Wednesday, March 21, 2012

ටයිකාරයින්ගේ දේශප්‍රේමය....

ටයිකාරයෝ වර්ග ගොඩක් සිටිති. දොස්තර මහත්තුරුත් ටයිපලඳිති. නීතිඥමහත්වරු, නඩුකාර උන්නාන්සේලාත් ටයි පලඳති. ආණ්ඩුවේ සිවිල් සර්විස් මහත්තුරුත් ටයි පලඳිති. මේ කතාකරන්නේ ඒ ටයි මහත්තුරු ගැන නොව. ඒ විතරක් නොවේ, කොම්පැනිවල සේල්ස් රෙප් මල්ලිලාත්, කොම්පැණිවල ඔෆිස් මල්ලිලාත් ටයි පළඳිති. මේ කියන්නේ එයාලා ගැනවත් නොවේ. බිස්නස් ටයිකාරයෝ ගැනය. ඒ කියන්නේ ලොකු ලොකු බිස්නස් කාරයන් ගැනය. පොඩි බිස්නස්කාරයින්කොහොමත් පොලොවේ පයගහලා ඉන්න, රටට ආදරේ මිනිස්සුන්ය.
බිස්නස් ටයිකාරයෝ ඊයේ දේශප්‍රේමී උද්ගෝෂණයක් පැවැත්වූහ. ඒවාට ලංකාවේ ලොකුම ලොකු කොම්පැණිකාරයින්ගේ සංගම්වල (චේම්බර්ස් ඔෆ් කොමර්ස් කියලා හයිෆයි ඉංග්‍රීසි යෙදුමක් මේවාට ඇත) ලොකු ලොකු මහත්තුරු ටයිදාගෙන පාරට පැන සිංහකොඩි වන වනා උද්ගෝෂණය කලෝය.

කෝපොරේට් ටයි මහත්තුරු මීටින් බාගෙන නවත්තලා, ගෝලබාලයෝ, එක්සෙකටිව්ලා, ස්වීට් සෙකට්‍රිලා එක්ක එලියට පැනලා තියෙන්නේ ජිනීවා ඇමරිකන් යෝජනාවට විරෝධය ප්‍රකාශ කරන්නටලු.

අනේ හුකේ......මුන්ගේ දේශප්‍රේමය.........

අධ්‍යාපන ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්නට පෙර වසර 5ක් පමණ පෞද්ගලික අංශයේ රැකියාව කල මට මේ ටයිකාර බිස්නස් ලොක්කන්ගේ දේශප්‍රේමය ගැන හොඳ අත්දැකීම් ඇත.

*] ලංකාවේ ලොකු ලොකු බිස්නස් කාරයින් තරම් ඇමරිකන්, යුරෝපියන් ගැත්තන් පිරිසක් රටේ තවත් නැත.

*] මෙයාලා බොහෝදෙනෙකුට, එක්කෝ ඇමරිකාවේ, කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ නැතිනම් නවසීලන්තයේ පුරවැසිකම් හෝ ස්ථිරපදිංචිකාරිත්වය ඇත. ලංකාවේ ඉන්නේ බිස්නස් කරන්නටය. මේ රටෙන් හම්බ කරන සල්ලිටික එහේ බැංකුවලට පටවයි.එහෙව් කට්ටිය රටට ආදරේට පෙලපාලි යයිද?

*] මෙයාලාගේ ලමයි බමයි සේරම ඇමරිකන්, බ්‍රිටිශ්, ඔස්ට්‍රේලියන් යුනිවසිටි ග්‍රැජුවෙට්ලාය. ලංකාවේ විශ්වවිද්‍යාවලවට මුන්ගේ එක ළමයෙකුවත් ගිහින් නැත. ඒ නිසා මෙයාලාට රටේ අනාගතය ගැන ගැටලුවක් නැත. රටේ අනාගතය ගැන හිතන්නේ ළමයින්ගේ අනාගතය ගැන කරදර වෙන දෙමව්පියන්ය. මෙයාලාට බිස්නස් කරගන්නට තිබුණොත් ඇත. ඇමරිකන් ආක්‍රමණයක් ආවොත් මෙයාලා බිස්නස් තවත් හොඳවෙනු ඇතැයි ගණන් බලනු ඇත.

