව්වේ නැත, සිමෙන්තියෙන් ගෙවල් හැදුවේ නැත. මේවා ඔක්කොම අධිරාජ්‍යවාදීන් අපිට බලෙන් පටවපු ඒවාය. ඊ නිවුස් මෝඩයින්ට මේවා තේරෙන්නේ නැත.

මහින්ද චින්තනයට අනුව කොළ අතු ඇඳගෙන, දර ලිපේ උයමින්, කහට උගුරක් බී මැට්ටෙන් ගෙවල් හදමු. එතකොට අපිට මීටත් වඩා ඉස්පීඩ් එකෙන් ආස්චර්යයට ගිය හැකිය.



5 comments:

කිංස්ලි විජේසූරිය said...

"කහට උගුරක්"? ඇයි මනුස්සයෝ, අපිට කහට බොන්න පුරුදු කළෙත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් බව දන්නේ නැද්ද? සුද්දා එන්න කලින් අපි බිව්වේ බෙලිඅත්ත, තංගල්ල පැත්තේ වැවෙන රණවරා මල් තම්බපු වතුර නොවැ....

කතන්දර Kathandara said...

ඔය ෆොටෝ එකේ ඉන්නේ මට හිතෙන හැටියට නම් ආහාර වෙනුවට මත්ද්‍රව්‍ය බොන ඇඩික්ට් කෙනෙක් වගේ.

බොහෝවිට ඉන්දියාවේ හෝ පකිස්ථානයේ? හරිද?

රංචාගොඩ මුදියන්සේ said...

පකිස්තානය ගැන නොදන්නා නමුත් මුම්බායි නගරයේ දුප්පත් මුඩුක්කුවල මෙවැනි කැහැටු මිනිසුන් දැක ගත හැකිය.

එහෙත් මෙවැනි මිනිසුන් සොයාගෙන මුම්බායි යායුතු නැත.

පිටකොටුවේ ගෑස්පහ හන්දිය, පලවැනි, දෙවැනි, තුන්වැනි,හතරවැනි හරස්වීදිවල විනාඩි 10ක් ඇවිදීමෙන් මෙවැනි කැහැටු මිනිසුන් සිය ගණනක් දැක ගත හැකිය.

Sabith said...

කිරිපිටි ඒ හැටි ගානකින් වැඩි වෙලා නෑ! බුලත් විට 10ක ගානකින් වැඩි වෙලා තියෙන්නේ!! පාන් වැඩි උනෙත් විට දෙකක් ගන්න ගානින්නේ!
෴විමල් වීරවංශ෴

කිංස්ලි විජේසූරිය said...

මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!

ගෑස් යනු "නිත්‍ය" දෙයක් නොවේ....වායු වල නිත්‍ය ස්වරූපයක් නැති නිසා එය "අනිත්‍ය" වේ.. අනිත්‍යය මෙනෙහි කිරීමට ගෑස් මිළ ඉහල දමා ඇත...

සියළු දුක් ඇති වන්නේ උපදින නිසාය.. ඒ නිසා ඉපදී වැඩි කළක් නැති පොඩි උන් බොන කිරි පිටි "දුක්ඛ" වේ...එය මෙනෙහි කිරීමට කිරි පිටි මිළ ඉහළ දමා ඇත.

ආත්මය යනුවෙන් ස්ථාවරව තැනූ දෙයක් නැති බැවින්, "අනාත්ම" බව පෙන්වීමට, ස්ථාවර නිර්මාණයකට අවශ්‍ය සිමෙන්තිවල මිළ ඉහල දමා ඇත...

ජනයිනි, කලබල නොවන්න... මේ රජය ඔබට දී ඇත්තේ බුද්ධිමතුන්ට පමණක් තේරුම් ගත හැකි වෙසක් පණිවිඩයකි.. !!.. මේ මොහොතේ ක්‍රෝධය සහ වෛර ගිනි පසෙක ලා එම පණිවිඩය තේරුම් ගෙන සැනසෙන්න... !!

ඔබට තෙරුවන් සරණ යි!