Saturday, May 7, 2011

ඔසාමා නාටකය අවසන්කල සී.අයි.ඒ සංවිධානයේ Special Operations Group (SOG)

මේ දිනවල විදෙස් මාධ්‍ය පුරාවට බින් ලාඩන් ත්‍රස්තවාදියාව අවසන් ගමන් යැවූ රහසිගත යුධ මෙහෙයුමේ තොරතුරු පලවෙනවා. කාලීන මාතෘකාවක් නිසාත් මුම්බායි වල සියලුම පුවත්පත්වල පිටු ගණනින් මේ පිලිබඳව පුවත් පලවෙන නිසාත් මේ බ්ලොග් සටහන තබන්නට සිතුනා.

දැන් ලැබන වාර්තාවලට අනුව ඔසාමා ජීවත්වෙතැයි සැක කෙරුණු මන්දිරය මාස ගණනාවක් තිස්සේ සී.අයි.ඒ ඔත්තුකරුවන්ගේ නිරන්තර නිරීක්ශණයට බඳුන්වී තිබෙනවා. ඔසාමාගේ මන්දිරයට නොදුරින් නිවසක් කුලියට ගත් මොවුන් ඉතා සූක්ශමව ඔසාමාගේ නිවසට යන එන්නන් ඡායාරූප ගත කරමින්, අධි තාක්ශණික උපකරණ මගින් එම  මන්දිරය තුල සිදුවෙන කතා බහට පවා සවන්දෙමින් සිට තිබෙනවා. ඒ අතරම නියමු රහිත යානා ආධාරයෙන් එම නිවස අහසේ සිට නිරන්තරව නිරීක්ශණය කොට තිබෙන අතර නිවස යටින් ඔසාමාට පලායාමට හැකි ලෙස උමගත් තනා ඇත්දැයි යන්න තහවුරු කරගැනීම සඳහා එම නිවස රේඩාර් කිරණ මගින් පොලවේ මතුපිට පස් තට්ටු නිරීක්ශණය කල හැකි radar imaging satellite මගින් පවා ඡායාරූප ගතකොට තිබෙනවා.

මේ සියලුම රහසිගත මෙහෙයුම් සැලසුම්කොට ක්‍රියාත්මක කරනු ලැබුවේ සී.අයි.ඒ සංවිධානය තුල ක්‍රියාත්මක වෙන Special Operations Group  හෙවත් විශේෂ මෙහෙයුම් කණ්ඩායම  නම් අතිශය රහසිගත ඒකකයක් මගිනුයි.  සී අයි ඒ සංවිධානයේ අභ්‍යන්තර සැකැස්ම (internal organisation structure) අනුව විශේෂ මෙහෙයුම් කණ්ඩායම, National Clandestine Service හෙවත් ජාතික රහසිගත මෙහෙයුම් සේවාව තුල ක්‍රියාත්මක වන්නක්. ජාතික රහසිගත මෙහෙයුම් සේවාව සී.අයි.ඒ සංවිධානයේ ප්‍රධාන කාර්‍යංශයන් (directorate) සතරෙන් එකක් වනවා.
 සී.අයි.ඒ සංවිධානයේ ආයතන සැකැස්ම
ජාතික රහසිගත මෙහෙයුම් සේවාව තුල විශේෂ අංශ 6ක් ක්‍රියාත්මක වන අතර ඉන් ප්‍රධානතම අංශයක් වන්නේ Special Activities Division හෙවත් විශේෂ ක්‍රියාකාරකම් කාර්‍යංශයයි.   මෙම කාර්‍යංශය තුල විවිධ රහසිගත දේශපාලනමය ක්‍රියාකාරකම් සිදුකරණ Political Activities Group (PAG) හෙවත් දේශපාලන ක්‍රියාකාරකම් කණ්ඩායමත්, අතිශය රහසිගත යුධ මෙහෙයුම් සිදුකරන Special Operations Group (SOG) හෙවත් විශේෂ මෙහෙයුම් කණ්ඩායමත් යනුවෙන් කණ්ඩායම් දෙකක් ක්‍රියාකරනවා.

ජාතික රහසිගත මෙහෙයුම් සේවාවේ ආයතන සැකැස්ම







2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු දශකයක් පුරා රඟ දැක්වුනු ඔසාමා නාටකය අවසන් කොට සිය සේනාධිනායකයා ඉදිරියේම තිරය වසා දැමූ මෙහෙයුම සැලසුම්කොට ක්‍රියාත්මක කලේ SOG කණ්ඩායමයි. ඔසාමා මරාදැමීමේ මෙහෙයුම Operation Neptune's Spear ලෙස නම්කර තිබුණු බව අලුත්ම වාර්තා හෙලිකරනවා.

