Thursday, April 26, 2012

කිව්වම මොකද?-අතිශයින්ම බොළඳ සුදු වෑන් චෝදනා


ආණ්ඩුව රට හදන්නට සියලු සංවර්ධන කටයුතු අංක එකට දමා ඉදිරියට ගමන් කරමින් සිටී. මැයි දිනයේ තේමාව ද රට එකට යන්නය.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන සියලු චෝදනා පුස්සක් බින්දා සේ පළ රහිතය. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව අලුත් චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීමේ පදනම් විරහිත චෝදනාවකි. එක් පුදගලයකු බිරිඳට නොකියා හොරගමනක් ගොස් අසුවූ විට බිරිඳට කීවේ තමන් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතරමග දමා ගිය බවය. ඒ නිසා සුදුවෑන් චෝදනා ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ. ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ.
ආණ්ඩුවට මිනිසුන් පැහැර ගන්නට වේලාවක් නැත. කවුරුන් හෝ පැහැර ගැනීමේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඔහු සොයා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය. 
සුදු වෑන්වලින් මිනිසුන් ඔසවාගෙන ගිය වකවානුවක් අපි පසුකර සිටින්නෙමු. අද මේ ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කරන අය කළ යුත්තේ එදා රටක් වටින මිනිසුන් සුදුවෑන්වලින් පමණක් නොව ජීප්රථවලින් ද ඇදගෙන ගොස් මහ මුහුදට බිළිඳුන් හැටි සිහිපත් කළ යුතු ය. මවගේ ඇකයේ සිටි රිචඩ් සොයිසා මහ රෑ ඇඳගෙන ගිය හැටි ද ඔහුගේ මළමිනිය කොරළවැල්ලෙන් මතුවූ සැටි ද සිහිපත් කළ යුතුය.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාට ද පැහැර ගැනීමේ භීතිකාවක් වැළඳී තිබේ. පුතා පැහැරගත් විට ඒ ගැන පැමිණිලි කරන්නට අම්මා ;පාලිසියට ගියා ය. පුතා පැහැර ගත් පුද්ගලයා පොලිසියේ සිටි බව අම්මා කීවේයැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කියා සිටී. පදනම් විරහිත බොරු පැමිණිලි කරන්නට එපා යැයි ආරක්ෂක ලේකම්වරයා මන්ත්‍රීවරයාට කියා තිබේ.
http://www.dinamina.lk/2012/04/26/_art.asp?fn=v120426

මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. ආණ්ඩුවට රට සංවර්ධනය කරනවා හැරෙන්නට වෙන කිසිදෙයක් කරන්නට වෙලාවක් නැත, ඉස්පාසුවක් නැත. උදේ ඉඳන් රෑවෙන තෙක් රට සංවර්ධනය කරන්නට වලිකන ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කිරීම විදේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ දේසීය කොන්ත්‍රාත් කරුවන්ගේ ඩොලර් චෝදනාවක් පමණකි.

ඔය බොරු වලට ජනතාව රැවටුනු කාලය වියරය. ජනතාව දැන් බුද්දිමත්ය. තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නේ එබැවිනි.

මීට කලින් පැහැරගෙන ගියා යයි කියන සාගර සේනාරත්නයාද කුමාර් කාරයා මෙන්ම හොරෙන් කොටු පනින්නට ගොස් ගෑනීට මාට්ටුවූවා වන්නට ඇත.

ලලිත් හා කූගන්ද, ප්‍රගීත් එක්නැලිගොඩද සිය හොර අඹුවන් සමග විදෙස් රටවල කම් සැප විඳිද්දී මෙහේ ඉන්න ඩොලර් කාළකණ්නි බොරුවට මේ හොඳ ආණ්ඩුවට චෝදනා කරයි

ආණ්ඩුව මැයි දිනය පවා යොදාගන්නේ සංවර්ධනය ප්‍රොමෝට් කරන්නටය. තේමාව රට පකට ... සමාවෙන්න රට එකට යන්නයි.

මේවා පොලොව නුහුලන අපරාද නොවේද?

1 comment:

නරකයා....!! said...

අනේද කියන්නෙ...