Sunday, July 3, 2011

මහින්ද රාජපක්ශ, සරත් ෆොන්සේකා විරසකය ඉන්දීය රහස් ඔත්තු සේවයේ කුමණ්ත්‍රණයක්ද?

මහින්ද රාජපක්ශ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා සමග විරසක වූයේ ඉන්දීය රහස් ඔත්තු සේවයේ කුමණ්ත්‍රණයකට අනුව ෆොන්සේකා පිලිබඳ වැරදි තොරතුරු ජනාධිපතිවරයාට ලබාදී ඔහුගේ බලතල කප්පාදුවකට ජනාධීවරයාව පෙළඹූ නිසාවෙන් බැව් ඊයේ පෙරේදා පුවත්පතක පලවී තිබුණේය. එම පුවත්පත් වාර්තාවට අනුව ජනාධිපතිවරයා විසින්ම තමාට ඉතා හිතවත් හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු සමග මේ පිලිබඳව පවසා ඇත.

මේ කතාවේ ඇත්ත නැත්ත ගැන කිසිවක් කිව නොහැකි නමුත් ලිපිය ලියූ ලේඛකයා හා පුවත්පතේ කතුවරයා තවමත් රහස් පොලීසිය මගින් හෝ ජනාධිපති ආරක්ශක අංශය මගින් කුදලාගෙන ගොස් නැතිනිසා එම ලිපිය රජයේ නිහඬ අනුමැතිය ඇතිව පලවූ බව පමණක් සිතාගත හැකිය. කටුනායක පොලිස් වෙඩිතැබීමේ වාර්තාව පවා ආරක්ශක හේතූන් මත යයි පවසමින් සඟවාගෙන සිටින ආන්ඩුවක්, ජනාධිපතිවරයා තමන්ට හිතවත් නිළධාරීන් පිරිසක් සමග රහසේ පැවැත්වූ සාකච්ඡාවක් පුවත්පතක පලවුනු විට නිකම් සිටී යයි සිතිය නොහැකි බැවින් මේ පුවත ගැන පහත උපකල්පණ වලට එළඹීම සාධාරණ යයි මට සිතේ.

1] ජනාධිපතිවරයා පැවසූවා යයි කියන මේ කරුණ සත්‍යයක් වන අතර ඉන්දීය රහස් ඔත්තුසේවය (Research & Analysis Wing - RAW) ජනපතිවරයා හා ඔහුගේ අති දක්ෂ සෙනෙවියා හප්පවා යුධ ජයග්‍රහණයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි රාජපක්ශ රජය අස්ථාවර කිරීමට සැලසුම් කලා විය හැකි අතර එම සැළසුම වැරදී රාජපක්ශ තවත් ශක්තිමත් වී ඇත.

2] සත්‍යයෙන් තොර මේ පුවත උවමනාවෙන්ම පලවන්නට ඉඩහැර ඇත.

පුවතේ සත්‍යාසත්‍ය තාවය කෙසේවුවත් මේ පුවත මේ අවස්ථාවේ පලවන්නේ අහම්බයක් නිසානම් නොවේ. එය ඉතා හොඳින් සැලසුම් කොට ඇති බව පැහැදිලිය. රජයේ ඉහල තැන්වල අනුදැනුමකින් තොරව අහම්බයෙන් මේ පුවත පලවූවානම් මේ වනවිටත් කතුවරයා හා ලේඛකයා සිරකූඩුවක කම්බි ගණිමින් සිටිනා බවට පූර්වාදර්ශ ඕනෑතරම් තිබේ. ඒ අනුව නිගමනය කල හැක්කේ මේ පුවත පිටවීම ඉදිරි දේශපාලන හා රාජ තාන්ත්‍රික මෙහෙයුමක පෙර ක්‍රීඩාව (fore-play) බවයි.

මේ දේශපාලන හා රාජතාන්ත්‍රික මෙහෙයුමේ ස්වභාවය කුමක් විය හැකිද?

