Friday, February 17, 2012

ආයුධ ඇතිව සිටි ත්‍රස්තවාදියාගේ දියණියට........

තාත්තා ආයුධ අරගෙනයි ඉදලා තියෙන්නේ දුවේ, අඬලා වැඩක් නැ. 


හරියට හොයලා බලල ත්‍රස්තවාදියාව හඳුනාගෙන තමයි වෙඩි තියලා තියෙන්නේ.....


තාත්තා ඔයාලට එලවලු රොටියි කිරියි දීලා පොලිස්කාරයොයි හමුදාවයි මරන්න සඟවපු ආයුධයක් අරගෙන සටනට ගිහින්.....


තාත්තාගේ වැරැද්ද...ඔයාගෙත් වැරැද්ද.....දුප්පත්කමට රට ගිය ඔයාගෙ අම්මාගෙත් වැරැද්ද......


වැරැද්ද ඔයගොල්ලන්ගෙමයි.....වෙනකවුරුත් මේ විනාසෙට වැරදි නැ






හරිම සාධාරණ වෙඩි තැබීමක්..... පොලිසියේ ජීවිත ආරක්සාකොර ගන්නනෙ වෙඩිතියලා තියෙන්නේ.

ධීවර ත්‍රස්තවාදියා මරාදමන්නට වෙඩි තියන ලෙස අණදුන් පොලිස් ලොක්කාට වහාම උසස්වීමක් දෙනු!

ගල්මුල් වලින් වැලිබෝතල් වලින් තමුන්ගේ ජීවිතවත් ආරක්සාකොර ගන්න නොදන්න පොන් හු*** රොත්තක් ස්‍රී ලන්කා පොලීසියේ ඉන්නේ.




17 comments:

Anonymous said...

වැල්ලේ ඉන්න මාළු කාරයෝ set එක ඇට බෝල අරන් වෙන්න ඇති එන්න ඇත්තේ. අනේ යකෝ, අපේ පැත්තේ තනියම එන මාළු කාරයගේ ඇඟේ යන්තම් හරි ගැවුනොත් ඉතින් මන්නේ අරන් පෙති තමයි ගහන්නේ. හැබැයි අපි ඉන්නේ හලාවත නම් නෙමෙයි.

Anonymous said...

අප๢ට ๧වຌ ත๢යප๢යව๤...ඔක๞..

Anonymous said...

එද๟ ආරකෂක අ๜ශ ස๟ම๟๾කය๢න๧ග๞ ๾໶ත ໯ක๧දන๞න ක๢යල๟ ๧ද໶යන๞ ය๠ද๞ද ๧බ๟๞໏ ප๥ජ๟ පවත๞වප๤ ඔව๤න๞ව ๧ද๞වත๞ව๧යන๞ ප๤දප๤ අහ๢๜සක ໧න๢ස๤න๞... අද ඉල๞ලන๞๧න๞ රජ කම ๧හ๟๞ ර๧ටන๞ භ๟ගයක๞ ๧න๟๧වය๢ ත๩න๞ ๧໷ල න๠ත๞න໦ ๧ද๧වලක๞ හ໱ ක๟ල๟ ඉන๞න ප๤໸වන๞ කමක๞ ඇත๢ කරන๞න ක๢යලය๢.
අව๤ 30 ව๠ຌ කලක๞ ය๤ද๞ද කරද๞ຩ ๧ම ර๧຃ ໧න๢ස๞ස๤ කවද๟වත๞ තමන๞๧ග๞ බත๞පත ග๠න කථ๟ ක๧ල๞ න๠හ๠ බඩ๤ ໧ල අඩ๤ කරන๞න ක๢යල๟ ප๟රට බ๠ස๞๧ස๞ න๡ එවන๞ උත๩໦ ໧න๢ස๤න๞ට ๧න๞ද අද ๧໨ ත๩වක๞ක๩ව ම๟ණන๧න๞.

Anonymous said...