ඇෆ්ඝනිස්තානයේ අමෙරිකන් කඳවුරකදී ගන්නා ලද ඡායාරූපයකි ඉහත දැක්වෙන්නේ. මේ ඡායාරූපයේ විශේෂත්වය නම් මෙහි සිටින දෙදෙනාම අවි අතදරා සිටියත් සිවිල් ඇඳුම් වලින් සැරසී සිටීම  වන අතර  ඔවුන් සතුව තිබෙන්නේ අමෙරිකානු හමුදා භාවිතාකරන M16 රයිෆල හෝ M4 කාබයින් රයිෆල නොව තලේබාන් සටන්කාමීන් භාවිතාකරන AK47 රයිෆලයි. මේ අනුව මොවුන් ඇෆ්ඝනිස්තානය තුල රහසිගත මෙහෙයුම් වල යෙදීසිටින සී.අයි.ඒ SOG මෙහෙයුම් කරුවන් බවට සැක කෙරෙනවා.

සී.අයි.ඒ සංවිධානය SOG කණ්ඩායම සඳහා අමෙකානු කොමාන්ඩෝ බලකාවල සිටින දක්ශයින් තෝරා ගන්නා අතර ඔවුන් විශේෂ මෙහෙයුම සඳහා නිරන්තරයෙන් පුහුණු කරනවා. SOG කණ්ඩායමට වැඩි වශයෙන්ම එක් වන්නේ අමෙරිකන් යුධ හමුදා කොමාන්ඩෝ එකකයක් වන ඩෙල්ටා ෆෝස්, නාවික හමුදාවේ DEVGRU හෙවත් SEAL Team 6 (ST6) හා අමෙරිකන් මැරීන් හමුදාවේ Force Recon කොමාන්ඩෝ ඒකකයේ අතිදක්ශ සෙබලුන්ය. ඔසාමා මෙහෙයුමට සහභාගිවුනු කොමාන්ඩෝ සෙබලුන්  SEAL Team 6 (ST6) බලකායෙන් SOG වෙත තෝරාගැනුනු බල ඇණියකි.

SOG  බලකායේ කාර්‍යභාර

SOG බලකායේ ප්‍රධාන කාර්‍යභාරය වන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාහට තානාපති සබඳතා මාර්ගයෙන් හෝ යුධමය ක්‍රියාමාර්ගයකින් විසඳාගත නොහැකි අතිශය සංකීර්ණ හෝ සංවේදී ගැටලුවලදී විසඳුමක් සොයාගැනීමට අවස්ථාවක් සපයාදීමයි. උදාහරණයක් ලෙස ඔසාමා සැඟවී සිටින ස්ථානය තහවුරුකරගත් විට ඔහුව මරා දැමීමට හෝ අත් අඩංගුවට ගැනීම සඳහා පාකිස්තානු රජය සමග රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක යෙදීමට අමෙරිකාවට නොහැකිවුනේ එවැන්න සිදුකරීමට තැත්කලානම් ඔසාමාට ඒ පිලිබඳව දැනගන්නට ලැබී නැවතත් සැඟවීමට හැකියාව ලැබීමයි.  එලෙසම ස්ව්යිරී රාජ්යයක් වූ පාකිස්තානය තුලට නිළ අමෙරිකානු හමුදා ඇතුලුකොට ඔසාමාව අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණේද නෑ. එකම විකල්පය වූයේ නිළ නොවන රහසිගත මෙහෙයුමකින් ඔසාමා ඩැහැගැනීම පමණයි. SOG බල ඇණිය  ස්ථාපිත කොට  තිබෙන්නේ මෙවැනි අවශ්‍යතා සපුරාගැනීම සඳහායි. ඒ සඳහා විශේශයෙන් පුහුණු කරන ලද සෙබලුන්, රසහ් තොරතුරු රැස් කරන්නන්, අති දක්ශ ගුවන් නියමුවන්, මග පෙන්වන්නන් SOG බල ඇණිය සතු මිනිස් සම්පත් වලට අයත් වෙනවා.

