Thursday, September 9, 2010

මර්වින් යලි නි. ඇමති මර්වින් බවට : සමෘධි නිළධාරී මහත්වරුනි, කොහොමද කෑම?

ජනපතිතුමා මැර්වින්ට දඬුවම් කිරීමට ගත් තීරණය අගය කරන්නට, ප්‍රණාමය පලකරන්නට, ගිණි අව්වේ බෝඩ් අල්ලාගෙන හිටි සමෘධි නිළධාරී රැලට හොඳ කනේ පාරක් වැදිලා. මහරජ අණින් පත් කොරපු හොර විනය කමිටුව මගින් නිදොස්කොට නිදහස් කරපු මැරවින්ට දැන් ආයෙත් මොකෙක්ව හරි ගස් බඳින්න බලය ඇවිල්ලා.

මහින්ද හැමදාමත් තමුන්ට උඩට නගින්නට උදව් කරපු එවුන්ට කෙලියා වගේ, මේ සැරේත් තමුන්ව දිනවන්න පාරක් පාරක් ගානේ කොල බෙදපු, ස්ටේජ් ගහපු, සැරසිලි එල්ලපු සමෘධි නිළධාරීන්ට සුපුරුදු විධියටම කළගුණ සලකලා.
 
මහින්දට චන්දේ දුන්නේ නැත්නම් සමෘධිය කපනවා කියලා සමෘධිලාභීන්ව බයකරලා ඒ දුප්පත් මිනිස්සුන්ගේ චන්ද අයිතිය කොල්ල කන්නට ආණ්ඩුවේ නරුමයින්ට උදව් වුනේ නුඹලා බව මතක් කරගනිල්ලා.

තමුන්ගේ බල ප්‍රදේශයේ ඉන්න දුප්පත් යූ ඇන් පී එකට ජේ වී පී එකට හිතවත් මිනිස්සු ගැන ඔත්තු දීලා ඒ මිනිස්සුන්ගේ සමෘධි ආධාරය කපා හැරලා ඒ මිනිස්සුන්ට කරපු අපරාධ තමයි නුඹලාට මේ පඩිසන් දෙන්නේ.

සමෘධි නිළධාරීවරුනි, මීට පස්සේ ආචාර්‍ය මර්වින් ඇමතිතුමා දැක්කාම දෙකට තුනට නැමිලා, යටහත් වෙලා "..සමාවෙන්න සෑර් සෑර්ට විරුද්ධව උද්ගෝසනය කලාට, අපිව ජේ වී පී කාරයෝ බය කරපු නිසයි අපි එහෙම කලේ, කැමැත්තකින් නෙමෙයි බුදු සර්..."   කියලා පසඟ පිහිටුවලා වැඳපල්ලා.

පාරවල් ගානේ බඩගගා, කට්ට අව්වේ පවු ගෙව ගෙවා මහින්ද රජකරන්න චන්දෙ කාලේ රිස්ස යනකන් කඹුරපු නුඹලාට මේ සිදුවුනු අවමානය කල සේවයට ගැලපෙන අවමානයකි.

5 comments:

Anonymous said...

දැන් ඔය කේවට්ටයෝ සෙට් ඒක තම ලිවීම් මාරු කලානම් තමයි හොඳ. අපේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ! ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, අපේ විපක්ෂය වේගයෙන් දිය වීගෙන යනවා...අපට ඕන ශක්තිමත් විපක්ෂයක්! ඒ වෙනුවෙන් ලිව්වනන් හොදා! විපක්ෂය ‍රැක ගනිමු.

රංචාගොඩ මුදියන්සේ said...

ආණ්ඩුවේ නරිමෑන්ලා චැනල් එක මාරුකරලා.
දැන් ශක්තිමත් විපක්සයක් ඕනෑ වෙලා.

කළබල වෙන්න එපා. අපි ලියන්නම්.

පවිත්‍රා වෙනුවට පබා ඉන්නවනේ. ඔරිජිනල් සිරි ලංකා කාරයින්ට දුකද, ඊරිසියද?

Anonymous said...

හහ්...හහ්...හහ්...හා.....විපස්සේ මොනා ‍රැකගන්නද? ඔන්න අද හෙට තව set එකක් එනවා කියන්නේ...අන්තිමට ඔතන ඉතුරු වෙන්නේ අපේ රනිල් ගොයියා විතරයි ඕන්...මටනම් ඌත් ෂුවර් නෑ...

නරිබෑනා said...

@ ඇනෝ 1,
විපක්ෂය ‍රැක ගනිමු.
මොකද යූ.ඇන්.පී ගෙම්බොයි/හෙලඋරැම/හකීම්/කොටි/හොරිකඩ වම්මු... ඔය වගේ හැත්ත බුරුත්ත ඔක්කොම ඔඩොක්කුවේ. සිරිලංකා කාරයෝ කුස්සියේ. තවත් ඔහොම විපක්ෂෙන් එන්ඩ ගත්තොත් සිරිලංකා කාරයෝ පිළිකන්නෙනුත් එලියට.
ඒ හින්දා විපක්ෂය ‍රැක ගනිමු.
(වෙන වැඩ නැද්ද බං?)

Anonymous said...

කණ්ඩුල මෙ මිනිස්සුන් චන්ද අයිතිය ගත්තෙ අනිත් රටවල් වල මිනිස්සු වගෙ ලොකු කැපකිරිම් කරලා නෙමෙ. මුන්ට මෙකෙ තියන වටිනා කම වැටහෙන්නෙ නැහැ. අද පාන් නැග්ගා, කමක් නැහැ එක ගොන් හරකෙක් සිරසෙ කතා කරා " පාන් ගෙඩිය 100 වුණත් කමක් නැහැ " කියලා. මෙ මිනිස්සුන්ට තමන්ගෙ බඩට පහරක් වදිද්දි තමයි දෙයියන්ව සිහිවෙන්නෙ. ඉතින් නිල්, කොළ, රතු ඈයන්ට තව ටිකක් කල් හොද්දෙ පිනන්න පුළුවන්. දුප්පත් මිනිහා මොන මගඩියක් හරි කරලා එයාගෙ පවුලට මාසෙකට සැරයක් පාන් කවයි. රාජ පක්ෂ මහත්තයා කියයිද දන්නෙ නැහැ තව ටික දවසකින් " පාන් ගණන් වැඩිනම් කේක් කාපල්ලා " කියලා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ, ආසියාවෙ අශ්චර්ය වෙලා ඉවරයි. ලොකෙ මිනිස්සු හැමොම පුදුමයෙන් වගෙ බලනවා අපෙ රට දිහැ ' යකො මෙකෙ මෙච්චර ගොන්නුද ඉන්නෙ කියලා.'