Sunday, September 26, 2010

සෝයා ගිනි දෙවියාට : මේ දේශද්‍රෝහී ගොයියන් ගස් බඳිනු.



සැප්තැම්බර් 26 ඉරිදා ලංකාදීප අන්තර්ජාල සංස්කරණයට ලිපියක් ලියපු දඹුල්ල වාර්තාකරුවා දඹුල්ලේ සොයා ගොයිමහත්තුරු සෝයා වී විකුණා ගැනීමට බැරුව ගිනිතියන බවට වාර්තාවක් ලියලා, පිංතූරත් දාලා තිබුණා.

බලන්න මේ රජය ගොයියන් රජකරවන්න, අපි වවා රට නගන්න කොච්චර ධාරාණිපාත වැඩපිලිවෙලවල් ගෙනල්ලා පත්තර පිටුවල ෆුල් පේජ් දන්වීම දාලා ප්‍රචාරය කරමින් ජහමනතාව දැනුවත් කරමින් හිටියත් මේ හඩු ගොයියෝ හදන්නේම රජය අපහසුතාවයට පත්කරන්නනේද? මොන තරම් අපරාධයක්ද?

"අපි වවමු, රට නගමු" බලන්න කොච්චර සුන්දර වචන පේලියක්ද කියලා. ඒත් මේ දඹුලු හඩ්ඩන්ට තේරෙන්නේම නෑනෙ මේ වටිනා වැඩපිලිවෙලවල්. අලි යෙක් ආවොත් කෑගහනවා අලි පන්නපල්ලා කියලා, පොඩ්ඩ්ක පෑව්වොත් කියන්වා වස්සපියව් කියලා, මොනතරම් අසාධාරණද? මේ රජය තමුන් සංවර්ධනය වෙන්න මෙච්චර වැඩ පිලිවෙලවල් ප්‍රබන්ධකරලා, කොපි රයිටර්ලා ලව්වා ලස්සන පද ගලපලා බොක්කටම දැනෙන "ටැග් ලයින්" හදවලා, පත්තරවල දාලා, ටී වී එකේ ඩිබේට් කරවද්දි මේ ගොයියෝ හදන්නේම කකුල්මාට්ටු දාන්නනෙ මේ වටිනා දේශප්‍රේමී, මානව හිතවාදී ඒකාධිපති පාලනයට. කොච්චර වැරදිද?

වී වවන්න සහනාධාර මෙච්චර දෙද්දී, සහතික මිලටත් වැඩියෙන් කුඹුරටම ඇවිල්ලා වී ගනිද්දී මුන් විකුණගන්න බැරි සෝයා වවන්ඩ ඇත්තේම මොකක් හරි කුමණ්ත්‍රණයකට වෙන්න ඇති මම කියන්නේ...

විකුණ ගන්න බැරි ජරාව වවලා, දැන් පාරවල් ගානෙ පුච්චනවා. විකුණන්න බැරිනම් කාපල්ලකො සෝයා. සෝයා වලින් කොච්චර දේවල් කරන්න පුලුවන්ද? ගොයියන්ට ගෙදරදීම සොයන් රැකියාවක් විදියට සෝයා මීට්, සෝයා තෙල්, සෝයා පිටි, සෝයා අයිස් කිරිම් හදලා විකුණන්න පුලුවන්නේ.කම්මැලි කමට මුකුත්ම නොකර, අස්වැන්න කපලා ගෙට අරගෙන රජය අපහසුතාවයට පතකරන මුන්ව අල්ලලා ගස් බැඳලා දිමිගොටු දාන්න ඕනෑ.

ඒවිතරක් නෙමෙයි, මේවා ෆොටෝ ගහගහ රටවටේම ප්‍රසිද්ද කරන ඔය වාර්තාකාරයටත් සම්බු දුන්නොත් හොඳයි, නැත්නම් මේක බේරගන්න බැරිවෙනවා හැම නාටු කෝටු ජර්නලිස්ට් ගඩ්ඩාම කැමරා ෆෝන් උලුක්කරගෙන රටවටේ වෙන දහදුරා වැඩ පොටෝ ගහගහ කොළඹට එවන්න ගත්තොත්.

කුමණ්ත්‍රණකාරයෝ!!!

3 comments:

Anonymous said...

හොරු එදත් මෙ රට කැවා. අදත් මෙරට කනවා, ජනාධිපතිට ඇති කෙහෙල් මල් බලතලයක් නැහැ, නිතියටවත් නැහැ. හොරුන් හැමදාම වැජඹෙනවා, දුප්පත් මහන්සිවෙන මිනිස්සු හැමදාම දුක් විදිනවා. රජයට වැටහිමක් නැහැ, හොරකම් කරන්නෙ කවුද කියලාවත්. නඩුත් හාමුදුරුවන්ගෙ , බඩුත් හාමුදුරුවන්ගෙ. මෙකයි සුද්දා අපිව අතරමන් කරා, දැන් අපි සිංහලත් නෙමෙ, ඉංග්‍රිසිනුත් නෙමෙ.කලවම් ජාතියක්.

