Monday, September 6, 2010

කුම්ඹලා කරවල කෑ බළලුන්ගේ විලාපය නොහොත් හෙළ උරුමයේ 18 සාධාරණීකරනය.

ධර්ම රාජ්‍යයකට යන්නට කාපට් එළන ජාතික හෙළ උරුමයේ උපාසක මහත්තුරු ටික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ 18වැනි පැච් එක නොහොත් ඒකාධිපති පැච් එක ගැන අමාරුවෙන් එකඟතාවයකට ඇවිල්ලා.

ගම්මන්පිල මහත්තයා කියන විධියට රට ජාත්‍යන්තරයේ බබුලුවන්නට පුලුවන් ප්‍රතාපවත් නායකයෙකුට, ජනතාව කැමතිනම්, ව්‍යවස්ථාවේ වගන්තිවලින් ඔහුගේ එම අවස්ථාව අහිමි කරන එක අසාධාරණය.

ජාත්‍යන්තරය බබුළුවන නායකයින් ගැන අපි අසා ඇත්තෙමු. අපේ අසල්වැසි ඉන්දියාවේ මන් මෝහන් සිං එවැන්නෙකි. ලයිසන් රාජ් ලෙස හැඳින්වුනු, දුඹුටු ගැහුනු, අකාර්‍යක්ශමතාවයේ කිරුල හිමිකරගෙන සිටි පසුගාමී ඉන්දියාව චීනයට පවා දැවැන්ත තරඟයක් දෙන, මෘදුකාංග, පරිගණක සේවා හා outsourcing ක්‍රියාවලි සැපයිම් අතින් හිනිපෙත්තට පැමිණි රටක් බවට පත්කරන්නට පිඹුරුපත් සකස්කර, කප්පරක් බැනුම් අසමින් ඒවා ක්‍රියාත්මක කලේ මෙතුමායි. 1990 ගණන්වල නරසිම්හ රාඕගේ ආණ්ඩුවේ මුදල් ඇමතිලෙස, ඉන්දියාව කණෙන් ඇදගෙන නූතන ලෝකය වෙත ගෙනා ආචාර්ය මන්මෝහන් සිං අද අගමැති ලෙස  ඉන්දියාවේ ගමන තවත් වේගවත් කර ඇත. මන් මෝහන් සිං දුරදක්නා නුවනින්, සිය දේශපාලන අනාගතය ගැන කිසිත් නොසිතා ඉන්දියාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කල නිසා අද ලෝකයයේ වේගයෙන්ම දියුණුවන රටවල් තුනෙන් (චීනය,බ්‍රසීලය, ඉන්දියාව ) එකක් බවට එරට පත්වී ඇත.

අන්න ලොව බබුලුවන, ලොවෙන්ම ප්‍රණාම ලබන නායකයෙක්.

ගම්මන්පිල මහත්තයා කියන බබුලුවන නායකයා එවැන්නෙක්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් තමුන්ට උපදෙස් දෙන්න කණ්ඩායමක් පත්කරගත්තාම කටු ලෙවකන කුක්කෙක් ලවා නාගමක් නටවාගෙන බෙරත් පලාගත් නායකයා මොහුනේද? අද මහලේකම් හා ඔහුගේ උපදේශක කමිටුව එලෙසම ක්‍රියාත්මකයි නේද? තමාගේ රටවැසියන් සිය ගණනක් වැලැක්විය හැකි රෝගයකින් මාසයකට මිය යද්දී තවත් අවුරුදු 6ක බලය එලෙසම තිබියදී විපක්ශ මන්ත්‍රීන් පගාව දී බිලිබාගෙන හදිසි පනත් ලෙස ව්‍යවස්තා වෙනස්කම් සම්මත කරගන්නට යන නායකයාට ලෝකයේ පිලිගැනීමක් තිබෙනවාද?

ගැබිණියන් ගස් බඳින සිංහල තලේබාන් රටේ නායකයා මොහු නොවේද? ඕනෑම සමාජයක ගෞරවයට, අනුකම්පාවට පාත්‍රවන ගැබිණි මවුන් ගස්බඳින වනචාරි කෲර තිරිසනුන්ගේ රටක නායකයා පල් හොරු රැළක නායකයා ලෙස ලොව නොසලකයිද?

රටේ විදෙස් ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් මැදපෙරදිග බැලමෙහෙවර කරන්නට ගැහැණුන් යවා උපයාගන්නා රටක, එසේ දුකසේ උපයාගන්නා විනිමය තමන්ගේ හා තම බත් බැලයන්ගේ පෞද්ගලික සුඛ විහරණයට සුපිරි වාහන දුසිම් ගණනින් මිලදීගන්නට වියදම් කරන නායකයා ප්‍රතාපවත් නායකයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ නිවට ජනමාධ්‍යවලට පමණක් බව හෙල උරුම නායක ඇත්තෝ නොදනිත්ද?

