Monday, June 18, 2012

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී බනානා රිපබ්ලික්.......

බනානා රිපබ්ලික් යන්න විකිපීඩියා විශ්වකෝෂය අර්ථදක්වන්නේ

"  ඉතා සීමිත සම්පත් හා අපනයන කිහිපයක් මත යැපෙන, දේශපාලනමය වශයෙන් ස්ථාවරත්වයක් නැති, දුගී දුප්පතුන් අති බහුතරයකුත්, ධනපතියන් ,මැරයන් හා හමුදාවේ සුලුතරයක් අත දෙශපාලන බලය රැඳී ඇති, දූෂණය ඉහවහා ගිය ඒකාධිපති පාලනයක් යටතේ පවතින කුඩා රටකි......"


මේ අර්ථදැක්වීම ලංකාව ඉලක්කර කරගත් කොටි ඩයස්පෝරා, සුදු අධිරාජ්‍යවාදී ඇන්ජීඕ කුමණ්ත්‍රණයක් ලෙස හැඳින්වීමට ලංකා පාණ්ඩුවේ කටු ලෙවකන ඕනෑම බුද්දිමතෙකුට, කලාකාරයෙකුට හෝ මාද්දියවේදියෙකුට පුලුවන.

කියවලා බලනකොට හරියට ලංකාව දිහා බලලාම ලිව්වා වගේ පෙනුනත් 1904දී මේ යෙදුම මුල්වරට භාවිතා කරපු ඇමරිකන්කාරයා අදහස් කරලා තියෙන්නේ ඇමරිකාව කෙසෙල් අපනයනයෙන් ජීවත්වන, දූශිත මධ්‍යම ඇමරිකානු රටවල් ගැන හිතලයි.

බනනා රිපබ්ලික් කතාව ඒකාලේ මධ්‍යම ඇමරිකාවට ගැළපුනාට දැන් ගැලපෙනේ ආසියාවේ ආසිචර්යය යයි ආණ්ඩුව හැරෙන්නට වෙන කවුරුවත්ම නොකියනා සිරි ලංකාවට බව දේසප්‍රේමී ජනතාවට (හෙවත් ආණ්ඩුවේ ලණු ගිලිමින් බඩගින්නේ හිනාවෙනගමන් සී නිවුස් එකේ දේසප්‍රේමී කුණුහරුප කොමෙන්ටු කොටන මෝඩ හැත්තට) වුවද දැන් දැන් වැටහෙතැයි නිකමට අපිට සිතෙන්නේ අපි සැබෑ දේසද්‍රෝහීන් නිසාම වන්නට ඇත...

රටම ඩෙංගු වසංගතයෙන් වැහීගෙන යද්දී, මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ වෙඩි කද්දී, වෙඩි තියපු එවුන්ට කොමාන්ඩෝ ආරක්සාව ලැබෙද්දේ, මැරුණු මිනිස්සුන්ගේ මළගමට කොඩියක්වත් අදින්න එපා කියලා පුකේ මහේස්ත්‍රාත්ලා නියෝග නිකුත් කරද්දී වසී බෝලෙත් මිරික මිරිකා අපලෙ කාලෙ ගෙවෙනකන් ලෝක වටේ දුව දුව  ඉන්නා නායකයෝ ඉන්නේ කෙහෙල්කං ජනරජවල නොවේද?

ඒ විතරක් නෙමෙයි,  කෙහෙල්කං රටේ අතිගරු  රජතුමා, සුද්දන්ට පස්පඩංගුවේ බැන බැන ඉන්න ගමන්, සුද්දන්ට නැමෙන්නේ නෑ කියන ගමන්, නාකි සුදු රැජිනිට අතට අත දුන්නේ දෙකට නැමිලා බව අපි හොඳටම දැක්කා. ඒවගේ බය පක්සපාතකමක් එන්ගලන්නේ එවුන්ගෙන්වත් රැජිණිට ලැබෙන්නේ නැතුව ඇති.

ඒ විතරක් නෙමෙයි, නාකි සුද්දිගේ උපන්දිනේට ප්ලේන් බුක්කරගෙන, නඩේ පටෝගෙන, ලන්ඩොන් ගිහිල්ලා ආයෙත් කිචවෙලා, කුණුහරුපෙන් ඕගනයිසර්ලාට බැන බැන කිව්බාව දිව්වට එහෙදි ලැබුනෙත් උප ඇමතිනීගේ පිලිගැනීමක් විතරලු. මේ වගේ එන්නන් වාගේ වැඩක් නැතුව අපල ගෙවන්නට දුවගෙන එන කිං බානට්ලා පිලිගන්න එයාර්පෝට් එකට එනවාට වඩා වැදගත් වැඩ රාවුල් කැස්ත්‍රෝට ඇති බව අපිට හොඳටම විශ්වාසයි.

