Saturday, November 20, 2010

කාර් එකක් පූජාකොට මුට්ටිය දා බැලීම හා හින්දු මිනිස්සුන්ගේ ආශීර්වාදය.....

 රථ පූජාව

නොවැම්බරි 20වැනිදා මල්වතු හාමුදුරුවන්ව බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට කාර් එකක යතුරක් පූජාකොට එම ක්‍රියාව මාධ්‍යවල පලවීම වලක්වා රහසක් සේ තබාගෙන ඇතැයි හැමදාම බොරු විතරක් කියන ලංකා-ඊ-නිවුස් වෙබ් අඩවියේ පලවී ඇත.

මීට කලිනුත් දෙපාරක්ම ට්‍රයි කොරලා බලෙන්ම කාර් එකක් දෙන්න හැදුවත් උන්වහන්සේ එය ප්‍රතික්ශේප කල වාර්තාවේ. කොහොම වුනත් මෙවරනම් ජනාධිපතිතුමාගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නට හැකිවෙන්නට ඇත්තේ කාර් එක නොගෙන රජතුමාව අපහසුතාවයට පත්කලහොත් ලැබෙන ආනිශංසය පිලිබඳව කලින්ම උන්වහන්සේව දැනුවත් කල නිසා වෙන්නට පුලුවන්. කොහොම උනත් නිතරම ආණ්ඩුවට බනින මල්වතු හාමුදුරුවන්ව සාර්ථක වන බවට අත්දුටු ප්‍රතිකර්මයක් වන පගාවක් දීලා ශේප් කරගන්න පුලුවන්දැ දැනගන්න රජතුමා පොඩි මුට්ටියක් දලා බැලුව වෙන්න පුලුවන්. මුට්ටිය බිඳුනේ නැති නිසා දැන් ඉතින් මල්වතු හාමුදුරුවන් හීලෑ කරගැනීමේ ඊළඟ පියවරට බය නැතුව යන්න පුළුවන් මගෙ හිතේ.

ඊළඟ පියවර විධියට මල්වතු හාමුදුරුවන්ව මන්දිරේ දානෙකට ආරාධනා කරලා උන්වහන්සේ ලව්වා ජනපති රාජපක්ශගේ හොඳ බිංදුවක් හරි කියවාගෙන ඒ කතාව පැය විසිහතරෙම සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුවානම් හරි.

හින්දු මිනිසුන්ගේ ආශීර්වාදය

බම්බලබිටියේ කධිරවේළායුධ කෝවිලේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් පූජාවක් පැවැත්වූ දේවානන්ද ඇමතියා හින්දු ජනතාවගේ ආශීර්වාදය ජනපතිතුමාට ලැබෙන බව කියලා තියෙනවා. හින්දු මිනිස්සුන්ගේ ආශීර්වාදය ලැබෙනවා කිව්වම අපිට ජම්මෙ පුරුද්ද නිසාදෝ මෙහෙම ප්‍රස්න වැලක් මතක්වෙනවා.

1] දේවානන්ද "හින්දු මිනිස්සු' කියන යෙදුම භාවිතාකලේ දෙමළ මිනිස්සු කිව්වානම් ගුටි කන්න වෙන නිසාද?

2] හින්දු කියන්නේ දෙමළ කියන එකනේ කියලා කවුරුහරි වන්දිභට්ටයෙකු (නැතහොත් වාසල කේවට්ටයෙකු ) කියනවානම් ; ඒ කියන්නේ කතෝලික, ක්‍රිස්තියානි, ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් හා තවත් මිශනාරි පල්ලි ගණනාවකට සම්බන්ධ දෙමළ මිනිස්සුන්ගේ ආශීර්වාදය නෑ කියන එකද?

3] ලංකාවට හැතැප්ම විස්සක් උඩින් තියෙන තමිල්නාඩුවේ මිලියන 62ක දෙමළ ජනතාවගෙන් 88%ක්ම හින්දු භක්තිකයින්. දේවානන්ද කියන්නේ මේ මිලියන ගානම, ජයලලිතා, කරුණානිධි, වයිකෝ ද ඇතුලුව (එයාලත් හින්දුනෙ) රාජපක්ශ රජතුමාට ආශීර්වාද කරනවා කියලද?

මට හිතෙන්නේ ඩගියාට වෙලා තියෙනේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ ඇබැද්දියක්. රජතුමාට සපෝට් එකට මුකුත් නොකොලොත් කපෝති, දෙමළු අවුස්සගත්තෝත් ඒත් කපෝති.

2 comments:

Anonymous said...

බොල හරකෝ, කෝවිලට එන්නේ හින්දු මින්ස්සු විතරයි බොල. ඔක්කොම දෙමළ මිනිසු එතනට එන්නේ නෑ.

"ඒ කියන්නේ කතෝලික, ක්‍රිස්තියානි, ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් හා තවත් මිශනාරි පල්ලි ගණනාවකට සම්බන්ධ දෙමළ මිනිස්සුන්ගේ ආශීර්වාදය නෑ කියන එකද?"

මිනිස්සු කෙසේ වෙතත් උන්ගෙ මහ උන්ගේ නම් ආශීර්වාදෙ තිබ්බෙ කාටද කියල අපි පහු ගිය දොහේදි දැක්කනෙ බොලවු. මඩු පල්ලියට කොටි ගහල කුඩු කලාම ඒක කලේ හමුදාවෙන් කියල කිවුවෙත් ඔය උන්දලමනෙ.

දේවානන්ද කතා කොරන්නේ ලංකාවේ මිනිස්සු ගැන හරකෝ. දේවානන්ද මොකටද ඉන්දියාවෙ මිනිස්සු වෙනුවෙන් කත කොරන්නෙ? තව බැලොවොත් තොට පෙනෙයි උතුරු න්දියාවෙනුත් 80% හින්දු කියල. තොපිට තියෙන්නේ තනිකරම ඉරිසියාව. තොපේ මහ උන්ට ඹැරි වෙච්ච දේ මේ ආන්ඩුව කොලාට තියෙන ඉරිසියාව.

රංචාගොඩ මුදියන්සේ said...

ඔබතුමා හරකා මේකා කියාගෙන දඟලන්නේ කැතකුණු කලිසමේ ගිහිල්ලා වෙන්න ඇති නේද? අනේ ඇණයෝ ලිපිය හරියට කියවලා වැසිකිලියට ගියානම් තමයි හොඳ. දැන් ඉතින් හැම තැනම ගාගෙන නේ ඉන්නේ.

ඔය තරම්ම තදවෙන්නේ ඩගියා නුඹට බස්සනවා වත්ද? ;-p

ඇත්තමට ආණ්ඩුව කාටවත් බැරි දේවල් කොළා තමයි. ලොකුම කිරිබත, වැඩිම වියදම් පදවි ප්‍රාප්තිය, එකම වරාය දෙපාරක් එකම අවුරුද්දේ විවෘතකිරීම, පාරක එක මීටරයක් හදන්න ලක්ශ 7 බැගින් වියදම් කිරීම, බලෙන් අනුන්ගේ උත්සව වල චීෆ් ගෙස්ට් බව කියා නෝන්ඩි වීම.....තව ලයිස්තුව තියෙනවා.


හාමුදුරුවන්ට කාර් එකදීම ගැන මුකුත් අදහසක් නැද්ද? (හැක් හැක් හැක්...)