Wednesday, November 10, 2010

නට්සි ජර්මනියේ කාම බෝනික්කී (sex doll) ව්‍යාපෘතිය හා සිංහල නට්සි රයිකය

(ඉහත ඡායාරූපයේ සිටින්නේ සැබෑ නට්සි බෝගිල්ඩ් නොව, නූතන ජර්මන් සමාගමක් නිපදවූ අනුරුවකි)

හැඳින්වීම : කාම බෝනික්කී හෙවත් සෙක්ස් ඩෝල් යනු බටහිර රටවල හැබෑ ගෑනියෙක්ගේ පහස ලබාගන්නට නොහැකි, ගණිකාවන් කරා යන්නටත් අකමැති තනිකඩ පිරිමින්ගේ කාම පිපාසාව නිවා ගැනීම සඳහා විකිනීමට ඇති රූමත් සැබෑ ගැහැනියක ලෙසම, ඒ පරිමාන හා හැකිතාක් තාත්විකව සියලු අවයවද සහිතව නිමවා ඇති ජීව ප්‍රමාණ (life size) බෝනික්කෙකි. අපට වගේ දෙදාස් පන්සීයක සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, නොහික්මුණු මිනිසුන් ජීවත්වෙන බටහිර රටවල්වල නගරපුරා ඇති කාම කඩවල්වල හා අන්තර්ජාලය හරහා මේ බෝනික්කෙකු ඔනෑම කෙනෙකුට ලබාගත හැකිය.

ඉස්කෝලෙ යන කොල්ලන්ට වුනත් හොරෙන් තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සෙක්ස් බෝනික්කෙක්ව අන්තර්ජාලය හරහා ඇනවුම් කරගත හැකි වුනත් ඒ රටවල්වල ලව් කරන කොල්ලන් කෙල්ලන් පොලිසියට දක්කාගෙන යන්නේ නැති නිසා ඉස්කෝලෙ යන කොල්ලෝ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ගෙදරට එක්කගෙන ඇවිත් කෙල්ල කැමතිනම් වැඩේ කරගන්නවා මිස ඔන්ලයින් සෙක්ස් ඩෝල් මාකට් එකට එන්නේ නැත. ගෙදර කවුරුත් නැතිවෙලේ පුතන්ඩියා කෙල්ලෙක් ගෙදර එක්කගෙන ආවා කියලා අල්ලපුගෙදර ඇන්ටිලා කේලම කියන්නේත් නැත.

නාසි ජර්මන් හමුදාවට සෙක්ස් ඩෝල් අවශ්‍යතාවය දැනේ....

නාසි ජර්මන් හමුදාවට සිය සෙබලුන්ගේ මනදොල සපුරන්නට කාම බෝනික්කියකගේ අවශ්‍යතාවය දැනුනේ ප්‍රංශය යටත් කරගත් පසුවය. අද මෙන්ම එදත් ප්‍රංශය, විශේෂයෙන්ම පැරීසිය ප්‍රසිද්ධ වුනේ ගණිකාවන් සඳහාය. පහසුවෙන් ප්‍රංශය යටත් කරගත් නට්සි සෙබලු පැරීසිය හා වෙනත් ප්‍රංශ නගර පූරාවට තිබූ ගණිකා මඩම් කරා ඇදී යන්නට වුනේ බලුබෙටි සුවඳට ඇදෙන නිළමැස්සන් මෙනි. මේ නිසා නාසි ජර්මන් හමුදාවට මහත් අවමානයක් විඳින්නට වුනු අතර, සමාජ රෝග වැඩිවන්නට විය. මේ අතර කඩවසම් නාසි සෙබලුන්ට වහවැටී වැඩ වරද්දාගත් ප්‍රංශ කෙල්ලන් නාසි පැටවු/බඩවල් උස්සාගෙන කඳවුරු වලට එන්නටද පටන්ගත්තේ බබාගේ තාත්තාව හොයාගන්නටය. සුපිරිසිදු ආර්‍ය ජර්මන් ලේ ගැන බහුබූත දොඩවන ගමන්ම ප්‍රංශ කෙල්ලන්ට බබලාගේ තාත්තලා සොයාදීමද, වසංගතයක් මෙන් පැතිරෙන්නට පටන්ගත් සිපිලිස් වැනි සමාජරෝග වලට ප්‍රතිකාර කිරීමද නට්සි හමුදා ලොක්කන්ට මහත් වදයක් විය.

