Thursday, April 14, 2011

TIME 100 most influential people in 2011 - මහින්ද ඉදිරියෙන්! හුරේ!

අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම වෙලාවකම "සිංහල බ්ලොග් කියවනය" අඩවියට පිවිසීම මගේ පුරුද්දක්. දැන් ටිකකට කලින් බ්ලොග් කියවනයේ අලුත්ම ලිපි සීර්ශ කියවනකොට මේ මෑතක ඉඳන් ස්පෑම් කරනවා කියලා හිතන්න පුලුවන් තරමටම දවසකට හතරක් පහක් ලිපි බ්ලොග්-රෝල් එකට එවන එක වෙබ් අඩවියක ලිපියක සීර්ශපාඨය දැක්ක මට අමුත්තක් හිතුනා.

"මහින්ද ඉදිරියෙන්!"
සීර්ශපාඨය මොරදෙනවා.

බොලේ ලංකාවෙ ආයෙත් ජනාධිපතිවරණයක්ද? මට හිතුනේ අද දවල් නැකැත් වෙලාවේ අලුත් අවුරුද්දට සුබපතන්න ගදරට කතා කරපුවෙලාවේත් චන්දයක් තියෙනවා කියලා ගෙදර උන් නොකීපු එකට කේන්තියකිනුත් එක්කයි.

ක්ලික් කරලා බැලුවා....

හ්ම්ම්ම්ම්.....අලුත් සංදර්ශණයකට මුලපිරීමක්...............අනුග්‍රහය ලෝක ප්‍රකට ටයිම් සඟරාවෙන්. ලෝකයේ බලපුළුවන්කම් ඇති පුද්ගලයින් 100ක් තේරීමේ ඔන්ලයින් මතවිමසුමක්. එතුමාගේ නමත් තියෙනවා, චන්දත් වැටිලා.....

නියම පල්ලම ජනාදිපති මාද්දිය සැට් එකට. ඉන්දියාවට ගිහිල්ලා සාටර් වෙලා ආපු එක අමතක වෙන්න සංදර්ශනයක් පටන් අරගන්න පුලුවන් දැන්.

එතුමා දැන් 19වැනි තැන. බොලේ බොත්තමක් ඔබලා න්‍යශ්ඨික මිසයිල දියත් කරලා ලෝකෙම අලුකරලා දාන්න බලයක් තියෙන  ඔබාමා 43නේ.....ගිය අවුරුද්දේ ටයිම් සඟරාව වසරේ මිනිසා ලෙස කිරුලු පැලඳූ ෆේස් බුක් නිර්මාතෘ, ප්‍රකෝටිපති මාර්ක් සකර්බර්ග් තරුණ උපාසක මහත්තයා පහල 26යේ ලතවෙනවා.

හිරිමල් ගැටයා සංදියේදී යාලු ස්ටීව් වොස්නියැක් එක්ක එකතුවෙලා ගෙදර ගරාජ් එකේ ඇපල් පරිගණකය නිර්මාණය කරලා, ඇපල් සමාගම හා එහි විප්ලවකාරි නිර්මාණ ලෝකයට එවපු, පසුගිය අවුරුදු 5ක-10ක කාලයක ඉඳලා හැම එකාගෙම සාක්කුවට අයිපොඩ් එකක් රිංගවන්න සමත්වුනු ස්ටීව් ජෝබ්ස් මහත්තය සකර්බර්ග් ගැටයාටත් පහලින් 35 අඬනවා. අපේ ලොක්කා 19යේ වැජබෙනවා.

ඒ විතරක්ද බොල, ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවුනු සාර්ථකම ආයෝජකයා ලෙස අවිවාදයෙන් පිලිගන්න, මේ සාර්ථකත්වය නිසාම ප්‍රකෝටිපතියෙක් වුනා විතරක් නෙමෙයි ඒ ධනයෙන් 90%ක් ලෝකයේ දුප්පත්ම අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න දැනටම වෙන්කරලා තියෙන නූතන ලෝකයේ අනාතපින්ඩික කෙනෙක් කියලා හිතන්න පුලුවන් වොරන් බෆට් මහත්තයා ඉන්නේ 42වෙනි ස්ථානයේ. ලොක්කා 19යේ. පුදුම බලයක්නෙ අපේ ලොකු මහත්තයාට තියෙන්නේ...ඊරිසියාවේ බෑ නේද මචන්ලා?

ඒ ලැයිස්තුවේ වලිගය. ඒත් ඔලුව හරිය බැලුවාම පොඩි අප්සැට් එකක් වගේ පේනවා....

අපේ රජතුමාට ඉහල 18 පඩියේ ඉන්නේ සිංදුකියන රිහානා නංගී. මේ නැට්ටිච්චි අපේ රජතුමාට වඩා පොපියුලර්ද? පවර්ෆුල්ද? නැත්නම් චන්දෙදාපු එවුන්ට මොන්ගල්ද හැබෑට?

රජතුමාට පඩි දහයක්ම උඩින් ඉන්නේ බාගෙට හෙලුවෙන් නටන ලේඩි ගාගා කියන පිස්සු හු****. යකෝ මේ මොන මගුලක්ද බන්? මේකිත් ලොක්කාට වඩා පවර්ෆුල් බාගෙට හෙලුව පෙන්නන හින්දද?

