හැමදෑම පොලිටික්ස් කතාකරලා ඇතිවෙලා. ගිය සතිඅන්ත දෙකේ මම ගියා කළා උළෙලක් බලන්න. ඒකෙ විස්තර ටිකක් ලංකාවේ යාළුවන් වෙත ගෙන ඒමයි මේ උත්සාහය.
කාළ ඝෝදා වීදි කලා උළෙල මෙවරත් මුම්බායි නගරයේ දකුණු මුම්බායි ප්‍රදේශයේදී පැවැත්වුනා. සෑම වසරකම පෙබරවාරි මාසරයේ පැවැත්වෙන මෙම උත්සවය මෙවර පෙබරවාරි 04වැනිදා සිට පෙබරවාරි 12වැනිදා දක්වා පැවැත්වුනා.
මුලින්ම මේ උත්සවයට "කාළ ඝෝදා" උළෙල කියන්නේ ඇයිදැයි දැනගමු. කාළ යනු හින්දි භාශාවෙන් (පිරිසිදු සිංහල භාශාවේ මෙන්ම ) කළු පැහැය. ඝෝදා යනු අශ්වයාටයි. උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ නම කාළ ගෝධා හෙවත් කලු අශ්වයා ලෙස නම් කොට ඇති නිසා මෙම උළෙලත් කාළ ගෝධා වීදි කළා උළෙල ලෙස හඳුන්වනවා.
ප්‍රදේශයට මේ නම ලැබුනේ කොහොමද කියනවානම් බෝහෝ කලකට පෙර යටත් විජිත යුගයේදී අටවැනි එඩ්වර්ඩ් රජු කළු අශවයෙක් අරා සිටින විශාල ප්‍රතිමාවක් මේ ප්‍රදේශයේ තිබී ඇති බව පැවසෙනවා.
ඉන්දියාවේ විශාලතම පුවත්පත් සමාගම වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් සමාගම විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන කාළ ඝෝදා වීදි කළා උත්සවය මුම්බායි හී පැවැත්වෙන ප්‍රධානතම කළා උළෙල වනවා. කාළ ඝෝදා උත්සවයේ විශේෂත්වයක් වන්නේ එය බොහෝ සෙයින්ම ඉන්දියාවේ, විශේෂයෙන්ම මුම්බායිහි තරුණ කලාකරුවන්/කාරියන් විසින් සංවිධානය කරන මෙන්ම නිර්මාණ ඉදිරිපත් කරන උත්සවයක් වීමයි.
මමත් මාගේ මිතුරන් දෙදෙනෙකු සමග උත්සවය ඇරඹුනු 4වැනිදාත් 11වැනිදාත් මෙහි සංචාරය කලා. එම සංචාරයේදී මාගේ කැමරා කාචයේ සටහන් කරගන්නට පුලුවන්වුනු කාළ ඝෝදා කලා කෘති කිහිපයක් මාගේ ශ්‍රී ලාංකික මිතුරන් වෙත ඉදිරිපත් කිරීම මගේ බලාපොරොත්තුවයි.
මෙවර කළා උළලේ තේමා වන්නේ "ප්‍රතිචක්‍රීය කරණය, නාස්තිය අවම කිරීම, ඉවතදමන දෑයින් ප්‍රයෝජන ගැනීම" යනාදියයි. මෙහි ඇති බොහෝ කලාකෘති ඉවතදමන ද්‍රව්‍යවලින් නිර්මාණය කල දෑ වනවා.
කාළ ඝෝදා උත්සව භූමියේ පිවිසුම් දොරටුව
2] මුම්බායි කපුටන්ට මුම්බායි කළාකරුවන්ගෙන් උපහාර
3] කහපාට "Think Blue" කාරය. මෙය තනිකරම ඉවත දමන් දෑවලින් නිර්මාණය කොට ඇත
4] ප්ලාස්ටික් බෝතල් වංකගිරිය - ඉවතදමන ප්ලාස්ටික් වතුරබෝතල් වලින් නිමකොට ඇත. ප්ලාස්ටික් භාවිතය නිසා මිනිස් සංහතිය ප්ලාස්ටික් වංකගිරියක අතරමන් වී ඇති බව කලා කරුවා අපට තේරුම් කරන්නට උත්සහ කරනවා.
7] රාජස්තානී නැට්ටිච්චී
8] අරලිය ගහේ එල්ලෙන ප්ලාස්ටික් මල් - ඉවතලන බෝතල් නිර්මාණයක්
13] කුඩ බෝලය
15] නූතන තාරුණ්‍යය
ඒ අතට.... මේ අතට..... අඟර දඟර "මුම්බායි" සරුංගෝල්...