නාසි හමුදා කොල්ලන්ගේ මදන විසේට ප්‍රතිකර්මයක් ලෙස කාම බෝනික්කියෙකු සාදා කොල්ලන්ට ලබාදිය යුතුයයි යෝජනා කලේ වෙන කිසිවෙකුත් නොව මුලුමහත් නාසි හමුදාවේම හා ගෙස්ටාපෝ රහස් පොලීසියේ ප්‍රධානියාවුනු හෙන්රික් හිම්ලර් (Heinrich Himmler)විසින්මය. "The field-hygienic project" හෙවත් යුධබිමේ සෞඛය ආරක්ශාකරගැනීමේ ව්‍යාපෘතිය ලෙස මහා ගාම්භීර නමක් මේ ව්‍යාපෘතියට ලබාදුන්නේද හිම්ලර් විසිනි.

"Geheime Reichssache" අතිශයින්ම අතිශයින්ම රහසිගතයි යන දැඩි ආරක්ශක ලේබලය යටතේ ආරම්භවුනු මේ ව්‍යාපෘතියට ජර්මනියේ කෘත්‍රිම අවයව නිශ්පාදනයේ පුරෝගාමීන් වුනු විද්‍යාඥයින් මෙන්ම මනෝ විද්‍යාව පිලිබඳව ආචාර්‍යවරයෙකුත් දායකවුනා. 1941 ඩ්‍රෙස්ඩෙන් නුවර දී මුල්ම අනුරුව බිහිකල අතර එකල නාසි ජර්මනියේ දැවැන්ත සමාගමක් වුනු IG Farben සමාගමට බෝනික්කිය වැඩිදියුණු කිරිමේ කොන්ත්‍රාත්තුව භාරදී තිබුණා. සුරූපී ආර්ය ජර්මන් යුවතියකගේ අනුරුවක් ලෙස වැඩි දියුණු කල බෝනික්කිය Borghild ලෙස (බෝගිල්ඩ් යනු නොර්ඩික් පුරාවෘත්තවල කියවෙන දේවතාවියකි - ඇයගේ නමෙහි තේරුම "සැඳෑ මීදුම" යන්නයි) නම් කොට තිබුණි. 1942 දී ඇයව බර්ලිනයේ පැවිති උත්සවයකදී මුල්වරට හිම්ලර්ට දක්වා ඇති අතර, ඇගේ සියොලඟ බොහෝ වේලාවක් අතපත ගාමින් සිටි හිම්ලර් හැකි ඉක්මණින් තමාට බෝනික්කියන් පනස් දෙනෙකු ලැබෙන්නට සලස්වන ලෙස අයි.ජී ෆාර්බෙන් සමාගමට නියෝග කල බව දැනගන්නට තිබෙනවා.

මහත් ධනස්කන්ධයක් වියදම් කොට නිමැවුවත් බෝගිල්ඩ් බෝනික්කියගේ පහස ලබන්නට නාසි සෙබලුන්ට වසනාව නොලැබුනේ ඒ වනවිට ජර්මනිට හතර වටෙන්ම පහරවදිමින් සිටි නිසායි. සෙක්ස් බෝනික්කන්ට කලියෙන් හමුදාවට අවි ආයුධ සපයාදිය යුතු නිසා ව්‍යාපෘතිය හමස්පෙට්ටියට ගිය අතර 1945දී මිත්‍ර හමුදා ඩ්‍රෙස්ඩන් නුවර සමතලා කොට දැමූ නිසා සෙක්ස් බෝනික්කියන් තැනූ විද්‍යාගාරයත්, බෝගිල්ඩ්ගේ අනුරූ සියල්ලමත් මුළුමනින්ම විනාශවී ගියා.

