Saturday, February 18, 2012

අහෝ! මේ අපේ රණවිරු හමුදාවමද?

ලංකාවේ ජනතාව පක්ශ පාට බේධයකින්, ආගම් බේධයකින් තොරව යම් රාජ්‍ය යන්ත්‍රයකට සිය අවංක ගෞරවය පුද කලේනම් ඒ ත්‍රිවිධ හමුදාවට හා පොලීසිය තුලින් බිහිවුනු එකම ගෞරවනීය ආයතනය වූ විශේෂ කාර්‍ය බලකායටයි. 87-89 භීෂණ සමයේ යම් තාක් දුරට පලුදුවී තිබුනත් 1983 වර්ගවාදි යුද්ධය ඇරඹුණු සෙබලුන් 13දෙනාගේ මරණයත් සමගම රටේ සමස්ත ජනතාවම ආරක්ශක හමුදාවන් දෙස බැලුවේ තම ඉටු දෙවියන් ලෙසයි. ගමේගොඩේ නගයේ හැමතැනකම පන්සල්වල පල්ලිවල  රණවිරුවන් වෙනුවෙන් සෙත්පූජා, යාඥා පැවැත්වුනේ ඒ නිසායි. මේ නිසා ත්‍රිවිද හමුදාවත් විශේෂ කාර්‍ය බලකායත් සමස්ථ ජනතාවගේම මිතුරෙකු විශ්වාසවන්ත ආරක්ශකයෙකු විය. 

නන්දිකඩාල් කළපුවේදී මහකොටියා ඝාතනයකිරිමෙන් පසු මේ ගෞරවය හිනිපෙත්තටම නැගි අතර මේ අසීමිත ගෞරවය පාලකයින්හට යම් බියක් ගෙනදෙන්නට වූ බවත් සැබෑය. මහින්ද ෆොන්සේකා විරසකය මේ සැකය තුලින් බිහිවුනු අතර ඒ අනුව පාලකයින් විසින්ම ත්‍රිවිධ හමුදාව තුල ඇති ජනතා ගෞරවය බිඳ දැමීමේ සියුම් එහෙත් ස්ථිර වැඩ පිලිවෙලක් අරඹන ලදී.

ෆොන්සේකාගේ දූශණ චෝදනා ෆොන්සේකා විනාශ කිරීමට පමණක් නොවේ

බොහෝ දෙනා සිතාසිටින පරිදි රාජපක්ශ රජය ෆොන්සේකාට එරෙහි දූශණ චෝදනා වලට දැවැන්ත ප්‍රචාරයක් ලබාදී හමුදාවතුල සිටි ෆොන්සේකා විරෝධීන් ඉස්මතුකරමින් ක්‍රියාකලේ හුදෙක් ෆොන්සේකා නැතිකිරීමට පමණක් නොව හමුදාව තුලවුනු එක් අණකට ඇති අවනත භාවය (unity of command) විනාශ කොට එය දෙකට තුනට කැඩුනු කොඳුනාරටියක් නොමැති විනයක් නොමැති ආයතනයක් බවට පත්කිරීම සඳහාය.

මේ සඳහා හමුදාවතුල සිටින විනය පවත්වාගැනීමට හැකියාවක් නැති දුර්වලයින් නායකත්වයට පත්කොට ඒ අනුව හමුදාව බෝල්කනීකරණයට (balkanisation) බවට පත්කිරීමට පැහැදිලි ලෙසම ක්‍රියාත්මක වුනු බවට සාක්ශි එමට තිබේ. දැන් එය සාර්ථක වී ඇති අතර ත්‍රිවිධහමුදාවේ හමුදා ත්‍රිත්වය තුලම විවිධ තරාතිරමේ නායකයන් වටා විවිධ කල්ලි නිර්මාණය වී ඇති අතර ඔවුන් එකිනෙකා පරයමින් දේශපාලන නායකත්වයට කඩේ යමින් තම වෘත්තිය, නිළ ඇඳුම හා තමන් ආරක්ශාකලයුතු ජනතාවට ද්‍රෝහීවෙමින් සිටිනා බව පැහැදිලි වේ.

