Saturday, April 16, 2011

US human right report on Sri Lanka හා සුචරිත සුද්දන් ඉරාකයේ හා ඇෆ්ඝණිස්ථානයේ හලන ලේ ගංගා.

කාලයක ඉඳන් බැංකී මූන් මහත්තයලා විලිලාපු රිපෝට් එක දැන් පිටවී ඇත. පිටපතක් ලංකාවේ වෙබ් අඩවියක පලවී තිබුණි. මා එය කියැවූයේ උඩින් පල්ලෙනි. හැම තැනම අතුරුදහන්වීම්, පැහැරගෙන යාම්, මරා දැමීම් ගැන විස්තර කොට තිබේ. මේවා ඇත්තවන්නටද පුලුවන, බොරු වන්නටද පුලුවන. මේ සටහනෙන් මා බලාපොරොත්තුවන්නේ යූ ඇන් රිපෝට් එක විශ්ලේෂණය කිරීම හෝ එයට සහයදීම නොවේ.

මගේ පෞද්ගලික අදහස විස්තර කිරීම මේ ලිපියේ අරමුණයි. බෝහෝ විපක්ශ ක්‍රියාකාරීන් මේ යූ ඇන් රිපෝට් එක කාන්තාරයට වැටුනු වැහි බිංදුවක් ලෙස ආශාවෙන් පිලිගන්නා බවක් පෙනේ. දයාසිරි ජයසේකර වැනි තරුණ විපක්ශ දේශපාලකයින් අතලොස්සක් මෙය ප්‍රතික්ශේප කර, එකසත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය දකවා ඇත. සමහරුන්ට දැන් දයාසිරිත් හතුරෙකි, යූ ඇන් රිපෝට් එක්ට විරුද්දව කතාකරන යූ ඇන් පී කාරයන්ට සල්ලි දෙන්න ජනපති ගෝඨාට අණදුන්නා යයි කතාවක් ගොතන්නේ එබැවිනි. වෙන කවුරුන් මොන කුට්ටිය ගත්තත් දයාසිරි සල්ලිවලට කට හොලවනවානම් දැන් බලවත් ඇමතියෙකු බව මගේ විස්වාසයයි. මා වැරදිවන්නට පුලුවන, එහෙත් දයාසිරි ජරාව නොකන්නෙකු බව මට විශ්වාසය.

එලෙසම බ්ලොග් කරුවෙකු ලෙස මාගේ රාජපක්ශ විරෝධය අමුතුවෙන් විස්තර කලයුතු නැත. මාගේ බ්ලොගය පිරී තිබෙන්නේ රාජපක්ශලාගේ දේශපාලනයට විරෝධය දක්වන ලිපිවලිනි. එහෙත් දයාසිරි මෙන්ම මේ මොහොතේ ශ්‍රී ලාංකිකයෙකු ලෙස පටු දේශපාලනය ගාවාගෙන යූ එන් කාරයන්හට උඩ ගෙඩි දී රට පාවා දෙන්නට මා තුල කිසිම බලාපොරොත්තුවක් නැත.

මේ නැති කරන්නට හදන්නේ අපේ රට හා එහි ආත්ම ගෞරවය මිස මහින්ද රාජපක්ශව නොවේ. මේ විනාශකරන්නට හදන්නේ 1983සිට රට බේරා ගැනීමේ සටනට දිවිදුන් දස දහස් තරුණ සෙබලුන්ගේ, හමුදා නායකයින්ගේ ආත්ම ගරුත්වයයි. මේ හදන්නේ මේ මිනිසුන් අහිංසකයින් මරාදැමූ නරුම හමුදාවක් බවට ලෝකය තුල මතයක් ගොඩනගා ඒ තුලින් රට වැට්ටවීමටයි. ශ්‍රී ලාංකිකයින් ලෙස අප මේ ටික අවබෝධකර ගත යුතුය.

