Sunday, May 29, 2011

රනිල්ට ආරාධනා කොට ජයලලිතා මහින්දට කල මදිපුංචිකම තවත් ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක්ද?

ජාත්‍යන්තරයෙන් එතුමාට බොහෝ කෙනෙහිලිකම් සිදුවේ. වැඩිම කෙනෙහිලිකම් සිදුවුනේ ඉන්දියාවෙනි. මේ කෙනෙහිලිකම් ලැයිස්තුවට තවත් එක අයිතමයක් එකතුවී ඇත. ඒ සිය විජයග්‍රහණයෙන් පසු රනිල් යැවූ සුබපැතුමට ස්තූති කිරීමට ඔහු ඇමතූ ජයලලිතා රනිල්ට තමිල්නාඩුවේ සංචාරයක් සඳහා ආරාධනා කිරීමයි.

මෙය අලුතින් පත්වූ මහ ඇමතිනිය මහින්දට ගැසූ අතුල් පහරක් වැනිය. කරුණානිධිගේ පරාජයෙන්  වැඩියෙන්ම සතුටුවුනේ මහින්දගේ රජයයි. ඒ හේතු දෙකක් නිසාය. කරුණානිධි මහින්දගේ රජයට පසුගිය වකවානුව පුරාවට විවිධ බලපෑම් එල්ලකලේය. කොටි වනසන යුද්ධය නවත්වාගන්නට කරුණානිධි ඉන්දීය මධ්‍යම රජයට බලකලේ මන්මෝහන් සිං රජයේ පැවැත්ම සඳහා ලැබෙන සිය සහය ලීවරනය (leverage) කරමිනි. කරුණානිධිගේ ඩී.ඇම්.කේ පක්ශය තමිල්නාඩුව පුරා මහින්දගේ රජයට විරුද්ධව උද්ගෝශණ මෙහෙයවද්දී දැඩි කොටි විරෝධියෙකු වුනු ජයලලිතා, කරුණානිධි ලංකාවේ දෙමල ජනයාගේ ගැටලු මැතිවරණ වාසි සඳහා යොදාගන්නා බවට චෝදනා කලාය. මෙම චෝදනා වක්‍රාකාරවෙන් මහින්දට ලැබුණු සහයක් මෙන් මහින්ද රජයේ ප්‍රචාරක යන්ත්‍රය විසින් යොදා ගැනුනි.

අනෙක් කරුණ නම් මන්මෙඔහන් සිං ගේ රජයේ පැවැත්මට කරුණානිධිගේ පක්ශයේ සහය අත්‍යාවශ්‍ය වීමයි. කරුණානිධි දුර්වලවීම මන්මෝහන් සිං/සෝනියා රජය දුර්වලවීමක් ලෙස මහින්ද සැලකුවේය. මහින්දගේ මේ ගණන් බැලීම අනුව කරුණානිධිගේ පරාජය තමිල්නාඩුව තුල ඉන්දීය මධ්‍යම රජයේ බලය අවමවී දෙමල ජනයාගේ ප්‍රශ්ණ පෙන්වමින් ඉන්දීය මධ්‍යම රජය මහින්ද රජයට කරන බලපෑම් යම් දුරකින් හෝ   අඩුවිය යුතුය. එහෙත් ජයලලිතාගේ ජයග්‍රහණයත් සමගම සෝනියා ගාන්ධි ඇය හමුවීමට ගොස් සුබපතමින් තමිල්නාඩු නව රජයට ඉන්දීය මධ්‍යම රජයේ සහය ලැබෙන බව ඇඟෙව්වාය. සෝනියා ජයලලිතා හමුව කරුණානිධිගේ සිත බලවත්සේ කම්පාකරවන ලද්දක්වූ අතර ඔහු දැන් සෝනියා හා මන්මෝහන් සිං හමුවීම පවා ප්‍රතිකශේප කරමින් සිටී.

මේ අනුව තමිල්නාඩුව තුල ඉන්දීය මධ්‍යම රජයේ බලපෑම මහින්ද ගණන් බැලූ ආකාරයට හීනවූයේ නැත. අනාගත මහ මැතිවරණයකදී ජයලලිතා ඉන්දීය කොන්ග්‍රසය සමග එක්ව තරඟ කිරීමේ පසුබිමක් දැන් සැකසී ඇති අතර ඒ අනුව තමිල්නාඩුවෙන් හා ඉන්දීය මධ්‍යම රජයෙන් මහින්ද රජයට එල්ලවෙන බලපෑම් කිසි ලෙසකින්වත් අඩු නොවෙනු ඇත. මේ අනුව තමිල්නාඩු දේශපාලනය සම්බන්ධයෙන් මහින්ද රජය කල සියලු ගණන් බැලීම් අවුල්වී ඇත අතර ජයලලිතාගේ රනිල් ආරාධනයත් සමග මහින්ද තමිල්නාඩුව තුල යලිත් ප්‍රතික්ශේපවී සිටී.