໚වර๧ය๟๞ ඔ๧හ๟ම ක๢໲๧໦ ๧ල๟ක๩ අවශ๯ත๟වක๞ මටන໦ ๧ප๞න๞๧න න๡. ම๟໸ ໧ළ ව๠ຌකර๟ම ඉවරය๢. ໧න๢ස๞ස๤ ๧න๟ක๟ ඉන๞නවද?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

වැල්ලේ ඉන්න මාළු කාරයෝ set එක ඇට බෝල අරන් වෙන්න ඇති එන්න ඇත්තේ. අනේ යකෝ, අපේ පැත්තේ තනියම එන මාළු කාරයගේ ඇඟේ යන්තම් හරි ගැවුනොත් ඉතින් මන්නේ අරන් පෙති තමයි ගහන්නේ. හැබැයි අපි ඉන්නේ හලාවත නම් නෙමෙයි.

=======================
*] ඔය කතාව අර දරුවො දෙන්නට කියන්න ගිහින් පුලුවන්නම්.

*] කඩු කිනිසි තිබ්බයි කියමුකො....ඒවට දුර ඉඳන් පොලිස් කාරයන්ව හමුදාව මරන්න පුලුවන්ද?

*] නර බිල්ලක් අරගෙන දැන් ඉතින් මොනවා හරි කියලා ඒ මිනිස්සුන් ගේ හත් මුතු පරම්පරාවටම අපහාස කරපියව් ඉතින්

*] ඔය මිනිස්සු දුක්විඳලා ගොඩ ගේන කෙලවල්ලා කෑල්ල, ඉස්සො ටික තලු මර මර ගිලිනකොට ඔය කතන්දර මතක්වෙනවද?

ඇනියා said...

@anonymous1,2,3
යකො කඩේ යනවා නම් හරියට කඩේ පලයන් මොනවද මේ ලියල තියෙන්නේ මෙලෝ යකෙක්ට කියවන්න බෑ
අනික දැන් මේ තුනම දැම්මේ එකෙක් කියලා මාට්ටුනෙ......මේවටද උබලට ගෙවලා කඩේ යවන්නේ?

Anonymous said...

@කණ්ඩුල,
1.මේ කතාව පුළුවන්කමක් තිබුනත් ඒ දරුවන් දෙදෙනාට කිව යුතු නැත.
2.කඩු, කිනිසි හෝ වෙනත් එවන් වූ යමකින් දුර සිට යමකු මරණයට පත කිරීමට අපහසුය.
3. මා විසින් කිසිවකුට අපහාසයක් කර නැත. (කරුණාකර පෙන්වා දෙන්න)
4.ඔවුන් දුක් විඳ ගෙනෙන මාළු (අප විසින් දුක්‌ විඳ උපයා ගත් මුදලින් මිලදී ගෙන) අනුභව කර අප රස වින්දෙමු, ඉදිරියටත් රස විඳින්නෙමු.

පොලිසිය හෝ/හා හමුදාව සමග ශාරීරිකව යමකු/යම් පිරිසක් ගැටුමකට යන්නේ නම් එතැන ඇත්තේ අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදයකි. එවන් පිරිස් මෙවන් දේ බලාපොරොත්තු විය යුතුය. කෙසේ නමුත් වැරදි කරුවන් (සිවිල් වැසියන් හෝ ආරක්ෂක අංශ) දඬුවම් ලැබිය යුතුය.

Terence Kahapola Arachchi said...

3. මා විසින් කිසිවකුට අපහාසයක් කර නැත. (කරුණාකර පෙන්වා දෙන්න)

"අනේ යකෝ, අපේ පැත්තේ තනියම එන මාළු කාරයගේ ඇඟේ යන්තම් හරි ගැවුනොත් ඉතින් මන්නේ අරන් පෙති තමයි ගහන්නේ. "

---------------------------

මගේ ගම මීගමුව. මම ආගමෙන් බෞද්ධ. මම ඉපදුනේත්, හැදුනේ වැඩුනේත් ඔය ඔබ කියන "ඇඟේ හැප්පුනොත් පෙති ගහන" මාළු කාරයෝ ඉන්න, පුංචි රෝමය කියලා නගරයේ.

ඔය කියන දේවල් කවදාක්වත් මට වෙලාත් නෑ, මම දන්න කෙනෙකුට වෙලාත් නෑ. මිනිහෙක් ඇඟේ හැපුනාම, ඒක ලොකුවට ගණන් ගණන් මෝඩයෝ ධීවරයෝ අතර විතරක් නෙමෙයි, හරියට කල්චර්ඩ් කියලා හිතන, සුපිරි හෝටල්වල පාටි දාන අය අතර තමයි වැඩිපුර ඉන්නේ.

