Wednesday, April 13, 2011

එතුමාට විදේසවලදී කෙරෙන මදිපුංචිකම්

එතුමා ඉන්දියාවේ ගිහිල්ලා ආවේ කේන්තියෙන්. හරිම මදිපුංචිකමක් තමයි වෙලා තියෙන්නේ. එතුමා ගොඩබහිනකොට පිලිගන්න ඉන්දියාවෙන් ලොක්කෝ කවුරුත් නෑ. ජනාධිපතිනි ප්‍රතිබා පටෙල් එයාව පිලිගන්න නාලා කරලා සැදී පැහැදී බලාගෙන ඉන්නවා කියලා තමයි ලංකාවේ මාද්දිය කොරවක්කෝ ටික ප්‍රචාරය දුන්නේ. ගිහිල්ලා බැලුවම, ලොක්කොත් නෑ, ටීවී කැමරාත් නෑ, සෙනගත් නෑ. හරිම ලැජ්ජාව. 

යන්න කලින් ටිකට් නෑ කියලත් කචල් එකක් දැම්මා. කට්ටිය අඩු කරන්න කිව්වා. එතුමා යන යන තැන ගෙනියන හැත්ත බුරුත්තටම ටිකට් මවලා හරි දෙන්න එපෑය. මෙහෙමත් මදිපුංචිකම්. 

වන්කඩේ ගියාට පස්සෙයි දන්නේ මන්මෝහන් අන්කල් මැච් එක බලන්න එන්නේ නෑ කියලා. එතුමා හිතාගෙන හිටියේ මන්මෝහන් එක්ක කයියක් දාගෙන මැච් එක බලකොට ඉන්දියාවේ ටී වී කැමරා, පත්තර කැමරා ඔක්කෝම එයාව ඉලක්ක කරගෙනම ඉඳී, එතකොට මාර පබ්ලිසිටියක් ඉන්දියාවෙ කෙසේවෙතත් ලංකාවේදී ගන්නට පුලුවන් කියලා. 

මදැයි කොලා. ආවේ නාකි පටෙල් නෝනා විතරයි. එයත් ලොක්කාට බයේ වගේ මීටර් 5ක් 10ක් ඈතින් පුටුව තියාගෙන ඔහේ කරබාගෙන මැච් එක බැලුවා. අනිත් එක ඉතින් ඉලන්දාරියා වගේ හැමදාම ට්‍රෙඩ්-මිල් එකේ ජොගින් කරන එතුමා මේ නාකි පඩංගුව එක්ක මොනවා කතාකරන්නද? මන්මෝහන් ආවානම් මැච් එක අස්සේ බරපතල ද්වීපාර්ශවීය සාඛච්චා කොලාය ඒවාට නාමල් කොලුවාත් හොඳහැටි සහභාගිවුනාය කියලා කියන්නට තිබුණානේ, සාක්කියට ඕනෑතරම් ෆොටෝ උනත් තියෙන්නේ නැතෑ, නැතිනම් ලංකාවේ ඉන්න සමහර ගඩ්ඩෝ විස්වාස කරන්නේම නෑනෙ සාක්කියට ෆොටෝ පෙන්නුවේ නැත්නම්. කෙළවරක් නැති මදිපුංචිකම්.

එන්ගලන්තෙ ගියා, ඒත් එච්චරයි. පර සුද්දෝ කරන්න තියෙන ඔක්කෝම කෙනෙහිලිකම් කලා. කොටි විරෝදතාවලට ඉඩ දුන්නා. උස්සවේ කැන්සල් කරලා කතාව නැවැත්තුවා. ආරක්සාව දෙන්න බෑ කිව්වා. 

ඇත්තටම ඇයි මේ තරම් මදිපුංචිකම්? මොකක්ද මේ වෙන්නේ? ඇයි අපේ ජනාධිපතිට සලකන්නේ නැත්තේ?

මගේ අදහස මෙන්න මේකයි;

1] අපේ ජනාධිපතිතුමා හිතාගෙන ඉන්න විදියට එයාට හිතුනු හිතුනු වෙලාවට රටකට යනකොට ඒ  රටේ අගමැතිවරුන්ට ජනාධිපතිවරුන්ට තමුන් කලින් යොදාගත් වැඩ කැන්සල් කරලා එයාපෝට් ගිහින් පිලිගන්නයි, තනියට ලඟ ඉඳගෙන මැච් බලන්නයි විධියක් නෑ. ඒ මිනිස්සුන්ට වැඩ තියෙනවා අපේ මහින්දට වැඩ නැතිවුනාට.

