විකිලීක්ස් සී.අයි.ඒ මෙහෙයුමක්? කණ්ඩුලට පිස්සු හැදිලද? විකිලීක්ස් වෙබ් අඩවිය හා එහි මහජන මුහුණ [public face] වන ජිලියන් ඇසෙන්ජී ගැන මේ දිනවල නිතරම කියැවෙන කතාබහ වලට සවන්දෙන ඔබට සිතෙනවානම් එය පුදුමයක් නොවේ. එහෙත් කුප්‍රකට අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ක්‍රියාකාරකම් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙය එතරම්ම පුදුම සහගත චෝදනාවක් නොවනු ඇත. ඇසෙන්ජිගේ විකිලීක්ස් සිය සුප්‍රකට හෙලිදර්ව් මගින් අමෙරිකානු ආධිපත්‍යයට මෙතරම් හානියක් කරද්දී ඔහු මෙතෙක් කල් සී.අයි.ඒ ඝාතක කණ්ඩායම්වලින් ගැලිවී සිටියේ කෙසේදැයි මදක් සිතා බලන්න.
ඇෆ්ඝන් කාණ්තාරයේ රහසිගත කඳවුරු වල සැඟවී සිටින අල්-ඛයිඩා ත්‍රස්ත නායකින් සොයමින් ඝාතනය කරන ඇමෙරිකානු ඔත්තු සේවාවලට යුරෝපය පූරා නිදසේ ඇවිදිමින් අමෙරිකාව නැති භංගස්ථාන වන ආකාරයේ හෙලිදර්වු සිදුකරමින් සිටි ඇසෙන්ජී මෙතුවක් කල් නිරුපද්‍රිතව සිටියේ කෙසේද? අමෙරිකාවෙන් තර්ජන එන්නට පෙර ඇසෙන්ජිට තර්ජන ආවේ අරාබි ත්රස්තාවාදීන්ගෙනි. අරාබි ත්රස්තාවාදී ඝාතනයක් ලෙස හුවා දක්වමින් යුරෝපීය නගරයකදී ඇසෙන්ජිව මකා දැමීමට යුරෝපය පුරා (විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ) මෙහෙයුම් මධ්‍යස්ථාන තිබෙන සී.අයි.ඒ සංවිධානයට සුළුදෙයක් විය යුතුය. එහෙත් එසේ නොවූයේ ඇයි?
සී.අයි.ඒ කාරයින් මාධ්‍ය නිදහස අගයන අහිංසකයින් යයි ඔබ සිතනවාද? අමෙරිකාවට තර්ජනයක් වන (හෝ විය හැකියයි සැක කෙරෙන) ඔනෑම පුද්ගලයෙකු හෝ සංවිධානය නිතැතින්ම සී.යි.ඒ රහසිගත මෙහෙයුම්වල [covert operations] ඉලක්කයක් වෙයි.එසේ තිබියදී ඇසෙන්ජි යුරෝපය පුරා ඇවිදිමින් මාධ්‍ය නිදහස පිලිබඳ සම්මන්ත්රණ අමතමින් එම සම්මණ්ත්‍රණ සංවිධානය කරණ ආයතනවල සුරූපී ගැහැණුන් සමග සැතපෙමින් නිදහසේ සිටියේ කෙසේද? ඇසෙන්ජී රිමාන්ඩ් භාරයට පත්වුනේත් ඔහුගේ Wikileaks නිසා නොව ඔහු සැතපුනු යුවතියන් අතරින් දෙදෙනෙකු ඔහුට ලිංගික හිංසා චෝදනා ගොනුකිරීම නිසාය. මින් එක් ගැහැණියක් සී.අයි.ඒ ක්ෂේස්ත්‍ර මෙහෙයුම් කරුවෙකු [CIA field operative]සමග සමීප සබඳතා පැවැත්වූ බව මේ වනවිටත් හෙලිවී ඇත. ඒ පිලිබඳව අප පසුව සලකා බලමු.
