Monday, April 16, 2012

ආණ්ඩුවේ හොට බිම ඇන්නවූ ඔපරේශන් "ප්‍රේමකුමාර්"


ගුණරත්නම්ගේ ඇත්ත නම ඔස්ට්‍රේලියාව දැන සිටියා
රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන්න පියවර
අපරාධ කල්ලි කොටුකර ගැනීමේ ඉඩ ඇහිරිලා

අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කරයි


යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වී ඇතැයි ලයිස්තු ගත කර ඇති බොහෝ දෙනෙක් විදේශ අනුග්‍රහය යටතේ නව හැඳුනුම්පත් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට යුරෝපය ඇතුළු රටවල නව හැඳුනුම්පත් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අනුව මෙරට අතුරුදන් ලැයිස්තුවල සිටින කොටි ක්‍රියාකාරිකයන්ට විදේශයන්හිදී රැකවරණය ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

දේශපාලන රැකවරණ පතමින් ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවලට නීත්‍යනුකූල නොවන අයුරින් යන අය පවා ආරක්ෂා කරන බව පවසන ආරක්ෂක ලේකම්වරයා මේ නිසා මෙවැනි පුද්ගලයන් පිටරටවලට යැවීමට වගකිව යුතු සංවිධානාත්මක අපරාධ කල්ලි කොටුකර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩ ඇහිරී ඇති බව කියයි. අලුතෙන් පිහිටුවන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ගුණරත්නම් නැමත්තාට එන් 1016123 යටතේ ඕස්ට්‍රේලියානු රජය වෙනත් නමකින් ගමන් බලපත්‍රයක් ලබාදී තිබුණේ ඔහුගේ සත්‍ය නම දැන සිටියදී බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

http://www.dinamina.lk/2012/04/16/
--------------------------------------------------------------------------------------------------------
ප්‍රේමකුමාර් මෙහෙයුම, හෙවත් රංගනය හෙවත් පැහැර ගැනීම ගැන බොහෝ ලිපි ලියැවී තිබේ. සමහර ලිපිවලට අනුව සුදුවෑන් කල්ලිය එනවිට කුමාර් මහත්තයා දිමුතු නංගී සමග එක සයනයේ සිට ඇත. ඒක උන් දෙන්නා ගේ වැඩක් මිසක් අපේ වැඩක් නොවේ. කසාද මිනිහෙක් තවත් ගැහැණියක් සමග සිටීමෙන් පැහැර ගැනීම හා වද හිංසා කිරීම සාධාරණ නම් මුලු මහත් ඇමතිමණ්ඩලයත් පැහැරගත යුතුය. කතාවේ හැටියට ජනාධිපතිටත් බේරෙන්නට හම්බුවෙන්නේ නැත.

මේ අතර කුමාර් කොටියෙකුද වී තිබේ. කුමාර්ගේ නම වෙනස්වීමද මහත් ගැටලුවක් ලෙස පෙන්වාදෙමින් ඇත. කුමාර්ගේ නම වෙනස්වීම ගැන දොඩවන ආරක්ශක ලේකම් ඒ මිනිහාව පැහැර ගැනීමෙන් රටට වී ඇත අපකීර්තිය ගැන වචනයක් නොකියයි. අඩුම ගනනේ පැහැරගත්තේ කවුදැයි හොයන බව හෝ නොකියයි. ඒ කිසිවක් නොකියමින් ඒ මිනිහගේ නම, රෑට නිදා ගත් ගෑනී හා ඔස්ට්‍රේලියානු රජයේ වැරදි ගැන දොඩවමින් මුසා බස් කියන්නේ කා රවටන්නට දැයි ආරක්ශක ලේකම් තුමා සිතා බැලිය යුතුය.