2] රටකට ජනාධිපති කෙනෙක් වගේ වැදගත් VVIP කෙනෙක් යන්නේ තමුන්ට ගැළපෙන විධියේ ආරාධනයක් ලැබුණාම, ඒ කියන්නේ රාජ්‍යතාන්ත්‍රික ආරාධනයක්, ඒ විධිය ගරු සරු ඇතුව කලාම, ඒ ආරාධනයට සැලකිල්ලක් විධියට තමයි ජනාධිපතිලා අගමැතිලා පිටරටකට යන්නේ. එහෙම නැතුව වෙන වෙන සංවිධාන වලින් ආරාධනා කරාම ජනපතිවරු අගමැතිවරු කාරුණිකව ඒ ආරාධනා ප්‍රතික්ශේප් කරන්නේ නොගැලපෙන ආරාධනා පිලි අරගෙන තමුනුත් තමුන්ගේ රටත් හෑල්ලුවට ලක්වෙන එක නවත්වන්න.

3] අපේ මහින්දගේ විදෙස් ආරාධනා පිලිගැනීමේ ප්‍රතිපත්තිය වන්නේ මොකෙක් ආරාධනා කලත්, ගැලපුනත් නැතත්, දුවගෙන ගිහිල්ලා ඊලඟට සැලකිලි ලැබුනේ නෑ කියලා ආඩපාලි කිවීම නොවේද? ලෝක කුසලානෙ බලන්න ආරාධනාකලේ ඉන්දීය රජයයි කියලා රටේ මිනිස්සුන්ට බොරු කිව්වාට ඇත්ත කතාව ආරාධනේ ලැබුනේ BCCI එක හරහා ICC එකෙන් කියන එක. ආරාධනා කරන එක ඒ මිනිස්සුන්ගේ යුතුකම වුනාට යන්න හොඳද නැද්ද කියන එක මහින්දගේ උපදේස්කයෝ දැන ගන්න ඕනෑ.

හොයන්නේ බලන්නේ නැතුව දුවගෙන ගිහිල්ලා ඊට පස්සේ නහයෙන් ඇඬීමයි, පලිගන්නට වගේ IPL එකට සෙල්ලන් කරන අපේ කොල්ලෝ ටික ආපහු ගෙන්නා ගැනීමයි රාජ්‍යතාන්ත්‍රික නපුන්සක කම් නොවේද? මේ ගොන් පාට් වලින් රටේ කීර්තිය වැඩිවෙනවා කියන්න පුලුවන් ආණ්ඩුවේ කොරවක්කන්ට විතරයි. 

ඔය වැඩෙන් වෙන්නේ ඊලඟ අවුරුද්දේ IPL ක්‍රීඩකයින් වෙන්දේසියට ලංකාවේ ක්‍රීඩකයින්ට ලංසු නොතිබීම විතරයි. ඊට පස්සේ ඉතින් මුක පූට් වෙලා අගනිදිග ආසියාවම කියවන දිනමිණ/සිළුමිණ පත්තරවලිනුයි දිවයින පත්තරෙනුයි බැනවදියි.


4 comments:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

අයිපීල් සීන් එක ජනාධිපති තුමාගෙද ? ඇමතිගෙද ? කියල ගැටලුවක් තියනව . විඅයිපි දුන්නෙ නැයබ , පැය ගානක් රස්තියාදු කරාය , එයා ඇමති වෙලත් ටිකට් ගන්න උනය කියල මහ ඇඬියාවක් දාල තිබුනා අපේ ඇමති තුමා , වෙන්න ඕනි හොඳම දේ ක්‍රිඩකයො එන්න බැ කියන එක , ඒත් එහෙම වෙයිද ????

Anonymous said...

බුවා කිව්ව වගේ ක්‍රීඩකයෝ එන්න බෑ කිව්වොත්?

Sure ඇමති ඒ අයව Team එකෙන් ඉවත් කරයි.අපේ ජාතික පිලට ඔවුන් අහිමි වීම පමණයි සිද්ධ වෙන්නේ.

Anonymous said...

බුවා කිව්ව වගේ ක්‍රීඩකයෝ එන්න බෑ කිව්වොත්?

Sure ඇමති ඒ අයව Team එකෙන් ඉවත් කරයි.අපේ ජාතික පිලට ඔවුන් අහිමි වීම පමණයි සිද්ධ වෙන්නේ.

Anonymous said...

me sports minister anthima charter buwek