Tuesday, April 17, 2012

මිතුදම් වඩයි ප්‍රතිලාභ ගොඩයි!!! [ශ්‍රී ලංකාව දැවැන්ත සංවර්ධිත රාජ්‍යයක් සමග...]


නොනාවරුනි, මහත්වරුනි අපිට දැන් ධනවත්, බලවත්, තෙදවත් හොඳ මිතුරෙක් සිටී - පලස්තීනයට ජයවේවා! [හියැක් පුහ්..]


14 comments:

ඉන්දික උපශාන්ත said...

මෙච්චර කල් ලංකා ආන්ඩු පුක දුන්න ( ඔබ තුමාට කන්න බොන්න දෙන නොහොත ගෙවන ) ඉන්දියාවට වඩා මුන් හොඳයි ලොක්ක.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඉන්දික - ඔව් ඉතින් උඹට කන්න දෙන කොනක පාලුවො හොඳයි කියන්න එපායැ කොහොමටත්

රටක් විදිහට ලංකාවට වඩාත්ම හොඳ මහින්දට කලින් රටේ නායකයින් අනුගමනය කරපු නොබැඳි ප්‍රතිපත්තිය , ඉන්දික ඇතුලු අපේ අරාබි කරයේ සිංහල බ්ලොග් කරුවන් කොයි තරම් විරෝධය පල කරත් අල්ලපු ගෙදර එකා වශයෙන් ඉන්දියාවට කුඩා හෝ විශේෂයක් කරන්නත් වෙනවා . නමුත් පැත්තක් ගන්න ඕනිම කියල හිතෙනවා නම් ගත යුත්තේ බටහිර හිතවාදි ස්ථාවරයක් මිසක් ඉරානේ , ලිබියාව, පලස්තිනෙ වගේ බටහිර විරෝධීන් ලංකරගෙන බටහිර විරෝධි ස්ථාවරයක් නෙවෙයි

Anonymous said...

" නමුත් පැත්තක් ගන්න ඕනිම කියල හිතෙනවා නම් ගත යුත්තේ බටහිර හිතවාදි ස්ථාවරයක් මිසක් ඉරානේ , ලිබියාව, පලස්තිනෙ වගේ බටහිර විරෝධීන් ලංකරගෙන බටහිර විරෝධි ස්ථාවරයක් නෙවෙයි"

Well Said Buwa 100% agree with you

කළු පූසා

Anonymous said...

ඔබගේ නමින් මෙම අඩවියේ කමෙන්ට් දාන්නේ ඔබමද?
http://www.gossip9.com/2012/04/blog-post_7110.html?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ඔබගේ නමින් මෙම අඩවියේ කමෙන්ට් දාන්නේ ඔබමද?
http://www.gossip9.com/2012/04/blog-post_7110.html?
---------------------------------
නැත, ගොසිප් අඩවි බලනවා මිස කොමෙන්ට් කොටන්නට කාළය නාස්ති නොකරමි. මේ වෙන කණ්ඩුළයෙක් විය යුතුය.

රංචාගොඩ මුදියන්සේ said...

ඉන්දික උපශාන්ත said...
ඉන්දියාවට වඩා මුන් හොඳයි ලොක්ක.
-----------------------------
ඔවු ඉතින් හොඳයි තමයි, කිසි කරදරයක් නෑනෙ, කීයක් හරි අතට දුන්නම තෑන්ක්යූ සෑර් කියලා යනවා.......මහින්දට සෑර් කියන රාජ්ජ නායකයෙකුට ඉන්නේ මූ විතරයි..ඒකත් සල්ලි දෙන නිසා..හික්ස්

රංචාගොඩ මුදියන්සේ said...