CIA, UK and Australia
ඇසෙන්ජී ඔස්ට්‍රේලියන් ජාතිකයෙකි. ඔහු අත්ඩංගුවට පත්වුනේ ලන්ඩනයේදීය. බ්‍රිතාන්‍ය ආගමන විගමන නිලධාරීන් ලන්ඩන් අධිකරණයට වාර්තාකල ආකාරයට ඔහු බ්‍රිතාන්‍යයට ඇතුළුවූයේ කෙසේදැයි සොයාගත නොහැක. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකු ව්‍යාජ ගමන් බලපත්‍රයකින් හෝ රටකට ඇතුලුවිය යුත්තේ එහි ගුවන් හෝ නාවික තොටුපලකිනි. මෙය ලෝක නායකයින්ට පවා පොදුය. රජාපක්ශ ජනපති ලන්ඩනයට ගියේ ඔහු හා ඔහුගේ නඩයේ සියලු සාමාජිකයින්ට විමල් වීරවංශ පිස්සු නැටූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයට සිය ගමන් බලපත්‍ර යවා වීසා සටහන් කරගැනීමෙන් අනතුරුවය. එහෙත් ඇසෙන්ජි ආවේ කෙසේදැයි පැහැදිලි වාර්තා නැත. පොලීස්යෙන් ඒ පිලිබඳව ප්රශණ කරන්නේද නැතිගානය.
මේ මිනිහා රට තුලට ආවේ කෙසේදැයි සොයන්නට පොලීසියට හෝ ගමන විගමන නිළධාරින්ට උවමනාවක් නැති ගානය. එකම උනන්දුව කැඩුනු කොන්ඩොමයකට විදේශීය ගැහැනියක දැමූ නඩුවක් නිසා නිකුත් වුනු නිශ්ඵල වරෙන්තුවකට ඔහුව අතඩංගුවට ගැනීමට පමණි. පොලීසිය හෝ විගමන නිළධාරීන් මේ ප්‍රශ්ණ නාසන්නේ කවුරුන්හෝ අපහසුතාවයට පත්වීම වලක්වන්නට වගේය. ඉහලින් බරපතල නියෝග පැමිණ ඇතිබව පෙනේ.
පුදුමයක් නොවේද? ත්රස්තවාදීන්ට බියෙන් වැටකඩොලු බැඳගෙන ඉන්නා බ්‍රිතාන්‍යය කිසිවෙකුට නොදැනෙන්නට රටතුලට පැමිණි එකෙක්, එය සිදුකලේ කෙසේදැයි සොයන්නට උනන්දු නොවේ. එහෙමත් නැත්තම් ඇසෙන්ජී ආවේ කෙසේද ඔහුව ගෙනවේ කවුද යන්න බ්‍රිතාන්‍යයේ බලවතුන් දන්න රහසක් විය යුතුය. ඕවා සොයන්නට යාමෙන් රහස හෙලිවෙන නිසා පොලීසිය නිශ්ෂබ්දව සිටින බව පෙනේ. බ්‍රිතාන්‍යයේදී සී.අයි.ඒ සංවිධානය බ්‍රිතාන්‍ය පොලිසියට හා ආගමන විගමන නිළධාරීන්ට වඩා බලසම්පන්නය. බ්‍රිතාන්‍යය තුල ඇති අමෙරිකානු ගුවන් කඳවුරු තුලින් සී.අයි.ඒ ගුවන්යානා රහසිගත මෙන්ම නීති විරෝධී ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා විදේශීය රටවල් බලා පිටත්වේ. විදේශීය රටවල්වලින් එක් රැස් කරගන්නා තොරතුරු ගබඩා කරගත් සී.අයි.ඒ යානා නිරන්තරව බ්‍රිතාන්‍ය ගුවන්සීමාව හරහා එහා මෙහා යයි. එහෙත් මෙමේ යානාවල නියමුවන්ගෙන් කිසිදු ප්‍රශ්ණයක් නැගීමට, තොරතුරක් ඉල්ලීමට බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට හෝ ගුවන් සීමා රේඩාර් මෙහෙයුම් නිළධාරීන්හට නොහැකිය. උන්ගේ බලපරාක්‍රමය එසේය. ඇසෙන්ජි එන්නට ඇත්තේත් එසේ විය හැකිය. නැතහොත් ඔහුට ගමන් බලපත්‍රය වෙනුවට සී.අයි.ඒ ලියකියවිලි තිබෙන්නට ඇත.
