Friday, February 24, 2012

ජීවන බර අමතක කරවන්න මෙන්න අලුත්ම සංදර්ශණය (හා අපේ ජනපතිතුමාගේ ආසාව)


අලුත්ම සංදර්ශණ...

දුප්පත් අහිංසකයින්ගේ කරමතට දරාගත නොහැකි ජීවන බරක් පටවා ඇති රජපස පා(ආ)ණ්ඩුව දැන් ඒ බර සතියකට දෙකකට හෝ අමතක කරවීම සඳහා සිය ඇම්බැට්ටයින් වන චම්-පක, විහිළු-වංශ හා අනෙකුත් විගඩමුන් හරහා අලුත්ම සංදර්ශණයක් අරඹා ඇත. 


එය නම්කොට ඇත්තේ  ජනපති දංගෙඩියට යවන මානව හිමිකම් කුමණ්ත්‍රණයෙන් බේරා ගැනීමේ දේශප්‍රේමී උද්ගෝශණ මාලාව යනුවෙනි.

මේ කියන්න යන්නේ අපේ ජනපති පොරමොලාව කුදලාගෙන ගොස් එල්ලන්නට විදෙස් කුමණ්ත්‍රණකරුවෝ මානව හිමිකම් කවුන්සල රැස්වීම හරහා අර අඳින බවත් ඊට සහයෝගය දක්වන දේසීය කුමණ්ත්‍රණ කරුවන් (ඒ කියන්නේ අඩුවට භූමිතෙල් ඉල්ලපු කට්ටිය) සිටින බවත්, ඒ කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා රටපුරා කොන්ඩොම් උද්ගෝසන හා බිස්කට් උපවාස සඳුදා සිට ඇරඹෙන බවත්ය.

මේ උද්ගෝසන මාළාව හරහා ලයිට් බිල වැඩිවූ බව, භූමිතෙල් පැට්‍රෝල් බස්ගාස්තු අහස උසට වැඩිවනු බව ජනතාවට සතියකට හෝ අමතක වනු ඇතැයි එතුමන්ලා විස්වාස කරන බව පෙනේ. 

මේ කොණ්ඩොම් උද්ගෝසන හා බිස්කට් උපවාස වලට පොලෝසියේ, විසේස කාර්ය බලකායේ හා ත්‍රිවිද හමුදාවේම සහය ලැබෙනු ඇත. හමුදාව තුවක්කු වෙනුවට වතුර බෝතල් හා බිස්කට් පෙට්ටි උස්සාගෙන විරෝදතාකරුවන්ට පහසුකම් සලසනු ඇත.

අපේ ජනපතිතුමාගේ ආසාව

අපේ ජනපතිතුමා කට ඇරලා ලැජ්ජාවට නොකීවාට එතුමාට අතිවිශාලා ආසාව නොහොත් දොලදුකක් තිබේ. ඒ අතිවිසාල දොළදුක නම් අමෙරිකාව හෝ යුරෝපය ගඩාෆිලා, සදාම්ලා චාවේස්ලා වගේ එතුමාවත් සැබෑ ඉලක්කයක් ලෙස නම් කරනු දැකීමයි. එතුමාගේ සිහිනය සැබැවින්ම තමාව බලයෙන් පහකිරිමේ හෝ අත් අඩංගුවට ගැනීමේ යෝජනාවක් සම්මත වෙනු දැකීමයි.

ඇයි ඒ?

එතකොට දැන් බොරුවට දොඩවන "මාව දංගෙඩියට යවන්න හඩනවා.." කියන කතාව ඇත්තම වෙනවානේ. එතකොට එතුමාට පුලුවන් ඒක අල්ලාගෙන යුද්ධෙ විකුණපු ආකරයට සුද්දාගේ කුමණ්ත්‍රණය විකුණ විකුණා සදාකාලිකව බලයේ ඉන්න.

එතුමා හොඳටම දන්නවා යෝජනාවක් සම්මතවුනු ගමන්  එතුමාව අත් අඩංගුවට ගන්නට එල්ලන්න කවුරුවත් නො එන බව. ඒත් ඒක සම්මත වුනොත් එතුමාට සදාකාලික වීරයෙකු වීමේ අවස්ථාව ලැබෙනවා. ආණ්ඩුවේ හොරණෑ කොච්චර කයිවාරු ගැහුවත් ජනතාව නියම වීරයා ලෙස තාමත් සලකන්නේ ජෙනරාල් බව එතුමා දන්නවා. ජෙනරාල්ව රීප්ලේස් කරලා "ජනතා වීරයා" තැන ගන්න නම් මේ වගේ යෝජනාවක් සම්මත වෙන්නම ඕනෑ.





4 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

:)

Anonymous said...

๧໦ ප๫ශ๞න ත๟වක๟ල๢කය. ඉවස๟ ගත ය๤ත๞๧ත๟๞ය. ක๡ ගසන๞න එප๟ය. එ๧ස๞ කරන๞๧න๟๞ ๧ද๞ශ๧຿๟๞හ๢๧ය๟๞ය. බරහ๢ර රටවල๞ අප๢ ໤ල๞ලට ගන๞නට බල๟ ස๢຃න๞๧න໧. උන๞ට උඩ๧ගຌ ຬම ๧න๟කළ ය๤ත๞ත๟හ.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
๧໦ ප๫ශ๞න ත๟වක๟ල๢කය. ඉවස๟ ගත ය๤ත๞๧ත๟๞ය. ක๡ ගසන๞න එප๟ය. එ๧ස๞ කරන๞๧න๟๞ ๧ද๞ශ๧຿๟๞හ๢๧ය๟๞ය. බරහ๢ර රටවල๞ අප๢ ໤ල๞ලට ගන๞නට බල๟ ස๢຃න๞๧න໧. උන๞ට උඩ๧ගຌ ຬම ๧න๟කළ ය๤ත๞ත๟හ.
-------

කොටන දෙයක් යුනිකෝඩ් වලින් කොටනවද

Kandyan said...

අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම හෙව්වා දංගෙඩිය තවම පාවිච්චි කරන රටක්..ම්හු! හොයාගන්න බැරිඋනා...එතකොට කොහේ තියන දංගෙඩියක් ගැනද මේ ගොයියලා කියන්නේ? එක්ක්කෝ අපායේ වෙන්න ඕන එහෙම් නැත්නම් අපි කන දංගෙඩිය වෙන්නැති :-)