Sunday, February 26, 2012

ලංකාව නොදියුණු දිළිඳු රටක් ලෙස පවතිනවාට බටහිරයන් කැමතිද? ඔව්!

රජපසතුමාගේ රජයට බටහිර රටවල්වලින් එල්ලවන් විවිධ චෝදනා අවලාද වලට පිලිතුරක් ලෙස මහින්ද රජයේ වන්දිභට්ටයින් හා කේවට්ටයින් බොහෝවිට පවසන කතාවකි

1) "බටහිර ජාතීන් ලංකාව දුප්පත්, අනුන්ට ගැති හිඟන රටක් ලෙස පවතිනවාට කැමතියි...."

2) "ඔවුන් මහින්ද ජනපතිට විරුද්දව ඔහුව බොරු චෝදනා එල්ලකොට \\ දං ගෙඩියට \\ ගෙනියන්නට හදන්නේ මහින්ද ලංකාව සංවර්ධනය කරන නිසා..."

මේ වන්දිභට්ට/කේවට්ට/වෘශභ-වංශ තර්කයේ පලමු කොටස සත්‍යය යයි සිතමු. එනම් බටහිර ජාතීන් අපේ රට දුප්පත්, හිඟන, අසාර්ථක රාජ්‍යයක්ව පවතිනවා දකින්නට කැමති අතර ඒ සඳහා විවිධ කුමණ්ත්‍රණ දියත්කරයි.

එය එසේනම් ඔවුන් මහින්ද රාජපක්ශ ජනපතිගේ ආණ්ඩුව කඩාකප්පල්කොට ඔහුව දංගෙඩියට යවන්නට හදයිද?

රාජපක්ශගේ ආණ්ඩුව දැනටමත් මේ රටට ලඟාකරදී ඇති ආර්ථික, සමාජීය හා නීතිමය ප්‍රශ්ණ සමුදාය දෙස බලනවිට බටහිරයන්ගේ ඉහත අප එකඟවූ න්‍යාය පත්‍රය, එනම් ලංකාව විනාශකොට හිඟමනට ඇදදැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්නට මහින්ද රාජපක්ශ රජය තරම් සුදුසු රජයක් වෙනත් ඇත්දැයි කිව හැකිද?

ඇත්තටම මහින්ද් රාජපක්ශ ඇතුලු රජය මේ ක්‍රියාත්මක කරන්නේ නීතියක් නැති, ආර්ථිකය විහිලුවක් වුනු, මිනිසුන් හිඟමනට වැටෙන එහෙත් ලොකු ලොක්කන්ගේ බැංකු ගිණුම් විස්තාරණය වන පරිද්දෙන් සකස් කල ජනතාවට ප්‍රතිලාභ අඩු එහෙත් ලොක්කන්ට දැවැන්ත ප්‍රතිලාභ ඇති, ලෝකෙට ණයවන බොරු සංවර්ධන ව්‍යාපෘති නොවේද?

එසේනම් මේ රට විනාශකරන්නට න්‍යාය පත්‍ර හදාගෙන ඉන්නා සුද්දන්ට මහින්ද රාජපක්ශ හා ඔහුගේ රජය තරම් සම්පතක් වෙන තිබිය හැකිද? කරුණු එසේ වූ කලී ඔවුන් කිසිදාක මහින්ද රාජපක්ශ රජය අවසන් වනවා දකින්නට කැමති වෙයිද?

කිසිදා නැත.

ශ්‍රි ලංකාව විනාශකිරීම බටහිර ජාතීන්ගේ අරමුණ නම් මහින්ද රාජපක්ශ ඔවුන්ගේ හොඳම කීකරුම හිතවතා විය යුතුය. ඔහු කරන්නේ බටහිරයන් කරන්නට සිතාගෙන ඉන්නා දෙයමය.

4 comments:

ජයශ්‍රී said...

1 හා 2 න් 1 පමණක් සත්‍යවේ.

Anonymous said...

[එනම් ලංකාව විනාශකොට හිඟමනට ඇදදැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්නට මහින්ද රාජපක්ශ රජය තරම් සුදුසු රජයක් වෙනත් ඇත්දැයි කිව හැකිද?]

කණ්ඩුලගේ හිරිකිත හීන

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නියම තර්කය , කවුරු හරි ඩයල් එකක් මේක C නිවුසියේ කමෙන්ටුවක් විදිහට දාල දේශප්‍රේමීන් කිහිප දෙනෙක්ම මඳ කිපිල දඟලලා තියනව මම දැක්කා

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
[එනම් ලංකාව විනාශකොට හිඟමනට ඇදදැමීමේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරවන්නට මහින්ද රාජපක්ශ රජය තරම් සුදුසු රජයක් වෙනත් ඇත්දැයි කිව හැකිද?]

කණ්ඩුලගේ හිරිකිත හීන
--------------------------

හිරිකිත නැති අය...?