වැඩේ අනාගත්පසු බේරෙන්නට මොකක් හෝ ඇදබෑම, කාගේ හෝ චරිතඝාතනයක් සිදුකිරීම ආණ්ඩුවේ කටු ලෙවකන සුනඛයින්ගේ සුපුරුදු චාරිත්‍රයයි. එයින් තමන්ගේ ඇණ ගැනීම වසන් කරගෙන වෙන දෙයක් ඉහලට ඔසවා තැබීම බලාපොරොත්තුවේ. මෙවැනි අවධානය වෙනතක යොමුකිරීමේ ක්‍රියා ලංකාවේ හොඳින් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ බොහෝදෙනෙක් තමන් හරිම සුචරිතවාදීන් බව හිතාගෙන ඉන්නා නිසාය. තමන් හොඳ වුවත් අනුන් වැරදිය ඒ නිසා කුමාර මහත්තයා දිමුතුගේ බඩ උඩ සිටියා යයි දැක්කා වගේ කියන කතා මාර ආතල්ය. කුමාර් මහත්තයාට දිමුතුත් එක්ක ලැබුණු චාන්ස් එක ඔයිටත් වඩා කැත ගැහැණියක් එක්ක (දිමුතුගේ ඇති  ලස්සනක් නැත - මට පෙනෙනා විධියට) ලැබුණානම් මං සුදනා සුචරිතවාදී අයියලාගේ කෙරුවාව බලාගන්නට පුලුවන.

ඔය සියලු කතා අස්සේ පැහැර ගැනීම හා වදහිංසා කිරීමේ චෝදනාව යටපත්වෙයි. ආණ්ඩුවේ වධකයින්ට ඕනෑත් ඒ ටිකමය. කුමාර් පැහැර ගැනීමට වඩා ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම නිසාත් ආණ්ඩුව වැටී ඇත්තේ බලවත් කසල ගොඩකටය.

ජිනීවාවලදී නරිනාඩගම් නටමින් ලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය වෙන්නේ නැතැයිද ඕනෑනම් ඇවිත් බලන්න යයිද තප්පුලෑ කට්ටියට කනේ පහරක් ආණ්ඩුවෙන්ම ලබාදී ඇත. ජිනීවා චෝදනා සත්‍යබව ආණ්ඩුව විසින්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඔප්පු කොට ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වුනු ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයෙකු පැහැර ගැනීමෙනි. ලංකාවේ දේශපාලන විරුද්ධවාදීන් සැබැවින්ම පැහැරගෙන ගොස් වධහිංසා කරන බවත් ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම නොවන්නට කුමාර්ට (දිමුතුට කෙසේ වෙතත් ) අත්වන්නේත් එම ඉරණම බවත් අද ලංකාවේ අමන ජහමනයාට කෙසේ වෙතත් ලෝකයට පැහැදිලිය.

මේ ඇත්ත වසන් කරන්නට දැන් කුමාර්ගේ චරිතය මෙන්ම දිමුතු ආටිගල නැමති අවිවාහක කාන්තාවගේ චරිතය ඝාතනය කරන්නටද රජපස සුනඛ නඩය වැඩට බැස ඇත. නොඉතුරුනු කිරිකළය මෙන්ම බිම වැටුනු කිරිබත් කෑල්ල ෆොටෝශොප් පිහිටෙන් හදාගත්තා වාගේ මුන් හදන්නේ ලෝකයාට රටම කිචවීම රටේ එවුන්ගෙන් වසන් කරගන්නටය.

දැන් කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ අටවපු කතාවක් කියයි. ඔයවැනි කතාවත් ඉරිදා පුවත්පතක පලවී සී-නිවුස් පඩ්ංගුවට එක්කොට තිබෙන බව මමද දුටුවෙමි. කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ ඇටෙව්වානම් කුමාර් ජනාධිපතිගේ සුරතලෙකු විය යුතුය. ඉන්දියන් හමුදාවට නොව පාර්ලිමේතුවටම බෝම්බ අටවන්නට තරම් කේන්තියකින් රජතුමා මේදිනවල පසුවෙයි. එහෙව් එකෙක් මන්දිරයට වඩම්මවා හැලප නොකවා පැහැරගත්තේ ඇයිදැයි සිතෙයි. සමහර විට පැහැරගන්නට ඇත්තේ හැලප කවන්නට වන්නට පුලුවන.

