Friday, April 20, 2012

බොරු, පට්ටපල් බොරු සහ මහ බැංකු ස්ටැටිස්ටික්ස්


2010දී ඩොලර් 2400ක් වූ ඒකපුද්ගල ආදායම 2011දී ඩොලර් 2836ක් වීමේ ආස්චර්යය ගැන දිනමිණ කඩමාල්ල මහා පම්පෝරි ගැසුවේය. ආණ්ඩුවේ පඩිකන (නැතහොත් ජරාව කන) ඉකොමික් ඉස්පැසලිස්ට්ලා කියනා විධියට මෙය මහින්දා චින්තනය අනුව රට ලබන සීග්‍ර සංවර්ධනයේ ප්‍රතිපලයකි.

සැබැවින්ම ආස්චර්යයකි! එහෙත් ආස්චර්යය පුපුරා යන්නේ රුපියලෙන් ගණනය වන දල ජාතික නිශ්පාදිතය ඩොලර් බවට හැරවීමේදී සුදුකරන ලද හංගලා ගැහිල්ල හෙලිවීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් දල ජාතික නිශ්පාදිතය, ඒක පුද්ගල ආදායම වැනි දෑ ගණනය කිරීමේදී මුලින් එය රුපියල් වලින් ගණනය කරන අතර (සියලු ගණුදෙනු සිදුවන්නේ රුපියල් වලින් බැවින් ) පසුව එය ඩොලර් අගයක් බවට පරිවර්තනය කරයි. සාමාන්‍ය සම්ප්‍රදාය නම් මෙසේ ඩොලර් බවට හැරවීමේදී එක්තරා ස්ථාවර විනිමය අනුපාතයක් (base exchange rate) වසර ගණනාවක් පුරා භාවිතා කරයි. උදාහරණයක් ලෙස  1USD = රු.100 ලෙස වසර 2005 සිට 2015 තෙක් යොදා ගත හැකිය, එවිට 2005 සිට 2015 දක්වා සෑම වසරකම දලජාතික නිශ්පාදිතය රුපියල් වලින් ඩොලර් වලට හරවන්නේ එකක් රුපියල් 100 යන අනුපාතයටයි.

මෙසේ කරන්නේ නිතර වෙනස්වන විනිමය අනුපාතය මගින් ගණනය කිරීම් හා සංසන්දනය කිරීම් වලදී සිදුවන වැරදි නිගමන වලක්වා ගැනීමටයි.

එහෙත් අපේ මහ බැංකු අයියලා 2010 හා 2011 දලජාතික නිශ්පාදිතයින් ඩොලර් බවට හරවා තිබෙන්නේ විනිමය අනුපාත දෙකකටය. 2010දී 1 USD = රුපියල් 113කට වන අතර 2011දී 1USD = රුපියල් 110.54ක් ලෙසය.

මේ අනුව දලජාතික නිශ්පාදිතය හා ඒකපුද්ගල ආදායම වැඩිවී තිබෙන්නේ රටේ නිශ්පාදන හා ආදායම වර්ධනය වූ නිසාම නොව සංචිත ටික පුච්චමින් ඩොලර් එක උඩ තියාගෙන සිටි නිසාය.

මෙය වෙන්නේ කොහොමදැයි සරල පැහැදිලි කිරීමක් කරනවා නම්;
2010 හා 2011 වසර දෙකේම ඒක පුද්ගල ආදායම රුපියල් 100,000ක් ලෙස ගනිමු. එනම් ඒක පුද්ගල ආදායම රුපියලෙන් ගණනය කිරීමේදී වැඩිවීමක් නැත.
දැන් අපේ මහ බැංකු ඩොලර් සූත්තරේට අනුව 2010 දී ඩොලරය රුපියල් 113 ලෙසද 2011 දී ඩොලරය රුපියල් 111.54 ලෙසද ගෙන 2010 හා 2011 ඒක පුද්ගල ආදායම් ඩොලර් වලට පරිවර්තනය කරමු.

2010 per capita income in USD = 100,000/113      = 884.95 
2011 per capita income in USD = 100,000/111.54 = 896.53
කොහොමද වැඩේ??? 2010 හා 2011 වසරවල දල ජාතක ආදායම සත පහකින් හෝ වැඩි නොවුනත් වෙනස් විනිමය අනුපාත නිසා ඩොලර් වලින් පෙන්වන විට වැඩිවීමක් පෙන්වා ඇත....
ඔන්න ඔහොම තමයි අපේ චාටර්ඩ් එකවුන්ටන්ට් කබ්සිතුමා අපටත්, රටටත්, රජටත්, ලෝකෙටත් ආස්චර්යමත් සංවර්ධනයක් මවා පාන්නේ.....

හි‍යැක් ෆුහ්....





3 comments:

Anonymous said...

මේ වගේ දෙයක් කියවල තේරුම් ගන්න පුළුවන් කී දෙනාද රටේ ඉන්නේ ?

එ කට්ටියගෙන් කින් කීදෙනාටද Internet තියෙන්නේ ?

Internet තිබිලා මේ විස්තර හොයාගන්න ලැබෙන්නේ කින් කීදෙනාටද ?
මේකෙන් නිගමනය කරන්න පුළුවන් එක දෙයයි

එජාපය බුධිමය සංවාද අතහැරලා දේශප්‍රේමී යෝ වගේ කැගහනකල් එජාපයට කවදාවත් ආණ්ඩුවක් ගන්න ලැබෙන්නේ නැහැ

කළු පූසා

Anonymous said...

හා එහෙනම් කියන්ඩ බලන්න 2010 යි, 2011 රේට්ස් අනුව හරි ආදායම?

ඒක කියන්නේ නැත්තේ පීචං ගතියක් දැනෙන හින්දද?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
හා එහෙනම් කියන්ඩ බලන්න 2010 යි, 2011 රේට්ස් අනුව හරි ආදායම?

ඒක කියන්නේ නැත්තේ පීචං ගතියක් දැනෙන හින්දද?
-----------------------

පීචන් ගතියක් දැනෙන්නේ උඹ වගේ හෙළුවෙන් හූ කියන එකෙක් තැනකට ආවමනෙ? ගඳයා පැමිණියා, දැන් ඉතින් අලුත් පෝස්ට් එකකට