Wednesday, April 11, 2012

2011 බජැට් එක 2012 බජැට් එකත් ගිලී


අප මහාපුරුශයාණෝද, මහ රජාණෝද එසේම දන්න ෆිනෑන්ස් එකක් නැතත් ෆිනෑස් මිනිස්ටර් ලෙස තමන්ම පත්කරගන්නා ලද්දා වූද මහින්දස් ජනපතිතුමා 2011 බජැට්ටුව ඉදිරිපත් කරමින් කියාසිටියේ 6.8% වන ඇස්තමේන්තු අයවැය හිඟය පියවා ගැනීමට දේශීය බැංකුවලින් රුපියල් බිලියන 42ක් බලාපොරොත්තුවන බවත්, මෙම අගය ඊට වැඩි නොවන බවත්ය.

අද වෙනකොට 2011 බජැට්ටු වසරින් 70%ක් ඉක්ම ගොස් ඇත. තවත් 30% කාලයක් ඉතිරිව ඇත. දැන් ෆිනෑන් මිනිස්ටර් රජතුමා ඉදිරිපත් කල රජයේ වියදම් සඳහා බැංකු ණය ගැනීමේ බජැට්ටු ඉලක්කත් ඇත්තටම ගත් ණය කන්දරාවත් කොහොමදැයි බලමු.

බජැට් පොරොන්දුව අනුව රජයට වසරටම ගත හැකි දේශීය බැංකු ණය : බිලියන 42කි


අද වෙනකොට රජය දේශීය බැංකු වලින් කඩාගෙන ඇති ණය ප්‍රමාණය : බිලියන 192කි!!!

එනම් බජැට් ඉලක්කයට වඩා සීයට 450ක වැඩි ණය කන්දරාවකි. අවුරුද්දෙන් තවත් 30% ඉතිරිව ඇත. ඔය කාළය ගැටගහ ගන්නට ගණ්නා ණයද සමග මිහින් රජ පාණ්ඩුව තවත් ලෝක වාර්තාවක් තබමින් බිලියන 250ද පන්නනු ඇත.


වඩාත් සිනාවට කාරණය නම් 2011 ගැට ගසා ගන්නට මේවන විටත් දේශීය බැංකු ණය බිලියන 192ක් (මිලියන වලින් කියනවානම් මිලියන 192,000ක්!!!) හිඟාකා ඇති පාණ්ඩුව 2012 බජැට් කොළපතේ සටහන් කර ඇති පරිදි 2012 ගැටගසා ගන්නට දේශිය බැංකු වලින් බලා පොරොත්තු වන්නේ බිලියන 68ක් පමණකි! 

පේනවනේ මොනතරම් ඉදිරි දැක්මකින් කස්ටිය රට පාලනය කරනවාද කියලා. 2011 ගැට ගහගන්නට බිලියන 192ක් මදි සිඟන සිටානාලා 2012ම කරන්නට යන්නේ බිලියන 68කින්ලු... හික්ස්

3 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අනේද කියන්නේ

Anonymous said...

මගේ පොල් පැලේ තාම හම්බ උනේ නෑ ආයි බෝං

මාතලන් said...

"හැදෙනවනම් හැදියන්, නැත්තන් බීලා මැරියන්" කියලා රුපියල් මිලියනයක් සෑම පුර වැසියකුටම දෙන ව්‍යාපෘතියක් පටන් ගන්න කියලා යෝජනාවක අවුරුදු දෙක තුනක් තිස්සේ ජනතා මතය විමසන වෙලාවට මම යොමු කරනවා. කොහේද ඒ වගේ එකක් කරලා මේ වගේ පෝස්ට් ලියන උන්ට පාඩමක් උගන්වන්න මේ යක්කුන්ට බෑනේ.