හෙට අනිද්දාට තවත් එකෙක් පැහැර ගනු ඇත. ඉන්පසු ඒ මිනිහාගේ චරිතය ඝාතනය කොට පැහැරගැනීම සාධාරණීකරනය කිරීමට තවත් කතා ගොතනු ඇත.





15 comments:

Anonymous said...

අනේ මේක ලියන එකා පැහැරගන්න එකෙක් නැති හැටි .............

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
අනේ මේක ලියන එකා පැහැරගන්න එකෙක් නැති හැටි .............
-------------------------------
තමුන්ගේ නමින් කොමෙන්ටුවක් දාගන්න තරම් කොන්දක් නැති නිවටයෙක් බන් උබ. උබ වගේ නිවටයින්ට පුලුවන් ඔය ටික තමයි ඉතින්.........

අබරං said...

ඇනෝ කොළුවට හොඳටම බුරුස් වගේ.......පොල් මුඩ්ඩක් තදින් ඇතුල ඔබාගෙන, දිව හපාගෙන හිටපන්....

මැරවින් සිල්වා said...

අයිශෙ මේකත් මාර ලවු ශ්ටෝරියක්නෙ ඕයි.....

හොඳ කොල්ලා said...

පැහැර ගත්තා කියලා තමන්ම හැංගුණාම හොයන්නෙ කොහොමද? පරීක්ෂණ කරලා අල්ලගන්නෙ මොක්කුද? ‍කොටින්ට කඩේ යන්න එපා ඕයි. ඕකා අමු කොටියෙක්. මවුබිම විනාශ කරන්න ආපු ජඩයෙක්. ආයෙ මෙහෙ ආවොත් නම් ඕකා ඉවරයි.

අසිත said...

ජවිපෙට සුබපැතුම්......

http://www.hurulla.com/2012/04/blog-post_15.html

අසිත said...

ජවිපෙට සුබපැතුම්......

http://www.hurulla.com/2012/04/blog-post_15.html

Anonymous said...

තමුන්ගේ නමින් කොමෙන්ටුවක් දාගන්න තරම් කොන්දක් නැති නිවටයෙක් බන් උබ. උබ වගේ නිවටයින්ට පුලුවන් ඔය ටික තමයි ඉතින්.........
------------------

කණ්ඩුල කියන එකත් අනෝ වගේ තමා යකෝ .... පුළුවන් නම් NID නොම්බරේ දීපන් බලන්න

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
තමුන්ගේ නමින් කොමෙන්ටුවක් දාගන්න තරම් කොන්දක් නැති නිවටයෙක් බන් උබ. උබ වගේ නිවටයින්ට පුලුවන් ඔය ටික තමයි ඉතින්.........
------------------

කණ්ඩුල කියන එකත් අනෝ වගේ තමා යකෝ .... පුළුවන් නම් NID නොම්බරේ දීපන් බලන්න

April 16, 2012 5:03 PM

---------------------------------
හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....

තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?

ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......

NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...

රංචාගොඩ මුදියන්සේ said...

// හොඳ කොල්ලා said...
පැහැර ගත්තා කියලා තමන්ම හැංගුණාම හොයන්නෙ කොහොමද? පරීක්ෂණ කරලා අල්ලගන්නෙ මොක්කුද? ‍කොටින්ට කඩේ යන්න එපා ඕයි. ඕකා අමු කොටියෙක්. මවුබිම විනාශ කරන්න ආපු ජඩයෙක්. ආයෙ මෙහෙ ආවොත් නම් ඕකා ඉවරයි.//
------------------------------------
හොඳ කොල්ලෝ......ඌ කොටියානම් බන් ඇයි ඌට ඕස්ටේලියාවට යන්න ඇරීයේ?? ඇයි ඇමරිකාවටත් බය නැති අපි ඕස්ටේලියාවට බයද අප්පා??