@ Buwa

ඉන්දික ඇතුලු අපේ අරාබි කරයේ සිංහල බ්ලොග් කරුවන් කොයි තරම් විරෝධය පල කරත් අල්ලපු ගෙදර එකා වශයෙන් ඉන්දියාවට කුඩා හෝ විශේෂයක් කරන්නත් වෙනවා .
---------------------
100% එකඟයි. තමන්ගේ භූගෝලීය අසල්වැසියන් අමනාප කරගැනීම මහා ව්‍යසනයක්. 1980 ගණන්වලදී ඉන්දිරා ගාන්ධි ලංකාවේ දෙමළ ත්‍රස්තවාදයට උදව්කලේ ජේ.ආර්. ජයවර්ධනගේ මෝඩ යැංකි ඩිකි විදේශ ප්‍රතිපත්තිය හා එක් අවස්ථාවක ඇයව අපහාසයට ලක්කල බැවින්. ලක්ශ ගණනක් දෙමළ සිංහල මිනිස්සු ජීවිත විනාශකරගත්තා මේ මෝඩ ප්‍රතිපත්තිය නිසා.

රාජ් said...

ඊයෙ මාලු ගෙනාව නේ? නැත්තං කොයින්ද මේ පත්තර කෑල්ල හොයාගත්තෙ?

ඉන්දික උපශාන්ත said...

චීනෙ ඉස්සරහ තායිවානෙ, මැලේසියාව ඉස්සරහ සිංගප්පූරුව, ලංකාවට යටින් මාලදිවයින, රුසියාව අයිනෙ යුක්‍රේනෙ වගේ ලොක්කො ඉස්සරහ නොනැවි ජීවත්වෙන රටවල් ලෝකෙ ඕන තරං තියෙනව. ඉන්දියාවට අකමැති අරාබියෙ ඉන්න අපි විතරක් නෙමෙයි, ඔස්ට්‍රේලියාවෙ ඔබා ගෙ ඉඳල අනික් කොයි පිට රටක ජීවත්වෙන එකත් වගේ ඉන්දියානුවන්ට අකමැතියි. ඒකට හේතුව ළිඳේ ඉන්න උන්ට පැහැදිලි කරල දෙන්න අමාරුයි.

තමන්ගෙ තත්වෙත් තියන් සුද්දගෙන් වැඩ ගන්න විදියත් ඉගෙන ගන්න ඕන හොඳම තැන අරාබිය මිස ඉන්දියාව නෙමෙයි. ලංකාවට සපෝර්ට් එකට ඇමරිකාවට විරුද්ධව චන්දෙ දුන්න සවුදි කාරයො ජීවත් වෙන්නෙත් උන්ගෙම පිහිටෙන්.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//ඉන්දියාවට අකමැති අරාබියෙ ඉන්න අපි විතරක් නෙමෙයි, ඔස්ට්‍රේලියාවෙ ඔබා ගෙ ඉඳල අනික් කොයි පිට රටක ජීවත්වෙන එකත් වගේ ඉන්දියානුවන්ට අකමැතියි. ඒකට හේතුව ළිඳේ ඉන්න උන්ට පැහැදිලි කරල දෙන්න අමාරුයි.//

බ්ලොග් අවකාශේ ඉන්න උන්ට අමතරව ඕනි තරම් විදේශ රටවල ඉන්න අය මම ආශ්‍රය කරල තියනවා ඔය කියන විදිහේ විශේෂ ඉන්දියානු විරෝධයක් උන්ගේ නෑ , ඉන්දියන් කාරයන් එක්ක උඹලට තියන ගේම අනික් රටවල ජීවත් වෙන උන්ට නෑ . උන්ට ඉන්දියන් කාරයින් කියන්නේ තවත් එක ජාතියක් විතරයි ,අනික එහෙම එකක් තිබුනා වුනත් පිටරට ඉන්න ලාංකිකයින්ට තියන ඉන්දියානු විරෝධය රටේ විදේශ ප්‍රතිපත්ති සඳහා අදාල නැහැ . මාලදිවයින වැරදි උදාහරණයක් මාලදිවයින්ට ලංකාව නැතත් දකුණු ආසියාවේ කුමන හෝ රටක සහය අත්‍යාවශ්‍යයි සමහර ක්ෂේත්‍ර වලට . සිංගප්පුරුව ට කාටවත් නැවෙන්න ඕනි නැත්තේ ඇයි කියල උඹ දන්නවා , ලංකාවට එච්චර හරියක් බෑය කියන එකත් උඹ දන්නවා

