There was an error in this gadget

Friday, April 8, 2011

තමිල්නාඩු සුභසාදන ප්‍රාන්ත රාජ්‍යය හෙවත් අසරණ සරණ අනාථපින්ඩික කරුණානිධි සිටුතුමාගේ වැයික්කිය

Rate this post 
තමිල්නාඩුව යන වචනය ඇසූ පමණින්ම බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ සිතට එන්නේ මහත් අප්‍රසන්න භාවයකි. එයට සාධාරණ හේතු ඇති අතර ඒවා සාධාරණ හේතු බව ලේඛකයාද අවිවාදයෙන් පිලිගන්නේය. එහෙත් මෙම ලිපියේ අරමුණ ඒ පිලිබඳව කතා කිරීම නොව තමිල්නාඩුව ගැන බොහෝ ශ්‍රී ලාංකිකයින් නොදන්නා කරුනක් හෙලි කිරීමයි. මෙම ලිපියට පාදක වන්නේ අප්‍රියෙල් මස 3වැනිදා ඉන්දියානු ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ටුඩේ සඟරාවේ පලවුනු ලිපියකි.

"Free lunches turn costly" යන සීර්ෂපාඨය යටතේ ලියවුනු මෙම ලිපියමගින් කරුණානිධිගේ ඩීඇම්කේ පක්ශය සිය චන්ද පදනම රැකගැනීමේ චේතනාවෙන් ගෙනයන දැවැන්ත සුභසාධන වැඩපිලිවෙල නිසා තමිල්නාඩුවේ අනාගතය අඳුරුවෙමින් පවතින අයුරු හෙලිකරයි. - මෙම ලිපිය බිස්නස් ටුඩේ සඟරාවේ වෙබ් සංස්කරනයේ අඩංගු නොවන බව කරුණාවෙන් සලකන්න

 ==================================================================

මුරුගන් හා ගෝවින්ද රාජ් මහාපරිමාණයෙන් කලු කවුපි වගාකරන ගොවීන් දෙදෙනෙකි. ඔවුන්ගේ අස්වැන්න හොඳින් පැසී ඇති අතර හෙට අනිද්දාම ඒවා නෙලාගත යුතුය. එහෙත් අක්කර විසිතිස් ගණනක අස්වනු නෙලීම මොවුන් දෙදෙනාගේ පවුල්වල සාමාජිකයින්ට පමනක් සිදුකල නොහැකිය. ඒ සඳහා කම්කරුවන් හත් අට දෙනෙකු අවශ්‍යය. මුරුගන් හා ගෝවින්ද රාජ්ගේ ගැටලුව ඔවුන්ගේ ගමේ හා ඒ අවට ගම්වල කිසිවෙක් අස්වනු නෙලීම සඳහා වැඩට පැමිණීමට අකමැති වීමයි. එයට හේතුව මහන්සිවී වැඩ කිරීමෙන් කීයක් හෝ උපයාගන්නවාට වඩා රැකියා විරහිතව සිටිමින් කරුණානිධිගේ ප්‍රාන්ත රජයෙන් ලබාදෙන අනේකවිධ සහනාධාර මත යැපෙමින් ජීවත්වීම වඩාත් වාසිදායක වීමයි.

මුරුගන් හා ගෝවින්ද රාජ් වැනි ගොවීන් පමණක් නොව තමිල්නාඩුවේ බොහෝ කර්මාණ්තකරුවන්ද උග්‍ර සේවක හිඟයකට මුහුණපා සිටියි. ඒ ඉන්දියාවේ අනෙක් ප්‍රාන්තවල දුප්පත් ජනයා කර්මාන්තශාලා, වැඩ්බිම් හා වෙනත් සේවාස්ථාන වල රැකියා සොයාගෙන දිනපතා දසදහස් ගනනින් මුම්බායි, කල්කටා, බැංගලෝර්, හයිඩ්‍රාබාද්, දිල්ලි වැනි නගරවලට සංක්‍රමණය වුවත් තමිල්නාඩුවේ ජනයා සිය ගම්‍ බිම් අතහැර චෙන්නායි වැනි නගර කරා සංක්‍රමණය වීමට දැන් දැඩි ලෙස අකමැති වීමයි. ගමටවී යහමින් ලැබෙන සහනාධාර මත   ජීවත්වීම නගරවල මහන්සිවී හරි හම්බකරනවාට වඩා තමිල්නාඩු ගම්බද ජනයාට වාසි සහගත වී ඇත.