කියුබාව වගේ විශාල රටක්, අවුරුදු 30-40ක ඇමරිකන් ආර්ථික සම්භාදක යටතේ ඔය විදිහට හරි තියාගෙන මිනිස්සුන්ට කන්ඩ අඳින්ඩ, බේත්හේත්ටික, අධ්‍යාපනය වගේ දේවල් අඩුපාඩු නැතුව දෙන්න පුලුවන් දක්ෂ පාලකයින්ට විතරයි.  කැස්ත්‍රෝලා මිරිකන්නේ අපේ තුමා වගේ රත්තරන් වසීබෝල නෙමෙයි, වැඩ නොකරන නිළධාරීන්ගේ, දූශිත නිළධාරීන්ගේ ඇටබෝල. ඒනිසා අපේ කිං බානට්තුමාට වැඩ නැති වුනාට රාවුල් කැස්තෝලාට අම්බානක වැඩ තියනව. ඒ මිනිස්සු වැඩකරන්නේ මන්තරකාරයින්, කට්ටඩින් කියන විදියට නෙමෙයි. රටේ ජනතාවගේ සුභසිද්දියට.

කියුබාවෙන් චුත වුනාට පස්සේ බනානා රිපබ්ලික් රජතුමා කොහාට යයිද කියලා තාම නිනව්වක් නෑ, ඒත් ද්වීපාර්සවික සබඳතා තරකොරගන්න කියලා මොකක් හරි රටකට දුවගෙන ගිහිල්ලා ඒ රටේ නායකයින්ගෙත් වැඩ පාලු කරයි. ඇයි ඉතින් රටක නායකයෙක් අවේලාවේ කඩාගෙන වැටුනත් වැදගත් විධියට සළකන ඕනෑ කියලා සම්මතයක් තියෙනවානෙ. නැතිනම් ලැජ්ජාව ඒ මිනිස්සුන්ටනේ. අපේ රජතුමාට නැත්තෙම ලැජ්ජාවනෙ. 

ආයෙත් මොකෙක් හරි පකඩ සුද්දෙක් වැදගැම්මකට නැති දේකට (උදාහරණයක් ලෙස ලන්ඩන් නුවර පොදු වැසිකිලියක් විවෘත කරන්ඩ හරි ) එන්ඩ කිව්වොත් අපේ  රජතුමා ප්ලේන් එකක් බුක්කරගෙන ආයෙත් දුවයි ලන්ඩොන්.... ගිහිල්ලා බැන බැන එයි.....

"  All hail the king of ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී බනානා රිපබ්ලික්....... "


2 comments:

Anonymous said...

//කියුබාවෙන් චුත වුනාට පස්සේ බනානා රිපබ්ලික් රජතුමා කොහාට යයිද කියලා තාම නිනව්වක් නෑ//

ඊළඟට යනවා කියන්නේ...ලංකාවට පක්සොව චන්දෙ දුන්නු අයට තැන්කු කියන්නලු...තව බ්‍රොසීලෙට... ඉරානෙට...ඇමෙරිකාවටත් (යූඇන් එකට ) යනවලු.

Anonymous said...

අපේ මහා ලොකු අධිරාජ්‍ය විරෝධී මහින්දට (මව්බිමේ පච-ආයුදකාරයා කියන්නේ එහෙමනෙ) , තවත් ඒවාගේම අධිරාජ්‍ය විරෝධියෙක් වන රාවුල්ගෙන් ලැබිච්ච් බිබික්කම මොකද්ද?

අධිරාජ්‍ය විරෝධී මහින්දට ෆිදෙල් කස්ත්‍රෝව මුණ නොගැස්සුවේ කියුබාවත් දැන් විදේශ කුමන්ත්‍රණයකට අසුවෙලා තියෙන නිසාද?

තවත් අධිරාජ්‍ය විරෝධියෙක් වන හියුගෝ ෂාවේස්ගේ රටට තමුන්ගේ අපලේ ගෙවෙනකං වත් ගිහින් ඉන්න මහින්දට බැරිවුණේ මොකද?