Thursday, November 18, 2010

Crook(s) : Its good to be bad?


බොලිවුඩයෙන් මේ ලඟදී "කෲක් (තක්කඩියා) යනුවෙන් චිත්‍රපටියක් එලිදැක්වුනේය. එතරම් හොඳ බොක්ස් ඔෆිස් වාර්තාවක් නොතිබුනත් මගේ මතයේ හැටියට කතාව හොඳ එකකි. "ඉට්ස් ගුඩ් ටු බී බෑඩ්" යනුවෙන් ටැග් ලයින් එකක් සමග කරලියට ආ මේ චිත්‍රපටයට තේමාව වුනේ විසේකාර ගැටවරයෙකුගේ දඩබ්බර වැඩ හා (හින්දිනේ ඉතින්) ආදර කාතාව ගැනය.

ඒත් මේ කියන්නට යන්නේ හින්දි සෙලියුලොයිඩ් හීනයක් ගැන නොව සිරි ලංකා නට්සි රාජ්‍යපොජ්ජේ හැබෑ තත්වය ගැනය. හින්දි චිත්තරපටියේ ටැග් ලයින් එක ලංකාවටනම් හරියට ගැලපෙනවා වගේය. එහෙම කියන්නේ ලංකාවේ හරියන්නේම නරක එවුන්ට නිසාය.

මිහින් ලංකාවෙන් කප්පරකට හොරකරපු සජිනයා අද වීරයෙකි. කෝටිපතියන් රජතුමා ලඟට ගෙනිහින් ඩීල් සෙට්කරලා හතරවරං ගහපු නපුංසකවංශයාත් වීරයෙකි. බේත් නැවු පිටින් ගිල්ල සිරිපාලයාත් හාල් ඇටෙන් රට පාලනය කොරන සිරිපාලලාත් හොඳ මිනිස්සුය. ස්ත්‍රී දූශක දුමින්ද අයියා බුකිපාලයා. මේ ඔක්කම එක එක මට්ටමින් ගොඩ ගිහිල්ලාය. ගෑනි මරපු නිළමේත් ගොඩය. නැගෙනහිට හාමුදුරුවරු මරපු, අපි කොල්ලන්ගේ බෙලි කපපු කරුණාවන්ත මස් වැද්දා විතරක් නෙමෙයි රටේම බෝම්ම පුපුරවන්න නැවු පිටින් ආයුද ඇදපු, ලෝකෙ වටේ කුඩු විකුනපු කේ.පීත් අද ලොක්කෙකි. කෝච්චි ගිලපු ෆීලික්ස් ලාත් එහෙමය. හැලි අරක්කු හැරී අද ලංකාවටම පැට්‍රෝල් ඩීසල් විකුණන ලොක්කාය. හොරකම් අහුවෙලා පන්නපු පී.බී අප්පුත් රැස් විහිදමින් බැබලෙනවා බලන්නත් ආසය. ආර්ථිකේ ගැන මෙලෝදෙයක් නොදන්න, රූපවාහිනි සාකච්චාවලට මූනදෙන්න ටියුශන් ගන්න , ලංකාවට "ගෝල්ඩ් ක්වෙස්ට් ප්‍රිරමිඩ් ජාවාරම" හඳුන්වලා දුන්නු කබ්බාට රටේම ආර්ථිකය බාරදීලාය.

මුන් ඔක්කොම බෑඩ් පොරවල්ය. ඒත් රාජාගේ පිහිටෙන් උන් ඔක්කොම හොඳය. ඉතින් සසිරිබර ලංකාවේ "ඉට්ස් ගුඩ් ටු බී බෑඩ්" තමයි නේද?

3 comments:

Anonymous said...

Yeah..... ඉට්ස් ගුඩ් ටු බී බෑඩ්

Anonymous said...

නැව්, ගිලපු, සතොස ගිලපු, පේෂකර්මය ගිලපු උතුමන් ගැනත්, විශ්ව විද්‍යාල ඇතුලේ ශිෂ්‍ය නිදහස ගිල දාපු උතුමන් ගැනත්, නන්දිකඩාල් කරපු උතුමා ගැනත් දාන්න අමතක වෙන්න ඇති මයෙ හිතේ?

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno 2

අනේ ඇනෝ 2, ඉතින් මං කියපු එක හරිනොවැ. දැන් ඉතින් ඔය රවී කරුණානායක උන්නැහෙත් අරලිය මන්දිරේට ගිහිල්ලා බත්කටක් කාලා මොකක් හරි ඇමටි කමක දිවුරුම් දුන්නනම් උඹලාම උඩපැනලා කියයි අන්න යූඇන්පීයේ ඉන්න හොඳම දේශප්‍රේමියෙක් රට ගැන හිතලා හරි පැත්තට ආවා කියලා.....