1983සිට අපරට තුල තිබුනේ යුද්ධයකි. ගැබිනි මවුන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන් ලෙස යොදවන, කිරි දරුවන් මරා දමන, ගැබිනි මවුන් ගේ කුස පලා බිලිඳුන් එලිය ඇද තලා දමන අන්ත තුඡ්ඡ ලේ පිසාසිත මිනීමරුවන් රැලක් සමග වුනු සටනකි. ජේ ආර්ගේ සිට ප්‍රේමදාස හා චන්ද්‍රිකා/රනිල් හරහා රාජපක්ශ තෙක් සියලු නායකයින් මේ සටන තමන්ගේ අවබෝධයේ හැටියට, උපදෙස් දුන් උපදේශකයින්ගේ හැකියාවේ තරමට, තමන්ගේම ආත්ම ශක්තියේ මට්ටමට යුද්ධය මෙහෙයවූහ. රාජපක්ශ දක්ශයන් යොදවාගෙන, දැවැන්ත දේශපාලන පෞරුශත්වයක් පෙන්වමින් නිසි දේශපාලන නායකත්වය ඩී ලේ පිපාසිත අවි ගත්තන් අවියෙන්ම නසා අවසන් කර දැමුවේය.

මේ යූ ඇන් රිපෝට් කාරයින් කිසි දිනක මේ රටේ තිබූ සැබෑ තත්වය සොයා නොබැලූහ, කොටි මිනීමරුවන්ගේ තුඡ්ඡ ජන ඝාතන ගැන වැඩි මනත් නොකියන්නේ එබැවිනි. කොටි බුද්ධි ජාලය කොළඹ වසාගෙන තිබුණි. ජනපති, හමුදා නායකයින්, මැති ඇමතිවරු යන එන තැන් ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත් කලියෙන් කොටි නායකයින් අතට ගියේත්, ඝාතකයින් සියගණනක් චැක් පොයින්ට් පන්නාගෙන කොළඹ විත් නිරුපද්‍රිතව සැඟව සිටියේ මේ බුද්ධි ජාලය හා මුදලට සියල්ල පාවාදෙන සිංහල නරුමයින් රැළකගේ සහයෙනි. අතුරුදහන් වූවායැයි කියන වැඩි දෙනෙකු කොටි බුද්ධි ජාලයේ සාමාජිකයින්ය. උන්ව අල්ලගෙන හිරකරගෙන කන්න බොන්න දී, ලෝයර්ලා සපයාදී සාධාරණ නඩුවිභාග පවත්වන්නට ගියානම් කොළඹ අතවමත් බෝම්බ පුපුරණවා ඇත. ඇත්ත මෙයයි. මේ ඇත්ත යූ ඇන් රිපෝට් වල නැත. 

ඇත්තේ මැරුණු එකාගේ ගැහැණියගේ විලාපය පමණකි. කොටි බුද්ධි අංශයේ සාමාජිකයින් තමන්ගේ රාජකාරිය ගෑනිට කියා විස්තරකර දෙන්නේ නැත. උන් කසාද බඳින්නේත්, ළමයි හැදුවේත් තමුන් සාමාන්‍ය වැසියන් බව පෙන්වන්නට මිස ගෑනුන්ට, ළමයින්ට ඇති ආදරයට නොවේ. ඔය ගෑනුන්, ළමයින් හඬන්නේ තමුන්ගේ සැමියා, තාත්තා මිනීමරන්නට සහයදුන් බව, නැතහොත් අණ ලැබුණ විට කිරිදරුවන් පවා මරාදමන්නට නොපැකිලෙන මෘග ඝාතකයින් බව නොදැන වන්නට පුලුවන. ඒත් එයට මේ රට පලි නැත.

ඒ එක් පැත්තකි...