ෆොන්සේකා හමුදාපතිලෙස කලායයි ප්‍රචාරයකල මහාපරිමාණ දූශණ චෝදනා මගින් ජනයාගෙන් යම් කොටසකට ෆොන්සේකා හා ඔහු නියෝජනය කල හමුදාව පිලිබඳ යම් කළකිරීමක් ඇතිකල ඇතිකල අතර කලින් සඳහන් කලපරිදි "නොහැක්කන්" නායකත්වයට ගෙන ඒම තුලින් හමුදාවේ ප්‍රතිරූපය නැවත ගොඩනගාගත නොහැකිවන තත්වයට පත්කොට ඇත.

හමුදාව ලේබර් වැඩට යෙදීම හෙවත් හමුදාව නැති කිරීමේ දෙවැනි දේශපාලන මෙහෙයුම

ත්‍රිවිධ හමුදාවේම ප්‍රතිරූපය විනාශකොට ඔවුන් ගැන ජනතාව තුල තිබූ ගෞරවය සියුම් ලෙස විනාශකිරීමේ දෙවැනි වැඩපිලිවෙල වන්නේ ත්‍රිවිධ හමුදාවේ බොහෝ නිළයන් කානු කැපීම, බිං කෙටීම, වගාවන් ඇතිකිරීම, කෑම කඩවල් හා එළවලු පලතුරු කඩවල් වල  කම්කරු සේවයට යෙදවීමය.

මෙය හමුදාව සංවර්ධන කටයුතුවලට යොදවාගන්නවා යන විශ්වාසනීය පෙනුමක් ඇති සටකපට ව්‍යාපෘතිය යටතේ සිදුකරන අතර මෙයින් බලාපොරොත්තුවන්නේ හමුදාව  සංවර්ධන කටයුතුවලට යොදාගන්නවාට වඩා හමුදාව තුල ඇත ජන ගෞරවය කෙළෙසීමත් හමුදා සෙබලා හා නිළධාරියා තුල මෙතෙක් තිබූ ආත්ම අභිමානය බිඳ දැමීමත්ය. ඒ අනුව හමුදාවට (විශේෂයෙන්ම උසස් නිළයන් හට) සිය පැවැත්ම උදෙසා දේශපාලන බලධාරීන්ගේ සෘජු අතකොලු බවට පරිවර්තනය වන්නට සිදුවී ඇත්තේ එසේ නොමැතිනම් නිළ ඇඳුම පසෙකලා බිංකොටන්නට සිදුවන බැවිනි.

රණවිරු හමුදාව කුළී හමුදාව වීම හෙවත් පරිවර්තනය සම්පූර්ණවීම

යුධ හමුදාව ජනජීවිතයේ හැම අස්සකට රිංගවීම හමුදාව විනාශකිරීමේ තුන්වන පියවර වන්නේය.

ජනජීවිතය මිලිටරිකරණය ලෙස විචාරකයින් වරදවා විග්‍රහ කරන මේ වැඩපිලිවෙල සැබැවින්ම හමුදාව ජනජීවිතයට රිංගවීමට වඩා හමුදාව රජයේ කුලී කම්කරු හමුදාව, මැර හමුදාව බවට පරිවර්තනය කොට එය ජනතාව බිය ගන්වන හා පාලනය කරන තග් හමුදාවක් බවට පරිවර්තනය කිරීමකි.