උන් නයිට් ක්ලබ් වල මරාගන්න හැටි ඉඳලා හිටලා පත්තරවල යනවනේ. උන් ඔය මරාගන්නේ dance floor එකේ කාගෙ හරි ඇඟේ හැප්පුනා, තමුන් එක්ක ආපු ගෑනි ගෙ ඇඟේ හැප්පුනා වගේ සුලු දේවල් වලට. ඒ අතින් මේ මාළුකාරයෝ දහස් ගණනක් සීලාචාරයි, වැදගත්.

Anonymous said...

@The Scientist
"ඒ මිනිස්සුන් ගේ හත් මුතු පරම්පරාවටම" සිදු වූ අපහාසය පෙන්වා දී නැත. කෙසේ නමුත් 'යකෝ' යනුවෙන් ඇමතීමෙන් 'කණ්ඩුල'ට අපහාසයක් වී නම් මා සමාව අයදිමි.
'කණ්ඩුල' විසින්ම ඔහු අදහස් කළ අපහාසය පෙන්වා දෙන්නේනම් මැනවි.

night club වලදී මෙවන් අයුරින් ශරීර ශක්තිය මත ගැටළු නිරාකරණය කිරීමට යන්නවුන් සිටින නිසා, එවන් වූ වෙනත් ක්‍රියා සාධාරණීය කළ නොහැක. මා නැවතත් පවසන්නේ මේ සියලු ක්‍රියා අඩු වැඩි වශයෙන් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් යන්න අපට බැහැර කළ නොහැකි බවයි.

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno 4,

ත්‍රස්තවාදී ක්‍රියා යනුවෙන් ඔබ මේ මිනිසුන්ගේ උද්ගෝශණය අර්ථදක්වන්නට යයි.

ත්‍රස්තවාදය යනු මිනිසුන් කරනා සිවිල් උද්ගෝශණ හා එමගින් පැනනගිනා ගැටුම් නොව සවයිරී රාජ්‍යයක පැවැත්ම අභියෝගයකට කට ලක්කරමින් සිය දේශපාලන අරමුනු භීෂණ ක්‍රියා ආධාරයෙන් මුදුන් පමුණුවාගැනීමට උතසහ කරනා අවිගත් දේශපාලන ව්‍යාපාරයකටය.

මේ මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වමින් ඔබ කරන්නේ භයානක විහිලුවකි, මිනිමරු පාලනයකට උඩගෙඩි දීමකි. කරුණාකර ත්‍රස්තවාදය පිලිබඳ විකිපීඩියා ලිපිය කියවා බලනමෙන් ඔබගෙන් ඉල්ලමි.

Anonymous said...

@කණ්ඩුල,

මා ඉදිරිපත් කළ කරුණු කිහිපයකට හෝ ප්‍රතිචාර දැක්වීම (අනෙක් කරුණු අමතක කර හෝ) පිලිබඳ ස්තූතියි.

මා ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නේ නැත. යම් වචනයකට කිසිවකු විසින් දුන් අර්ථකථනය මේ සඳහා වැදගත් නැත. යම් පිරිසක් රටේ ආරක්ෂක අංශවලට එරෙහිව ගැටුමකට (එනම් මතවාදී නොවන) යන්නේනම් ඔවුන් එයට යොදන වෙනත් 'වචනයක්' මම නොදනිමි. (කියා දිය හැකිනම් බොහොම පින්). මා මෙහිදී අවධාරණය කරන්නේ රටේ ආරක්ෂක අංශ (හමුදා සහ පොලිසි) සමග ඇති කර ගන්න වූ ගැටුම්ය.
ඇත්ත, ඔවුන් ත්‍රස්තවාදීන් නොවේ. එසේ නම් මේ අවස්ථාවේදීත් හමුදාව විසින් ඔවුන් මර්දනය කරමින් සිටිය යුතුය. මෙහිදී ප්‍රශ්නය තිබෙන්නේ ඔවුන් කොපමණ කාලයක් එම 'ත්‍රස්ත' ක්‍රියාවේ නිරත වන්නේද යන්නයි. එම කෙටි කාලය තුල වුවද මෙවන් සිදු වීම් බලාපොරොත්තු විය යුතුය.