අනෙක් අතට යූ ඇන් රිපෝට් එකට අපට තර්ජනංගුලිය ඔසවන ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇෆ්ඝනිස්තානයේ, ඉරාකයේ කරන මහා ජන ඝාතන වෙනුවෙන් රිපෝට් ලියන්නට බැං කී මූන් හා ඔහුගේ සගයින්ට කිසි දිනක පුරුශ ශක්තිය පහලවන්නේ නැත. වතුර බහින්නේ පහත් තැනින් බැවින් තමන් යූ ඇන් මහ ලේකම් ලෙස අහවල් දේ කරාය කියා තමුන්ට පඩි ගෙවන්න සල්ලි දෙන ඇමරිකාවට යුරෝපයට පෙන්වන්නට නටන නාඩගමකි මේ රිපෝට් ලියවිල්ල. පඩි ගෙවනා එවුන්ට විරුද්දවි කිසිදිනකත් පඩි ගන්නා මහ ලේකම්ලා රිපෝට් ලියන්නේ නැත. ලියන්නේ අප වැනි පොඩියන්ලාට විරුද්ධව පමණකි.

මේ ලිපිය අවසන්කරන්නට පෙර අපට බණ කියන ඇමරිකාව, යුරෝපය ඉරාකයේ කර ඇති ජනඝාතන පිලිබඳව සටහනක් තබමි.

2010 ජනවාරි සිට 2011 මාර්තු වනතෙක් ඉරාකයේ සිවිල් පුර වැසියන් 2796 මියගොස් ඇත. ඉරාක යුද්ධය දරුණුව ඇවිලුණු 2006 ජූලි සිටි 2007 සැප්තැම්බර් දක්වා මියගිය සිවිල් වැසියන්ගේ ගණන් පහත වගුවේ දැක්වේ. මැරිල්ලේ තරම පුදුම හිතෙනවා නේද? (රතුපාටින් දැක්වෙන්නේ සිවිල් වැසියන්ය)

Sep-07 96752
Aug-07 761598
Jul-07 2321458
Jun-07 1971148
May-07 1981782
Apr-07 3001521
Mar-07 2152762
Feb-07 1502864
Jan-07 911711
Dec-06 1231629
Nov-06 1231741
Oct-06 2241315
Sep-06 1503389
Aug-06 2332733
Jul-06 2171063

 Source : http://icasualties.org/iraq/index.aspx

2006 ජූලි සිට 2006 දෙසැම්බර් තෙක් මාස හයට ඉරාකයේ මිය ගිය සිවිල් වැසියන් ගණන 11870කි. මේ මැරුණේත් මිනිසුන්නේද? මේ මරණවලට වගකිව යුත්තන් සොයා බලා දඬුවම් දෙන්නට බැංකී මූන්ට කවදා හැකිවේද? මේවාට නඩු නැත්තේ මේ මරණ ශුද්ධවූ ඇමරිකාණු  හා මහා බ්‍රිතාන්‍ය වෙඩි උණ්ඩවලින් සිදුවුනු ඒවා නිසාද?

ශ්‍රී ලාංකිකයිනි මෙය වටහා ගන්න. අපි රාජපක්ශාලාට විරුද්ධ වෙමු. එහෙත් රටට හා රට බේරාගත් වීරෝධාර හමුදාවන්ට ද්‍රෝහි නොවෙමු. යූ ඇන් මැදිහත්වීමට සහයවීම සතුටුවීම රටට කරන ද්‍රෝහී කමකි.


6 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

දයාසිරි ගෙ ක්‍රියාව හැමෝම අනුමත කරන්න ඔනි , ඇත්තටම මේ ප්‍රකාශය රනිල් ලොක්කගෙනුත් එනව නම් තමයි හොඳ , කදිරගාමර් වගෙ හොඳ රාජ්‍යතාන්ත්‍රිකයෙක් විදේශ කටයුතු බාරව හිටිය නම් ඔය වගේ කමිටු ඇති වෙන්නෙත් නැ

Anonymous said...

@ කන්ඩුල

යුදදේදි මැරුනෙ කොටි විතරක් නෙමෙයි කියන එකනෙ ප්‍රශ්නෙ.සිවිල් වැසියන් බර ගානක් මරල තියෙනව කියන එක කොච්චර තිත්ත වුනත් පිලිගන්න වෙනවනෙ.ඒ බිරින්දෑවරු කොටින්ගේ බිරින්දෑවරු නෙමෙයිනෙ.ඒ නිසා ප්‍රශ්නෙ තරමක් සංකීර්ණයි.