අද දුප්පතුන්ගේ පැල්පත් කඩන්නටත්, පදික වෙළදුන් පන්නා දමන්නටත්, සාමකාමී උද්ගෝෂණ විසුරුවා හරින්නටත් පමණක් නොව සල්ලි කාරයන්ගේ වින්දනය සඳහා කාර් රේස් සංවිදානය කිරීම, හෝටල් තැනීම, හේන් කෙටීම, දඩ මස් සැපයිම කරන්නේත් හමුදාව විසිනි. දේශපාලකයින් හා උන්ගේ හෙන්චයියන්, හොර අඹුවන් ආරක්ශාකිරීම ප්‍රවාහනය කිරීමත් පැවරී ඇත්තේ හමුදාවටය.

කොටින්ම අද ත්‍රිවිධ හමුදාව පාලකයින්ගේ බැටාලා බෝයිලා බවට පත්වී ඇත. පාලකයින් කියන පරක්කුවෙන්  නිළ ඇඳුම් ඇඳගෙන නිළ අවි අත දරාගෙන ඕනෑම නිතිවිරෝධී වැඩක් කිරීමට ඔවුන් දැන් පසුබට නොවන්නේ එක අතකින් විනය පිරිහීමත්, පාලකයින් පිනවන්නට කැපවුනු නායකයින් ඔවුන් හට අණදීමත්, කරන ඕනෑම නීතිවිරෝධී ක්‍රියාවකදී තමන්ව ආරක්ශාකිරීමට පාලක පන්තිය, බත් බැල ජනමාධ්‍ය හා පොලීසිය මෙන්ම නිවට අධිකරනයද සැදී පැහැදී ඉන්නා බව ඔවුන් දන්නා නිසාය.

රාජපක්ශලාගේ පැවත්ම

තමන්ගේ පැවැත්ම සඳහා ඕනෑම දෙයක් යොදවා ගැනීම රාජපක්ශලාගේ සාමාන්‍ය ක්‍රියාපිලිවෙතයි. ඔවුනට ගෞරවනීය යනුවෙන් සැලැකිය හැකිදෙයක් නැත. භික්ශූන්, වෙනත් ආගමික නායකයින්, දෙවියන් හා ජනතාව සිය ඉටුදෙවියන් සේ කලක් සැළකූ ත්‍රිවිධ හමුදාවද රාජපක්ශලාගේ පැවැත්ම හා සුඛවිහරණය සඳහාවන ක්‍රියාදාමයට යටවී ඇත.

ඒ අනුව රාජපක්ශලා මේ රටට ලබාදෙන තවත් එක් කොඩිවිණයක් වන්නේ කිසිදු විනයක් නැති, නීතිය නොහඳුන, කොටි මැරූ ලෙසම අහිංසකයින් වුවද හිතක් පපුවක් නැතුව මරාදමන මිනීමරු කුලී හේවා නඩයකි.

අද එකෙකු මරාදමා නීතීයි රැහැනෙන් මිදෙන මේ හමුදාවෝ හෙට දිනයේ අණ ලැබුණු සැනින් මහා ජන සමූළ ඝාතනයක් කරන්නට වුවද පසුබට නොවනු ඇත. ගඩාෆි, ඉරානයේ අහ්මෙනිජාඩ්, සිරියාවේ අල් අසාද් හටත් මෙවැනිම හමුදා සිටින්නේය/සිටියේය. අද සිරියාවේ හමුදා සිවිල් ජනයා ඝාතනය කරනා ලෙසින්ම හෙට රාජපක්ශලාගේ හමුදාවද ලාංකේය ජනයා හිතක් පපුවක් නොමැතිව ඝාතනය කරනු ඇති අතර එය කූලී මාධ්‍ය හා කුලී අධිකරණ සාධාරණීකරනය කරනු ඇත.
මේ දුශ්ඨ ක්‍රියාදාමය අවසන් වනු ඇත්තේ ජනතාව ආදරය කළ ජනතාවගේ රණවිරුවන් පාලකයින්ගේ මැරයින් හා ජනයාගේ සතුරන් වීමෙනි. රණවිරු හමුදාව කුළී මැර හමුදාව වීමේ පර්වර්තනය සම්පූර්ණවී ඇති අතර සක්‍රීය ක්‍රියාන්විත ඇරඹුනා පමණකි.