අහිංසක අසරන මිනිස්සුන්ගෙ මහන්සිය හුරන් කාලා තමන්ගෙ පුතාලව දුවලව උගන්වන්න රට අරින ඈයින්ට වන දෙ ගැනත් අපි බොහොම උපෙක්ෂාවෙන් බලන් ඉන්නවා.

රංචාගොඩ මුදියන්සේ said...

සමාවෙන්න,

1] සුද්දා අනාතකරලා ගියේ අපි විතරද? අපිට උඩින් තියෙන ඉන්දියාවත්, අපිට වඩා දියුණු මැලේසියාව, තායිලන්තය වගේ (සිංගප්පූරු උදාහරණය මට අප්‍රිය වී ඇත) රටවල් සුද්දා අතහැරලා ගියේ එහෙමයි. අපි සුද්දටයි, දෙමලටයි, තම්බියටයි බණින එක නවත්තපු දවසට, උන්ට බැන බැන මිනිස්සු රවට්ටමින් රට කන නායකයින් පන්නන දවසට මේ රට දියුණුවෙන්න පටන්ගනී.

සුද්දට බැන බැන ඉන්න අපි එක තැන පල්වෙන්නත්, සුද්දන්ට බනින්නේ නැතුව, උන්ව ගෙන්නාගෙන වැඩ ගන්න ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය, පිලිපීනය දියුණුවෙන්නත් හේතුව නිකමටවත් හිතලා බලන්න....

2]ඉන්දියාවෙ දෙමව්පියොත් ලමයි රට යවනවා, උන් ඒ රටවල් වලට ගිහිල්ලා, ඉගෙන ගෙන රස්සාවල් කරලා, සල්ලි හම්බුරගෙන, අලුත් සංකල්ප, තාක්ශණය, කළමණාකාරණ දැනුම පුරවාගෙන ආපහු ඉංදියාවට ඇවිල්ලා රට දියුණු කරන්න සමාගම් පටන් ගන්නවා.

ඉන්දියාවේ ආණ්ඩුව "විදේදීය කුමණ්ත්‍රන" බොරු බයිලා නැතුව මේ තරුණයින්ට උදව් කරනවා. (අපිට මෙන් නොව ඉන්දියාව සැබැවින්ම පකිස්තානයෙන් කුමණ්ත්‍රන තර්ජන තිබේ)

ඒත් අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ගියොත් ආයෙ එන්නේ නෑ...

ඇයි?

ඇවිල්ලා මොනවා කරන්නද? රාජපක්ශලා අඳුරනවානම් කුට්ටියක් සොයාගන්න පුලුවන්, නැත්නම් වැඩක් නෑ. ඉගෙන ගත්ත, ආත්මරුත්වයක් ඇති එකෙක් ඔය රැළට කඹුරන්න කැමතිවෙයිද?

රටයන ඉන්දියන් තරුණයින් කලකට පස්සේ ආයෙත් ඉන්දියාවට ඇවිත් ඉංදියාවේ නවතින්නේත්, අපේ එවුන් කලකට පස්සේ ඇවිල්ලා කෙල්ලෙක්ව බැඳගෙන(නැත්නම් කොල්ලෙක්ව හොයාගෙන) එයාලත් පටවගෙන ආපු රට යන්නේත් ඔය වෙනස නිසයි.

Anonymous said...

2වනි කොමන්ටුව දාපු ඈනියටයි මම මෙ කියන්නෙ.
සුද්ද ලන්කාවට ඈවිල්ලා අපෙ රටෙන් දෙවල් අරන්ගියා,එක ඈත්ත.නමුත් නිකන් නෙ වෙයි.අපිටත් දෙවල් දිලා.++උඩරට දුම්‍රිය මාර්ගය හොදම උදාහරනයක්.ඔක සුද්ද හෑදුුවෙ නෑත්තම් අදටත් අපෙ අයට උඩරට දුම්‍රිය මාර්ගය සිහිනයක් විතරයි.තව උදාහරන ඔනතරම්...
අපෙ මිනිස්සුන්ගෙ කම්මෑලිකම පුහු මාන්ය සහ දෙශපාලුවන්ගෙ බොරු තෙරුම් අරන් හෑදිච්ච දාට රටට අනාගතයක් තියෙයි.අපෙ අය හුරු වෙලා තියෙන්නෙ ඉපදුන නිසා ඔහෙ මෑරෙනකල් කොහොමහරි ජිවත් වෙලා කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් කාලා ඉන්ඩ.රටෙ ලොකෙ වෙන්නෙ මොකක්ද කියල හිතන්ඩ කාඑමති නෑ.එකට හෙතුව රටට හෙන ගහුවත් මොකද මට හෙන ගහන්නෑ නෑත්තම් කියන අරමුන.රටක් විදිහට හිටන්ඩ තරම් අපෙ අය රටට ආදරෙ නෑ.(එහෙම හිතන්ඩ දෙශපාලුවො ඉඩ දෙන්නෙත් නෑ.)