ඉතා රහසිගතව මෙහෙයුම්වල (black operations) යෙදෙන SOG බලකාය සිය අනන්‍යතාවයන් ආරක්ශාකර ගැනීමටත් සී.අයි.ඒ සංවිධානය හා තමන් අතර ඇති සබඳතාවය වසන් කරගැනීම සඳහා තමන් අමෙරිකානුවන් බවට තහවුරුකල හැකි කිසිදු ආකාරයක හැඳුනුම්පතක්, නිළ ඇඳුමක් හෝ අවි ආයුධ භාවිතා නොකරයි. ඔවුන් බොහෝවිට භාවිතා කරන්නේ තමන් මෙහෙයුමේ යෙදෙන රටේ භාවිතාවන ආයුධ වන අතර එරට සාමාන්‍ය ජනතාව අඳින පලදින ආකාරයට ඇඳුම් පැලඳුම් සකස්කර ගනී. මොවුන් බොහෝ දෙනෙකුට එම රටේ භාශාව චතුරව කථාකල හැකි අතර සාමාන්‍ය ජනතාව අතර ගැවසෙමින් ව්‍යාපාරිකයින්, විදෙස් ආයුධ වෙලෙන්දන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, සහන සේවකයින්, වෛද්‍යවරුන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, අමෙරිකානු නොවන (රුසියානු, ප්‍රංශ, ජර්මන්, ඉතාලි වැනි රටවල) සමාගම් නියෝජිතයින් ලෙස වෙස්වලාගෙන හැසිරෙයි. විවිධ ආධාර උපකාර මගින් තමන් මෙහෙයුම් සිදුකරන පලාතේ ප්‍රභූවරුන්, පොලිස් හා හමුදා නිලධාරීන් මෙන්ම දේශපාලකයින්ද තම මිතුරන් බවට පත්කරගනී.

ඔවුන් ගෙන් යම් අයෙකු විදෙස් රටකදී අත් අඩංගුවට පත්වුවහොත් සී.අයි.ඒ සංවිධානය හා අමෙරිකානු රජය ඔවුන් අමෙරිකානුවන් බව කිසිසේත් පිලි නොගනී. මේ නිසාම මොවුන් සිදුකරන මෙහෙයුම් අතිශයින්ම අන්තරාදායක වන අතර ඔවුන් මියගිය විට ඔවුන්ගේ පවුල්වලට පවා දැනුම්දීමක් සිදුකරන්නේ කලාතුරකිනි. එසේ දැනුම් දුන්නත් ඔවුන් සී.අයි.ඒ සංවිධානයේ මෙහෙයුම් වලට සහභාගීවූ බව හෙලි නොකරයි.

ඔත්තු බැලීම්, ප්‍රහාර සඳහා එන ගුවන්යානා වලට ඉලක්කය සොයා ගැනීමට මගපෙන්වීම (Laser target designation), ක්ශණික ප්‍රහාර, කඩාකප්පල් කිරීමේ ප්‍රහාර, ඝාතන, ප්‍රශ්ණකිරීම සඳහා අමෙරිකානු බලධාරීන් හට අවශ්‍ය පුද්ගලයින් පැහැරගෙන යාම්, සතුරන් හට ප්‍රයෝජනවත් විය හැකි යටිතල පහසුකම් විනාශ කිරීම්, සතුරන් හට ආයුධ ලැබෙන මාර්ග අවහිර කිරීම හා ආයුධ ගණුදෙනු කරුවන් මරාදැමීම, සාම්ප්‍රදායික නොවන ගරිල්ලා සටන් මගින් සතුරන් වෙහෙසට පත්කිරීම, භීතියට පත්කිරීම SOG බලකායේ මෙහෙයුම් ලැයිස්තුවට අයත්වෙනවා.

SOG බලකාය ගුවන් මෙහෙයුම්, සමුද්‍ර මෙහෙයුම්, ගොඩබිම් මෙහෙයුම් ලෙස කාණ්ඩ තුනකට බෙදා තිබෙන අතර ඊට අමතරව SOG මෙහෙයුම් සඳහා අවිආයුධ, උපකරණ සපයාගැනීමේ ඒකකයකුත් තිබෙනවා. SOG බලකාය භාවිතාකරන සියලුම අවි ආයුධ හා උපකරණ විදේශීය ඒවා වන අතර අමෙරිකානු රජය හෝ හමුදාවන් වෙත සම්බන්ධ කල හැකි කිසිදු අමෙරිකානු අවියක් හෝ උපකරණයක් SOG මෙහෙයුම් කරුවන් භාවිතාකරන්නේ නෑ. විදේශීය ආයුධ වෙලඳපොලවල් වලින් තමන්ට අවශ්‍ය අවි ආයුධ හා යුධ උපකරණ මිලටගැනීමට SOG සැපයුම් ඒකකයට ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. 

ඉතා ඉක්මණින් ක්‍රියාකාරී වීමේ හැකියාව, ඉක්මණින් ඕනෑම කාළගුණයකට, දේශගුණයකට, සමාජ ක්‍රමයකට හැඩගැසීමේ හැකියාව, වදහිංසා විඳදරාගනිමින් තම අනන්‍යතාවය ආරක්ශාකරගැනීමේ හැකියාව, දිවිපරදුවට තබා මෙහෙයුම සාර්ථක කරගැනීමට ක්‍රියාත්මක වීම, ඉක්මණින් මිතුරන් ඇතිකරගෙන තම මෙහෙයුම හෝ අරමුණ සඳහා සාමාජිකයින් එකතුකරගැනීමේ හැකියාව වැනි කුසලතාවයන් SOG මෙහෙයුම්කරුවන් සතුව තිබෙන විශේෂ ගුණාංග බව පැවසෙනවා.