රාජපක්ශ රජය මේවන විට ගොඩයාගත නොහැකි මඩ ගොහොරු ගණනාවක කරවටක් ගිලී සිටී. දරුස්මාන් වාර්තාව හා චැනල් 4 අලුත් වාර්තා චිත්‍රපටය මින් භයානකම මඩ ගොහොරුවයි. ජයලලිතාගේ ජයග්‍රහණයත් සමගම නිරන්තරයෙන් වැඩිවෙන දෙමල ජනයාගේ ගැටලු පිලිබඳ ඉන්දීය පීඩනය මින් දෙවැනි මඩගොහොරුවයි. තෙවැන්න ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහලයමින් කොළඹ දිස්ත්‍රික්කය ලංකාවේ වැඩිම මන්දපෝශණයක් ඇති දිස්ත්‍රික්ක්කය ලෙස ඉතිහාසයේ කිසි දිනක නොතිබූ ආකාරයේ ආර්ථික හා සාමාජයික අර්බුධයක් නිර්මාණය වෙමින් තිබීමයී. සිරියාවේ අසාඩ් පාලනයට විරුද්ධව ජනතාව නැගිටීම මැදපෙරදිග අලුත්ම ඒකාදිපති විරෝධී රැල්ලද රාජපක්ශලාට රාත්‍රියේ නින්ද පමාකරණවාට සැක නැත.

ජෙනරාල් ෆොන්සේකා සමග ඇති ගැටලුව ඉන්දියාවේ ගිණුමට බැරකොට ජනපති ෆොන්සේකා විරසකය ඉන්දියාවේ කූට මෙහෙයුමක් බව ජනතාව අතර ප්‍රචලිත කිරීමෙන් මේ මඩ ගොහොරු වලින් එලියට පැන ගැනීම කෙසේ වෙතත් හුස්ම ගැනීමේ ඉස්පාසුවක් ලබාගැනීම රාජපක්ශ රජයේ ස්ට්‍රැටෙජිය විය හැකිය.

තමා තම සොයුරු ගෝඨාභයගේද විරෝධතාව මැද සරත් ෆොන්සේකාට විරුද්දව ක්‍රියාත්මක වූයේ තමාගේ බිය, සැකය හා ඊර්ශ්‍යාව නිසා නොව ඉන්දියාව තමාව ගොනාට ඇන්දවූ නිසාවෙන් බව පවසා ෆොන්සේක සමග යම් එකඟතාවයකට පැමිනීමට රාජපක්ශව වරු සැලැසුම් කරන බව අනුමාණ කල හැකිය.

ලංකාවේ පුම්බන එහෙත් නිව්යෝක් නුවර අසාර්ථක වුනු ශවේන්ද්‍ර සිල්වා මෙහෙයුම යලි පණගැන්වීම

චැනල් 4 වාර්තා චිත්‍රපටයට විරුද්ධව ශවේද්‍ර සිල්වා/පාලිත කොහොන සිදුකරන ලද මෙහෙයුම මහා ජයග්‍රහණයක් බවත් චැනල් 4 රෙදි ගැලවී ඇති බවට කඩේ යන ස්වා-දීන මාධ්‍ය කොතරම් බැනර් හෙඩ්ලයින් දැමුවත්, කොලම් ලියුවත් එය සැබැවින්ම එය අසාර්ථක බව පැහැදිලිය. එය අසාර්ථක වී ඇත්තේ ශවේන්ද්‍ර සිල්වාගේ වරදක් නිසා නොව ඔහු යුධ මෙහෙයුමේ දෙවන පෙල නායකයෙකු පමණක් වන නිසාය. මෙය රාජපක්ශ රජයද හොඳින් දනී. චැනල් 4 චෝදනාවලට බටහිර රටවලට පිලිගත හැකි ප්‍රතිරෝධයක් එල්ල කල හැකි එකම පුද්ගලයා යුධ මෙහෙයුමේ අණදෙන නිළධාරියාවූත්, එවක යුධ හමුදාපතිවරයා වූත් ජෙනරාල් සරත් ෆොන්සේකා පමණකි. 

