Sunday, May 15, 2011

ඉන්ධන මිල වැඩිකරන්නට නොදන්නා ඉන්දියන් මධ්‍යම ආංඩුව

ඉන්දියානු රජය පැට්රෝල් මිල රුපියල් 5කින් වැඩි කරයි.....හෙට අනිද්දා ඩීසල්


ඉන්දියන් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක වන පරිදි පැට්රෝල් වල මිල ඉන්දියන් රුපියල් 5කින් වැඩිකොට ඇත. ඒ අනුව මුම්බායි නගරයේ පැට්රෝල් ලීටරයක් ඉන්දියන් රුපියල් 58.71 (ලංකා රුපියල් 140.90) සිට 63.37 (රු.152.08) වන තෙක් වැඩිකොට ඇත.


මේ අතර ඉන්දීය රජයට අයත්  IOC, හින්දුස්තාන් පෙට්‍රෝලියම් හා භාරත් පෙට්‍රෝලියම් සමාගම් පවසන්නේ තමන් තවමත් පැට්රෝල් ලීටරයකින් ඉන්දියන් රුපියල් 5ක් පාඩු ලබන බවයි. ඒ ජනතා විරෝධය රජයට එල්ලවේයයි යන බියෙන් පාඩුව ශුන්‍ය වනතෙක් මිල වැඩිකිරීමට ඉන්දීය රජයේ ඇති අකමැත්තයි. මේ අනුව ඉන්දියානු රජයට අයත් ඉන්ධන සමාගම් තුන පැට්රෝල් අලවියෙන් පමණක් දිනකට ඉන්දියන් රුපියල් කෝටි 47ක් (ලංකා රුපියල් කෝටි 112ක්) පාඩුලබයි. 

ඉන්දියන් ආණ්ඩුවේ නොහැකියාවත් ශ්‍රී ලාංකේය දේශප්‍රේමි, අධිරාජ්‍ය විරෝධී, ජනතා හිතවාදී පොදු ජන රජයේ දක්ශ කමත් හෙලිවෙන්නේ මෙන්න මේ අවස්ථාවේදීයි.

ඉන්දියාව වර්ල්ඩ් කප් එක ඉස්සුවේ මේ ඊයේ පෙරේදාය. තවමත් ඒ උණුසුම මැකී නැත. මෝඩ ඉන්දියන් ආණ්ඩුවට තිබුණේ කප් එක උස්සපු දින රාත්‍රියේම පැට්රෝල් මිල වැඩිකරලා දාන්නටය. එහෙම කලානම් කාගෙන බීගෙන සරම් උස්සාගෙන ලංකාවෙන් වන්දනාවේ ගිය බබලත් ඇත්තීලාත් අපහසුතාවයට පත්කරමින් පාරවල් ගානේ නට නටා උන් ඉන්දියන් ජනතාවට ඔය වැඩි කිරීම ගැන වගේ වගක් නැතිවෙන්නේය. අද පත්තරවල හෙඩ්යිමේ යන මේ වැඩිකිරීමේ උණුසුම් පුවත අටවැනි, නව වැනි පිටුව දක්වා පසුබස්සවලා වගේ වගක් නැති ගාණට ගන්නට කප් එක උස්සපු වෙලාවේ පැට්රෝල් මිලත් උස්සලා තිබ්බානම් ඉන්දීය රජයට පුලුවන් කම තිබුණි. ඒත් ඉතින් මොලේ නැති කමට මොනවා කරන්නටද?.

කල දුටුකල වල ඉහගත්තානම් රුපියල් පහකින් වැඩිකොට තවත් 5ක් පාඩු ගන්නවා වෙනුවට 15කින් වැඩිකොට 5ක් ලාබ ගන්නා අතරම  මන්මෝහන් සිං මහත්තයාට බැනුම් අහන්නේ නැතුව දේශප්‍රේමී, ජනතා හිතවාදී තාත්තා (නැතහොත් සීයා) මෙන් පෙනීසිටින්නට පුලුවන් කම තිබුණි.

මන්මෝහන් සිංලාට මොලේ තියෙන්නේ කෝටි ගණන් ආයෝජන ඉන්දීයවට අද්දවාගෙන චීනයටත් වඩා වේගයෙන් ආර්තික වර්ධන වේගය දියුණු කරගන්නට, පරිගණක මෘදුකාංග හා සේවා අපණයනයෙන් ප්‍රකෝටිගණන් උපයන්නට මගපෙන්වන්නට, ආසියාවේ දෙවන විශාලම කාර්මික මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්කරගන්නට,  ඇමරිකානු ජනාධිපති ඉන්දියාවට ගෙන්නාගෙන "ඉන්දියාවත් ඇමරිකාවත් ලෝක දේශපාලනයේ සමාන හවුල් කරුවන්වේ..." යනුවෙන් ප්‍රකාශ නිකුත්කරවාගෙන රටේ අභිමානය හිනිපෙත්තට නග්ගවාගන්නට පමණි. මේවා සොච්චම් වැඩය. 

