Sunday, September 5, 2010

සංවේදී, මානව හිතවාදී, තරඟ පාවාදෙන්නන්ට පගා දෙන බුකි මාමා [Sensitive, humane, match-fixing bookie uncle]

මේ දිනවල අන්තර්ජාතික ක්‍රීඩා ක්ශේස්ත්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තරඟ පාවාදීමේ චෝදනාවයි. දුම් දමමින් ඇවිලෙන්නට සූදානම් වෙමින් තිබුණු මේ ගින්නට පෙට් රෝල් වැටුනේ පකිස්තානු පිතිකරුවෙකු වන වසීඩ් හමිඩ් සැඟවුනු කැමරාවක් ඉදිරියේ සිදුකල ප්‍රකාශයයි.CNN-IBNඉන්දියානු රූපවාහිනී නාළිකාවේ අද උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී විකාශනය කල මේ වීඩියෝ පටයෙන් හමීඩ් මුලු පකිස්තානු ක්‍රිකට් කණ්ඩායමම බුකියන්ගේ ග්‍රහණයේ සිටින බවත, ඒ සඳහා ලක්ශ ගණනින් මුදල් ගෙන ඇති බවත් හෙලිකලා. ඔහුට අනුව වසර මුලදී පැවැත්වුනු වුනු කිස්තාන් ඔස්ට්‍රේලියා ටෙස්ට් තරඟය පාවාදීමෙන් පකිස්තානු ක්‍රීඩකයින් බුකියන්ගෙන් උපයාගත් මුදල බ්‍රිතාන්‍ය පවුම් ලක්ශ 18කට අධිකයි. ලැබෙන වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත්  ICCයේ විමර්ශණයට ලක්වී තිබෙනවා.

පකිස් ක්‍රීඩකයින් ක්‍රිකට් තරඟ පාවාදීමෙන් ලෝක වාර්තා තියද්දී, ලංකාවේ අපේ සංවේදී ඒකා-අධිපතිතුමා චන්ද හා දේශපාලන පක්ශ පාවාදෙන මහා බුකි ව්‍යාපාරයේ අසම-සම නායකයා බවට ලෝක වාර්තාවක් තබා තිබෙනවා. තමන් මුහුණ දුන් පලමුවෙනි තරඟයම කොටියා සමග හොර ගිවිසුම් ගසා ෆික්ස් කරගත් එතුමා, ඉන් පසු පැවැත්වූ හැම තරඟයක්ම පහසුවෙන් ෆික්ස් කරගත්තේ ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයින් චන්දේ ඉල්ලන්නට පෙර හෝ ඉල්ලා දින්නාට පසු පගාව දී තම පිලට එක්කර ගැනීමෙනි. අන්තිමට ගැසූ මැච් එකේදීද බුකි මාමා තරඟ තීරක නොහොත් මැතිවරණ කොමා පැහැරගෙන ගොස් සඟවා තබාගෙන, ඉමහත් ආතතියකට පත්කොට මැච් එක දිනා ගත්තේ පුදුම එළවන සුලු විදියටය.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන, තම චන්දයේ වටිනාකම හා තම අයිතීන් ගැන දැනුවත් ජනතාවන් වෙසෙන රටවල් වල ඉතා පිළිකුලෙන් හෙලා දැක්කත්, අට පාස් බස් කොන්දොස්තරලාගෙන් අවලම් කතා අසාගෙන, ගාස්තුවේ ඉතුරු ලෙස ලැබිය යුතු රුපියලට පවා තමන්ට අයිතිය නැතැයි සිතාගෙන කරබාගෙන ඉන්නා තරමට නිවට ජනතාවක් වෙසෙන මේ රටේ මෙවැනි තුඡ්ඡ පාවාදීම් දේශපාලන වීරකම් ලෙස ගණන් ගන්නේ හෙලයන්ගේ උපන් නියාලු ගතිය නිසාම වන්නට ඇති. අපේ ජනතාව සටන් වදින්නේ අනවශ්‍යය දේවල් වලටම පමණි. පැල ඉණි වැටට, ගෑණු පරාණයකට, නැතිනම් පිරිමියෙක් බෙදාගන්නට බැරුව මිනීමරාගන්නට, කෙහෙවලු පටලවා ගන්නට සූදානම් වුවත්, තම අනාගතය අඳුරු කරනට මුදලට විකිණෙන ජනතා නියෝජිතයන්ට විරුද්ධව වචනයක් නොකියන්නේත්, කරබාගෙන ඔහෙ ඕන දෙයක්, කටට වැටෙන දෙයක් කාලා ඉන්නවා යනුවෙන් සිතාගෙන ඉන්නේ මේ රටේ කරුමට නිසාම වන්නට ඇති.