තනිවම හෝ සයදෙනෙකු නැතහොත් ඊට අඩු ගණනකින් සැදි කුඩා කණ්ඩායම් ලෙස මෙහෙයුම් වල යෙදෙන SOG මෙහෙයුම්කරුවන් සතුව වෙනත් කිසිදු අමෙරිකානු හමුදාවක් හෝ බලකායක් සතුනොවන හැකියාවන් හා පුහුණුවක් තිබෙන බව පැවසෙනවා.

SOG මෙහෙයුම්කරුවන් හට ලබාදෙන පුහුණු පාඨමාලාවට විදෙස් අවිආයුධ පුහුණුව, කුංෆු වැනි සටන්ක්‍රම, කැලෑ මාර්ගවල රිය පැදවීම් (off-road driving), අධිවේගී රිය පැදවීම්, අති දුශකර ප්‍රදේශවල දිවි රැකගැනීමේ පුහුණුව (extreme environment & wilderness survival training), පලායාමේ හා සැඟවසිටීමේ උපක්‍රම පුහුණුව, එදිනෙදා භාවිතාකරන ද්‍රව්‍ය ආධාරයෙන් පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය හා බෝම්බ සැකසීම පිලිබඳ පුහුණුව, කිමිදීම් පුහුණුව, සැඟවුනු සතුරන් සොයාගැනීමේ පුහුණුව (tracking), ප්‍රථමාධාර හා වෛද්‍ය පුහුණුව, වදහිංසාවලට මුහුණදීමේ පුහුණුව ( torture resistance training) වැනි පුහුණුවීම් රාශියක් ඇතුලත් වෙනවා.

8 comments:

Naveen Madhawa said...

ලිපියේ "ඔබාමා නාටකය අවසන්කල" මට හිතෙන විදියට "ඔසාමා නාටකය අවසන්කල" වෙනස් විය යුතුයි නේද?

රංචාගොඩ මුදියන්සේ said...

@ Naveen ;

ඔව් නවින්, වැරැද්ද පෙන්වාදුන්නාට බොහෝ තුති.

සත්සමුදුර said...

අතිශයින්ම සිත්ගන්නා සුළු ලිපියක්. ඇමරිකානු හමුදාවට පරිභාහිර සන්නද්ධ ඒකක පිළිබද සමහර ඇමරිකානු චිත්‍රපට වලත් අපට දැකගන්නට ලැබෙනවා. මට ඔබගේ ලිපිය කියවන විට මීට ටික කලකට පෙර බලපු Green Zone චිත්‍රපටියත් මතක් වුනා. මේවගේ ලිපි තව තවත් පාඨකයන් අතරට යායුතුයි. මෙවැනි තොරතුරු ලබා ගැනීමත් අනතර්ජාලයෙන් වුවත් එතරම්ම පහසු නැහැ. ඔබට මෙවැනි මතක හිටින ලිපි ලිවීමට තව තවත් ධෛර්යය හා ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනය කරනවා...

sameera said...

ඇෆ්ගනිස්ථානය තුල සිටින පුද්ගලික ආරක්ෂක සමාගම් වලට අනුයුක්ත විදේශීය සෙබලුන් භාවිතා කරනු ලබන්නේ AK 47 සහ T 56 වැනි රුසියානු සහ චීන ආයුද වේ .

රංචාගොඩ මුදියන්සේ said...

@ Sameera

Really? I thought mercenaries like Blackwater Worldwide uses latest US/NATO weapons...

රවා said...

අපුරු ලිපියක් ස්තුතියි ..

Observer said...

ක්‍රිස් රයන්,ඇන්ඩි මැක්නැබ් වගේ ලේඛකයෝ බවට පත් වෙලා ඉන්න හිටපු S.O.G,Navy SEAL සහ බ්‍රිතාන්‍ය වර්ෂන් එක වන (මට මතක විධියට) S.I.S.සොල්දාදුවො කණ්ඩුල කියන දේවල් නවකතා මගින් හොඳට විස්තර කරනවා.

Priyantha said...

@_Naveen watched this clip. watched it

this Fault "osama <==> obama" happend most of them.

http://tvtotal.prosieben.de/tvtotal/videos/player/index.html?contentId=108313&initialTab=sendung&showId=1618-00

kandu Letter is good