හෙළ උරුම නායකාරකාදින් මේ කරුණු හොඳින් දනිති. එහෙත් ඔවුන් ඒ කරුණු නොදන්නා මෙන් හැසිරෙති කරුණු දක්වති. ඒකාධිපති සංශෝධනය අමාරුවෙන් කොලේවසා සාධාරණීකරන්නට වෑයම් කරති. 

ඩෙංගු මරණ, ගැබිණි ගස් බැඳීම්, රජයේ සේවක ගස්බැඳීම්, නායකාගේ රථ ගාය, වී විකුණා ගන්නට නොහැකියාවේ අර්බුදය, බඩුමිල, වැහෙන කම්හල්, පාරට වැටෙන සේවකයින්, මැද පෙරදිග වහල්කමින් දුක් විඳන ගැහැනු, උන්ව ගණිකා සේවයේ යොදවන තානාපති බලවතුන් අමතක කරති.,කොරියා පනින්නට බලා සිටින දස දහස් ගණන් තරුණකැලෙහි ඉඡ්ඡාභංගත්වය අමතක කරති. රටම ගිලගන්නා ණය බර, උතුර ඉන්දියාවටදී දකුණ චීනාට දීම නොදැක්කා සේ ඉන්නට සිදුවී ඇත.

රට තුල ඇති වහා විසඳිය යුතු එකම දැවෙන ප්‍රශ්ණය රජතුමාට 2016දී තරඟ කරන්නට චෑන්ස් එකක් ලබාදීම බවට වමාරන්නට සිදුවී ඇත. 

රජු දුන් සැප සම්පත් බළලුන්ට කුම්බලා කරවල වැනිය. කන්ට කන්ට ආසාව වැඩිවේ. කන්නට ගත්කල නවත්වන්නට නොසිතේ. හෙළ උරුමයේ බිළාල ඇත්තෝ රජුගේ දෝතින් කුම්බලා කරවල ගෝනි පිටින් ගිල්ලෝය. දැන් තම බඩ ගැන, තම සැප ගැන, ඇමති පට්ටම, සභාපතිකම්, කොන්ත්‍රාත්තු ගැන පමණක් සිතන්නට සිදුවී ඇත. මින් මත්තට ප්‍රතිපත්ති අනුව, දශරාජ ධර්මය අනුව මුත්‍රා කිරීම අමාරුය. එහෙත් මොනවා කරන්නද? සැපෙන් ජීවත්වෙන්නට එතුමා වෙනුවෙන් ප්‍රතිපත්ති රෝල්කර අහවල් තැන ඔබාගෙන, බුදුබණ පවා මොඩිෆයි කරගෙන මුත්‍රා කල යුතුමය, නැත්නම් එතුමා වැඩිකල් නොයවාම අකීකරු බළලුන් පන්නන්නට දඩෝරියන් මුදා හරිනු ඇත.

6 comments:

Anonymous said...

ෆොන්සේක ජනදිපති උනා නම් මෙලහකට මේක කේතුමතිය

රංචාගොඩ මුදියන්සේ said...

නුඹගේ රැකියාව කුමක්දැයි දැන් වැටහේ

Anonymous said...

කණ්ඩුලගේ රස්සාව ෆොන්සේකට පුක දීම බව හැම දෙනාටම දැනිලා බොහෝ කල්

Anonymous said...

ගැබිණියන් ගස් බඳින සිංහල තලේබාන් රටේ නායකයා මොහු නොවේද? ඕනෑම සමාජයක ගෞරවයට, අනුකම්පාවට පාත්‍රවන ගැබිණි මවුන් ගස්බඳින වනචාරි කෲර තිරිසනුන්ගේ රටක නායකයා පල් හොරු රැළක නායකයා ලෙස ලොව නොසලකයිද?


එහෙව් රටක ඉන්න ඔබද පල් හොරෙකි.

Anonymous said...

හිතට හරි අමාරුයි වගේ නේද? හික් හික්

කොච්චර කෑගැහුවත් ඔච්චර තමයි ඉතින්. මට නම් පේන්නේ ඔබතුමත් කුම්බලා මාලු කාලා වගෙයි.

සංසාරෙක හැටි

Anonymous said...

මම හිතාගෙන හිටියේ තවමත් ඉන්දියාවේ ළමයින්ව සත්තුන්ට කසාද බන්දන සිද්දීන්, සති පූජා, බිලි පූජා, තියනවා කියලයි. එතකොට ආගම් අන්තවාදය නිසා මිනී මැරුම් , ස්ත්‍රී දූෂණ නෑ කියලයි.
දැන්නෙ මම දන්නේ මන් මෝහන් මහත්තයා ඒව නැතිකලා කියලා.