ප්‍රශ්නය විසදගන්න තිබුණා මේ විදිහට.ඒ කියන්නෙ යුද්ධයෙන් පස්සෙ පාරදෘශ්‍ය වැඩපිලිවෙලක් අරන් ගියා නම් මෙහෙම ජාත්‍යන්තර බලපෑම් එන එක අවම කරගන්න තිබුණා.කදිරගාමර්ලගෙ වටිනාකම තියෙන්නෙ එතන.ඒත් යුද්දෙ ඉවර වෙලා අවුරුදු දෙකක් ගිය තැන රජය දෙමල මිනිස්සුන්ගේ ප්‍රශ්නෙ විසදන්න හරි,එදා තිබුන ආතතිකාරී පරිසරය තුනී කරන්න හරි මොනවද කරල තියෙන්නෙ?රිපෝ‍ට් එකේ තියෙන සමහර ගොඩක් කරුණු අවාසනාවට වගේ ඇත්ත නේද?දෙමල රැදවියන්ගෙ නම් ටිකවත් එලියට දාල නැහැ නේද?ඒ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලිකයක් වත් තාම හරියට නැහැ නේද?මතකද 71 කැරැල්ල?කැරලිකාරයන්ට නඩු දාල උන්ටත් කරුණු කියන්න අවස්ථාව දිල විනිවිද පේන සුලු ක්‍රියාවලියක් හරහා යුක්තිය විසදුවා?එහෙම එකක් පේනතෙක් මානෙකවත් නැහැ නේද?අපරාධ වුනා නම් ඒ ගැන හොයල බලන්න දේශීය වශයෙන් වගකියන යාන්ත්‍රණයක් නැහැ නේද?අධිකරණය දේශපාලනිකකරණය වෙලා කියන එක ඇත්ත නේද?උතුරේ තනි මිලිටරි පාලනයක් තියෙන්නෙ කියන එක ඇත්ත නේද?අවතැන් වුන අයට සලකන විදිහ අවුල් කියන එක ඇත්ත නේද?මේව විසදන්න ප්‍රමාණවත් පියවර අරගෙන නැහැ කියන එක ඇත්ත නේද?මේ ගැන මැදිහත් වෙන්න මාධ්‍ය වලට ඉඩ දෙන්නෙ නැහැ මාධ්‍ය පාලනය කරනව කියන එක ඇත්ත නේද?ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හදිසි නීතිය තවම අරගෙන යනව ඒවට මුවාවෙලා ප්‍රජාතන්ත්‍රවාදි ඉඩ සීමා කරනවා කියන්නෙ ඇත්ත නේද?මම දැක්ක දැන් ස්කයිප් ටැප් කරන්නත් රජය නීති අරගෙන එන්න යනව කියල.

ඉරාකය ගැන ඔයා කියන එක හරි.සම්පූර්ණ ඇත්ත.මුන් දෙබිඩි තමයි.ඒත් මුං වගේම අපේ මහ උනුත් අවුල්.උන් අරගෙන යන අඥාන ජාතිවාදී ප්‍රතිපත්තිය හින්ද තමයි මූන්ලට මෙහෙම ඇගිලි ගහන්න අවස්ථාව ලැබිල තියෙන්නෙ.මට නම් අවංකව මුං දෙගොල්ලොන්වම එක වගෙ අජූවයි

- අනුරාධ

Anonymous said...

To අනුරාධ :යුද්ධය අවසාන කාළයේ බර අවිවලින් කොටින්ට පහරදීම නතරකළා මතකද?එහෙම කළේ සිවිල් ජනතාවට අතර සැගවිලා ඉන්න කොටි තෝරා බෙරා පහර දෙන්න ඕනි නිසයි.ඒකෙන් අපේ හමුදාවේ වීරෝධාර සෙබලුන්ට වුණ හානිය අපමණයි.ලංකාවේ හමුදාවට අවශ්‍ය නම් තමන්ට වෙන හානිය අවම කරගෙන සිවිල් ජනතාව අතර ඉන්න කොටින්ට බර අවි වලින් පහර දෙන්න තිබ්බා.එහෙම කරලත් අන්තිමට යුධ අපරාධ කළා කියල චෝදනා.මේක බරපතල අසාධාරණයක්!