බ්‍රිතාන්‍යයට අමතරව ඔස්ට්‍රේලියාව යනු අමෙරිකාවෙන් පිට දැවන්තම අමෙරිකානු හමුදාකඳුවුරු ඇති රටයි. ඔස්ට්‍රේලියාවේ පමණක් ඇති අමෙරිකානු යුධ හා රහස් ඔත්තු කඳවුරු ගණන 68කි. මින් විශාලම කඳුවුරවන්නේ ඔස්ට්‍රේලියානු මධ්‍යම කාන්තාරයේ ඇලිස් ස්ප්‍රිං නගරයට ආසන්නව ඇති පයින් ගැප් [Pine Gap] නම් අතිශය රහසිගත කඳවුරයි (සිතියම හා ගූගල් චන්ද්‍රිකා ඡායාරූපය බලන්න ). ප්‍රසිද්ධ කොට ඇති ආකාරයට පයින් ගැප් යනු නාසා ආයතනය හා අමෙරිකානු ගුවන් හමුදා ඔත්තුසේවා භාවිතාකරන අභ්‍යවකාශ නිරීක්ශණ [Space Surveillance & Tracking] හා ගුවන් විදුලි තරංග මගින් රහස්දත්ත උකහාගන්න සිග්නල් ඉන්ටෙලිජන්ස් [Signal Intelligence-SIGINT]මධ්‍යස්ථානයකි. නිළවශයෙන් මෙහි සේවය කරන සංඛයාව 800ක් බව පැවසුනත් නිළනොවන වශයෙන් ප්‍රසිද්ධවී ඇති ආකාරයට පයින් ගැප් කඳවුරේ සී.අයි.ඒ නිළධාරීන් පමණ 2000ක් පමණ සේවය කරයි. එනම් අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ලැන්ග්ලි දිස්ත්‍රික්කයේ [ Langly - Virginia] ඇති සී.අයි.ඒ මූළස්ථානයට වඩා සී.අයි.ඒ නිළධාරීන් පිරිසක් පයින් ගැප් මධ්‍යස්ථානයේ ඇති භූගත කඳවුරේ [Deep Underground Military Base] සේවය කරයි.

Location of Pine Gap SIGINT & Deep Space Tracking Station |
Satellite Photo of Pine Gap Tracking Station |
බ්‍රිතාන්‍යයේ සිට සිදුවෙන සී.අයි.ඒ රහසිගත ගුවන් මෙහෙයුම් වලට අමතරව බ්‍රිතාන්‍යයේ ඇති සී.අයි.ඒ සන්නිවේදන තොරතුරු ජාල මගින් සී.අයි.ඒ සංවිධානය අමෙරිකානුවන්ගේ දුරකථන සංවාද හා විද්‍යුත් තැපැල් හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික සංනිවේදන වලට සවන්දෙයි. සී.අයි.ඒ සංවිධානය මෙසේ බ්‍රිතාන්‍යයේ ඇති මධ්‍යස්ථානයක් හරහා ඇමෙරිකානුවන් ගැන ඔත්තු සොයන්නේ සී.අයි.ඒ සංවිධානය බිහිකල අමෙරිකානු රහස් ඔත්තුසේවා පනත මගින් සී.අයි.ඒ සංවිධානයට අමෙරිකාවතුල මෙහෙයුම් කිරීම හා අමෙරිකානුවන්ගේ තොරතුරු එක් රැස් කිරීම තහනම් කොට ඇති නිසාය.ඇමෙරිකාව තුලදී තහනම් නිසා සී.අයි.ඒ එක බ්‍රිතාන්‍යයේ සිට ඇමෙරිකානුවන් ගැන ඔත්තු බලයි. ඇමරිකන් නීතිය පිලිබඳවම සී.අයි.ඒ සංවිධානය තුල ඇති ගෞරවය එසේය. සී.අයි.ඒ සංවිධානය අමෙරිකානුවන්හට සලකන්නේ එසේ නම් ඇසෙන්ජී වැනි යුරෝපයේ රස්තියාදු ගහන ඔස්ට්‍රේලියන් කරදරකාරයෙකු මෙතෙක් කල් ජීවත්වීම පුදුමයක් යයි ඔබට නොසිතෙන්නේද?
