Friday, November 19, 2010

එකායි, දෙකායි, තුනායි!!!! Regional Giant වීමේ මෙහෙයුම ඇරඹේ!


දෙවැනි පදවිප්‍රාප්තිය අවුඅස්සේ ඩෝං ගලා වෙඩිල්ලක් තියලා අපේ රජතුමා රටට අලුත්ම ඉලක්කයක් දුන්නා ඔන්න. ඒ ඉලක්කෙ තමයි ඉන්දියාවයි, චීනෙයි එක්ක එක පෙලට යන්න පුලුවන් විධියට ලංකාව කලාපයේ යෝධයෙක් කරන එක. ආසියාවි දියුණුම රටක් වෙලා අවුරුදු විස්සක් විතර ගියත් සිංගප්පූරුව පවා තවම කලාපීය යෝධයෙකු විධියට සලකන්නේ නෑ. ආඩම්බරකාර සිංගප්පූර් ටැක්සි කාරයෝවත් ලංකාවෙන් එහෙ යන අපිව ටැක්සියක දාගෙන කියන තැනකට අරගෙන යන ගමන් දාන කයිවාරු වලදී සිංගප්පූරුව දැන් කලාපීය යෝධයෙක් බව දන්නවා දැයි අහමින් පාරම්බාන්නේ නෑ. දියුණුවේ හිණිපෙත්තේ ඉන්න දකුණු කොරියන් කාරයෝ වුනත් තමුන්ගේ රටට කොච්චර ආදරේ තිබුණත්, රටේ දියුණුව ගැන මොනතරම් ආඩම්බර වුනත්, ඔය වගේ මෝඩ කතා කියන්නේ නෑ. ඒ මිනිස්සු ලෝක යථාර්තය දන්න නිසයි ඒ.

ඒත් ඔන්න අපේ මහ රජතුමාට ප්ලෑනක් තියෙනවලු කලාපයේ දියුණුම පොඩි රවටල් වෙන, සිංගප්පූරුව, තායිවානෙ, දකුණු කොරියාව වගේ රටවල් වලටවත් ලබාගන්න බැරිවුනු "කළාපීය යෝධයා" පට්ටම වැස්සකට ගිලෙන වානිජ අගනුවක් තියෙන බංකොලොත් රටට ලබාදෙන්න.

අඩුම ගානේ ඔය පදවිප්‍රාප්තියට කම්බස් කරපු සල්ලි කන්දරාවෙන් කොළම කාණුටික හදලා වැස්සට ගිලෙන එක හරි නවත්තලා ඔය කතාව කිව්වනම් මොකද. ලඟදි ඉංදියාව ආපු ඔබාමා මහත්තයා ඉන්දියාවට කිව්වේ දැන් නුඹලා කලාපීය යෝධයෙකු වෙලා ඉවරයි දැන් ඇමරිකාවත් එක්ක එක පෙලට ඉන්න, චීනෙට හොඳ තරඟයක් දෙන්න පුලුවන් ලෝක බලවතෙක් වෙමින් තියෙනවා කියලා. ඉන්දියාවට ඇවිලා ලංකාව පැත්තවත් නොබලපු ඔබාමා එහෙම කියද්දී රජතුමා කළාපීය යෝධයා ටෝක්ස් දෙන්නේ ඔබාමා ඉන්දියාවේ කරපු කතාව කුස්සියට මාළු ඔතාගෙන ආපු කොලයක තියෙනව දැකලා කියවලද කොහෙද.

රටක නායකයෙක්, තමුන්ගේ රටේ මිනිස්සුන්ට හොඳ ඉලක්කයක් දෙන එක බොහොම හොඳ වැඩක්. ඒත් ඉලක්කය වෙන්න ඕනෙ කරන්න පුලුවන් ප්‍රායෝගික ඉලක්කයක්.

තව අවුරුදු පහක් යනකොට කොළම ගිලෙන එක නවත්තලා, ඩෙංගු මදුරු උවදුර තුරන් කරලා, මිනිස්සුන්ට පහසුවෙන් වැඩට යන්න හොඳ ප්‍රවාහන සේවයක් ලබලා දෙනවා කිව්වනම් විරුද්ධකාරයෝ වෙන අපි වුනත් අඩුම ගානේ ඒ ප්‍රායෝගික ඉලක්කය ගැන සතුටු වෙනවා.