යටහත් පහත්ව, ආඩම්බරකාර තාත්තාට (ෆියුරර්තුමාට), ශ්‍රිරන්තී දේවතාවියට නෑහෙන්නට හොරෙන් කෙරෙන යෝජනා පොජ්ජ.....

ඔබවහන්සේ මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය, නිර්මල බුදුදහම, අඹුසැමි සබඳතා, පෙම් සබඳතා, හොර අඹු-හොර සැමි සබඳතා යනාදී සියල්ලේම යහපත පිණිස වෙබ්සයිඩ් තහනම් කිරීමේ ව්‍යාපෘතිය, මොබයිල් ෆෝන් චෙක් කරමින් බ්ලූ-කිල්ප් තියෙනවාද කියා සොයා බැලීමේ ව්‍යාපෘතිය, ලව්-කරන කොල්ලන් කෙල්ලන් අල්ලාගෙන පොලිසි ගෙනගොස් අවවාද කිරීමේ ව්‍යාපෘතිය, ලොකු හෝටල් මගහැර පොඩි පොඩි ගෙස්ට් හවුස් වලට පැන ලව් කපල්ස් අල්ලාගෙන ගොස් දඬුවම් කිරීමේ ව්‍යාපෘතිය වැනි මේකී නොකී ව්‍යාපෘති නහුතයක්ම ආරම්භ කොට ඇති බව අපි දනිමු. ඔබවහන්සේ මේ සියල්ලම කරන්නේ භික්ශූන් වහන්සේගේ අවවාදානුසාසනා අනුව ලෝකෙම නරකම තරුණ පරපුර යහමගට ගැනීමේ අවංක චේතනාවෙන් බව අපි දනිමු.

ඒත් මේ ඔක්කෝ නවත්තලා දැම්මාට පස්සේ නැට්ටට කිරි උනලා ගාය හැදිච්ච එවුන්ට අමාරුව ඇර ගන්න මොනයම්ම විධියක් නැතිවෙන බව ඔබවහන්සේගේ අවධානයට යොමු කරන්න බයෙන් වුනත් කැමැත්තෙමු. මේ විධියට මුන්ට ගාය ඇරගන්නට බැරි වුනොත් ගෙවල්වල ගෑනු මුරකරන්න සෙකුරිට දාලා යන්න හස්බන්ඩ් ලාට වෙනවා මෙන්ම, බාලිකා පාසැල්, ගාමන්ට් ෆැක්ටරි පරිස්සම් කරන්නට හමුදාවෙන් දාන්නටත් වුවමනා වෙන්නට බැරිනැත. පාරේ ඇවිදගෙන යන ගෑනුන් දිහා බලබල බෝක්කු උඩටවී ස්වයංවින්දනය කොරන තරුන පරපුරක් බිහිවීමේ අවදානමක් ඇති බවද ඔබ වහන්සේට දැනුන්දෙන්නට කැමැත්තෙමු.

