Sunday, February 26, 2012

ජිනීවා බෙරිහන්දීම අස්සේ එලියට පැන්න රංජිත් සියඹළාපිටියගේ IMF ප්‍රේමය!!



ආණ්ඩුවේ කට්ටිය ජීනීවා! ජිනිවා! යයි මොරදෙමින් රටට මහා විපත්තියක් වෙන්නට යනවා යයි කෑගසන අස්සේ ආණ්ඩුවේ තවත් පාවාදීමේ වැඩපිලිවෙළක හෝඩුවාවක් මේ ඉරිදා (26) සිළුමිණ පත්තරයේ අපේ මුදල් නියොජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය මහත්තයා ලියා ඇති කොළමකින් එලියට පැන ඇත. එය නම් කර ඇත්තේ "අයි ඇම් ඇෆ් භීතිකාව" නමිනි.

උන්නැහේ ලියා ඇති පරිදි රනිල්ගේ ආණ්ඩුව අයි ඇම් ඇෆ් එකට රට පාවාදී එක් ණය වාරිකයක් පමණක් ගත් අතර එතුමන්ලා කිසිදු පාවාදීමක් නොකර දැන් වාරික එකක්, දෙකක්, තුනක් නොව හතක්ම අරගෙන ඇති බවය. එතුමා මේ ප්‍රීතිජනක ප්‍රවෘත්තිය හුදී ජන පහන් සංවේගය සඳහා මහත් ඇල්මෙන් දන්වා සිටින බව පෙනේ.

එතුමා කියා ඇති පරිදි රාජපක්ශ ආණ්ඩුව අයි.ඇම්.ඇෆ් එකෙන් ණය අරගෙන ඇත්තේ අයි.ඇම් ඇෆ් කොන්දේසි අනුව නොව එතුමන්ලාගේ කොන්දේසි අනුවය. ණය දෙන්නෝ, ණය ගන්නන්ගේ කොන්දේසි වලට යටත්වී ලෝකයේ සිදුවී ඇති එකම ණය ගණුදෙනුව සියඹලා මහත්තයාගේ දේසප්ප්‍රේමී ආණ්ඩුව අයි.ඇම්.ඇෆ් එකෙන් ගන්නා ණය වාරික ගණුදෙනුව වන්නට පුලුවන.

සියඹලා මහත්තයා මේවගේ රහස් එලිපිට කියන්නට හොඳ නැත මොකද අනෙක් රටවලුත් ඔය රහස දැනගෙන උන්ට ඕනෑ ඕනෑ කොන්දේසි වලට ණය ගන්න ගියෝත් ඇයි ඇම් ඇෆ් එක බංකොලොත් වෙලා වහන්න සිදුවෙනවාය.

සියඹළා මහත්තයා මේ අපරමුඛයෙන් දොඩවන්නේ පට්ට පල් බොරු හෑල්ලකි. ඊළඟ ණය වාරිකය ගන්නට පාත්තරේ අරගෙන අයි.ඇම්.එෆ් කාරයින්ගේ සපත්තු ඉඹින්නට යන්නට පෙර චිත්ත දහිරිය වඩවාගන්නට හා තමුනුත් අනුන්වත් රවටන්නට දොඩනා නිවට වහසිබස් පෙලකි.

ඇත්ත කතාවනම් අයි.ඇම්.ඇෆ් කාරයින් ආණ්ඩුවට දමා ඇති කොන්දේසි මුන් අකුරක් නෑර මේවන විටත් ක්‍රියාත්මක කොට ඇති බවය. කොන්දේසි ක්‍රියාත්මක නොකලහොත් කිසිසේත් මෙවර වාරිකය නිදහස් නොකරන බවට අයි.ඇම්.ඇෆ් නියෝජිතයින්ගෙන් ලැබුණු තර්ජන නිසා මේවන විට ණය ගත හැකි පරිද්දෙන් සියල්ල ඉටු කොට ඇත. දැන් ඇත්තේ සිඹලා ඇමති හා කබ්සියාට උන්ගේ දෙපතුල ලඟට ගොස් පස්චාත් භාගය සිඹ "මාස්ටර් සෑර් කිව්ව ඔක්කොම කොලා දැන්වත් ණය වාරිය දෙන්නකෝ..." යනුවෙන් හඬන්නට පමණය.

මොනවද මේ අයි.ඇම්.ඇෆ් කොන්දේසි?

1] රුපියළ ඉල්ලුම සැපයුම මත තීරණය වන්නට පාකර හැරිය යුතුය (ලඟදී ඔය වැඩේ කෙරුවානේ...දැන් ඩොලර් එකට රුපියල කීයද? ගිය මාසේ කීයද?)

2] සියළු සහනාධාර, විශේෂයෙන්ම ඉන්ධන සහනාධාර (ඩීසල් හා භූමිතෙල්) ඉවත් කල යුතුය. (පොහොර සහනාධාරෙත් පන අදින බවයි ඇසෙන්නේ....සමුර්ධි දෙනවද නැද්ද දැන්?)

3] උද්ධමනය පාලනය සඳහා පොලී අනුපාත ඉහල දැමිය යුතුය (රුපියල පා කරපු දවසෙම ඔය වැඩෙත් කරා )

4] පාඩු ලබන රජයේ ආයතනවල පාඩුව අවම කරගැනීමට පියවර ගත යුතුය (විදුලිබලේ වැඩිවුනේ ඔහොමයි - අනෙක්වා ජිනීවා නාඩගම අස්සේ හොරෙන්ම එලියට දායි)

5] රජයේ වියදම් අඩුකරගත යුතුය (අලුතින් දෙනවා කියූ සහනාධාර නොව ඉස්සර දුන්නු ඒවාවත් නොදෙන්නේ මේ නිසාය )

මේ සියලු කොන්දේසි මීක් නොකියා ඉටු කරපු සියඹලාතුමා හා රජපස ආණ්ඩුවේ ආර්ථික නඩය පුරුද්දට මිනිස්සු රවටන්න අයි.ඇම්.ඇෆ් භීතිකාවක් ගැන රචනා ලියනවා. 


මුන් වගේ මිනිස්සු!

1 comment:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අපි කරන කොට දේශප්‍රේමියි , යූඇන්පී ආණ්ඩුව කාලේ ඒවම කරපුව දේශද්‍රෝහියි ,


ඒක තමා ගොඩක් තැන්වල තියන තියරිය