There was an error in this gadget

Thursday, April 12, 2012

බොරු සුනාමි අණතුරු ඇඟවීමේ අධිරාජ්‍යවාදී ඇමරිකන් කුමණ්ත්‍රණය පරදවමු! - විමල් වීරවංශ

Rate this post 

පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඊයේ සුනාමි අණතුරු ඇඟවීමක් නිකුත්කලේය. ඒ ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් නිසාය.

මුළු රටම කළබල විය. මිනිසුන් ලවක්දෙවක් නැතුව දුවන්නට විය. අපගේ දේශප්‍රේමී රජය ජනතාව සුනාමි වලින් රැකගැනීමට මොනතරම් සූක්ශම සැළසුම්, වැඩපිලිවෙලව යොදා බුරුතු ගණන් මහජන නියෝජිතයින් පත්කලටද ඇමරිකන් පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීම නිසා ජනතාව නිරපරාදේ බොරු භීතියකට පත්කලහ.

මේ සුනාමි අණතුරු ඇඟවීම වෙන කිසිවක් නොව වේගයෙන් දියුණුවෙමින් යන මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කොට දේශප්‍රේමී රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය වැඩිකිරීමේ ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් බවට සැක නැත.

සිරස වැනි ඇමරිකන් ගැති මාධ්‍ය ඔස්සේ දියත් වුනු මේ කුමණ්ත්‍රණයට රජයේ මෝඩ නිළධාරීන්ද හසුවී සුනාමි අණතුරු නිකුත් කලහ. එයින් ජනතාව වඩාත් කළබලයට පත්විය. මේ කුමණ්ත්‍රණය වහා පැරදවිය යුතුමය....

දේශප්‍රේමී ජනතාවනි මින්පසු සුනාමි අණතුරු ඇඟවීමක් ලැබුණු විට සරම කරටගෙන දුවන්නට පෙර අණතුරු ඇඟවීම ආවේ ඇමරිකාවෙන්දැයි සොයා බලන්නට උත්සුක වන්න. අණතුරු ඇඟවීම ඇමරිකාවෙන් නම් එය ඔබාමා-හිලරි-බ්ලේක් කුමණ්ත්‍රණයකි. නිවී හැනහිල්ලේ ගෙදරට වී සිටින්න



5 comments:

මාතලන් said...

අපේ උන් බඩ පැලෙන්න අවුරුදු කන එකට ඉරිසියාවේ කරපු වැඩක්..

කණ්ඩුල said...

මාතලන් said...
අපේ උන් බඩ පැලෙන්න අවුරුදු කන එකට ඉරිසියාවේ කරපු වැඩක්..
---------------------
ඔවු වොවු......දේසප්‍රේමී ජනතාවනි! අවදිවවු

Anonymous said...

මම දැන් කාලෙක ඉදන් මේ බ්ලොග් එකේ යන එව්වා කියවන්නේ නෑ මේකේ දාන ලිපිවල තියෙන ඒකාකාරී බව නිසා ... මාතෘකාව දැකල මේක කියවන්න අවේ... බැලින්නම් එකත් කෙබරයක්

කණ්ඩුල said...

Anonymous said...
මම දැන් කාලෙක ඉදන් මේ බ්ලොග් එකේ යන එව්වා කියවන්නේ නෑ මේකේ දාන ලිපිවල තියෙන ඒකාකාරී බව නිසා ... මාතෘකාව දැකල මේක කියවන්න අවේ... බැලින්නම් එකත් කෙබරයක්
----------------------------

නොකියැව්වට කමක් නෑ ආයුබොවං.....ඇවිත් ගියාට ස්තූතියි!

කණ්ඩුල said...

මාතෘකාව දැකල මේක කියවන්න අවේ... බැලින්නම් එකත් කෙබරයක්
--------------------------

ඔබතුමා නොවරදවාම ලන්කා-සී-නිව්ස්, දිනමිණ ඔන්ලයින් කියවන්න......කෙබර නොමැති වෙබ් අඩවි වලට ඇත්තේ ඒවා පමණයි.....