Saturday, April 21, 2012

මීහරකාගේ කොමෙන්ටුව......


මිහරකා says:
දැන් අපේ දේශප්‍රේමී නෝනාවරුන් සහ මහත්තුරුන්ගෙන් අහන්නේ……
1.) අපි අතරේ සිංහලයෙකුට වලක් කපපු නැති එකෙක් ඉන්නවද ?
2.) අල්ලපු ගෙදර ඉන්න සිංහලය ඉහල යනවට ඉරිසියා නොකරපු එකෙක් ඉන්නවද?
3.) තමන් අතරේ එකට හිටපු සිංහලය ඉහල ගියාම ඒ ගැන හිතට දුකක් දැනුනු නැති එකෙක් ඉන්නවද?
4.) තමන් සිංහල දන්නවා උනත් ඉංගිරිසි බැරි එවුන් ඉස්සරහ (උන් අපහසුතාවයට පත් වෙනවා කියල දැන දැනත්) වැඩා වෙන්න ඉංගිරිසියෙන් ටෝක දාල නැති එකෙක් ඉන්නවද?
අනික් පැත්තෙන් ගත්තාම………..
5.) තමන් ඉහල ගියාම තමන් එක්ක එකට හිටිය සෙට් එකට බොරු සෝබනේ දාපු නැති එකෙක් ඉන්නවද?
(එසේ කල විට උන්ගේ හිත රිදෙනවා කියල දැන දැනත්) බොරු සෝබනේ දාල සතුටු උනේ නැති එකෙක් ඉන්නවද?
හ්ම්ම්…… මුස්ලිම් මිනිස්සු කෙසේ වුවත් අපිත් අපිටම කෙලවන්න හවුල් වෙලා නේද? හයියෝ………..

--------------------------------------------------------------------------------------------------------------
ලංකා සයිබර් නිවුස් අඩවියේ පලවූ "අන්‍යාගමිකරණයට එරෙහිව දඹුල්ලේ විරෝධතාවක්, මහනාහිමිවරුනුත් එයි - April 20, 2012 at 2:34 pm | Lanka C News." යන ලිපියට කොමෙන්ටු 70කට වැඩිය වැටී තිබුණි. ඉන් එක් කොමෙන්ටුවකි ඉහත පිටපත් කොට ඇත්තේ.

සයිබර් නිවුස් මඩවලේ ලගිමින් ජාතිවාදී උමතුව මෙන්ම උපතින් වුරුම වූ මෝඩකම හා බාලකම ප්‍රදර්ශණය කරන්නාවූද ඉඳ හිට අපගේ බ්ලොග් අඩවිවලටද පැන එවැනිම කොමෙන් කොටන්නාවූද සුවහසක් දේසීය දෙගාත් මීගවයින් අතර "මීහරකා" යන අන්වර්ත නාමයෙන් තමන්ව හඳුන්වාගත්, නම මීහරකා වුවත් දැනුම හා විචාර බුද්ධිය අතින් මුහුකුරා ගිය ඒ නම් ගම නොදන්නා මිනිසාට මාගේ ප්‍රණාමය...

6 comments:

ජයශ්‍රී said...

ඔතන සිංහල යන වචනය වෙනුවට වෙනත් ඕනෑම ජාතියක නමක් ආදේශ කළ හැකියි. මේවා මිනිසුන් සතු පොදු දුර්වලතා මිසක සිංහලයන්ට පමණක් ආවේනික දේ නොවේ.

නරකයා....!! said...

agree with jayashri

Malith said...

දැන් ඔය දේවල් ක‍රන්නෙ සිංහල උන් විත‍රද ? අනිත් උන් ඔව දන්නෙවත් නැත්ද?
මට පේන්නෙ උඹල දෙන්නම මීහ‍රක් කියල ඔප්පුක‍රා කියල

Anonymous said...

ඇයි බං සිංහල උන් විතරද ඔය ලිස්ට් එකේ වැඩ කරන්නේ.මුළු ලෝකෙම ඉන්න මිනිස් වර්ගවල නම් ඔතෙන්ට ආදේශ කරන්න පුළුවන්නේ

Anonymous said...

කණ්ඩුලට ඇටෑක් එකක් වගෙ!

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
කණ්ඩුලට ඇටෑක් එකක් වගෙ!

------------------------------------
හැක් හැක්......සිම්පල් සයිමන්ලා යුධ ක්‍රියාමාර්ගයකට අවතීර්ණව......