වරායක් හදලා ලැජ්ජා නැතුව තමුන්ගේම නම දාගෙන (අඩුම ගානේ පියාණන්ව සිහිවෙන්න එතුමාගේ නම දැම්මනම් කමක් නෑ) , ඉන්දියාවෙන් එන සතේට ගණන් බලන ලෝබ සංචාරකයෝ ප්ලේන් ලෝඩ් පිටින් ආවා කියලා අල් පෙනෙත්තක්, ඉඳි කටුවක් වත් හදන්නේ නැති, හැතැප්ම සීයක් ඈතින් තියෙන ගොවි පොලේ ඉඳලා වෙළඳපොලට එනකොට එලවළු පළතුරු අස්වැන්නේ 40%-50% විනාසවෙන, පැනඩෝල් පෙත්තක් නැති ඉස්පිරිතාල තියෙන, 100% බත්කන මිනිස්සු ඉන්න, ඒත් ඇමතිලා දෙන්නෙක් රටේම හාල් වෙළදාම කලුකඩ ජාවරමක් බවට හරවගෙන ඉන්න විසිලු රටක් කලාපීය යෝධයක් කරනවා කියන්නේ පහුවෙනිදා පත්තරේ පොල්ගෙඩි අකුරෙන් හෙඩ්ලයින් දාගන්න කරන මාධ්‍ය මෙහෙයුමක් මිසක් වෙන මොකක්ද?

12 comments:

Anonymous said...

මේ වරාය හදපු චීන්නු එහේ මොනවා කතා වෙනවද දන්නෑ නේද?

Ajith said...

Regional giant නෙමෙයි Reginald Jayantha

Anonymous said...

පොඩි අවුලකට තියෙන්නේ යුද්දෙටත් කිව්වේ ඔය ටිකමනේ. කරන්න බෑ කිව්වා. ප්‍රායෝගික නෑ කිව්වා. ඇමරිකාවටත් බැරි දේ අපට කරන්න පුළුවන්ද කියලා ඇහුවාග.

Anonymous said...

දැන් මහින්ද එහෙම කිව්වද? එහෙම නැත්නං ෆෙඩ්රිකා ජෑන්ස් කලා වගේ බොරුවට පත්ත්රේ දැම්ම ද දන්නෙත් නෑ. හැබැයි අවජාතකවාදෙට නං රෙදි නැතුව කඩේ යනවා. සුද්දා මෙහෙම කියල තියෙනවා (තොපිට ඉතින් අපේ එකෙක් කිව්වට ගතියක් නෑ නෙ)

"It's better to aim for the sky and ending up on a cloud than aiming for the cloud and ending up on earth"

ඇටමැස්සා said...

@ Any:
"It's better to aim for the sky and ending up on a cloud than aiming for the cloud and ending up on earth"

පුහ්.....

ඈයි දන්නෙ නෑ නේද සුද්දත් අපි හිතන විදිහටම හිතන්නෙ?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

පොඩි අවුලකට තියෙන්නේ යුද්දෙටත් කිව්වේ ඔය ටිකමනේ. කරන්න බෑ කිව්වා. ප්‍රායෝගික නෑ කිව්වා. ඇමරිකාවටත් බැරි දේ අපට කරන්න පුළුවන්ද කියලා ඇහුවාග.

=====

රටේ වාසනාවට යුද්ධෙ බාරදුන්නේ ඉලක්කෙට වැඩක් කරන්න පුලුවන් මිනිහෙකුට. ඔය තොරොම්බල් කාරයා සේනාධිනායකයා විධියට යුද්ධෙට අණදෙන්න ගියානම් අපි කියපුදේ ඇත්ත වෙනවා තමයි. ඒ නිසානේ ඒ මිනිහාව හිරේතියාගෙන ඉන්නේ. දැන් යුද්ධ කරලා දිනුවෙත් රජතුමාම තමයි. බඩුයි නඩුයි සාක්කිකාරයොයි නාඩුකාරයොයි ඔක්කෝම හාමුදුරුවන්ගේනේ....නේද ඇනෝ?