මේ වගේ සුන්දර මුම්බායි සරුංගෝල් ගොඩක් කළා ඝෝදාවලදී මගේ කැමරාවේ සටහන් වුනා. ලඟදී පෝස්ට් එකකින් ඒ අයව පෙන්වන්නම්.....

උත්සව භූමියට පිවිසෙන්නට කලින් ඊට ඉදිරියෙන් ඇති ප්‍රදේශයේ සකසා තිබුණු විශාල ප්‍රමාණයේ කළා කෘති කිහිපයක් දැක ගනිමු.
1] වතුර වීදුරු පිරමීඩය
2] මුම්බායි කපුටන්ට මුම්බායි කළාකරුවන්ගෙන් උපහාර
මෙහි පහතින් ඇති කුඩා කපුටු රූපවල කපුටන් ස්වභාවික පරිසරයේදී පෙන්වන බොහෝ හැසිරීම් රටාවන් නිවැරදිව අඹා තිබෙනවා.
3] කහපාට "Think Blue" කාරය. මෙය තනිකරම ඉවත දමන් දෑවලින් නිර්මාණය කොට ඇත
4] ප්ලාස්ටික් බෝතල් වංකගිරිය - ඉවතදමන ප්ලාස්ටික් වතුරබෝතල් වලින් නිමකොට ඇත. ප්ලාස්ටික් භාවිතය නිසා මිනිස් සංහතිය ප්ලාස්ටික් වංකගිරියක අතරමන් වී ඇති බව කලා කරුවා අපට තේරුම් කරන්නට උත්සහ කරනවා.
4] කණ්නාඩි කාර් එක - පරණ ඇම්බසඩර් කාරයක් කණ්නාඩිවලින් ඔපවත්වී . මෙය ගිය වසරේ කාළ ඝෝදා උත්සවයේත් දැකගන්නට ලැබුනු නිර්මාණයක්.
5] මරණයේ කැදැළ්ල
6] ශබ්ද දූශණය
7] රාජස්තානී නැට්ටිච්චී
ප්‍රදර්ශණ භූමියේ ඇතුලත.....
9] කළු අශ්වයා - සෑම වසරකම යම් කිසි ඉවතලන ද්‍රව්‍යයකින් නිමාණය වෙන කළු අශ්වයෙකු මේ කළා උළලේ අනිවාර්ය අංගයක්. ගිය වසරේ අශ්වයා නිර්මාණය කොට තිබුනේ ඉවතලන යකඩ හා බයිසිකල් දම්වැල් වලින්. මෙවර එය ඉවතලන රබර් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් නිමැවී තිබෙනවා.
~ // ~
10] බුද්ධ ශ්‍රී භගවාන් - තරුණ ඉන්දියානු ශිල්පියෙකු නිර්මාණය කල ගෞතම බුදුන්වහන්සේ. මෙය ඉවතලන කාඩ්බෝඩ් packing carton දියකර සාදාගත් පල්පයකින් නිර්මාණය කොට ඇත.
සටහන : ඉන්දියානු හින්දූන් ගෞතම බුදුන්වහන්සේට විරුද්ධ බව හා බුදුදහමට වෛරකරන බව බහුතර ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ මතයයි (මා දන්නා පරිදි). එහෙත් එය සත්‍යයෙන් (වර්තමානයේ) තොරබව මට පැවසිය හැකියි. ඔවුන් බුදුන් වහන්සේ හදුන්වන්නේ "බුද්ධ ශ්‍රී භගවාන්" යන නමින්. භගවාන් යනු ගෞරවනීය දෙවියන් යන තේරුම දෙයි. හින්දු ආගම විවිධ නිකායන් දහස් ගණනක් ඇති ඇතර විවිධ දෙවිවරුන් අදහයි (ශිව දෙවි, ගණපති, හනුමාන්, දුර්ගා-කාළි දෙවඟන මෙයින් ප්‍රචලිතයි). ඔය විවිධ ඇදහිලි අතරින් ජෛන හින්දූන් (Jain) බුදුන්වහන්සේ ඔවුන්ගේ පිදිය යුතු උතුමන් ගෙන් කෙනෙකු ලෙස වැඳීම් පිදීම් කරයි. එපමණක් නොව මුම්බායි නගරයේ බොහෝ කෝවිල්වල බෝධි වෘක්ශය දකින්නට ලැබෙන අතර ඔවුන් එය අසල සිය දේව රූප තබා වැඳීම් පිදීම් කරයි.