හෙට අනිද්දා ලංකාවට ආයෝජනය කරන්නට ලොකු ලොකු සමාගම් පෝලිමේ එනවිට මන්මෝහන් සිංලා නස්පුක් වනු ඇත. දරුස්මාන් වාර්තාව හා විදෙස් බලවේගවල කුමන්ත්‍රණ නිසා පොඩි පමාවක් තිබුණත් ඔය පමාව නොපමාව වාශ්ප වී ලංකාව විදෙස් ආයෝජන වලින් ගිලීයනු ඇත. 

අමාරු වැඩේ ආයෝජන ගෙන්නා ගැනීම නොවේ. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නා මිනිසුන් රවටා උන්ගේ හිසමතට තවත් බරක් පටවමින් රජතුමා විදුලි පුටුවේ යන එක නවත්වන්නට ගිනිදවාලේ පයින් දක්කාගෙන යාමයි, බඩගින්නේ  දැවෙන උන් හිනස්සවමින්  චන්දයත් දම්මවා ගැනීමයි. මේ මේ කශඩි දේශපාලන උපක්‍රම මැකියාවෙල්ලිගේ පොතේවත් කෞටිල්‍යගේ පොතේවත් නැත. ඉන්දියාවේ සෝනියාලාට, මන්මෝහන්ලාට මෙන්න අනාගතේ රටබාරගන්නට ඉන්නා රාහුල් ගාන්ධිලාටත් මේවගේ දේශපාලන හැකියාවන් නැත. ඒවා ඉගෙන ගන්නට මැදමූලන විශ්වවිද්‍යාලයෙන් රථාචාර්‍ය උපාධිය ලබාසිටිය යුතුය.

4 comments:

Anonymous said...

මෙකෙන් පේන දෙයක් තමයි ඉන්දියාවට වැඩිය ලංකාවේ තෙල් මිල ගොඩක් අඩුයි කියන එකයි.. ;) අපේ පෙට්‍රල් 125 ඩීසල් 70-80 වගේ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ලංකාවෙ ඉන්ධන මිල ඉන්දියාවට සාපේක්ෂව අඩුයි තමා :)

"මන්මෝහන් සිංලාට මොලේ තියෙන්නේ කෝටි ගණන් ආයෝජන ඉන්දීයවට අද්දවාගෙන චීනයටත් වඩා වේගයෙන් ආර්තික වර්ධන වේගය දියුණු කරගන්නට, පරිගණක මෘදුකාංග හා සේවා අපණයනයෙන් ප්‍රකෝටිගණන් උපයන්නට මගපෙන්වන්නට, ආසියාවේ දෙවන විශාලම කාර්මික මධ්‍යස්ථානය බවට ඉන්දියාව පත්කරගන්නට, ඇමරිකානු ජනාධිපති ඉන්දියාවට ගෙන්නාගෙන "ඉන්දියාවත් ඇමරිකාවත් ලෝක දේශපාලනයේ සමාන හවුල් කරුවන්වේ..." යනුවෙන් ප්‍රකාශ නිකුත්කරවාගෙන රටේ අභිමානය හිනිපෙත්තට නග්ගවාගන්නට පමණි"

මන්මෝහන් මහත්තයගේ හැකියාවන් නම් වෙන ඉන්දියානු නායකයෙක්ගෙවත් දකින්න ලැබෙන එකක් නැහැ මම හිතන විදිහට . (ඉන්දියාවට විවෘත ආර්ථිකය හඳුන්වාදුන්න කාලෙ මුදල් අමාත්‍ය වරයත් මෙයා නේද )

දුකා said...

මන්මෝහන්සිංට එන්න කියමු
අපේ රට බලන්න කියමු . .
පෙන්නලා ටියුශන් දෙමුකෝ අපී . .
හුරේ . . .
මෝඩ ඉන්දියානුන්ට එන්න කියමු
අපේ රට බලන්න කියමු . .
පෙන්නලා ටියුශන් දෙමුකෝ අපී . . /////

රංචාගොඩ මුදියන්සේ said...

ඔව් ඇත්ත, අඩු තමයි, ඒත් ඒ ඉන්දියාවට ලෝක බොරතෙල් වෙලඳපොලෙන් අඩුවට තෙල් ලැබෙන හින්දා වත් අපේ රජයේ හපන්කමක් නිසාවත් නෙමෙයි, ඉන්දීය රජයෙන් දෙන ඉන්ධන සහනාධාරය අපිට වඩා අඩු නිසා.

ඔය සහනාධාරය නිසා ඉන්දියාවට වඩා අපිට අඩුවට පැට්‍රෝල් හම්බුවුනාට ඔය සහනාධාරය වෙනුවෙන් කුප්පි ලාම්පුවෙන් එලිය බලන කබල් ෆුට් සයිකල් එකක්වත් ගෙදර නැති අහිංසකයොත් සීනී 500ට, පරිප්පු 250ට, ලූනු 250ට බදු ගෙවනවා.

ඉංඝ්‍රීසියෙන් කියමනක් තියෙනවා "there is nothing called a free lunch" ඒ කියන්නේ කිසිවක් නොමිලයේ නොලැබෙයි, අප නොදන්නවාවුනාට නොම්ලයේ හෝ අඩුවට ලැබෙන හැමදෙයකටම අපි