අරාබි කාරයො කොහොමද ඕයි වෙන රටක මානව හිමිකම් ගැන විරෝධයක් පල කරන්නේ , ශ්‍රි ලංකාවේ ඉතාම ඉහලින් සුරක්ෂිත වෙලා තියන මුලික මානව හිමිකම් පවා උල්ලංඝනය කරන ගමන්

රංචාගොඩ මුදියන්සේ said...

ඉන්දික උපශාන්ත said...

චීනෙ ඉස්සරහ තායිවානෙ, මැලේසියාව ඉස්සරහ සිංගප්පූරුව, ලංකාවට යටින් මාලදිවයින, රුසියාව අයිනෙ යුක්‍රේනෙ වගේ ලොක්කො ඉස්සරහ නොනැවි ජීවත්වෙන රටවල් ලෝකෙ ඕන තරං තියෙනව.
---------------------------------
ඉන්දික උපශාන්ත මහතාණනි,

බොරු දේශප්‍රේමය හා සබැඳි ඉන්දීය විරෝධය මිස ඔබ ලෝක ආර්ථික/දේශපාලනික යථාර්තයන් අබැටක් තරම්වත් දන්නා බව නොපෙනේ.

1] සිංගප්පූරුව හා මැලේසියාව

සිංගප්පූරුව ස්වාධීන රාජ්‍යයක් නොව එය මලයාවෙන් කැඩී ගිය කොටසකි. 1963දී සිංගප්පූරුව නිදහස ලබනවිට එය මලයාසියානු ෆෙඩරේශණයට අයිතිවිය. එය මලයාසියාවෙන් වෙන්වූයේ 1965දී ය. අදටත් මැලේසියාව හා සිංගප්පූරුව අතර අළුයට ගිණිපුපුරු ඇත. සිංගප්පූරුව ඇමරිකාව හා බ්‍රිතාන්‍යය සමග ආරක්ශක ගිවිසුම් ගසාගෙන ඇත්තේ එබැවිනි.

මැලේසියානු ජාතිකයෙකුට වීසා නොමැතිව සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර ඇති අතර සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමේදී මැලේසියානු ජාතිකයින් හට විශේශයෙන් සලකන්න්නේ මැලේසියාවට දෙන නිළ නොවන කප්පම් වශයෙනි.

දෙකට නැමෙන්නේ නැති සිංගප්පූරුව මැලේසියාව සමග ගනුදෙනු බේරාගෙන ඇත්තේ එලෙසය.

2]රුසියාව හමුවේ නොනැමෙන යුක්‍රේනය...

අද යුක්‍රේනයේ ජනාධිපති වන්නේ රුසියානු ඉත්තෙකි. සුවච කීකරු ගෝලයෙකි. කලින් යුක්‍රේනය නිදහස් රාජ්‍යයක් විධියට රුසියාවට විරුද්ධව නේටෝ සංවිධානයට බැඳෙන්නට සූදානම් වූවිට රුසියාව යුධ ප්‍රකාශ කිරීම හැරෙන්නට යුක්‍රේනයට කල හැකි අන් සියල්ලම කලේය. රුසියානු විරෝධී බටහිර හිතවාදී රජය පන්නා රුසියන් හිතවාදී වික්ටර් යකොනොව්ක්ට ආණ්ඩුව පිහිටුවන්නට සියලු පහසුකම් සලස්සන ලදී.