ඔබට යම් ආයතනයක් සමග ප්‍රශ්නයක් තිබෙන විට එම ආයතනයේ ගේට්ටුවේ සිටින security guard සමග ගැටී ප්‍රශ්නය විසඳා ගැනීමට තැත් කිරීම කොතරම් නුවණට හුරුද?

Anonymous said...

Ano 4

oyath hariyata upul shantha sannasgala wage...
hiks..
ekama wakyen unta thrasthawadiyoth kiyala .. ehema naath kiyala...

ane mand oyaa..

රංචාගොඩ මුදියන්සේ said...

ඔබට යම් ආයතනයක් සමග ප්‍රශ්නයක් තිබෙන විට එම ආයතනයේ ගේට්ටුවේ සිටින security guard සමග ගැටී ප්‍රශ්නය විසඳා ගැනීමට තැත් කිරීම කොතරම් නුවණට හුරුද?
-----------------------

ඔබ මේ ගැටලුවට ආදේශ කරන්නට යන උපමාරෑපකය අපූරුය.

සිකුරිටි ගාඩ්ලා හා ගැටීමට ආයතනයකට යන අමුත්තෙකුට නීතියෙන් අවසර නැතත් හදිසි නීතිය පවා නැතිකල ජනයාට ඒකරාශී වී උද්ගෝශණය කිරීමේ අයිතිය නීතියෙන් තහවුරු කොට ඇත.

මේ මිනිස්සු වෙඩිකැවේ නීතියෙන් ලැබී ඇති අයිතියක් භුක්තිවිඳින්නට යන විටදීය.

දැන් ඔබ කියයි ආයුධ හමුවුනා කියලා......

ඔව්....

ඕනෑම ආණ්ඩු විරෝධියෙකු සන්තකව ආයුධ සොයාගැනීමේ විශ්වකර්ම හැකියාවක් ශ්‍රී ලන්කා පොලීසියට ඇති බව මම පිලිගන්නවා.

රජයට විරුද්ධ පන්සල්වලින් ආයුධ සල්ලි වළදා තිබියදී හමුවුවා නොවැ...

Anonymous said...

තමන්ගේ ප්‍රශ්නය security guard සමග විසඳා ගැනීමට යන්නේ මෝඩයෙකි. ඔබටත් එය හොඳින් වැටහේ.
ආයතනයකට එන අමුත්තෙකුට තමන්ගේ ප්‍රශ්නය ආයතන ප්‍රධානීන් සමග විසඳා ගැනීමට security guard ඉඩ නොදේ නම් ඔහුටත් එය ඉදිරිපිට 'උද්ගෝෂණයක්' (අන් අයට බාධා නොවන පරිදි, පුවරුවක් පෙන්වමින් හෝ කෑ ගසා පවසමින්) කළ හැක (උද්ගෝෂණය කිරීම හොඳම විසඳුම යැයි සිතේ නම්).
අන් අය තමන්ගේ ක්‍රියාව ගණන් නොගන්නා නිසා හෝ වෙනත් හේතුවක් නිසා, වැඩි අවධානයක් තමා වෙත ලබා ගැනීමට ප්‍රචණ්ඩ ක්‍රියාවකට යොමු වී 'ඉල්ලන් කන්නට' සිදු වුනොතින් සොරි.කොම්

Anonymous said...

මේකත් කියවන්න. මගේ හිතේ තියෙන නමුත් පැහැදිලිව ප්‍රකාශ කරගන්න අමාරු වූ බොහොමයක්, අපූරුවට වචනයට නගා ඇත.

http://www.divaina.com/2012/02/20/editor.html

අංජන said...

මෙන්න මේකට තමයි වෘත්තීය කඩේයාම කියල කියන්න පුලුවන්. නෑ නෑ කිය කිය යන්නෙම කඩේ. (ඇනෝ)

Anonymous said...

අද තමයි කාලෙකට පස්සේ මේ පෝස්ට් ඒක බැලුවේ. අන්ජනගේ comment ඒක දැක්කම මට ඇඩෙනවා. හරිම දුකයි. පව් අසරණ ළමයා.