උදාහරනයක් ලෙස තමිල්නාඩුවේ ආහාර මුද්දර ලාභියෙකුට සහල් කිලෝවක් ඉන්දියානු රුපියල් 1කට ලැබේ (ලංකා රුපියල් 2.40ක් පමන). මීට අමතරව පරිප්පු, කඩල, මුං ඇට වැනිධාන්‍ය වර්ග ඉතා සහන මිලට ලැබෙන අතර ඉවීම සඳහා භාවිතා කරන තෙල්ද ඉතා අඩුමුදලට සහනාධාර  ලෙස මුද්දර ලාබීන් හට කරුණානිධිගේ රජය ලබාදෙයි.

දුප්පතුන් සඳහා කරුණාදිධිගේ කරුණාබර සහනාධාර මින් නතරවී නැත. දුප්පතුන්ට ගෑස් ලිප් මෙන්ම ගෑස් සිලින්ඩර්ද නොමිලේ ලබාදෙන අතර පිරිමින්ට නොමිලේ සරම් කමිසද, ගැහැනුන්ට සාරිද මේ කරුණාව යටතේ නොමිලේ ලැබෙන බව බිස්නස් ටුඩේ ලිපිය හෙලිදරව් කරයි. මීට අමතරව අතු පැල් වල ජීවත් වන දුප්පත් වැසියන් හට එය උලුසෙවිලිකල නිවසක් බවට පරිවර්තනය කරගැනීමට ඉන්දියානු රුපියල් 75,000 ආධාර මුදලක් (ලංකා රුපියල් 180,000) ලබාදෙන බවද හෙලිවෙයි. මෙතරම් සහනාධාර ලැබීම නිසා තමිල්නාඩුවේ ජනයා කම්මැලියන් වෙමින් පවතින බවත් සියල්ල නොමිලේ බලාපොරොත්තුවෙනවා මිස මහන්සිවී රැකියාවක් කොට මුදල් ඉපයිම තමිල්නාඩු ජනයා දැන් ප්‍රතික්ශේක කරන බවත් සඟරාව පවසයි. පුදුමයට කරුණ නම් කරුණානිධිගේ සහනාධාර මෙයිනුත් නොනැවතීමයි. ඔහු දුප්පත් ජනයාට තමිල්නාඩු රජයේ මුදලින් නොමිලේ රූපවාහිනි යන්ත්‍ර ලබාදෙන අතර රෝගීන්හට නොමිලේ බොහෙත් ලබාදෙයි.

ලිපියේ සංඛයාලේඛන වලට අනුව කරුණානිධිගේ රජය පසුගිය පස්වසර තුල තමිල්නාඩු බදු මුදල් වලින් ඉන්දියානු රුපියල් කෝටි 14, 626 ආහාර සහනාධාර සඳහාද, කෝටි 1,219 නොමිලේ සාරි, සරම් හා කමිස සඳහාද, කෝටි 3,922ක් නොමිලේ දුන් රූපවාහිනි සඳහාද, කෝටි 660ක් ගෑස් ලිප් හා ගෑස් සිලින්ඩර් සඳහාද කෝටි 12,000 නිවාස ආධාර සඳහාද  වියදම් කොට ඇත.

"හැම දෙයක්ම නොමිලේ දෙන නිසා අපේ මිනිස්සු දැන් වැඩකරන්න අකමැතියි...." නම හෙලි කිරීමට අකමැතිවුනු ඉහල රජයේ නිළධාරියෙක් බිස්නස් ටුඩේ හා පවසා සිටියි. එපමණක් නොව හැම දෙයක්ම නොමිලේ ලැබෙන නිසා අතට ලැබෙන වෙනත් ඕනෑම මුදලකින් මත්පැන් බීමට ගම්බද බොහෝ තමිල්නාඩු ජනයා හුරුවී ඇති බව මත්පැන් අලෙවිය පිලිබඳ සංඛ්‍යාලේඛන පෙන්වාදෙයි. 2005/06 වසරේදී මත්පැන් බදු වලින් තමිල්නාඩු රජය ලැබූ ආදාය්ම ඉන්දියන් රුපියල් කෝටි 6087ක් වුනු අතර එය 2009/10 වසර වන විට කෝටි 11,606 දක්වා ඉහල ගොස් ඇති ඇතර 2010/11 වර්ශය තුල එය කෝටි 14,033ක් දක්වා ඉහල යනබවට ඇස්තමේන්තු කොට ඇත. 