5වැනි තැන ඉන්නේ තවත් සිංදුකියන නංගි කෙනෙක් වෙන බියෝන්සේ (මං හිතන්නේ මම නම හරියට කිව්වා)...මගුල් නම්නේ මේවා.....මහේන්ද්‍ර පර්සි රාජපක්ශ වගේ තේජස් නමක්වත් තියෙනවානම් බැරිය. මේ රිලවියෝ කොහොම උඩට නැග්ගද මන්දා?

අර මණ්ඩුක භවනේ ගෙම්බා දානවා වගේ ටෝක්ස් එකක් දානාවානම් මට මෙහෙම කියන්න පුලුවන්...

".....දැන් තමුන්නාන්සේලාට පේනවා ඇති මේ මතවිමසුමට වැඩියෙන් චන්දේ දිලා තියෙන්නේ ගෑනු පෙරේත, හෙලුව අගයන මැන්ටල් පොරවල් කියලා. නැත්නම් න්‍යශ්ඨික මිසයිල උලුක් කරගෙන, ස්ටෙල්ත් ෆයිටර් පිරිවරාගෙන ඉන්න ඔබාමාට වඩා..... හම්බ කරපු සේසතම පිනට ලියලාදාපු බෆට් මහත්තයාට වඩා.... ලේඩි ගාගා හෙලුවැල්ලී උඩට ආවේ කොහොමද?....අප ශ්‍රී ලංකාද්වීපයේ බෝහෝ චන්දත් ඔයවගේ කස්ටියටම තමයි වැටෙන්නේ...
මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටි ඔබ සැමට ඉස්තූතියි....."

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!.....අලුත් සංදර්ශණ මාලාවක් දකින්නට ලැබේවා!!!

සබැඳි පුවතක් - ඇත්තද බොරුද මම දන්නේ නෑ : Ctrl C + Ctrl V එකක් විතරයි ඔන්න..

Monies spent from the President's secret account to become a powerful leader through TIME magazine

President Mahninda Rajapaksa has spent millions of rupees from a secret account entitled to him through his office in order to come among the top 100 powerful persons selected through an e-mail vote by the TIME magazine, reliable sources told Lanka News Web.

The main work on the project had been assigned to the supervisory MP of the External Affairs Ministry Sajin Vass Gunawardena and the coordination work had been given to a head of the President's Media Unit.

Financial assistance had therefore been made available to foreign diplomatic missions and consulates to make the necessary arrangements.
The e-mail voting ended today (14) and according to the results, President Mahinda Rajapaksa has been placed at th 28th position while US President Barrack Obama is placed 41 in the list.

 Source : http://www.lankanewsweb.com/news/EN_2011_04_14_004.html

10 comments:

Anonymous said...

සුබ අලුත් අවුරුද්දක් වේවා පණ්ඩුල.......

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කොහොම තෝරපු ලයිස්තුවක්ද කියල නම් හිතාගන බැ , මොකද මෙතන අඩංගු වෙන්න ඕනි ගොඩ දෙනෙකුගෙ නම් නැහැ වගේ පෙන්නෙ , කොහොම උනත් සමහර කාරනා වල්දි ප්‍රතිපත්තිමය විරෝධතා තිබුනත් ලංකාවෙ ජනාධිපති මේ වගේ ස්ථානයක ඉන්න එක ගැන ලාංකිකයෙක් විදිහට මට නම් සතුටුයි

Anonymous said...

mama nam gihin bradley manning ta vote ekak dala awa.
http://en.wikipedia.org/wiki/Bradley_Manning

කතන්දර Kathandara said...

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

Anonymous said...

සමහර කාරනා වල්දි ප්‍රතිපත්තිමය විරෝධතා තිබුනත් ලංකාවෙ ජනාධිපති මේ වගේ ස්ථානයක ඉන්න එක ගැන ලාංකිකයෙක් විදිහට මට නම් සතුටුයි

Anonymous said...

bradley manning මහින්ද රාජපක්ෂට වැඩියනං ලෝක දේශපාලනය කැලඹුවා කියල කියන්න පුලුවන්. සමහර විට ඔබාමාටත් වැඩිය. ඒත් ඔහුත් පහල. උඩින්ම ඉන්නෙ B grade නලුවෙක් රේන්.

Anonymous said...

මම නම් අපේ එකාට චන්දයක් දෙනව.
කොහොම හරි අOක එකට ,දාගත්තොත්
ලෝකෙටම ලොකුම විහිලුවක් කරන්න පුලුවන් වෙයි
සුද්දගෙ ටයිම්ස් එකත් චාටර් කරල දාත හැකි
ආයිත් ඕකුන් ඕව තොරන එකක් නැ. එතකොට

~ChAnDiKa~ said...

දැන් ලොක්ක 6ට ඇවිල්ලා....

Anonymous said...

සතුටු වෙයල්ලා - ඉරිසියාව අතහැරපල්ලා

Naveen Madhawa said...

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

අපේ ජනාධිපති කරපු සම හරක් වැඩ මම අනුමත කරන්නේ නැති වුනාට ඇමරිකාවේ ඉන්න ඕබාම උන්නැහේට nobel peace prize එක දෙන්න පුළුවන් උනා නම් ඊට වැඩිය දෙයක් කරන්න පුළුවන් වුනා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට.. එතුමා ලංකාවට ලැබුනු කොන්ද කෙලින් තියෙන නායකයෙක්.. දැන් දැන් කරන හරක් වැඩ නම් අර සරත් ෆොන්සේක මහත්තය කරපු වගේ මෝඩ වැඩ.. ඒව නම් අනුමත කරන්න බැ...