යුධ මෙහෙයුමේ සියලුම සැලසුම් සකස් කලේත්, ඒවා පෞද්ගලිකවම අධීක්ශණය කරමින් සියලු වගකීම් කරට ගණිමින් මෙහෙයුමට නායකත්වය දුන්නේත් සරත් ෆොන්සේකා මිස ගෝඨාභය රාජපක්ශ හෝ ශවේද්‍ර සිල්වා හෝ නොවන බව මුලු ලොවම දනී. ඒ අනුව චැනල් 4 චෝදනාවලට සාර්ථක ලෙස අභියෝග කලහැකි මේන්ම ඒවා බොරු කල හැකි අන්දමේ පිලිගතහැකි සාක්ශ ලබාදිය හැකි එකම පුද්ගලයා සරත් ෆොන්සේකාය. මේ අනුව ඉන්දියාව පිටදා සරත් ෆොන්සේකාව ශේප් කරගෙන ඔහුව චැනල් 4/දරුස්මාන් වාර්ථාවට විරුද්ධ සටනට නිව්යෝක් නුවරට පිටත් කොට හැරීමේ මෙහෙයුම හෙවත් කල මෝඩකම් කෙසේ හෝ ආපසු හරවා ගැනීමේ ක්‍රියාන්විතයක සඳහා මුට්ටිය දමා බැලීමක් ලෙස මේ පුවත් වාර්ථාව විග්‍රකල හැකිය.

ඉන්දීය පීඩනය කළමණාකරණය කරගැනීමේ මෙහෙයුම

රාජපක්ශ රජය වෙත ඉන්දීය පීඩනය වැඩිවෙන සෑම අවස්ථාවකම සාර්ථකව ප්‍රයෝජනයට ගත් ස්ට්‍රැටෙජියක් වනුයේ රටතුල විවිධාකාරයේ ඉන්දීය විරෝධයන් නිර්මාණය කිරීමයි. ඉන්දීය විරෝධය නිර්මාණය කිරීම විරවංශ ඇතුලු පුස්-දේශප්‍රේමීන් හට පැවරුන අතර ඔවුන් විවිධාකාරයේ ක්‍රියාන්විතයන් හරහා ඉන්දීය විරෝධයක් රටතුල කුළුගන්වයි. මෙහි අරමුණ වන්නේ රටතුල ඇති දැවැන්ත ඉන්දීය ආයෝජන හා ව්‍යාපාර වලට පහර වැදීමේ අවස්ථාවක් උදා කිරීමයි. එමගින් රටතුල ව්‍යාපාර හා ආයෝජන කරන ඉන්දීය ව්‍යාපාරිකයන් හරහා ලංකාවට අන්වශ්‍ය බලපෑම් කොට සිය ව්‍යාපාරික අවස්ථා හා ආයෝජන අණතුරට පත් නොකරණ ලෙස ඉන්දීය රජයට අණතුරු ඇඟවීමයි. රාජපක්ශ රජය ඉන්දීය පීඩනය කළමණාකරණය කරගැනීම සඳහා ඉන්දීය විරෝධය නැංවීමේ දේශපාලම උපක්‍රමය කිහිපවතාවක්ම සාර්ථකව යොදවාගෙන ඇත.

රාජපක්ශ ලෝලීන් කෙසේ ප්‍රකාශ කලත් ජෙනරාල් සරත් ෆොන්සේකා කෙරෙහි බහුතරයක් ජනතාව ඉමහත් ගෞරවයකින් සිටින අතර ඔවුන්  බොහොමයක් (රාජපක්ශ ලැදි නිදහස් පාක්ශිකයින් පවා) රාජපක්ශවරු සරත් ෆොන්සේකාට සලකන ආකාරය පිලිබඳව නොසතුටින් සිටී. මෙම නොසතුට හා කළකිරීම ඉන්දීය විරෝධයක් බවට පරිවර්තනය කරගෙන ඒ අනුව තම දෑත් වල මඩ සෝදාගන්නා ගමන්ම ඉන්දීය පීඩනය සමහන් කරගැනීම සඳහා එම ඉන්දීය විරෝධය මෙහෙයවීමට නම් කදිම උපායක් වනුයේ තමන් ෆොන්සේකාව විනාශකලේ ඉන්දියාව තමාට ලබාදුන් බොරු රහස් ඔත්තු වාර්තා හා උපදෙස් නිසා බවත් ඉන්දියාව තමන් රැවටූබවත් ප්‍රකාශ කිරීමයි.  ඒ අතරම "ගෝටාබයත් විරුද්ද වෙද්දී මං එහෙමෙ කලේ මගෙ උවමනාවට නොවේ ඉන්දියාවේ ලනු මම කිඹුලා කිරිමැටි ගිලින්නා සේ ගිලදැමූ නිසා" යයි ඉතා අහිංසක ලීලාවෙන්  පුවත් පත් කතෘවරුන්ට මාසෙකට සැරයක් කන්නදී ඕනෑ දේ ලියවා ගැනීමේ දානමය පුන්‍යකර්ම අවස්ථාවේදී කියන්නට ජනපතිට පුලුවන. ඒ අනුව පුස් වීරවංශ මෙන්ම අරටු ශ්‍රී ලංකාකාරයනුත් පාරට බස්ස්වා රාශ්ඨ්පති භවන හෙල්ලෙන ආකාරයේ ඉන්දීය විරෝධයක් දියත් කරන්නටපොටක් පාදාගත හැකිය.