අවසන් හිනාව කොටින් හටය (last laugh for the LTTE)

රාජපක්ශ රජයේ මේ නරුම වැඩපිලිවෙලින් අවසන ජය ලබන්නේ වෙන කවුරුවත්ම නොව ඔවුන් පරාජය කලා යයි සිංහ නාද කරන දෙමළ කොටින්මය. එයට හේතු මෙන්න...

1] ලංකාවේ හමුදාව අහිංසක දෙමළ වැසියන් සමූළඝාතනය කළ බව හමුදාව දැන් සිංහල වැසියන් හට එරෙහිව ගෙනයන මර්ධනයෙන් ඔප්පුකිරීමට මග පෑදීම.

2] ශ්‍රී ලංකා ආරක්ශක හමුදා විනයක් නැති අන්තර්ජාතික නීති රීති කඩකරන සිවිල් නීති වලට ගරු නොකරන නොහික්මුණු හමුදාවක් ලෙස හංවඩු ගැසීමට මග පෑදීම.

3] රාජපක්ශලා දෙමළ සිවිල් ජනතාවට එරෙහිව දැනටමත් ගෙනයන මර්ධනය හා දෙමළ ජනයා දේශපාලනිකව රැවටීමේ ක්‍රියාමාර්ග.

මේ අනුව දෙමළ කොටින් හට සිය වයාපාරය නැවත ශක්තිමත් කරගත හැකිවනු ඇත.

රාජපක්ශලාගේ අනාගත දායාද

රාජපක්ශ පාලනය කවදාහෝ අවසන්වන්නේ මේ රටට පහත දායාද උරුමකරදීමෙනි.

1] දුර්වල, විනය පිරිහුනු, දේශපාලකයින්ගේ පැවැත්ම වෙනුවෙන් කැපවුනු හමුදාවක්

2] විනාශවුනු ආර්ථිකයක්

3] නැවත ශක්තිමත් වුනු කොටි ත්‍රස්තවාදයක්











10 comments:

Anonymous said...

මටත් මේ තෙල් මිල වැඩි කරපු එකට මල පැනල හිටියේ.මහින්දට බැනල comment දැම්ම. එත් සිරසේ පෙන්නුවා ඒකාබද්ද විපක්ෂය කියල මාද්‍ය සාකච්ඡාවක් .එකේ හිටිය සෙට් එක වික්‍රමබාහු ,මනෝ ගනේෂන් ,මංගල
dr .ජයලත් වගේ කට්ටිය.මුන් ටික මොක්කුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ.හොර කොටියෝ ටික.හැංගිලා ඉදල මේ වෙලාව එක පාරටම මතු වෙලා .මට එතකොට හිතුනේ මොනවා උනත් මහින්දව අපි රැක
ගන්න ඕන කියල .

රංචාගොඩ මුදියන්සේ said...

මට එතකොට හිතුනේ මොනවා උනත් මහින්දව අපි රැක ගන්න ඕන කියල .
--------------------

ඔවු ඔවු මහින්දව රැකගමු. අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑනෙ ඉතින්.

බයවෙන්න එපා කාව පාවාදීලා හරි මහින්ද රැකෙයි. ඒක සිකුරුයි. ප්‍රතිපත්තියක් තියන මිනිහෙක් නොමෙයිනේ ඉතින්.

Anonymous said...

kotiyat P-Dena parayo....
padiliyanta ona widihata hitapalla thopita un P--arinakal thopima dane ne

Anonymous said...

