There was an error in this gadget

Wednesday, February 15, 2012

රුපියල වාර්තාගත අන්දමට පහල වැටෙයි!! තවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෙලිවෙයි!!

Rate this post 
ඊයේ 1 USD = SLR120 යි?


මෙසේ රුපියල කඩාවැටීමට හේතුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හෝ අපනයන වර්ධනයේ අඩුපාඩුවක් හෝ ආර්ථික කළමණාකරණයේ අඩුපාඩුවක් නොව තනිකරම අන්තර්ජාතික සුද්දන්ගේ කුමණ්ත්‍රණයකි.

ඩොලර් සංචිතය හිස්කරමින් බලෙන් රුපියල වැඩි අගයක තබාගැනීම, තනිකරම ඉරානයෙන් පමණක් තෙල් මිලට ගැනීම, රටේ සමස්ත ජනතාවම විවිධ බදුවලට යටකරමින් හූරා කමින් ලබාගන්නා ජාතික ආදායම දැයට කිරුළ, කොළඹ කාර් රේස්, ගල ඇති වරාය වැනි, වැඩනොකරන නොරොච්චෝලෙ බලාගාරය වැනි ඉතා පලදායක සංවර්ධන කටයුතුවලට යෙදවීම නිසා අපේ ආර්ථිකය ආසියාවේ ආස්චර්යය බවට පත්වෙමින් තිබුනේ ශබ්දයේ වේගයටත් වඩා වේගයෙනි

මෙය ඉවසිය නොහැකිවුනු ඇමරිකාව ප්‍රමුඛ පර සුද්දන් තිරය පිටුපස හිඳගෙන කරන ලද කුමණ්ත්‍රණයක් නිසා රුපියල මෙසේ කඩා වැටී පැට්‍රොල්, ඩීසල් හා භූමිතෙල් අහස උසට නග්ගවන්නට සිදුවුනු බව දුක්මුසුව ප්‍රකාශ කොට සිටිමු.

මේ කුමණ්ත්‍රණ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පහත සඳහන් ප්‍රගතිශීලී පියවර කිහිපය ගන්නා ලෙස අපි රජයෙන් ඉතා ඕනැකමින් ඉල්ල සිටිමු..

1] කොළඹට, නුවරට, අනුරාධපුරයට හා බිංතැන්නට තව කාර් රේස් සංදර්ශන පැවැත්වීම. සංදර්ශණවලදී ලයිසන් නැතිව මත්පැන් විකිණීම, එම එලිපිට පේමන්ට් වල ගණිකාවෘත්තියට විවෘතව ඉඩදීම වැනි ජනහිතකාමී පියවර ගත යුතුය.

2] ගිණි පොලියට ලොකු ණය ගොඩක් ගෙන ඔලුවිල් වරාය, කන්කසන්තුරේ වරාය, මන්නාරම වරාය වැනි තවත් දැවැන්ත වරායවල් තුනක්වත් කඩිනමින් තනා ඒවායේ වතුර පිරවීම සඳහා එක වරායකට උත්සව දෙක බැගින් දැවැන්ත කානිවල් 6ක් වහා පැවැත්විය යුතු අතර එම වරායවල් "ඔලුවිල් මහින්ද රාජපක්ශ වරාය, කන්කසන්තුරේ මහින්ද රාජපක්ශ වරාය, මන්නාරම මහින්ද රාජපක්ශ වරාය" ලෙස නම්කල යුතුය.

3] EPF ETF වල සියලුම මුදල් කොටස්වෙලඳපොලේ  ආයෝජනයකොට පවුලට හිතවත් කිහිපදෙනෙකුට ලොකු ප්‍රොෆිට්ද ජනතාවට ලොකු ලොස් ද ලැබෙන ලෙස එම මුදල් පලදායක ලෙස ආයෝජනය කල යුතුය.

4] පුලුවන් තරම් බදු වැඩිකල යුතුය - බලු බද්ද, කක්කුස්සි බද්ද, කුස්සි බද්ද, ඇඟ බද්ද, ඉස්පිරිතාලෙන් නොමිනේ බේත් ගන්නා විට ගෙවිය යුතු බද්ද, නොමිලේ අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුගේම දෙමව්පියන් ගෙවිය යුතු ඉස්කෝල බද්ද වැනි බදු පටවා රජයේ ආදායම තරකරගත යුතුය.

5] සඳුදා බදාදා සිකුරාදා පිටරටින් ආනයනය කරන බඩු විකිණීම තහනම් කල යුතුය. (විදෙස් මුදල් ඉතිරිකරගැනීමේ ප්‍රගති ශීලී පියවර )

6] අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, ඉරිදා පෞද්ගලික වාහන ධාවනය තහනම් කිරීම. (ඉන්ධන ඉතිරිකරගැනීමේ ප්‍රගතිශීලී පියවර ) - මෙම තහනම ආණ්ඩුපක්ශයේ දේශපාලකයින්ට, මැරයින්ට, පාතාලයින්ට, ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරනා බිස්නස් කාරයින්ට අදාල නොවිය යුතුය.

තව ප්‍රගතිසීලී පියවර රැසක් යෝජනා කරන්නට පුලුවන. ගමේ ග්‍රාම නිළධරී කාර්යාලය, සමුර්ධි කාර්යාලය, ප්ලාතේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වැනි වැදගත් කාර්යාල සියල්ල ලඟම හමුදා කඳවුරට ගෙනයාමද ඉතා ප්‍රගතිශීලි පියවරකි.

රුපියල කානුවට වැටීම ගැන කබ්සිතුමාගේ පැහැදිලි කිරීම




කබ්සිතුමා කියන විධියට මේ විධියට රුපියල පහල වැටිලා තියෙන්නේ නිවැරදිකිරීමක් (market correction) හා වැඩිපුර ප්‍රතිචාර දැක්වීමක් (over-reaction) විදියට.

"ජනතාව වෙළඳ පොළ මූලධර්ම නිවැරදිව අවබෝධ කරගත් විට රුපියලේ අගය පෙර පැවති තත්ත්වයට නැවත නිවැරදි වේවි"

හැක් හැක් ජනතාව කඩෙන් පාන් ගන්නවා වගේ  මාකට් එකෙන් දිනපතා ඩොලර් ගන්නවනේ. ඒගොල්ලෝ මාකට් එක ගැන නොදන්නා නිසා වැඩියෙන් ඩොලර් ඉල්ලා තමයි මේ අප්සැට් එක..

ඕක හරියයි...

"උසස් පෙල ප්‍රතිපල වල කිසි වැරැද්දක් නෑ, ජනාධිපතිතුමා අපිට හොඳටම බැනපු නිසා අපි ප්‍රතිපල ඉක්මණට දීලා ඇරීයා කියපු අධ්‍යාපන ඇමති බානක් විලිලැජ්ජා නැතුව තවමත් ඇමති පුටුවල ඉන්නා රටක්නේ මේක..".

k


අනාවැකියක්...


k
"අපි ඩොලර් විකුණ විකුණ රුපියල අල්ලගෙන ඉඳලා ඩොලර් සංචිත නැත්තට නැතිවෙලා කියලා ජනාධිපතිතුමා අපට හොඳටම බැන්නා....ඒ නිසා අපි රුපියල අතෑරල දාලා ගෙදර ගිහින් නිදාගත්තා...."
k
- කබ්සිතුමා (මේ මාසේ අන්තිමට හෝ ලබන මාසේ මුල )





3 comments:

නරකයා....!! said...

පස්ට පොස්ට් එක...

Anonymous said...

නියමයි !

Ashen said...

fattaz