කරුනාකර ටයිම් සඟරාව හෝ නිවුස්වීක් සඟරාව කියවන්න. හොයා ගන්න බැරිනම් පහත ලින්ක් වලට යන්න. ලිපි දීර්ඝයි. කම්මැලි නැතුව කියවන්න.

http://www.smh.com.au/world/ukraine-poll-signals-return-to-russian-influence-20100208-nn93.html

http://articles.boston.com/2010-02-17/news/29326086_1_viktor-yanukovych-kremlin-backed-orange-revolution

http://eurodialogue.org/Experts-Medvedev-Statement-Is-the-Attempt-to-Influence-Presidential-Elections-In-Ukraine

3] චීනය ඉදිරියේ තායිවානය නොනැමී සිටීමේ රහස

චීනෙ ඉස්සරහ තායිවානේ නොනැමී ඉන්නේ තායිවානය පැත්තට හැරිලා චීනෙක් පඩයක් ඇරියොත් ඇමරිකන් පැසිෆික් බලකායේ යුධ නෞකා තායිවානය හා චීනය අතර ඇති දකුණු චීන මුහුදට ඇතුලුවන නිසා.

ලෝක දේශපාලනය ගැන දොඩවන නුඹ, රජයට කඩේ යන බොහෝ දෙනා මෙන් හරිහැටි කිසිවක් නොදැන සිංහරූප, සිංහකොඩි ඉස්සහට දමාගෙන දඟලන බොරු පුස්සෙක් පමනකි.

ඉන්දික උපශාන්ත said...

ලොක දේශපාලනයේ කෙල පැමිණි කණ්ඩුල වියතානෙනි,

"සිංගප්පූරුව ස්වාධීන රාජ්‍යයක් නොව එය මලයාවෙන් කැඩී ගිය කොටසකි. " මෙය මා ගතයුත්තේ දේශපාලනික අර්ථයෙන්ද භූගෝලීය අර්ථයෙන්ද? කොයි අතින් ගත්තත් අද වනවිට සිංගප්පූරුව ස්වාධීන රාජ්‍යයකි. එනිසා ඔබගේ දැණුම ගැන තව කවර කතාද?

මැලේසියානුවන්ට පමණක් නොව අපටද ඔන් අරයිවල් වීසා මත සිංගප්පූරුවට යා හැක. එහෙත් ඔබ කියනා උතුම් ඉන්දියානු වඳුරන්ටනම් වීසා අවශ්‍ය වනවා පමණක් නොව ඔවුන්ගෙ කිරිජ්ජපල්ලම අතගා මිස එළියට නොදමන්නේ උන්ට ජාත්‍යන්තර රේගු දොරකඩ වලදී දෙන පොදු සංග්‍රයක් ලෙසය.

සිංගප්පූරුව මැලේසියානුවන්ට මෙන්ම මැලේසියාව ඉන්දුනීසියාවටද රැකියා දීමේදී ප්‍රමුඛතාවක් දෙන ප්‍රථිඵත්තියක පිහිටා ඇත. එය නිවට කමකට ලඝු කරන්නේ ඔබ වැනි ඉන්දියානුවන්ම පමණි.

අළු යට ගිනි නැති අසල්වැසි රාජ්‍යන් වෙතොත් ඒ ස්කැන්ඩිනේවියාවෙ පමණක් විය හැක. එනිසා රෙද්ද අස්සේ මොනව තිබ්බත් කොන්ද කෙලින් තබාගෙන මහා මැලේසියාව ඉදිරිපිට සිංගප්පූරුව නොනැමී සිටින බව පිළිගත යුතුය.