*] මෙයාලා කතාකරනකොට, උපදෙස් දෙනකොට හැමවෙලාවේම කියවන්නේ යුරෝපය ඇමරිකාව කොචර එෆිශියන්ට්ද, අපේ මිනිස්සු හරි කම්මැලියි, ඇමරිකන්ලා, යුරෝපියන්ලා හරි නීතිගරුකයි, අපේ එවුන් කොච්චර පහලින්ද ඉන්නේ සුද්දෝ දිහා බැලුවාම වගේ ඇමරිකන් යුරෝපියන් ප්‍රේමී කතාමය.

*] මෙයාලා හිතන්නේ-මතන්නේත් ඉංග්‍රිසියෙන්මය, සිංහලෙන් පැහැදිලි කතාවක් කරන්නට පුලුවන් බිස්නස් ලොක්කන් ඉන්නේ ටික දෙනෙකි. අනිත් අය සිංහල කතාකරන්නේ ඩ්‍රයිවර්ලා, පියන්ලා, ආයම්මලා එක්ක විතරය. සියලු වැඩ ඉංග්‍රිසියෙන්මය..කියවන්නේ ඉංග්‍රිසි පත්තර විතරය. සිංහල පත්තර වෙබ් අඩ්වි කියවන බිස්නස් ලොක්කෙක් ඉන්නවානම් පුදුමය..

එහෙනම් ඇයි මේ කට්ටියම පාරට පැනගෙන ඇමරිකන් විරෝධී උද්ගෝෂණවල? ඒ එයාලාගේ බිස්නස් ටික පරිස්සම් කරගන්නට, ආණ්ඩුවේ පත්තරවලින් නොමිලේ පබ්සිටි එකක් ගන්න වගේ  හේතුවලට මිස රටට ආදරේට නම් නොවේ. ඔය උද්ගෝශණයෙන් පස්සේ කීදෙනෙක් අරලියගහ මන්දිරයට බඩගාලා ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවේ කොන්තරාත්තු ඉල්ලුවාද දන්නේ නෑ.








4 comments:

Anonymous said...