බුදුන්වහන්සේගේ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය ඉන්දියාවේ හඳුන්වන්නේ "බුද්ධ පූර්ණිමා" යන නමින් වන අතර වෙසක් පුන් පොහෝදිනය ඉන්දියානු මධ්‍යම රජය මගින් ගැසට් කරන ලද නිවාඩු දිනයකි.
11] අතීතයේ මඩවගුරක්වූ ප්‍රදේශයක් සංවර්ධනය කොට මුම්බායි නගරය ගොඩනැගූ කම්කරුවන් හට උපහාරය. වීල් බැරෝව සිටුවා තිබෙන වීදුරුවේ ඇඳ ඇත්තේ මුම්බායි නගරයේ දල සිතියමයි
12] ජීවත්වීම යනු අනුන්ට උදව් උපකාර කිරිමයි
13] කුඩ බෝලය
14] කුණු මාළු - මේ මාළුන් පුරවා තිබෙන්නේ අපද්‍රව්‍ය වලිනි. කළාකරුවාගේ පණිවුඩය වන්නේ අපද්‍රව්‍ය සාගරයට විසිකිරීම නිසා ඇතිවන හානියයි.
16] සමුද්දීපනය (Radiance)
17] වෑයම (Endeavor) - විස්තර පුවරුවට අනුව මෙම රුව නෙලා ඇත්තේ තනි ලී කොටයකිනි
කාළ ඝෝදා කළා උළෙලෙහි මා වඩාත්ම ප්‍රිය කල නිර්මාණය - Under The Table (මේසය යටින් ).
ඉන්දියානු රජයේ නිළධාරීන්ගේ දූෂණ හා අල්ලස් ගැනීම පිලිබිඹු කෙරෙන නිර්මාණය - ඡායාරූප හා විස්තර පුවරුව දක්වා ඇති බැවින් ඉන්දීය රජයේ සේවයේ යථාර්තය හා කළාකරුවාගේ පණිවුඩය ඔබටම තේරුම්ගත හැකිය.
මේ නිර්මාණය මම දකිනා ආකාරයට කළා උළලට ඉදිරිපත් කොට තිබුණු විශිෂ්ඨතම නිර්මාණයයි.
19] ශබ්ද දූශණය
20] සැනසිල්ල (Peace)
21] ගිලීයාම (Submerged)
22] මන්දපෝශණයට එරෙහි සටන
ඉන්දියාගේ
මන්දපෝශණයට එරෙහි සටනේ ක්‍රියාකාරිකයෙක් දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදයි.
ලංකාවේ නම් මේ විධියට ලංකාවේ මන්දපෝශණය ගැන කතා කෙරුවානම් ඒ කළාකරයා ආණ්ඩු විරෝධී, NGO ඩොලර් කාක්කෙක් හා කොටි හිතවතෙක්. මොකද අපේ ආණ්ඩුවේ විධියට ලංකාවේ මන්දපෝශණය තියෙන්න විධියක් නෑ.. (සමාවෙන්න පොලිටික්ස් ඇදගත්තට - කිව යුතුයයි සිතුනා )
~~~~ \\\\\ ~~~~
කාළ ඝෝදා කළා උළෙලෙහි එළිමහන් රංග වේදිකාව. සෑම සවසකම 5 සිට රාත්‍රී 10 පමණ වනතෙක් ඉන්දියාවේ සිවු දිගින් පැමිණෙන කළාකරුවන් නාට්‍ය, ගීත, පාරම්පරික නැටුම් වැනි අභිවාහ්‍ය කලා (performing arts) නිර්මාණ ඉදිරිපත් කරනවා. මෙවැනි සංදර්ශණ ප්‍රදර්ශණය පැවති දින නවය පුරාවටම සෑම දිනකම පැවැත්වුනා.
දිනපතා රඟ දැක්වෙන ප්‍රසංග දැක්වෙන විස්තර පුවරුව
ප්‍රේක්ශකාගාරය
කළා උළෙල නැරඹීමට පැමිණ සිටි ජන ගඟෙන් කොටසක්
== // ==
23] Safe Sex
ලංකාවේ මේවගේ නිර්මාණයක් කරලා මහජන ප්‍රදර්ශණයට තැබුවොත්......?