අස්වනු නෙලන කාලය තුලදී කුලී ශ්‍රමය සපයා ගැනීම කොතරම් අපහසුවී ඇතිද යත් තමිල්නාඩුවේ බොහෝ මහාපරිමාණ වී ගොවීන් වී වගාව හා ධාන්‍ය වගාව අත්හැර ශ්‍රමය අවමයෙන් වුවමනාකරන උක්, ඔයිල්පාම්  හා තෘණ වගාවට යොමුවී ඇත. ස්මහර ගොවීන් ගොවිතැනෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වී සිය වගාබිම් පුරන්වීමට ඉඩහැර ඇත්තේ වගාකිරීමට අවශ්‍ය ශ්‍රමය සපුරාගැනීම ඉතාමත් අපහසු නිසායි.

 තමිල්නාඩු කර්මාන්ත ආර්ථිකය අණතුරේ වැටී හැටි අයුරු

Note :   ශ්‍රී ලාංකික අපි නොදන්නවා වුනාට තමිල්නාඩුව යනු මුම්බායි පිහිටි මහාරශ්ට්‍රයට හා දිල්ලියට පමණක් දෙවෙනි වන තරමට අතිශයින්ම කාර්මීකරනයවුනු ප්‍රාන්තයකි. ඉන්දියාවෙ රථවාහන කර්මාන්තයේ මූලස්ථානය බවටද දැන් තමිල්නාඩුව පත්වී ඇත. ලෝකයේ විශාලම රථවාහන නිශ්පාදකයින් දසදෙනාගෙන් සයදෙනෙකුම චෙන්නායි නුවර අවට සිය කර්මාන්තශාල පිහිටුවාගෙන ඇත අතර මේ කර්මාන්තශාලාවලින් වසරකට විවිධ වාහන මිලියන 1.7ක් නිපදවන බව කිවහොත් ඔබ පුදුම වනු ඇත. Source: Business Today

"පසුගිය වසර පහතුලදී තමිල් නාඩුව ඉන්දියානු රුපියල් කෝටි 80,000ක ආයෝජන ඇද ගත්තා තවත් කෝටි 30,000 පමණ ආයෝජන සඳහා සාක්ච්ඡා කරමින් පවතිනවා. ඒත් මේ යන විධියට මේ ආයෝජන් සියල්ල්ම අනතුරේ වැටෙන්නට පුලුවන්. ගම්වලින් ජනතාව නගරවලට රැකියා සඳහා එන්නට දක්වන මැලිකම නිසා ශ්‍රම හිඟය උග්‍රවෙලා... "තමිනාඩු ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා බිස්නස් ටුඩේ හා පවසා තිබෙනවා.

කරුණානිධිගේ සහනාධාර නිසා තමිල්නාඩු ජනයා මොනතරම් කම්මැලි වී ඇත්දැයි යන්න දැනගැනීමට පහත උදාහරණය ප්‍රමානවත්. ශ්‍රම හිඟයට පිලියමක් ලෙස තමිල්නාඩු කාර්මික නිශ්පාදකයින්ගේ සංගමය තමිල්නාඩු රජයේද සහය ඇතිව නුපුහුනු ශ්‍රමිකයින් 100,000ක් හඳුනාගෙන ඔවුන්හට නොමිලයේ කාර්මික පුහුණුව ලබාදී සිය සාමාජිකයින්ගේ කර්මාන්ත ශාලාවලට බඳවාගැනීමේ වැඩපිලිවෙලක් ලඟදී ක්‍රියාත්මක කලා. ඉන්දියානු රුපියල් 7000ක් මාසික වැටුපක් පොරොන්දු වුනත් ඉතා අපහසුවෙන් රැකියා විරහිතයින් 40,000ක් දෙනා පුහුණුව සඳහා කැමති කරවාගත් අතර ඉන් 11,000 දෙනා පුහුණුවට සහභාගී වී පුහුණුව අවසානයේ පත්වීම් ලිපි ලබාගත්තා. එහෙත් සේවයට වාර්තාකලේ ඉන් 800දෙනෙකු පමනයි. අන්සියලුදෙනාම රැකියා ප්‍රතික්ශේප කොට සිය ගම්බිම් බලා ආපසු ගියේ නොමිලේ ලැබෙන වාසි රැකියාවේ ආදායමට වඩා වැඩිවන හේතුවෙනුයි.