Anna Ardin & Julian Assengie
දැනට වාර්තාවෙන ආකාරයට ඇසෙන්ජි සල්ලාල ගතිපැවතුල් ඇති ස්ත්‍රී ලෝලියෙකි. ඔහු ආගන්තුක කාන්තාවන් හා පවත්වන ලිංගික සබඳතා නවත්වා දමන ලෙස ඔහුගේ හිතවතුන් හා විකිලීක්ස් කළමණාකරුවන් ඔහුට නිතර අවවාද කරතිබේ. ඇනා ආඩින් යනු ජුලියන් ඇසෙන්ජී ලිංගික සබඳතා පැවතූ එක් කාන්තාවක් වන අතර ඔහුට ලිංගික චෝදනා එල්ලකර ඇති කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකි. ස්වීඩන් ජාතිකයෙකු වන ඇය ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශයට අනුබද්ධ දෙශපාලන සංවිධානයක ක්‍රියාකාරිණියක් විය. 2010 වසරේ අගෝස්තුවේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ස්වීඩන ප්රජතාන්ත්රවාදී පක්ශය මගින් සංවිධානය කරන ලද සමුලුවකට ඇසෙන්ජී සහභාගී වුනු අතර ස්ටොක්හෝම් නුවරදී ඇසෙන්ජී නවාතැන් ගෙන ඇත්තේ ඇනාගේ ආරාධනයකට අනුව ඇයගේ නිවසේය. අගෝස්තු 13 වැනි දින (හෝ 14වැනි දින එලිවන ජාමයේ) ඇය සිය කැමැත්තෙන්ම ඇසෙන්ජී සමග යහන් ගත වී ඇති අතර ඇයගේ චෝදනාව වන්නේ මෙම සබඳතාවයේ ඇසෙන්ජී විසින් උවමනාවෙන්ම පැලඳ සිටි කොන්ඩොමය සිදුරුකල බවයි. ස්වීඩ්න නීතියට අනුව මෙවැනි ක්‍රියා ස්ත්‍රී දූශනයක් ලෙස අර්ථ දැක්වේ. ඒ අනුව කාන්තාවක් සිය කැමැත්තෙන්ම පිරිමියෙකු හා යහන්ගත වුනත් ලිංගික ක්‍රියාව අතරතුරදී පිරිමියා විසින් සිදුකරන යම් නොමනා ක්‍රියාවක් නිසා ඇයට ඉන් ඉවත් වන්නට උවමනාවුව හොත් පිරිමියා විසින් ඒ අවස්ථාව ඇයට ලබාදිය යුතුය. නැතහොත් එය ලිංගික බලහත්කාරකමක් ලෙස අර්ථ දැක්වේ. ඇසෙන්ජීට චෝදනා එල්ලවී ඇත්තේ මෙම වගන්තිය අනුවය.
