Thursday, April 26, 2012

ජනපතිගේ ගඳ බෝයිස්ලා අනාගත් දඹුළ්ල



කොන්තරාත්තුවලට කචල් අදින ජනපතිතුමාගේ ගඳ බෝයිස්ලා දඹුල්ලේ ඇද්ද කචල් එක දැන් මහා වාතයක් වී ඇති බව පෙනේ. ඇමති ජනක කියනාදෙය ඇත්ත නම් (අපි දන්නේ නැත) සාකච්ඡාවෙන් පන්නා ගන්නට තිබුණු පල්ලිය සාකච්ඡාවට කලින් ගඳ බෝයිස්ලාගේ ක්ෂණික මෝචන දේශප්‍රේමය නිසා දැන කොරගන්නට බැරිවෙන්නම වැඩ සිද්ද වෙලාය.

අඩුම ගණනේ සාකච්ඡාව අසාර්ථක වෙලා තම්බිටික පාට් දැම්මානම් ගඳබෝයිස්ලාගේ දෙසප්‍රේමය හා බොදුබැති පෙම උතුරායාම සාධාරණීකරන්නට තිබුණාය.

එව්වා කොයිද අෆිත් එක්ක ෆුහ්....සාකච්චා කරන්නේ බයියලාය. ගඳ බෝයිස්ලා කරන්නේ ඉස්සෙල්ලාම ගහලා රෙන එකය. පිහිද ගන්නේ කොහොම කියලා කල්පනා කරන්නේ රීගෙන ගාගත්තාට පස්සේය.

පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්‍රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත. 

රටට ආදරේ ජනපතිතුමාත් එතුමාගේ ගඳබෝයිස්ලාත් විතරමය.

ජනපතිට වැඩ කරන ගඳ බෝයිස්ලා කොහොමත් ඔහොමය. උතුරා පෙණ නගින (පෙණ නගින්නේ අරක්කු නිසාය) දේසප්‍රේමය හා බුද්ධ ප්‍රේමය නිසා ගොඩින් බේරාගන්න පුලුවන් ඕනෑම එකක් මත තරඟෙට පහරා ඊට පස්සේ පලාතම ගන්දස්සාර වෙනකොට බටහිර කුමණ්ත්‍රන හා බටහිට ඩොලර් වලින් යැපෙන දේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ කුමණ්ත්‍රණ ගැන දොඩවමින් හිස් ලූලූ අත දුවනවාය. කෙස් කඩාගෙන කෑමොර දෙමින් පඹයෝ පුච්චනවාය, පෙලපාලි යනවාය.

වැඩේ ඉවරවෙනකොට රට මුලුලෝකෙටම ගඳවෙලාය. ඒත් ගඳ බෝයිස්ලා යහතින්ය.

කල්පනාවෙන් වැඩකොට ජාම බේරාගන්නට තිබූ ජිනීවා අනාගෙන නාඩගමක් කරගත්තේ වීරවංශ ගඳබෝයියාය. ඒවගේම සමාදානෙන් කාගේවත් හිත් නොරිදෙන්න බේරාගන්නට තිබුණු දඹුල්ල ඇනුවේ ඉනාමළුවේ ගඳබෝයියාය.

ඕනෑම ප්‍රශ්ණයකදී ඉස්සෙල්ලාම සරම උස්සාගෙන කෑගැසීම එතුමාගේ ස්ටයිල් එකය. ජනපතිතුමාට එතුමාගේ ශෛලියට ගැලපෙන ගඳ බෝයිස්ලා ඕනෑම වැඩක් සඳහා සොයාගත හැකිය. 

6 comments:

yaade said...

ඇයි අනවසර පල්ලිය ඒපාර නීත්‍යානුකූල පල්ලිය නිසාද කතා කරලා සාකච්චාවෙන් අයින් කරන්න පුලුවන් වෙලා තිබ්බ කියන්නෙ???
දෙපිට කාට්ටුවො ඉන්න තුරු කොහොමද රටකට හරියන්නෙ?

රංචාගොඩ මුදියන්සේ said...

හක් හක්.....අවුරුදු 20-30කට පස්සේ හදිසියේම දේසප්‍රේමි ගන්දාස්ලාට ඇහැරිලා මෙන්න බොලේ අපිට බනිනවා......

ඕක හදන කාලේ කොහෙද හිටියෙ? කසියා බීලා බුදිද?

හදන කොට නවත්තන්න තිබ්බේ නැද්ද හැදුවට පස්සේ කඩන්න හදන්නේ....?

කළු වැද්දා said...

@yaade

දැන් ඔය ජනක බන්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමාත් ඔය දෙපිටකාට්ටු ගොඩට අයිතිද? උන්නැහෙට චන්දෙ දුන්නෙ දේසද්‍රෝහී යූ ඇන් පී කාරයෝද නැතිනම් දේසප්‍රේමි සිංහල බහුද්ද ජනහ්තාවද?

දැන් ජනක බන්ඩාරට චන්දෙදීපු එකෙක් දබුල්ලෙන් හොයාගන්න බැරුව ඇතිහ් නේදහ්?

Coca Cola said...

යාදෙ මචෝ?

ඔය පල්ලිය හැදුවේ උඹලා එපා එපා හදන්න එපා කියලා පොලොවේ පස් කකා අවුරුදු 30ක්ම විරෝදතාවය පෙන්නුවටත් පස්සේ නේද?

අවුරුදු 30ක්ම එපා කියලා බැරිම තැනනේ උඹලයි ඉනාමලුවේ ආනමාළුයි පල්ලියට ගැහුවේ.....

සාදරනයි සාදාරනයි....උඹලාගේ කෝපය සාදාරණයි.....අවරුදු 30ක්ම එපාකිව්වට පස්සෙ තව මොටද ඉවසන්නේ?

අවරුදු 30ක්ම බුදියගෙන ඉවරවෙලා දැන් හදිසියේ ඇහැරිලා බෙරිහන් දෙනවා නම්නේ ප්‍රශ්නෙ තියෙන්නේ...

මැරවින් සිල්වා said...

මාව ජනාදිපතිතුමා දබුල්ලේ සංවිදායක කරනවානම් මම දවස් දෙකෙන් ඔය ප්‍රස්නේ විසඳලා පල්ලිය තියෙන තැන හොඳ බඩු පොට් එකකුයි බාර් එකකුයි දානවා...කැළණිය පන්සල ඉස්සරහා තියෙන්නෙත් මගේ බඩු පොට්නේ!

Anonymous said...

[ පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්‍රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත. ]

අවජාතික ගඳ බෝයිස් ල හිතන්නේ මේක ක්ෂණික මෝචනයක් කියල. මේක 2009 ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ ෆෝ ප්ලේ එක දීල මෝචනේ වෙච්ච එකක් කියල තේරෙන්නේ නැත්තෙ මොකෝ. අහන්න දෙයක්ද, මුන් අවජාතිකනෙ.