මේ කරුණු සියල්ලම සලකා බලලා නාසි ජර්මනියේ කොලාක් මෙන්, මේ සිංහල බෞද්ධ නාසි රයිකයේත් පිරිමින්ගේ අමාරු ඇරගන්නට සෙක්ස් ඩෝල් ව්‍යාපෘතියක් ආරම්භ කරුවොත් නරකදැයි යෝජනා කිරීමට කැමැත්තෙමු. බෝනික්කිව හදාගන්නට අනුරූ අවශ්‍යනම් ඇනර්-කෙල්ල හෝ ලොකු සයිස් එකෙන් ඕනෑ අයට පබා කුමාරී අනුරුවෙන්ද සාදා දෙන්නට පුලුවන. වැහීගෙන යන ගාමන්ට් ෆැක්ටරි සෙක්ස් ඩෝල් ෆැක්ටර් බවට හරවා ග්‍රාමීය ආර්ථිකයට නව ගැම්මක් ලබාදෙන්නටත් අපේ ඇනර්ලා, පබාලා ඇමරිකාවට යුරෝපයට අපනයනය කොට ඩොලර් උපයන්නටත් හැකිවෙනු ඇත. සිලෝන් ටී වලට කරනවාක් මෙන් අඩුපාඩු නැති හොඳම බෝනික්කියන් රට පටවා ඩැමේජ් වෙච්ච ඒවා අඩු ගාණට ලෝකල් මාකට් එකේ විකුනනට පුලුවන.

නාසි ජර්මනියේදී මේක ටොප් සීක්‍රට් මිලිටරි ප්‍රොජෙක්ට් එකක් වුනු නිසා ගෝඨා අයියාටම වැඩේ බාරදෙන්න පුලුවන. මනෝවෛද්‍යවරයා වෙනුවට ඕනෑ නම් මර්වින් සිල්වාගේ සේවය ලබාගන්නට පුලුවන. ඔබතුමා රටේ සියලුම ප්‍රශ්ණ පෞද්ගලිකවම මැදිහත්වී විසඳනවාක් මෙන් මේ ගැටලුවටත් පෞද්ගලිකම මැදිහත්වී බෝනික්කී ව්‍යාපෘතිය වහාම අරඹන්නට නියෝග දෙන්නේනම් රටටම යහපතක් වේ. නෝනලාටත් හස්බන්ඩාට බෝනික්කෙක් අරගෙනදී සැනසිල්ලේ නිදාගන්නට පුලුවන්වනවා ඇත.

7 comments:

charmi said...

Good post!!!

Anonymous said...

අඹ ගහ යට ගොන් නඩේ කඩේ යාම

Anonymous said...

api apea ratata sina semu.

Anonymous said...

methana rosi na nea :(

SinhalaMag said...

ගොන් පාට්ස්

charmi said...

@ 1st Anonymous,
එය පුද්ගලික කොමෙන්ටුවකි. එය 'ගොන්'ද, නැතහොත් කඩේ යාමක්ද නැද්ද යන්න පිළිබඳව අදහසක් දැරීමට සහ එය ප්‍රකාශ කිරීමට ඔබට ඇති අයිතියට ගරු කරමි.

අඹ ගහ යට අඩවියට නිශ්චිත දේශපාලන මතවාදයක් නැත. අඹ ගහ යනු විවිධ මතවාද දරන්නන් ගේ එකමුතුවකි. එය සිංහල බ්ලොග්කරණයේ නියුක්ත ඕනෑම අයෙකුට විවෘත පොදු අවකාශයකි. එහි පළවන පෝස්ට් අදාල රචකයන්ගේ පුද්ගලික මතවාදයන් නියෝජනය කරන අතර අනෙකුත් රචකයන්ගේ ඒ සම්බන්ධ වගකීමක් නැත.
(කණ්ඩුලගේ මෙම අදහස් අනුමත කරන මා මෙන්ම එසේ නොකරන අයද අප අතර සිටී.)
නවක බ්ලොග්කරුවන් පිරිසකගේ මෙම නව අත්හදාබැලීම අවබෝධකරගන්නා මෙන් කාරුණිකව ඉල්ලමි.

Anonymous said...

මමත් ඔය බොනික්කියක් ගන්නවා.එතකොට කෙල්ලන්ගෙ ගෑස් බලන්න ඔනෙත් නෑ පොලිස් මාමලා ගෙන් කරදරයකුත් නෑ. හොඳ විසඳුමක්...