ශ්‍රී ලංකාව අරභයා දැන් ජිනීවා වල සිදුවන දේ අනුව බලනවිට මුලදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා බලසම්පන්න යෝජනාවක් ගෙන ඒමට සිටී ඇමරිකාව, සමුළුවේ ශ්‍රී ලංකාවට ඇති පක්ශපාතීත්වය ගැන ඇතිවූ බිය නිසා, එම යෝජනාව සංශෝධනය කලේ අනිකුත් සියලු කෑලි හලමින් ලංකාවේම උගත් පාඩම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කරනු යැයි කියමිනි. එමගින් ලංකාවට එරෙහි තම බලපරාක්‍රමය යෙදවීමේ අවශ්‍යතාව සඳහා ලංකාවේම යෝජනා යොදාගන්නවා සේම (ඌරාගේ මාලු උගේ ඇඟ උඩ තියාම කැපීම ) ඉශ්ඨ කරගන්න අතරම යෝජනාව පැරදී තමුන් ලැජ්ජාවට පත්වීමේ අවදානමෙන්ද ගැලවීමයි.
මේ උගත් පාඩම් යෝජනා ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න ඇමරිකාවට ප්‍රශ්නයක් නොවේ. එය ඔවුන්ට කෙහෙල් මලකි. ඔවුන්ගේ මූලික පරමාර්ථය මහින්ද රාජපක්ශගේ සිංහල බෞද්ධකම මත පදනම් වූ ආන්ඩුව ඉවත් කිරීමයි. තවද ඉන්දියාව තව දුරටත් තම ඇකයේ තබා ගැනීමත් එක් අවශ්‍යතාවක්. මුලින් ඉදිරිපත් කල යෝජනා වෙනස් නොකලා නම් ඇමරිකාවට ඉන්දියාව අහිමි වීමට ඉඩ තිබුනි. එහෙත් ඔවුන් තම අරමුන අතහැර නැති බව පැහැදිලිය. තම උපදෙස් නොතකමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරදවා තම මතය බොරු කොට තමුන්ව ලැජ්ජවට පත් කල මහින්ද රාජපක්ශගේ ආන්ඩුව ගෙදර යනතුරු, තව තවත් යෝජනා කරලියට එනු ඇත.
මේ උගත් පාඩම් කොමිසමේ යෝජනාවල එල්ලී ඔවුන් මුලු ලෝකයම මුලාකොට තම යෝජනා සාධාරන බව පෙන්වා එමගින් තම බලපරාක්‍රමය ලංකාව මත යෙදවීමේ කූඨ අභිලාශයත් ඉන්දියාව තව දුරටත් තම ග්‍රහනයේ තබාගැනීමේ අරමුණත් මුදුන් පමුනුවාගෙන ඇත. තවද එමඟින් තමුන්ට හිතවත් කොටි ත්‍රස්තවාදය පිනවා ලංකාවට ටොක්කක් ඇනීමේ උවමනාවත් ඉශ්ඨ කරගෙන ඇත.

ජයශ්‍රී said...

@Ano1,තමන් ම පත්කරපු උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න ඇයි රජය ඔය තරම් අකමැති?

මේ රජයේ සිංහල බෞද්ධ පදනම ගැන හොදටම ශුවර්ද?

Anonymous said...

මේ රජයට සිංහල බෞද්ධ පදනමක් නැත.බොරුවට මල්වට්ටි උස්සගෙන යනවා පමණි.මහනායක හිමිවරු තුට්ටුවකටවත් ගණන් නොගන්නා අතරම කාදිනල් තුමාගේ කැස්සටත් බියවෙන බවනම් පෙනේ.

රංචාගොඩ මුදියන්සේ said...

@ Anno,

//ඔවුන්ගේ මූලික පරමාර්ථය මහින්ද රාජපක්ශගේ සිංහල බෞද්ධකම මත පදනම් වූ ආන්ඩුව ඉවත් කිරීමයි.//
----------------------
ඇමරිකාවේ සතුරෙකු වන හියුගෝ චාවෙස් හොඳ කතොලිකයෙකි. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ජේසු ස්වාමි දරුවන්ගේ නාමයෙනි. එතකොට කතෝලික චාවෙස් පන්නන්ඩ හදන ඇමරිකාව මුස්ලිම්ද?

ඇමරිකාවට සිංහල බෞද්ධ මහින්දව ඉවත්කරන්නට ඕනැ යයි කීම විහිලුවකි. සිංහල බෞද්ධවූ පමණට මහින්ද ඇමරිකාව තර්ජනයක්ය කීම සිංහල බෞද්ධ තලේබාන් මානසිකත්වයයි.

මහින්දවාදී, හෙළ උරුමවාදී බෞද්ධ තලේබාන්ලා හිතාගෙන ඉන්නේ මුලු ලෝකයම සිංහල බෞද්ධයන්හට කෙලවන්නට බලාගෙන ඉන්නවා කියාලය.

ලෝකයම අපේ බෞද්ධ කමට කෙලින්නට බලාගෙන සිටී, ලෝකයම අපේ රට ආක්‍රමණය කරන්නට බලාගෙන සිටී, ලෝකයම අපේ පොඩි යපස් නිධිය පොස්ෆේට් නිධිය අල්ල්ලාගන්නට පිටපොට ගහයි.