Anonymous said...

@ meeghaya

බර අවි වලින් ගහන එක නතර කලා කියල අපිට කිව්වෙ ස්වාධීන රූපවාහිනියනෙ.සිවිල් වැසියෙක්ගේ මයිලකට හානි නොවී යුද්දය කරා කියන එක මම නම් සත පහකට විශ්වාස කරන්නෙ නැහැ.ඉස්පිරිතාලවලට ෂෙල් ගහපු ඒවා ගැන තමන්ට සාක්ෂි තියෙන බව යූඑන් එක කියනවා.ඒ වගේම යූ එන් එක එල්ටීටීයටත් යුද අපරාධ චෝදනා කරනවා. රජයට කරුනු පහක් යටතේ චෝදනා කරද්දී කොටින්ට කරුණු 6ක් යටතේ චෝදනා කරනවා.

මම කියන්නෙ යුද්දෙට පස්සෙ අපි හරියට වැඩ කරා නම්, දෙමල මිනිස්සුන්ට සාධාරනය ඉටුවෙන විදිහෙ තැනකට ගියා නම්,එහෙම යන්න සූදානම් බව අඩුම තරමින් පෙන්නුම් කලා නම් මේ පීඩනය අවම කරගන්න හොදටම පුලුවන්කම් තිබුනා,

2009 ඊශ්‍රායලය හා හමාස් එක ගහගත්ත වෙලාවෙ මෙමේ වවගේම කමිටුක් දාල යුද අපරාධ චෝදනා දෙපැත්තටම කලා.එතනදී ඊශ්‍රායලය අපේ රජය වගේම මුලදි එ සේරම ප්‍රතික්ෂේප කලා,නමුත් පස්සෙ තමන්ගේ රටේ අධිකරණ පද්ධතිය හා නියාමන ක්‍රමවේදයන් හරහා තමන්ට සිදුවුණ වැරදි පිලිබද සොයා බැලීමේ පාරදෘශ්‍ය යාන්ත්‍රනයක් තියෙන බව එයාල පෙන්නුව.එතනදී යූඑන් එක තමන්ගේ පියවර ආපස්සට ගත්තා. මේවගේ ප්‍රශ්න ගැලරි කතාවලින් විසගන්න බැහැ කියන එකයි තේරුම් ගන්න ඕනෙ

- අනුරාධ

charmi said...

මේක උගුලක් නෙමේද කණ්ඩුල? යුද අපරාධ උනා/නැතා මේ වාර්තාව එලියට එන තැනට මේක අරං ආවේ ආණ්ඩුව නෙමේද? ආණ්ඩුව කරන්නෙ බබ්බු නෙමෙයිනේ. ආණ්ඩුව යූ.එන්. එකත් එක්ක ගණුදෙනු කල විදිහ ගැන ඔබ මොනද කියන්නේ? විමල්ලා වගේ අපතයෝ දාගෙන නටපු නාඩගම් වල තාර්කික ඵලය මේක නෙමේද?
මේවගේ දෙයක් ගැන කවුරුහරි සතුටු වෙනවනම් ඒක අමනකමක් බව ඇත්ත. නමුත් රාමචන්ද්‍ර අහල තියෙන ප්‍රශ්නය වලංගුයි නේද?

/"රාජ්‍යයේ ස්වාධීනත්වය" උදෙසා ස්වකීය පීඩකයා සමග මෙම ජනතාව සෙනෙහසින් එක් විය යුතුද?/

Priyantha said...

කන්ඩුල

mei lipith kiyawan ne.


http://www.lankanewsweb.com/Sinhala/Feature/FEATURE_11_04_28_002.html


http://www.lankanewsweb.com/Sinhala/Feature/FEATURE_11_04_20_002.html


http://www.lankanewsweb.com/Sinhala/Behind_the_scence/BTS_11_04_30_001.html

oba ge lipiya chatter.