බඩගින්නට බිල්ලෙක් සොයාදීම
ඉන්දියාව කොන්ට්‍රෝල් කරගන්නට ඉන්දීය විරෝධයන් මවන්නාක් මෙන් බඩගින්න, බඩු මිල දරාගත නොහැකි ලෙස ඉහලයාම, විරැකියාව, මර්ධනය අමතක කරවා ජනතාව නිර්වින්දනය කරන්නට විවිධ කාලවලට විවිධ බිල්ලන් නිර්මාණය කරන්නටද රාජපක්ශ රජය ඉතා දක්ශය. නෝර්වේ සුදුකොටි, පාවාදීමේ සාම ගිවිසුම, දේශද්‍රෝහී ෆොන්සේකා, ජීඇස්පී ප්ලස් කුමන්ත්‍රණය, යුරෝපීය විරෝධය, බැංකීමූන් ගේ උපදේශක කොමිටිය, චැනල් 4 (1වැනි වාරය ), දරුස්මාන් වාර්තාව, විදේශීය බලවේග, කුමණ්ත්‍රණ, TIMES Most Influential Man වන එක නවත්වන්නට හැදීමේ කුමණ්ත්‍රණය, චැනල් 4 (2වැනි වාරය ) වැනි මෙකී නොකී බිල්ලන් සියල්ල රාජපශ රජය විසින්ම ඉස්මතු කරගෙන ජනතාව රැවටීම සඳහා මහා කුමණ්ත්‍රණ ලෙස මාධ්‍ය සංදර්ශණ හා විරෝධතා හා උපවාස සංදර්ශණ මගින් උලුප්පා පෙන්වන බිල්ලන් රැසකි. ජනපති "මෙන්න මාව විදුලි පුටුවේ තියන්න යනෝ" යනුවෙන් කෑ ගසන්නේ ජනතාව මේ බිල්ලන් කෙරෙහි වෛර බන්දවා පැට්රෝල් ගිණි ගණන් යාම, පාන් රාත්තලක් රුපියල් පනහක් වීම, රුපියල් පන්සීයක් එලවලු සිසිසිලි බෑක් එකක් පිරෙන්නට මිලදී ගන්නටවත් මදිවීම තාවකාලිකව අමතක කරවන්නට දමන කුමණ්ත්‍රන විජ්ජා බව රටේ සිහිබුද්දිය ඇති ජනතාව දන්නා කරුණකි.

මේ බිල්ලන් පෙරහැරට අලුතින්ම එක්වීමට මේ දිනවල හැංගි හැංගී වෙස්මූනු බඳින අලුත්ම බිල්ලා "ෆොන්සේකා හා මා කෙටවූ ඉන්දීය ඔත්තුසේවය" නම් භයානක බිල්ලාය. මේ බිල්ලා පෙන්වමින්, පෙලපාලි උද්ගෝසන, මාද්ය සංදර්ශන කරමින්, ඉන්දීයන් පඹයින් පුච්චමින් තව මාස දෙකතුනක් එනම් ගිණි පොලියට ඊළඟ ණය ගන්නා තෙක් ඇදගෙන යාමට පුලුවන. ඒ අතරම තවත් බිල්ලෙක් සොයාගැනීමේ මෙහෙයුම් නිරන්තරව ක්‍රියාත්මක වේ.