හොඳ විශ්ලේෂණයක්.ආරක්ෂක අංශ කෙරෙහි ජනතාව තුල තිබු පැහැදීම ඉවත්ව ගොස් ඇති බව පෙනේ.විදේශ හමුදාවක් දෙස බලන ආකාරයෙන් ඔවුන් දෙස බලන බව වැටහේ.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

kotiyat P-Dena parayo....
padiliyanta ona widihata hitapalla thopita un P--arinakal thopima dane ne

=============

අනේ ඉතින්...දුකයි අපිට ඔයාලා ගැන...ඔය මානසික රෝගය පැට්‍රෝල් ලීටරේ 500ට ගියත් හොඳවෙන්නේ නෑ මචෝ..

Anonymous said...

සිරසේ පෙන්නුවා ඒකාබද්ද විපක්ෂය කියල මාද්‍ය සාකච්ඡාවක් .එකේ හිටිය සෙට් එක වික්‍රමබාහු ,මනෝ ගනේෂන් ,මංගල dr .ජයලත් වගේ කට්ටිය.මුන් ටික මොක්කුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ.හොර කොටියෝ ටික.හැංගිලා ඉදල මේ වෙලාව එක පාරටම මතු වෙලා

-----------
1000% agree

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
සිරසේ පෙන්නුවා ඒකාබද්ද විපක්ෂය කියල මාද්‍ය සාකච්ඡාවක් .එකේ හිටිය සෙට් එක වික්‍රමබාහු ,මනෝ ගනේෂන් ,මංගල dr .ජයලත් වගේ කට්ටිය.මුන් ටික මොක්කුද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ.හොර කොටියෝ ටික.හැංගිලා ඉදල මේ වෙලාව එක පාරටම මතු වෙලා

-----------
1000% agree

-----------

හක් හක් හක් ඒ කියන්නේ මහින්ද ඔය උඩ පැන පැන මම තනියම කොටි ත්‍රස්තවාදය පරදලා මේරටට සාමය ගෙනාවා කියන්නේ පල් බොරු?

කොටි තාම කොළබත් ඉන්නවා?

මහින්ද පල් බොරුකාරයානෙ කොහොමත්!

Anonymous said...

හක් හක් හක් ඒ කියන්නේ මහින්ද ඔය උඩ පැන පැන මම තනියම කොටි ත්‍රස්තවාදය පරදලා මේරටට සාමය ගෙනාවා කියන්නේ පල් බොරු?

----
උබට වැරදිලා ... එහෙම කියන්නේ සරත් නේ

Anonymous said...

මුන් ඔක්කොම එකයි.. තම තමුන්ගේ දේශපාලනය වාසි වලට අහිංසක මිනිස්සු පාරට බස්සනවා.. අන්තිමට වෙඩි කෑවම, මිනිය උස්සගන මැරෙන්න හදනවා.. මම නම් කියන්නේ උබල එක්කෝ රට අත ඇරලා වරෙල්ල, නැත්නම් වත්ත පහල ගංජා පාත්තියක් වත් දාගන ජීවත් වෙන්න try එකක් දාපල්ලා.. ආණ්ඩුවටවත්, විපක්ෂෙටවත් උබල ගැන කැක්කුමක් නෑ.. බලයේ ඉන්න උන් හදන්නේ බලය රැක ගන්න, බලයේ නැති උන් හදන්නේ බලයට එන්න... ඔය එකකටවත් කඩේ ගියා කියල, උබල හැදෙන්නේවත්, රට හැදෙන්නේවත් නෑ.. හැදෙන්නේ උන් විතරයි.. අද MR පන්නල හෙට වෙන එකක් ආවත් කරන්නේ ඔය ටිකම තාම.. එක නිසා මෙතන මරාගන්න එපා.. තම තමුන් හැදෙන්න බලපල්ලා .

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
හක් හක් හක් ඒ කියන්නේ මහින්ද ඔය උඩ පැන පැන මම තනියම කොටි ත්‍රස්තවාදය පරදලා මේරටට සාමය ගෙනාවා කියන්නේ පල් බොරු?

----
උබට වැරදිලා ... එහෙම කියන්නේ සරත් නේ

----
දෙන්නම එකටනෙ හිටියේ දැන් වලි වුනාට