මට නිකමට හිතෙනවා......මොකෙක් හරි අමනයෙක්; අසභ්‍යයි, අපේ නිර්මළ සංස්කෘතියට විරුද්ධය්, පොඩි දරුවන්ට පෙන්නන්න බෑ- පොඩි ළමයි ප්‍රශ්ණ ඇහුවා අපිට හරියට ලැජ්ජා හිතුනා.... හාමුදුරුවරුත් වැඩලා හිටියා එතුමන්ලාටත් හරි ලැජ්ජයි.....වහ වහා ඈතට වැඩියා... වගේ කතා කියලා පැමිණිල්ලක් දාලා, පත්තරෙත් දාලා ඔය කළාකෘතිය පොලිසියෙන් උස්සගෙන යයි .....
[ කළාකාරයාට නඩු නොවැටී , ගුටි නොකා, හිරේ නොවැටී, ගේ ගිණි නොගෙන, දෙමව්පියන් බැනුම් නාහා බේරුනොත් ඇති...]
මම වැරදිද?
කාළ ඝෝදා කලා සල්පිල
මුම්බායි හි දේශීය කෑම බීම....
උක්දඬු යුශ - ලොකු කෝප්පයක් ඉන්දියන් රුප්යල් 10යි. පොත්ත සූරපු උක්දඬු ඔය පේන මැශිමට දාලා අඹරලා එන යුශ පෙරලා කෙලින්ම වීදුරුව පුරවයි. ජලය මිශ්‍රකොට තනුක කිරීමක් නැත. අයිස් කැට හා දෙහි බිංදුවක් දමා දෙයි. දාහය ඇති විට අමෘත පානයකි. මුම්බායි නගරයේ සෑම ප්‍රධාන වීදියකමේ මේ උක්යුශ වෙළෙන්දන් දැක ගත හැකිය.
පානී පූරි හා සෙව් පූරි - Mumbai's most popular local "short eats"
කුරුම්බා - තැඹිලි නම් දකින්නවත් නෑ
දකුණු මුම්බායිවල පරණ ටැක්සි - මම Kala Ghoda ආවෙත් මේවගේ එකක, ඉස්සර නම් නගින්නත් බයයි, කඩාගෙන වැටෙයි කියලා හිතෙනවා. දැන් බය නෑ. පරණ වුනාට නියමයි, ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. ඩ්‍රයිවර්ලා ගොඩක් වෙලාවට ටැෆික් වලදී එන්ජිම නිවාගෙන ඉන්නේ, ස්ටාර්ට් වීම ඒ තරම් ශුවර්...
දකුණු මුම්බායිවල ත්‍රී වීලර් (මෙහෙ භාශාවෙන් "රික්ශෝ" ) තහනම් වාහන තදබදය අඩුකර ගැනීමේ පියවරක් විධියට. ඒනිසා මේ වගේ ඇම්බැසඩර්, පද්මිණී වගේ හැට පැනපු ටැක්සි තමයි පාරවල් රජකරන්නේ.
ඒ අතට.... මේ අතට..... අඟර දඟර "මුම්බායි" සරුංගෝල්...
මේ වගේ සුන්දර මුම්බායි සරුංගෝල් ගොඩක් කළා ඝෝදාවලදී මගේ කැමරාවේ සටහන් වුනා. ලඟදී පෝස්ට් එකකින් ඒ අයව පෙන්වන්නම්.....
3 comments:
බොහොම ස්තුතියි බෙදාගැනීම පිලිබඳ ,
මන්ද පෝෂනය - ඉන්දියාවට තරම් දරුණු ප්‍රශ්නයක් වුනේ නැ ලංකාවට කවදාවත්, ඒත් අපේ කට්ටිය ඒකත් කරයි වගේ
කලාකරුවන් - ගයාන් සින්දුවට වෙච්ච සන්තැසිය දන්නවා ඇතිනේ
නියම ප්‍රදර්ශනයක්නේ.. ලංකාවෙ කලා පොලත් ටිකක් මේ වගේ වෙන්න ඇති (ගිහින් නෑනෙ)
අනිත් පෝස්ට් එකත් ඉක්මනට දාන්න!
මේවගේ කළා උළෙලවල් ලංකාවෙත් සංවිදානය කරන්න පුලුවන් නම් කොයිතරම් හොඳද?
@ Kandula
කෙල්ල නම් ලස්සනයි. ගොඩක් ඉන්දියන් කෙල්ලෝ මේවගේ ලස්සනද? එහෙම තමයි අහල තියෙන්නේ. කෙල්ලෝ පෝස්ට් එකත් ඉක්මණට දාමු නේද? :)
Post a Comment