Saturday, February 25, 2012

දේසප්‍රේමීනි!! එතුමා බේරාගනු පිණිස ජිනීවා යනු!!

බුදු සන්තෝ! කොහොම හරි මෙයා දංගෙඩියට යන එක නවත්තපියෝ!

විමල් වීරවංසා කියනා විධියට වැඩේ අති භයානකය. හෙට අනිද්දා වෙනකොට ඇමරිකන් පැසිෆික් නාවුක බලකායේ ගුවන්යානා ගෙනියන නෞකාව ඇතුලු පරිවාර නෞකා කොළඹ වරාය අසලට සේන්දු වනු ඇත.

උන්ගේ එකම අභිප්‍රාය වනුයේ අපේ මහරාජා තුමා කුදලාගෙන ගොස් දං ගෙඩියේ තැබීමයි. ඒ සඳහා ඔසාමා බින්ලාඩන් වර්ගයේ කොමාන්ඩෝ මෙහෙයුමක් දියත් වන්නට පුලුවන. ඇමරිකන් නේවි සීල් කොමාන්ඩෝලා අරලිය මන්දිරයේ වහලයට හෙලිගොබ්බරයෙන් බැස එතුමාව සරම පිටින්ම කුදලාගෙන යන්නට පුලුවන.

ඒනිසා සියලු දේස ප්‍රේමීන්ගේ වගකීම ප්ලේන් දෙක තුනක් බුක් කරගෙන දැයට කකුල බලන්ට ගියාවාගේ ජිනීවා නුවරට කඩා පාත්වී මේ කූට වියායාමය ලත් තැනම ලොප් කිරීමයි.

වීරවන්ස නඩේ පොලිටිකල් ගුරා ලෙසත් මැරවින් නඩේ මැර නියමුවා ලෙසත් පත්කොර ගත හැකිය.


6 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මාත් එනවා වීරවංශගේ සහයට

Anonymous said...

ෂාහ් මරුනෙ. එතුමත් එක්ක වටේට ඉන්න කාලකණ්නි සෙට් එකත් කුදලන් යනවනම් අපේ සහයත් දෙමු. අපිට මැරිල වැලලෙන්න හරි රටක් ඉතුරු වෙයි‍ එහෙම වුණොත් කවදක හරි.

Anonymous said...

මාත් ආසය් සුද්දා අපේ රට ආපහු යටත් කරගන්නවා නම්

Anonymous said...

ane mamath asai jiniwa yanna..yanawa nam matath kiyapalla..lol..

Sasroo said...

ඔබගේ මෙම ලිපිය අප ඉතාමත් අගය කරන අතර හදුන්වාදෙන http://ads.sasroo.com හි සිංහල Per Per Click දැන්වීම් වැඩසටහන හි පබ්ලිශර් ගිණුමෙහි ලියපදිංචි වී අදම ඔබගේ වෙබ් අඩ්වියෙහි සිංහල දැන්විම් පළකර ඔබට මෙම සිංහල වෙබ් අඩ්විය මඟින් අමතර අදායමක් උපයා ගතහැකි බව සතුටින් දන්වා සිටිමු.

Anonymous said...

අනේ! තොපේ දවල් හීන.