මේ  කරුමය නිසාම බොරු සෝබන කාරයින්හට, කාඩ් බෝඩ් වීරයින්හට මහා ජාතික විරුවන් මෙන් පෙනී සිටින්නට හැකිවී ඇති අතර මේ බොරු වීරයින් හට සැබෑ වීරයන් සිරගත කොට හෙමින් මරාදැමී හැකියාව ඇත. සමහර බ්ලොග් ලියන්නන්ට අනුව යුධ වීරයාගේ පරාජය නියතවී තිබුණි. නුහුරු දේශපාලන සටනට බට ඔහුද, ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කලහැකි සියල්ල කල, ඔහුට දැන් අත්වී ඇති ඉරණම ගැන කතාකරන, දුක් වෙන අපද මෝඩයයින්ය. ජාතියක් හැටියට අපි ජෙනරාල් ෆොන්සේකාට සිදුවී ඇති අසාධාරණයට පවා මුකුත් නොකර, "හිටිය විධියට හිටියානම් ඉවරනේ" කියන එක ගැන ලැජ්ජා විය යුතුය.

"හිටිය විධියට හිටියානම් ඉවරනේ" කියන එක අපේ ජාතියේ දීනකම මිස වෙන මොකක්ද? හිටිය විදියට හිටියානම් රජසැප බව ඇත්තය. එහෙත් නොහිටිය එක වරදක්ද? පරදින්නට හෝ සටනකට යාම වරදක් වන්නේ කෙසේද? මේ රටේ මිනිසුන් තේරුම් නොගන්නා යථාර්තය මෙයයි. අයිතිය ඇත්තේ බලවතුන්ටය අනිත් එවුන්ට මුකුත් නැත යන සිතුවිල්ල දීන කම නොවේද? මිනිසුන් ලෙස ඉපදුනා නම් අයිතිය එකමය. එකෙකුට විතරක් රජවෙන්නත්, නඩු තීන්දු හරියන්නත්, අම්මා අප්පා පවා පාවාදී දෙපාමුල වැටෙන්නටත් , මෙවාට විරුද්ධ වන උන්ට උරුම බොරු නඩු හා හිර ගෙවල් බවත් පිලිගන්නවානම් ශ්‍රේ ලාංකේය සමාජය මිනිස් සමාජයක්ද සත්ව සමාජයක්ද යන්න මුලින්ම සොය බැලිය යුතුය.

SF තරඟ කලේත්, අපි ඔහුට උපකාර කලේත් ඔහුත් අපිත් උපතින්ම උරුමකම් කියන මූලික මිනිස් අයිතිවාසිකම් වලට අනුකූලව බවය. අපි කැමති එකෙකුට චන්දය දෙන්නේත්, අපේ චන්දය අරගෙන කවුසලයට රිංගාගෙන මුදලට විකිනෙන එවුන්ට අපි විරුද්ධ වන්නේත් අපේ අයිතිවාසිකම් ගැන අපට හොඳ අවබෝධයක් ඇති නිසාය. සමහරුන්හට මේ අයිතිවාසිකම වැදගත් නොවූවත් අපට ඒවා වැදගත්ය. අප ඉපදී සිටින්නේ පුලුවේ ඉඳ ගන්නා, බලය පෙන්වන ඕනෑම එකෙකුට වැඳ වැටෙමින් ඕහේ ඉන්නට නොවේ. පක්ශයකට ආදරය කරන මිනිසුන්ගේ චන්දයෙන් බලයට පත්වී, ජනතා මුදලින් වාහන පර්මිට්, විශ්‍රාම වැටුප් හා මෙකී නොකී සියලු වාසි ලබාගෙන, තම ජනතාව පාවාදී, සල්ලිවලට, වරප්‍රසාද වලට බුකි මාමාගේ පගාවට විකිණෙන ජරාපාලුවන් ගැන අපට කේන්තියක් ඇත්තේ මොවුන් මේ කරන්නේ තමන්ගේ වාසිය බැලීම පමණක් නොව රටම අඳුරේ දැමීමක් බැවිනි. වාසිය උන්ටනම්, රටට හෙනයක් නැත්නම් අපිට කේන්තියන්නට ඇති කෙන්ගෙඩියක් නැත. මුන්ගේ චන්ද අරගෙන ඊලඟ සංශෝධනය රාජාන්ඩුවක් ඇතිකොට ව්‍යවස්ථාව බල රහිත කර කිරුළු පලදින්නට විය හැකිය. දැනටමත් බල ලොභී සඟුන්ගෙන් විවරණද ලැබී තිබේ. අපට ඇති අමාරුව එයයි. 

