Wednesday, September 8, 2010

ඒකාධිපතියෙක් නම් පාර්මේන්තු යයිද? - විමල් වීරවංශ

"පාර්ලිමේන්තුවට මාස 3 කට වතාවක් යන්න ඕන කියන්නෙ ඒකාධිපති වෙන්නද? ඒකාධිපති කෙනෙක් වෙන්න ඕන නම් පාර්ලිමේන්තුවට යන්න ඕන කියන්නෙ නෑනෙ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේකෙන් හදන්නෙ ඒකාධිපති වෙන්න නම් මාස 3 කට සැරයක් පාර්ලිමේන්තු යන්නම ඕන කියල වගන්තියක් මේකට දාන්න එතුමාට පිස්සුද? පාර්ලිමේන්තුවට ගියාම විපක්‍ෂයේ අය ප්‍රශ්නත් අහනවා. ඒවාට උත්තරත් දෙනවා." - විමල් වීරවංශ  (Lanka Cyber News)
17වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙන එක වලක්වලා ව්‍යවස්ථාව කඩ කරලා යහතින් ඉන්න මහින්ද රජ, 18ටේ තියන ඔය "පාර්ලිමේන්තුවට යා යුතුය" යන වගන්තිය කඩ කරලා පාර්ලිමේන්තු යන්නේ නැතුව හිටියොත් වීරවංශ ගොයියා උපවාස කරන්නද හැබෑට?

ගී ද මෝපසාන්ගේ මහල්ලා හා මුහුද වගේ ප්‍රබන්ධ කියවලා ආශ්වාදයක් ගන්න තරම් එඩියුකේටඩ්, සොෆිස්ටිකේටඩ්, සෙන්සිටිව් පොරක් වුනු වීරවංශ ගොයියා, හිට්ලර් උන්නැහෙත් පාර්ලිමේන්තු ඇවිල්ලා, පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ඒකාධිපති බලතල වලින් ජර්මනිය පාලනය කරපු බව දන්නේ නැතුවද මන්දා?

යුදෙව්වෝ ලක්ශ ගණනක් ගෑස් කාමරවල මරන්නත්, ජිප්සියෝ දස දහස් ගණනක් වහල් කඳවුරු වල මැරිලා වැටෙනකම් වැඩගන්නත් පාවිච්චිකලේ, පාර්ලිමේන්තු ගිය හිට්ලර් පාර්ලිමේන්තුවේ හිටපු නරුම ජාතිවාදී, බලලෝභී මන්ත්‍රීවරු බහුතරයකගේ චන්දයෙන් නීත්‍යානුකූලව සම්මතකරගත් ඒකාධිපති බලතල මිසක් වෙන බලතල නෙමෙයි ඔන්න.

(කළබලේට අමතක වෙන්න ඇති මයෙ හිතේ - මොලේට ඉස්සෙල්ලා කට ඉස්සරවෙනවනේ , කියලා හිතනවා මිසක්, කියන්න ඉස්සෙල්ලා හිතන්න පුරුද්දක් නැහැ උන්නැහැට)

5 comments:

charmi said...

විපක්ෂයේ අය අහන ප්‍රශ්ණ වලට මෙච්චරකල් උත්තර ලැබුනා කියලද වංශෙ හිතත්නේ?

රවා said...

අනෙ කණ්ඩු මගෙ ඔලුව අල්ලන් බිත්තියෙ අතුල්ලන්නකො. මෙවා ඇහෙනකොට හරිම හිරිකිතයි. කමක් නැහැ කොච්චර කාලයක් උනත් රජවෙලා හිටියට, දුප්පත් මිනිස්සුන්ව රවට්ටන්නෙ නැතුව.

Anonymous said...

දුක තමයි ලතා...

Anonymous said...

කළබලේට අමතක වෙන්න ඇති මයෙ හිතේ - මොලේට ඉස්සෙල්ලා කට ඉස්සරවෙනවනේ , කියලා හිතනවා මිසක්, කියන්න ඉස්සෙල්ලා හිතන්න පුරුද්දක් නැහැ උන්නැහැට

Meka Oba thumatath Hodata galapenawa.

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...

දුක තමයි ලතා...
September 8, 2010 11:41 AM
Anonymous said...

කළබලේට අමතක වෙන්න ඇති මයෙ හිතේ - මොලේට ඉස්සෙල්ලා කට ඉස්සරවෙනවනේ , කියලා හිතනවා මිසක්, කියන්න ඉස්සෙල්ලා හිතන්න පුරුද්දක් නැහැ උන්නැහැට

Meka Oba thumatath Hodata galapenawa.

===================

වෙන රස්සාවක් හොයාගන්න. ඇනෝ කොමෙන්ට් දාලා ඔය ගන්න සොච්චමෙන් කවදාවක්වත් ගෑනියෙක් නඩත්තු කරන්න වෙන්නෙ නෑ ඉතින්. හැක් හැක්.......පවු මේ බත් ගොටු කාරයෝ.