යුක්‍රේනයේ බටහිර හිතැති නෝනා හිරගෙට ගිය වේදනාව ඔබේ ප්‍රකාශ තුඅලද ඇත. යුක්‍රේන නව ජනපති රුසියානු ඉත්තෙකු යැයි කියන්නේ ඔබ ඔය කී බටහිර "පොරවල්" පමණි. උන් යුක්‍රේන ජනතාවට දුන් දෙයක් හෝ උන්ගෙන් ගත් දෙයක් නැත ( ගත් එකම දෙය ගණිකාවන් පමණි ). එහෙත් රුසියා යුක්‍රේන හිතවත් කම අඩු මිලට රුසියන් ගෑස් නල හිල් නොකර හරි ක්‍රමයටම ලබා ගැනීමේ මූලික දිව්පාර්ශවික අරමුනින් වන යමක් මිස ලංකාව යටකර ඉන්දියානු මොඩල් බලෙන් පැටවීමේ ව්‍යායාමය හා සම වන්නක් නොවේ. එනිසා ඔබ ඔය කියූ මහා සඟරාවල තිබූ යුක්‍රේනය නම් බළලා මගින් රුසියානු කොස් ඇට බෑවීමට නොහැකි වීමේ දුක් අඳෝනා මා කියවූ බවට පුරසාරම් දොඩන්නට තරම් දෙයක් නොවේ.


"චීනෙ ඉස්සරහ තායිවානේ නොනැමී ඉන්නේ තායිවානය පැත්තට හැරිලා චීනෙක් පඩයක් ඇරියොත් ඇමරිකන් පැසිෆික් බලකායේ යුධ නෞකා තායිවානය හා චීනය අතර ඇති දකුණු චීන මුහුදට ඇතුලුවන නිසා"
දැං මෙතනදි ටිබෙටයට නැති කරුනාවක් තායිවානෙට තියෙන්නෙ මොක්ද කියල ඔබතුමාගෙ ඔය මහාර්ඝ්හ මොලේට නොතේරුන හැටි! ඔබ ඔය කියන්නේ ඇමරිකානු පැසිපික් හමුදාවට චීනය බය බවද? එහෙනං ඉතිං ඔබ තුමත් එක්ක මොන දේශපාලන කතාද?

මහ ලොකු නම් දාගෙන මහින්දගෙ ආන්ඩුවෙ හඳුකූරුත් ගඳයි කියන්නෙ ඉන්දියානු අසූචි වලේ ඉඳගෙන නේද කියල හිතෙනකොට මට දුකයි.

මගේ අඩවියෙ ලියාපුව ගැන ඇඩ් මට මෙතන දාන්න ඕනෙ නෑ. ඒත් මම මහින්ද ගැන ආන්ඩුව ගැන විතරක් නෙමෙයි ආන්ඩුවෙ හමුදාව ගැනත් කියන්නෙ මොනාද කියල දන්නෝ දනිති. ඒ නිසා සිංහ රූප ඉස්සරහට දාන් ඉන්න උන් දැක්ක ගමන් කුලප්පු වෙන ගොනුන්ගේ කතා මට අදාල නැත.

බුවා,

අපේ කොහෙද ඕයි මානව හිමකම් රැකෙන්නෙ? එතකොට ඔය කියන සුදු වෑන් එන්නෙ පිටසක්වලින්ද? අර ජයන්තයට ගැහුවෙ මමයි කියන මර්වින් ඉන්නෙ සවුදි අරාබියෙද? භාරතට වෙඩි තිබ්බෙ ඩුබායි වලදිද?
කන්න ඕන උනාම කබරයි තලගොයි කරගන්න එපා මිනිහො.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඉන්දික කව්ද කියන්නේ ලංකාවේ 100%ක් මානව හිමිකම් සුරැකිලා තියනවා කියලා , මම කියන්නේ තමුසෙගේ මහ ලොකු අරාබියට වඩා තියනවා කියලා . සුදු වැන් වත් මර්වින්ලා වත් ලංකාවේ හැමදාම තිබුන දේවල් නෙවෙයි . ඕවා කාලෙන් කාලෙට එක එකා ගේන ඒවා . හරියට ක්‍රියාත්මක කරනවා මානව හිමිකම් සැලකිය යුතු තරම් සුරැකෙන ව්‍යවස්ථාවක් නීති ක්‍රමයක් රටේ තියනවා . විකල්ප දේශපාලනික පක්ෂ /මතවාද වලට ඉඩක් තියනවා , හොඳ සංස්කෘතික නිදහසක් තියනවා . කාන්තාවන්ගෙ අයිතිවාසිකම් අතින් ඉතාම හොඳ තැනක ඉන්නවා (සමස්ථයක් වශයෙන් ) , අරාබියෙ නැත්තේ ඕවා . මහින්ද ලොක්කා ටික ටික නැති කරන්න යන කොට අපි විරෝධය පල කරන්නෙත් ඒවායේ වටිනාකම දන්න නිසා !