මුන් මේ මුදලට විකුණන්නේ අපේ අයිතියයි, අපේ නිදහසයි.

ජනයාගේ බයාදුකම නිසාත්, මුදලට විකිණෙන්නට රුසියන් නිසාත් ලඟදීම මේ බුකි මාස්ටර්ලා අපි බුදියා ගත යුත්තේ මොන ගෑනි සමගද යන්නත් තීරණය කරනු ඇත. දැනටමත් අපේ ලමයි ඉරිදාට ක්‍රීඩා නොකර, වෙන අමතර වැඩ නොකර දහම් පාසැල් යායුතු බවට බුකි මාස්ටර්ලා තීරණය කොට ඇත. එසේ කරන්නේ අපේ ළමයින්ට ඇති ආදරේටද? ළමයින්ට දෙමව්පියන්ට වඩා දේශපාලකයින් ආදරෙයි කියන්නේ මොන පිස්සාද? නිවට බෞද්ධයන් වන අප මේ බලහත් කාරකමටත් කටවහගෙන ඉන්නේ මහා ලොකු බෞද්ධයින් බව පෙන්නන්නට මිස වෙන දෙයකටද? ළමයින් කුමක් නිවාඩු දිනවල කුමක් කල යුතුද යන්නට නූගත් දේශලාලුවන්ට තීරණය කරන්නට ඉඩතී තිබෙන අපව හෙට අනිද්දාම මේ බුකි කාරයින් චීනාට හෝ ඉන්දියන් කාරයින්ට වහල් කමට විකුනන්නටද ඉඩ ඇත. එවිටද අප කට පියාගෙන, හැකිලී චීන හාම්පුතාට කැඹිරිය යුතුද?
ඇඟ පුරාවටම මොලේ තිබුණත් නිවට කමේ සීමාවක් නැති, රැවටීමේ සීමවක් නැති, විපක්ශ නායකයෙකු යයි කියාගත්තත් වැඩක් කරන්නට බැරි, සිය කණ්ඩායම එකට තියාගන්නට බැරි මිනිහෙකුත් මේ රටේ දේශපාලනයේ ප්‍රතිමල්ලව කණ්ඩායම නියෝජනය කරන නිසා, සංවේදී බුකි මාමාට කිසිම අපහසුවකින් තොරව සිය ගොඩ ලොකුකර ගැනීමේ හැකියාව ලැබී ඇත. නිවට විපක්ශනායකයෙකු හා ඔහේ කරබාගෙන ඉන්නා ජනතාවක් සිටින මේ රටට දැන් ඉතින් දෙවියන්ගේ පිහිටවත් නොලැබේ. මන්දයත් දෙවියන් වුවත් පිහිටවන්නේ උත්සහයෙන් වීරිය වඩන ධෛර්‍යවන්තයන්ට මිස ඔහේ ඇණ තියාගෙන ඉන්නා උකටලී ජාතියකට නොවේ.

11 comments:

Anonymous said...

රනිල් වෑරදි නෑ කන්ඩුල. රනිල්ගෙ දෙශපාලනය ලකාවට ගෑලපෙන්නෙ නෑ.එකයි හෙතුව.
1-රනිල් බොරෑ කියන්ඩ දන්නෙ නෑ.
2-රනිල් මහජන මුදල් ගසාකන්නෙ නෑ.
3-මහජන මුදල් ගසාකන්ඩ දගලන මන්ත්‍රිලට රනිල්ගෙන් චන්ස් නෑ.
රනිල් නායක කමින් අයින් උනොත් දෙවනි පෙල නායකයො පක්ශ නායකකමට පිස්සු බල්ලො වගෙ පොරකාල UNP එක නෑත්තටම නෑතිවෙලා යනව.ෆොන්සෙකට UNP එකෙ නායක කම දෙන්ඩ රනිල්ට උවමනාව තිබ්බා,නමුත් UNP මන්ත්‍රිල එකට ඉඩදුන්නෙ නෑ.එයාල දන්නව ෆොන්සෙක නායකය උනොත් රනිල්ට හපන් බව.

wassa said...

hariyata hari Anonymous...oyage point ekath valid point ekak. Ranil ge prathiwaadiya ohuta wadaa sahena durakin inne, monawa athinda? minissunwa anndana ewa athin, kebara gahana athin...hebei wedagath, aarthika wiwadayakata wage ekakata enna kiwwahama loweth na...