ඉන්දීය රහස් ඔත්තුසේවා කුමණ්ත්‍රණ කතාව ඇත්තක් වීමේ සම්භාවිතාවය වැඩිය

මාගේ පෞද්ගලික අදහස නම් රාජපක්ශ රජයේ සැළසුම්කරුවන් විසින් කල්යල් බලා මාධ්‍යවලට ලීක්-කරනලද මේ ඉන්දීය ඔත්තු සේවා කුමණ්ත්‍රණය සත්‍යයක් විය යුතුබවයි. අද බංගලිදේශය ලෙස හඳුවන නිදහස් ස්ව‍යිරී රාජ්‍යය මීට දශක 4කට පෙර පාකිස්ථානයේ කොටසක් වුනු නැගෙනහිර පකිස්ථානය බවත් එය බංගලිදේශය ලෙස වෙනම රාජ්‍යයක් බවට පත්කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම ඉන්දීය රහස් ඔත්තුසේවය මගින් සැළසුම්කොට දියත් කරණලද යුධමය හා රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමක් බව මතක් කල යුතුය. මේ අනුව රාජපක්ශ රජය අස්තාවර කිරීමේ හා ඉන්දියාව මත ඔහුගේ  යැපීම වර්ධනය කරගැනීමේ මෙහෙයුමක් ලෙස මේ ඉන්දීය ඔත්තු සේවා මෙහෙයුම සැළකිය හැකිය.

ඉන්දීය ඔත්තු සේවයේ කුප්‍රකට මෙහෙයුම් පිලිබඳව ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.


3 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

වෙනද වගේම පට්ට ලිපිය .. එල්ටිටිය පෝෂණය කිරීම පිටිපස්සෙත් ඉන්නේ ඉන්දිය ඔත්තු සේවයම තමයි නේ . ලොකේ ප්‍රභල රටවල් හැම එකකම ඔත්තු සේවා ඔය වගේ ජරා වැඩ වලට බොහොම ප්‍රසිද්ධයි

Anonymous said...

ආණ්ඩුව යුධ අපරාද පිළිබඳ සියලු චෝදනා සරත් ෆොන්සේකා පිට පටවලා අත පය සෝදා ගන්නා දිනය වැඩි ඈතක නොවෙයි. ජෙනරාල්ට ගැලවීමක් නෑ...ඌරගෙ මස් ඌරගේ පිට තියලා කපන්නේ කාටත් ඇස් උඩ යන්න...දැනටම රාජ්‍ය ආරක්ෂක අංශ ඒ චැනල් 4 විඩියෝවෙ ඉන්න සෙබලුන් කීප දෙනෙක් හඳුනා ගත්තා යැයි යටින් ප්‍රචාරයක් යවා තියෙන්නේ නිකමට නොවෙයි....

අනෙක් අතට ජාත්‍යන්තර ප්‍රජාවට ඕන ශ්‍රී ලංකාව රජය අනුදැනුමෙන් තොරව මේ යුධ අපරාධ කෙරුණා නම් ඒවාට අදාල පුද්ගලයන්ට දඩුවම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා තුරු කාලය ගැනීම පමණයි.

ළඟදීම වගකිව යුත්තන්ට දඩුවම් පැනවීමක් නොවුනොත් විවිධාකාර ජාත්‍යන්තර ආර්ථික බලපෑම්වලට ලංකාව නතුවන බව හොඳින් ගණන් හදා ඇති රාජපක්ෂ රෙජීමය ජෙනරාල්ව බිල්ල ට දී ඉන් මිදීමේ අවසන් මෙහෙයුමට අවතීර්ණ වන බව පැහැදිලියි.

Anonymous said...

ලංකා ඉතිහාසයේ මෙතෙක් පහල වූ දරුනුම දේශද්‍රෝහියා වන්නේ සරත් ෆොන්සේකායි...ඔහුට තම උපන් රටට කෙලවා හෝ බලය ලබා ගැනීමේ චේතනාව ඉන්දියාවෙන් ලැබුන බව ඔහුගේ පුක ලෙව කන පොඩි ද්‍රෝහීන්ගේ උපක්‍රමයකි (පව් සෝදා ගැනීමට)