විදේශ රටකදී, විශේෂයෙන්ම ඉන්දියාවේදී සිදුවෙන සුලු අතපසු වීමකින් පවා මහත්සේ කෝපවන මහින්ද ජයලලිතා රනිල් වෙත සිදුකල ආරාධනය මහත් මදිපුංචිකමක් ලෙස සලකනු නොඅනුමානය. මේ අනුව ජයලලිතා රනිල්ගේ රාජ්‍යතාන්ත්‍රික පරිනතභාවය හා සටන්විරාමය හරහා දෙමල ජනතාවට ලබාදෙන්නට ගිය සහනය අගයකර ඇති අතර රාජ්‍යනායකයා වූ මහින්දට ලබාදී ඇත්තේ බලයෙන් මිනිසුන් පෙලාගෙන සිටිනා නගරබද චන්ඩියෙකුට දී ඇති සැලකුමයි. සෝනියා ගාන්ධී සමග විශේෂ හිතවත්කමක් මෙන්ම ඉන්දීය   මධ්‍යම රජයතුලද විශේෂ පිලිගැනීමක් ඇති රනිල් හට දැන් ඉන්දියාවේ සිය හිතවතුන් ගොන්නට තමිල්නාඩුවේ මහ ඇමතිනියද එක්කර ගත හැකිය. මේ අනුව ඉන්දියාව තුල රනිල්ට සුවිශේෂ රාජ්‍යතාන්ත්‍රික පිලිගැනීමක් ලැබී ඇති අතර මේ පිලිගැනීම මහින්ද කෙසේ දිරවා ගනීදැයි පැවසීමට තවම කල් වැඩිය.

මහින්ද ලෝක කුසලාන අවසන් තරඟයේදී ඉන්දියාව තමන්හට අවමන් කලායයි සිය ක්‍රීඩා ඇමතිවරයා හරහා කල ප්‍රකාශයත් ඊට සමගාමීව අයි.පී.එල් තරඟාවලිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ක්‍රීඩකයින් කලින් ගිවිසගත් දිනවලට කලින් ලංකාවට පැමිණිය යුතු බවට කල දැනුම්දීම ඉන්දීය ජනතාව අවඥා සහගතව බැහැර කලේය. සංගක්කාර, මහේල, මුරලි වැනි ක්‍රීඩකයින් දැඩි විනයකින් මෙන්න සුහදත්වයකින් ක්‍රීඩාකිරීම නිසා ඉන්දියාව පුරා ශ්‍රී ලාංකියයින් හට ඇති ගෞරවය වැඩිවී ඇතත් මහින්ද ගැන ඉන්දියාව තුල ඇති ගෞරවය ඉතා විශාල ලෙස අඩුවී ඇත. ඔවුන් ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ශ ඉතා පටු මාසිකත්වයක් ඇති, ලෙහෙසියෙන් කිපෙන, දිරදිග නොබලා තීන්දු තීරණ ගන්නා, විශ්වාස කල නොහැකි නායකයෙකු ලෙස වර්ගකොට ඇති අතර අනාගතයේදී ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ ප්‍රතිපත්ති සැකසෙනු ඇත්තේ මේ වර්ග කිරීමට අනුවය.

වාසනාවකට මහින්දට ලැබී ඇති මේ වර්ගීකරණයට පොදු මහත් ශ්‍රී ලාංකිකයින් හසුවී නැති අතර මේ සඳහා සංගක්කාර ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින්හට ප්‍රණාමය පුදකල යුතුය. ඉන්දියාව තුල සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයින් ලෙස පිලිගැනීමක් ඇත්තේ ජනපති මහින්ද හා ඔහුගේ විසිලු නඩයට නොව රනිල්ට හා ක්‍රිකට් ක්‍රීඩකයින්හටයි.


7 comments:

Theekshana said...

ලිපියනම් නියමයි .හිතෙන දේවල් දාන්න බෑ comment 1ක කින් සුදු වෑ...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

නියම ලිපියක්

රනිල් මහත්තයගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදි පෙන්වන හැකියාව සුපිරියි තමයි , ඒත් ලංකාවේ ජනතාවට තියා ඒයාගෙම පක්ෂෙ අයටවත් ඔය මනුස්සයගෙ හොඳක් පේන්නෙම නැති තරම් , හැමෝම කතා කරන්නේ පොරගේ දුර්වල කම් ගැන විතරයි

Kalu Pusa said...

100% ම ඔබේ අදහස් හා එකඟ වෙනවා

Traitor said...

නියමයි. කරුමේ කියන්නෙ අපේ රටේ කුරක්කන් කන හරක්ට ඔය ටික තේරෙන්නෙ නැති එකයි.

``` Outsider``` said...

ලාභ ජනප්‍රිය දේශපාලනය වෙනුවට ස්ථාවර ‍ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිය නිසයි රනිල්ට වැරැදුණේ. මේ රටේ පැවැත්මක් තියෙන්නෙ සෝඩා බෝතල් කඩනව වගේ ලාභ ජනප්‍රිය දේවල් කරන උදවියට විතරයි.

ජයශ්‍රී said...

ජාත්‍යන්තරයට චන්ඩි පාර්ට් දාල බෑ කියන එක ආණ්ඩුව කවදා තේරුම්ගනීද?

B.Gunasekara said...

Dan rajage awasana chapter eka tamai start karala tiyenne Gunasekara