ශ්‍රමික හිඟය නිසාම තමිල්නාඩු කර්මාන්ත හිමියන් දැන් දැන් තමිල්නාඩුවේ සිය කර්මාන්තශාලා වසා දමමින් ඒවා  යාබද ප්‍රාන්ත කරා ගෙනයාම අරඹා තිබෙනවා. දැනටමත් තමිල්නාඩුව මූලස්ථානය කරගෙන පිහිටුවා ඇති දැවන්ත පේශකර්මාන්ත නිශ්පාද්කයින් සිය කර්මාන්තශාලා යාබද ආන්ද්‍රා ප්‍රදේශය වෙත ගෙනයාම් ආරම්භකොට තිබෙනවා.

මේ නිසා තමිල්නාදුවේ දල දේශීය නිශ්පාදිතය වේගයෙන් කඩාවැටෙමින් පවතිනවා. කරුණානිධිගේ පක්ශය බලයට පත්වෙනවිට තමිල්නාඩුවේ දල දේශීය නිශ්පාදිතයේ වර්ධනය 21% වුනු අතර 2010/11 වසර වලදී එය 11.76% දක්වා කඩාවැටී තිබෙනවා. 2007/08 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 4,545ක අයවැය වාසියක් තිබුණු තමිල්නාඩුවට 2010/11 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 3129ක් අයවැය හිඟයක් ඇතිවී තිබෙනවා. තමිල්නාඩු රජයේ ණයබර  2010/11 වසරේදී ඉන්දියානු රුපියල් කෝටි 100,000 පණිනු ඇතැයි අනාවැකි පල කෙරෙනවා.

එහෙත් කරුණානිදිගේ මුදල් ඇමති කේ අන්බාසගන්  පවසන්නේ තමිල්නාඩුවට කිසිදු මූල්‍යමය ගැටලුවක් නැති බවත් සියල්ල හොඳින් පවතින බවත්ය.

11 comments:

Anonymous said...

Ela ela, unta ohoma wela madi apita karapuwata

buwa said...

තමිල්නාඩුව ඔච්චර දියුණුයි කියල මම අදයි දන්නෙ .... කරුණානිධිට නම් මොකක් හරි වයර් මාරුවීමක් තියනවාය කියල හිතිලා ගොඩක් කල් දැන් බැලුවාම ඒක ඇත්ත

``` Outsider``` said...

ලංකාවටත් වඩා සොච්චම් වැටුපක්නෙ ගෙවන්නෙ. නැත්නම් තමිල්නාඩුවේ රස්සාවකට යන්න තිබුණ.

Pathfinder [ගවේෂකයා] said...

@ outsider

පඩිය ඉන්දියන් රුපියල් වලින්නෙ. ලංකාවෙ රුපියල් වලින් 7000*2.4=16800.අනෙක ඕක ආරම්භක වැටුප. :)

Anonymous said...

මෙන්න පුවතක්: කණ්ඩුලගේ ප්‍රවෘත්තිය ඇසීමෙන් පසු ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් දහස් ගණනක් වැඩි වැටුප් අපේක්ශාවෙන් තමිල් නාඩුව බලා යාමට පොදි කමින් සිටී. මේ නිසා ඉන්දියාව බලා යන ගුවන් ගමන් ගණන වැඩි කරන අව ගුවන් තොටුපොළ බලධාරීන් අප වෙත දැන්වීය

Kandula (කණ්ඩුල) said...

@Anno...

ඕක Libiya වීරවංශගෙ සී-නිවුස් පඩංගුවේ දාන්න හොඳ නිවුස් එකක්

sithuwilimandiya said...

ණය වැඩිඋනාට මොකද තව ඡන්දයක් දිනනවානම්.රට වැටෙන කාලෙ වෙද්දි කරුණානිධ්ත් සමහරවිට සෙට්ටපොච්චි වෙලා තියෙවි.මෙහෙ වගේමයි නොවැ එහෙත් ඒ පැත්තකින් බැලුවාම.

sjayasri said...

එතකොට තමිල්නාඩු ධීවරයෝ අපේ මුහුදේ මාලු හොරකං කරන්නේ ඇයි?

Anonymous said...

පිස්සුද යකෝ, එක තමිල් නාඩු ධීවරයන්ගේ ගොදුරු බිම්. මේ ලංකාවේ එවුන් ඒව බලෙන් අල්ලන් ඉන්නව මිසක්

Anonymous said...

@ කන්ඩුල - ඇයි මෑන් - ගල ගේ ඊ-නිවුස් එක ඊට ජාති නැද්ද?

Anonymous said...

පලවෙනි ඇනෝගෙ කතාවනං රත්තරං වටිනව මේක කොමෙඩි ෂෝ එකක්නං හැක් හැක් හැක් හු!!!