ඇනාගේ ජීවන තොරතුරු සොයා බැලීමේදී ඇය ෆිඩෙල් කැස්ත්‍රෝ විරෝධියෙකු වන අරතර කැස්ත්‍රෝ විරෝධී සංවිධානයක සාමාජිකාවක වූ අතර මෙය සී.අයි.එඊ ස\විධානයේ මූල්‍යමය ආධාරය මත ක්‍රියාත්මක වන සංවිධානයක් බවට ප්‍රසිද්ධය. ඇනා ආර්ඩින් මෙම සංවිධානයේ ආරාධනයෙන් ඉතා රහසිගතව කියුබාවේ සංචාරය කොට තිබේ. කියුබාවේදී ඇනා, ලුවී පොසාඩා නම් සී.අයි.ඒ නියෝජිතයා සමග ක්රීයාකොට ඇති අතර ලුවී පොසාඩා ඇනා සබඳකම් පැවතූ කැස්ත්‍රෝ විරෝධී සංවිධානයේ ප්‍රධාන ආධාරකරුවෙකු හා එයට අමෙරිකානු මූල්‍යමය ආධාර ලබාගැනීමේදී මූලිකවී කටයුතුකල තැනැත්තෙකි. ෆිඩෙල් කැස්ත්‍රෝ විරෝධී සංවිධාන සියල්ලම පාහේ සී.අයි.ඒ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියුබාව අමෙරිකාවේ අංක එකේ හතුරෙකු ලෙස තවමත් සිටින නිසාය. මේ අනුව බලන කල සුරූපී ඇනා සී.අයි.ඒ සංවිධානය මගින් ඇසෙන්ජි ගේ විකිලීක්ස් ව්‍යාපෘතියට ආධාර කිරීමට මෙන්න ඔහුගේ ස්ත්‍රී ලොල් භාවය හරහා ඔහුව පාලනය කිරීමටත් අවශ්‍යවුවහොත් විනාශකිරීමටත් යොදාගත්තා විය හැකිය.
Is Wikileaks a part of CIA Cyber intelligence operation?
විකිලීක්ස් සී.අයි.ඒ බළල් අතක් බවට මුලින්ම චෝදනා කලේ ජෝන් යං නැමති විකිලීක්ස් ආදීකතෘ වරයෙකි. ජෝන් යංග් විකිලීක්ස් හි ආරම්භක සාමාජිකයෙකු වන අතර විකිලීක්ස් අඩවියට විවිධ රහසිගත තොරතුරු ලබාගැනීමට බෙහෙවින් උපකාරකල තැනැත්තෙකි. විකිලීක්ස් සමාරම්භයට පෙරසිටම cryptome.org නම් වෙබ් අඩවිය හරහා අන්තර්ජාලයතුලට විවිධ රහසිගත තොරතුරු මුදාහරිමින් සිටි ජෝන් යංග් විකිලීක්ස් ආරම්භයේම එහි සාමාජිකයෙකු වුනේ මෙතෙක් කල් ඔහු විසින් අපහසුවෙන් සිදුකරගෙන ගිය කාර්යය විකිලීක්ස් හරහා තවත් වැඩිදියුණු කරගැනීමටයි. එහෙත් 2007 වසරේ ජනවාරියේ ජෝන් විකිලීක්ස් ව්‍යාපෘතියෙන් ඉවවත්වුනේ එය සී.අයි.ඒ බළල් අතක් බවට පත්වී ඇති බවට චෝදනා කරමිනි.
ජෝන් යංග් විසින් හෙලිකරන තොරතුරු අනුව විකිලීක්ස් සංවිධානය සී.අයි.ඒ සයිබර් ක්‍රියාන්විත සඟවා ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ. අතිදක්ශ පරිගණක තාක්ශණඥයින් සේවය කරන විකිලීක්ස් පරිගණක ජාල හරහා චීනය වැනි අමෙරිකාවට සතුරු රටවල්වල පරිගණක ජාලවලට රහසිගතව ඇතුලුවී ඒවායේ දත්ත සී.අයි.ඒ මෙහෙයුම් කරුවන් හට ලබාදෙයි. එයට ප්‍රති උපකාර වශයෙන් සී.අයි.ඒ සංවිධානය විසින් විකිලීක්ස් හට අතිශය රහසිගත, එහෙත් උපායමාර්ගිකව අමෙරිකාවට හානියක් නොවන තොරතුරු විකිලීක්ස් හට ලබාදෙයි. මේ අනුව විකිලීක්ස් නිළවශයෙන්ම අමෙරිකානු හා බටහිට විරෝධී ආයතනයක් ලෙස ලොව පුරා පිලිගැනෙන අතර කිසිවෙකුත් එය අමෙරිකානු ගැති ආයතනයක් ලෙස නොසිතනු ඇත.
Anna Ardin & Julian Assengie
![]() |
Anna Ardin |