රංචාගොඩ මුදියන්සේ said...

ඉන්දික උපශාන්ත said...
--------------------------

\\\\\\\ මැලේසියානුවන්ට පමණක් නොව අපටද ඔන් අරයිවල් වීසා මත සිංගප්පූරුවට යා හැක. /////

On arrival visa = no visa යනුවෙන් සිතාගෙන සිටින්නේ නුඹගේ දැනුම සිතා ගත හැකිය.
---------------------

///////// එහෙත් ඔබ කියනා උතුම් ඉන්දියානු වඳුරන්ටනම් වීසා අවශ්‍ය වනවා පමණක් නොව ඔවුන්ගෙ කිරිජ්ජපල්ලම අතගා මිස එළියට නොදමන්නේ උන්ට ජාත්‍යන්තර රේගු දොරකඩ වලදී දෙන පොදු සංග්‍රයක් ලෙසය. \\\\\\\\\\\\\

නුඹට ඉන්දියානුවන් ගැන දැවැන්ත පුක්-වේදනාවක් ඇති බව පෙනේ. අරාබිකරයේ රැකියාව කරනා දුප්පත් ඉන්දියානු ගැහැණියකට සෙම පෙරන්නට ගොස් පාඩමක් ඉගෙන ගැනීම නිසා වෛරයේ උස්මුරුත්තාවටම ගොස් ඇතැයි සිතිය හැකිය.

නැතිනම් නුඹට වඩා අඩු පඩියකට නුඹට වඩා මහන්සියෙන් වැඩ කරන්න සූදානම් ඉන්දියන් කාරයින් නිසා නුඹගේ රැකියාවට තට්ටුවෙන්නට යනවා වත්ද?
---------------------

\\\\\\\\\ සිංගප්පූරුව මැලේසියානුවන්ට මෙන්ම මැලේසියාව ඉන්දුනීසියාවටද රැකියා දීමේදී ප්‍රමුඛතාවක් දෙන ප්‍රථිඵත්තියක පිහිටා ඇත. එය නිවට කමකට ලඝු කරන්නේ ඔබ වැනි ඉන්දියානුවන්ම පමණි. //////////////

ඉන්දියාවට පැමිණීමට පෙර සිංගප්පූරුවේ වසර තුනක් ජීවත් වුනු මට අරාබිකරයේ රට ඉඳි ගසක් යට ඉඳගෙන කොමෙන්ටු කොටනා නුඹ ගැන කනගාටුයි.

සිංගප්පූරුව හා මැලේසියාව අතර ඇත්තේ නිවට බය පක්ශපාත කමක් නොව ඉතා ඥාණවන්ත ලෙස අසල්වැසි රාජ්‍යයක් සමග ගනුදෙනු බේරාගෙන සිටීමේ උපායමාර්ගයකි. සෑම මාර්ගයක්ම අධෝමුඛය තුලින් යා යුතුයයි සිතන නුඹට පමණක් මෙය නිවට කමකි.

--------------------------------

නුඹ දමා ඇති අනෙකුත් පිස්සු කොමෙන්ටු ගැන ප්‍රතිචාර දැක්වීමත් කාලය නාස්ති කිරීමකි. නුඹට දීර්ඝ කාලයක් අරාබියේම ඉන්නට ලැබේවා යයි ප්‍රාර්ථනා කරමින් නවතිමි.