තරහ වෙන්නේ නැත්නම් තව කට කැඩිච්ච කතාවක් අහන්නද? අර කේ.පී කියන හාදයා කොටියෙක් නෙමේ නේද? ඌ උඹවගේම යහපත් ළමයෙක් වෙන්න ඇති මයෙ හිතේ......හිකි හිකි

මැරවින් සිල්වා said...

අයිශෙ මේකෙ උන්ට කුමාරයා ගැන මල පැනලා තියෙන්නේ ඌ කොටියා හින්දද නැත්නම් උන් කලින් කුමාරයා දිමුතුව උස්සපු නිසාද?

Anonymous said...

ස් . . ස් . . කන්ඩුල, ඇයි කුමාර්ට පුක දෙන්නේ?

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
ස් . . ස් . . කන්ඩුල, ඇයි කුමාර්ට පුක දෙන්නේ?
April 16, 2012 9:22 PM
--------------------------------

කාටවත් කියන්ඩ එපා.....දිමුතුගේ බඩ උඩට නගින්ඩ ආසයි කුමාර් අයියා වගේ...හි..හි..

Anonymous said...

කණ්ඩුල said...හිඟන්නෝ කණ්ඩුල නමින් පෙනීසිටින මට අඩුම ගනනේ තොපි වගේ එවුන්ට ඇවිල්ලා කොමෙන්ට් කොටන්න හරි බ්ලොග් එකක් තියෙනවා, එතනට මිනිස්සු යනවා එනවා, ඊ මේල් ලිපිනයක් තියෙනවා....
---------------

බ්ලොග් කාට හදන්න බැරිද .... අපිදන්නවද ඕස්ට්‍රේලියාවේ ඉදල කුමරයම මේක ලියනවද කියල .... එහෙව් එකේ උ උටම කඩේයන එකක් වෙන්න බැරිද මෙන්න මමත් හදාගත්ත email එකක් දැන් මාත් ඇනෝ නෙවි නේ
h510966@rppkn.com
-----------------------------
කණ්ඩුල said...තෝවගේ අන්තර්ජාල-අවජාතකයින්ට අඩුම ගණනේ "මේ මම - මේ මගේ අදහස්" කියලා කියන්න තැනක් තියෙනවද?ඉබාගාතේ යන ගමන් දකින දකින තැන පහර පහරා ගඳගස්සලා යනවා......
---------
ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
----------------------------------
කණ්ඩුල said...NID එක?....සරම උස්සලා අතගාලා බලපන් ඊයේ රෑ ලැගපු අම්බලමේදී ඇරපු එකා උගේ NID එකත් ඇතුලට දාලා අරින්න ඇති...තටමපන් එයි එලියට...
---------
මෙයට උත්තර දීමට තරම් පහත් තත්වයට නොවැටෙමි

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno;

ඔහේ කියන්නේ හැමෝම බ්ලොග් ලියන්න ඕනි කියලද ..... ලිවීමේ හැකියාවක් නැති යට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැද්ද ?
---------------------------------
අයිතියක් තියෙනවා...ඒ නිසා තමයි මම ප්‍රතිපත්තියක් විධියට මේ බ්ලොගයේ කොමෙන්ට් මොඩරේට් නොකරන්නේ, කිසි කොමෙන්ටුවක් මකා නොදමන්නේ......

එහෙත් බ්ලොගයේ අයිතිකරුවා විධියට පිලිතුරුදීමේ නිදහස හා අයිතිය මට තිබෙනවා.

දෙන පිලිතුරුවල තත්වය කොමෙන්ටුවේ තත්වයට ගැලපෙනු ඇති.