Saturday, November 27, 2010

බධා කරන මංත්‍රීවරුන් වෛද්‍යවරයා හමුවන්න - කථානායක ( හා උමතු මලයාගෙන් ප්‍රවේසම් වීම )

අද (27) ලක්බිම වාර්තාකරන විධියට ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්ණයක් නගමින් සිටියදී ආණ්ඩුපක්ශයේ මන්ත්‍රීවරු කිහිපපොලක්ම එයට බාධා කොට තිබෙනවා. මෙයින් කිපුණු කථානායක බාධාකරන අය පල්ලේහා (පාර්ලිමේන්තුවේ) ඉන්නා වෛද්‍යවරයා මුනගැසිය යුතුබවට ප්‍රකාශකොට තිබෙනවා.

මෙයින් හැඟෙන්නේ මෙම මන්ත්‍රීතුමන්ලාට යම් මානසික රෝගයක් ඇතැයි යන්න කතානායක නොකියා කියනවා යන්නයි. කතානායකට මන්ත්‍රීවරුන් ගැන හොඳ වැටහීමක් තිබීම අපේ සතුටට කරුණකි. එහෙත් අපට කතානායකගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඇත. එනම් කතානායකගේ මල්ලී, එනම් විධායක රජතුමා වහාම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමුවිය යුතුනැද්ද යන්නයි.

මේ මානසික රෝගීන් පාර්ලිමේන්තු ආවේත්, ඊයේ පෙරේදා ඇමති පත්වීම් ලැබුවේත් විධායක මලයාගේ ආශීර්වාදයෙන් බව කතානායක හොඳින් දන්නවා නේද? එසේනම් එවැනි පිස්සන්ට රටේ භාරධූර වගකීම් පවරන මිනිහා මොනතරම් උමතු පුද්ගලයෙක් වෙනවා ඇද්ද?

උත්තරීතර පාර්ලිමේන්තු සභාඝර්භය තුලදීම භික්ශූන්වහන්සේ නමකගේ රහසඟව මිරිකමින්, මහ පාරේ ගහගනිමින්, කුඩා දරුවන් ඇතුලු මිලියන ගණනාවක් නරඹන රූපවාහිනී වැඩසටහන් වලදී බැඳපු ගෑණුන්ගේ කුක්කු ඉල්ලන මානසික රෝගියාට මහජන සම්බන්ධතා ඇමතිකමක් දුන්නේ මේ උමතු විධායක නොවේද?

පාර්ලිමේන්තුවේ ඉන්නා තරුණ, නූගත් සිඟලායින්ට දෝස්තරලා හමුවෙන්න යයි අවවාද කරන උගත් කතානායක තම මල්ලියාගේ උමතු වැඩගැන නිහඬව සිටින්නේ උන්නැහේගේ පිස්සුවේ තරම දන්න නිසාද?

කොහොම වුනත් කතානයක කර ඇත්තේ නුවනක්කාරමක් බව අපේ වැටහීමයි. "පිස්සෙක් මිනීමැරුවත් ඌට නඩුදාන්න බෑ, ඒ නිසා පිස්සොත් එක්ක පැටලෙන්න යන්න එපා". අප නාහෙට නාහන ගැටව් වුනු සන්දියේ එක් දිනක මහපාරේ යන ගෑණුට ඇඳිවත උනා පෙන්නමින් විකාර නැටූ උමතු මිනිහෙකු සමග පැටලෙන්නට ගියවිට එක වියපත් වැඩිහිටියෙකු අපට උපදෙස් දී අප වලක්වාලූයේය

කතානායක පිලිපදින්නේද මේ වටිනා උපදෙසමයි. ඔනෑ එකෙකුට කොටලා නඩු නැතුව යහතින් ඉන්න පුලුවන් උමතු රජා එක්ක පැටලී අනාගතය අඳුරු කරගන්නට කැමතිවන් නේ මොන මෝඩයාද? මලයා වුනත් පිස්සුනේ.

4 comments:

Anonymous said...

මානසික දොස්තර හම්බ වෙන්න යන්න ඕන මේ බ්ලොග් එක ලියන අපතයා. මුගේ මොළේ මඤ්ඤං නෙග

රංචාගොඩ මුදියන්සේ said...

උඹලා වද කරන හින්දම ඔන්න මම අද උදේ ගියා....ලෙඩක් නෑ කිව්වනෙ බං?

Anonymous said...

හී, හී! උඹේ ලෙඩේ පච කියවන එකනෙ.

Anonymous said...

කණ්ඩුලයො උඹට වෙන වැඩක් නැද්ද..‍...උඹල ගැන දැන ගන්න බලපං...
http://maruwaxx.wordpress.com