- KANDULA

Anonymous said...

What is the population of Japan? and why it is world second (or third) largest economy in the World?

Anonymous said...

Then according to your logic, Fonseka won the war alone. He was like Rambo or something! Go and suck an egg you idiot!

රංචාගොඩ මුදියන්සේ said...

Then according to your logic, Fonseka won the war alone. He was like Rambo or something! Go and suck an egg you idiot!

============================

Dear Anno,

You are only a brainless jack-ass who cannot fathom simple logic. You are asking me DID FONSEKA WIN THE WAR ALONE?

I ask you;

DID RAJAPAKSE WIN THE WAR ALONE?

DIDN'T FONSEKA DO ANYTHING?

Why is only Rajapakse touted as the hero and others as traitors? Why doesn't the gvt. acknowledge Fonseka's incomparable contribution? Why?

I don't mind sucking eggs. In fact I love eggs.

You seem to be sucking a big Rajapakse willy and like McDonald's say "LOVIN IT!"

රංචාගොඩ මුදියන්සේ said...

What is the population of Japan? and why it is world second (or third) largest economy in the World?

==================================

Read Japan's history my friend. If you read its history you will know that Japan was a closed, secret, backward Samurai country till 8th July 1853.

In that year an American Navy Commodore by the name of Mathew Perry came to Yokohama harbor with warships and threatened and forced Japan to open its markets to foreign trade.

The proud Japanese were humiliated and hurt. They were angry at Western Imperialism and decided that the only way to protect Japan and its honor is to be industrialized and developed like the west.

That is how Japan became and industrial power strong enough to fight world war II against USA and UK on Hitlers side.

A lot of people in Sri Lanka think Japan developed after World War II. Very wrong. Japan was a massive industrial power on par with Britain and Germany even in 1935.

Anonymous said...

"ඈයි දන්නෙ නෑ නේද සුද්දත් අපි හිතන විදිහටම හිතන්නෙ?"

කවුද එහෙම කිවුවේ? ප්‍රස්නෙ තොපි හිතන්නේ සුද්දො හිතන විදියට වෙච්ච එක. තොපිට ඕන සුද්දො වගේ වෙන්න මොකද තොපිට තියෙන හීන මානේ නිසා. බොලවු සුද්ද ඔතෙන්ට ආවෙත් කටු කාලා. හැබැයි සුද්දන් අතර තොපි වගේ අවජාතකවාදියො හිටියේ නෑ බොල. උන්ගෙන් මහ හුඟක උන්ගෙ රටවල් වලට ආදරේ කොලා. තොපි වගේ රටේ අඩු පාඩු කිය කිය බ්ලොග් පුරවන්නේ නැතිව උන් උන්ගෙ රටට ඒ වෙලාවෙ කොලෙත් වැඩ කොරන එක. උන් දැනන් හිටිය තොපි වගේ කුහක අඳෝනා කියන එවුන්ගෙන් වෙන්නේ රටේ මිනිස්සුන්ගේ මොරාල් එක බහින බව. තොපි අවලම් හැත්තට තමයි ඇණ ගහන්න ඕන.

Anonymous said...

DID RAJAPAKSE WIN THE WAR ALONE?
DIDN'T FONSEKA DO ANYTHING?

Yo, you retard, tell me, DID RAJAPAKSHE DO ANYTHING TO WIN THE WAR? Yes or No? No one is denying what Fonseka did in the war. But most of his critics are critical of his white flag story that defamed the country.

Yo, retard, you don't appriciate that it was MR who anded over the war to SF, which was the RIGHT move. You just don't want to accept that fact. If there was no SF, MR would have found another suitable person, as shown by the choices that were made in Navy, Airforce and STF. There's no denying that the coordination of the effort to win the war was done by MR. He coordinated the whole machine, where SF was an important wheel. SF is only an important wheel, but not the machine, and wheel has no way coordinationg the machine. Idiots like you, who are only interested in MR bashing fail to see this plain truth while allowing your arses to be raped by SF without any resistance