රංචාගොඩ මුදියන්සේ said...

@ Anonymous

රනිල් හොඳ මිනිහෙකු බව පිළිගන්නවා, ඒත් දේශපාලනය කිරීමේ අරමුණ බල ලබාගැනීමනෙ. බලය ලබාගන්නෙ නැතුව මොනවද කරන්න පුලුවන්? මහින්ද පරද්දනවා කියන්නේ රනිල් බලයට එනවා කියන එකනෙ.

මගේ තර්කය කොච්චර හොඳ මනුස්සයෙකු වුනත් බලය ගන්න බැරිනම් අයින් වෙන්න ඕනෑ. මේ නිසා තමයි අනෙක් රටවල් වල එක චන්දයක් පැරදුනු ගමන් නායකයා අයින්වෙලා අලුත් මිනිහෙකුට ඉඩ දෙන්නේ.

මමත් 1994 ඉඳන් 2008 වෙනකම් රනිල් ගැන යම් විස්වාසයකින් හිටියා, මම යූ ඇන්පී කාරයෙක් නිසා නෙමෙයි, චන්ද්‍රිකා/මහින්ද විරෝධියෙකු නිසා.

අවුරුදු 14කින් බලයට එන්න බැරිවුන, ආපු සැරෙත් මෝඩයෙකු වගේ ඒක දන්දීපු මනුස්සයෙක් ගැන විස්වාස කරන්න මට දැන් බෑ. මම වැරදි වෙන්න පුලුවන් ඒත් අවුරුදු 14ක් ඉවසපු මිනිස්සු අපි.....

Anonymous said...

රනිල් බබා (අනෙ මගෙ කට!)

Truth said...

"රනිල් හොඳ මිනිහෙකු බව පිළිගන්නවා......" කණ්ඩුලගේ බලලා මල්ලෙන් එලියට පනී.....

Anonymous said...

Cool said...

"රනිල් හොඳ මිනිහෙකු බව පිළිගන්නවා......" කණ්ඩුලගේ බලලා මල්ලෙන් එලියට පනී.....

cool mokakda oya kiyanada hadane.ai kandulata desapalanaya karanda aitiyak nadda. desapalana lipi liyana hemotama tamange darshanayak tiyanawa. nikan modayek wenda epa oya wage kata kiyala.

Anonymous said...

Cool 1++
ග්ලැඩියේටරයෙකුගේ ලෝහ සන්නායකයකින් සිය හෙළුව වසාගෙන් සිටි කණ්ඩුල තමුන් විසින්ම (ඉහත කමෙන්‍ටුව පල කිරීමත් සමඟ) මහ දවාලේ නිරුවත් වී ඇත. ඔහු තුල පවතින රාජපක්ෂ වෛරය හුදෙක් ප්‍රතිපත්තිමය කරුනු මත නොව හැඟීම් වලට වහල් වී ඇති කර ගත්තක් බැව් දැන් මොනවට පැහැදිලිය. හූ...හුහුහු...හු........

Anonymous said...

meeta wada hondai heluwen hoo kiwwa nam kandula

Anonymous said...

weradimak COOL e comment eka damma kena mama. mama danata lankawe newei inne.mage comment eka dapu welawa balanda. oyath lankawe idala newei me kata karane kiyala terenawa. aulak ne e oyage adahasa.monawa unath meka randu wena ona prasnayak newei. cool.

Anonymous said...

රනිල් බබා (අනෙ මගෙ කට!September 5, 2010 10:57 PM

Blogger Cool said...

"රනිල් හොඳ මිනිහෙකු බව පිළිගන්නවා......" කණ්ඩුලගේ බලලා මල්ලෙන් එලියට පනී.....

September 5, 2010 11:02 PM me comment 2 ma dame oyane cool balanda comment deke welawa atara parataraya.
oya ranil wirodiyek. ekai mechara taraha gihin tiyenne.
aulak ne e oyage adahasa.....

Truth said...

මේ ඇනියා කියන දේ මට තේරෙන්නෑ...(ඒ පාර මම බබා වෙලාවත්ද?)