Thursday, June 7, 2012

හම්බන්තොට වරායට පැමිණි කාර් නැව......


වෙබ් මාධ්‍ය වාර්තාවකට අනුව කාර් නැව ලංකාවට එවා ඇත්තේ කාර් 15ක් පමණකි. ඉතුරුවා ඇල්ජීරියාවට ප්‍රති-අපනයනය සඳහාය. ඒ අනුව මෙය පුහු මාධ්‍ය සංදර්ශණයකි.

මාගේ අදහස අනුව නම් : මෙය හොඳ ආරම්භයකි. ප්‍රති අපනයනය යනු ලාභදායි ව්‍යාපාරික අවස්ථාවකි. මේ අවස්ථාව අපි කෙසේ හෝ රඳවාගෙන වර්දනය කල යුතුය.

ඉන්දියාවේ ජීවත්වන මා හොඳින්ම දන්නා කරුණක් නම් තමිල්නාඩුවේ චෙන්නායි යනු ඉන්දියාවේ වාහන කර්මාන්තයේ හදවත බවයි. ලොව බොහෝ බහුජාතික වාහන සමාගම් (BMW සමාගමද ඇතුලුව) චෙන්නායි නුවර සිය කර්මාන්තශාලා පිහිටුවා ඇත.

ඉන්දියානු ව්‍යාපාරික සඟරාවක පලවුනු පහත සටහන බලන්න. (Business Today, October 2011)


සටහනට අනුව චෙන්නායි නුවර වාහන නිශ්පාදනය පහත පරිදිවේ....

කාර් - මිලියන 1.4
වානිජ වාහන - 361,000
ට්‍රැක්ටර් - 61,000
මෝටර් සයිකල් - මිලියන 1.8

චෙන්නායි වාහන කර්මාන්තයේ විශාලත්වය සිතාගත හැකියි නේද?

මේ වාහන නිශපාදනයෙන් විශාල ප්‍රමාණයක් ආසියාවට හා අප්‍රිකානු රටවලට අපනයනය සඳහා වේ. මේ අපනයන වලින් අඩුම ගණනේ 10%-15% ප්‍රති-අපනයන ලෙස හම්බන්තොට වරායට අද්දවා ගන්නට පුලුවන්නම් රටටම ජයකි.

අපේ පැතුම එයයි. නැව පැමීනිම හොඳ ආරම්භයක් ලෙස අප පවසන්නේ එබැවිනි. 

හම්බන්තොට වරාය ගැන අපට විවේචන තිබුණේය. ඒවා අප නොපැකිලව ඉදිරිපත් කලෙමු. එහෙත් අසාර්තක යයි සිතූ ව්‍යාපෘතියක ලා දල්ලක් එනවිට එයට සතුටුවීම රටට සැබැවින්ම ආදරේ මිනිසුන්ගේ ගතියකි. එය රාජපක්ශලාගේ ව්‍යාපෘතියක් නිසාම එයට විරුද්ධ වීම මහත්වූ කුහකකමකි. රජපක්ශලා රට දියුණු කරනවානම් අපට එයට වඩා සතුටක් නැත. මේ රට දියුණු කරන්නට රනිල් හෝ ෆොනී එනකම් ඉන්නට ඕනෑ නැත. රාජපක්ශලාට එය කල හැකිය. අපේ විවේචනය එය නොකිරීම පමණකි.

කොළඹ නැව් හරවා එවීම

කොළඹ වරායේ නැව් හරවා හම්බතොටට එවීම මගින් කොළඹට පාඩු බව කියැවේ. කෙටිකාලීනව එය සැබෑවක් වන්නට පුලුවන, එහෙත් කොළඹ තදබදය අධික වරායකි. එයින් කොටසක් ඉන්දියාවේ වරායකට යවනවාට වඩා අප රටේම තව වරායකට යවන එක නරකක් වන්නට බැරිය. රාජපක්ශලා එක්ක තරහට ඉන්දියාවේ වරායවල් පෝසත් වෙනතෙක් අහකබලාගෙන ඉන්නේ රටට වඩා දේශපාලනේ කරට ගත්විටය.




අනෙක් අතට හම්බන්තොට වරායේ මෙහෙයුම් සාර්ථකව කලහැකි බව ලොවට පෙන්වා නැව් සමාගම්වල සැක දුරුකිරීමටද මෙය අවස්ථාවකි. හම්බන්තොට වරාය කෝඩුකාර වරායක් බැවින් නැව් සමාගම් එහි නැව් ගෙන එන්නට මැලිවනවා වන්නට පුලුවන. මේ මගින් සෙමින් සෙමින් එම සැක දුරැලීමට හැකියාව ලැබේ.

එමෙන්ම වරායේ මෙහෙයුම් පාලනය කරන නිළධාරින් හා සේවකයින්ටද මෙමගින් වරයේ මෙහෙයුම් කිරීම සඳහා යම් උරගා බැලීමේ අවස්තාවක් (trial run) ලැබේ.

අවසාන වශයෙන් කිවයුත්තේ මෙම වරාය දියුණුවී හම්බන්තොට රැකියාවිරහිත තරුණ කැලට ජීවිතය ගැන අලුත් බලාපොරොත්තු තබාගත හැකි අවස්ථාවක් ඉක්මණින් උදාවේවා යන්න අපේ පැතුම බවයි.


5 comments:

Asanka Udayanga said...

100% කතාව හා එකගයි,රටට හොදදෙයක් වීම පසසන්නේ නෑත්තන් ඒක තමයි කුහක කම,නමුත් මේ වෙන දේ යම් කිසි හොදක් තියනවා,

Anonymous said...

kathaawanam aththa.
eth mun okawath haeeyata karaikeyala thama baya.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බලමු තවත් එක් සන්දර්ශනයක්ද , ඇත්තටම ඵලදායක දෙයක්ද කියලා

Muzain86 said...

ඒත් මෙ වරාය සියලුම ගාස්තුවලින් නිදහස් කල වරායක්නේද? ප්‍රති නැව්ගත කිරිමට අපට නැව් සමාගම් ගෙවීමක් කරනවානම් ඔන්න වැඩෙ හොදයි.....එහෙම නැතිනම් තමයි අවුල

Muzain86 said...

ඒත් මෙ වරාය සියලුම ගාස්තුවලින් නිදහස් කල වරායක්නේද? ප්‍රති නැව්ගත කිරිමට අපට නැව් සමාගම් ගෙවීමක් කරනවානම් ඔන්න වැඩෙ හොදයි.....එහෙම නැතිනම් තමයි අවුල